160 සුසීම ජාතකය

තවද සරණගත වජ්‍රපඤ්ජරවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ඡන්දදානයක් අරභයා මේ ජතකය දක්වන ලදි.

ඒ කෙසේදය යත්,

සැවැත් නුවර වාසීහු එක්සමයෙක තනිව තනිව සර්වඥයන්ට දන්දෙන්නාහ. සමහරදා පස්දෙනා එක්ව දන් දෙන්නාහ. සමහර දවස් විථියක මනුෂ්‍යයෝ එක්ව දන්දෙන්නාහ. සමරහ දවස් නුවර වාසී එක්ව දන්දෙන්නාහ. මේ නියායෙන් දන්දෙන සමයෙහි එක්දවසක් නුවර වාසීහු එක් වදනක් සරහා ගත්තාහ. එවිට තීර්ථභක්තික ඇත්තෝ නිගණ්ඨනාථපුත්‍ර මක්ඛලිගෝසාලාදී වු සත්සමයේ ඇත්තන්ට දන්දෙම්හයි එකභක්තිගත් උපාසකවරු කියති, සම්‍යයක් භක්ති ගත්තො සර්වඥයන් වහන්සේ ප්‍රධාන භික්ෂූ සංඝයාවහන්සේට දන්දෙම්හයි කියති. මේ නියායෙන් උනුන් ගිවිස්වාගත නොහි දවස් හරණා සමයෙහි එක්නුවනැති මනුෂ්‍යයෙක් කියන්න් මේ දෙපක්ෂයෙන් බොහෝ මිනිසුන් ඇති පක්ෂයේ කෙනෙකුන්ට දන්දෙම්හයි කියා කීහ. ඒ වෙලේ බොහෝ මිනිසුන් ඇත්තේ බුද්ධශාසනයේ හෙයින් බුද්ධසානයටම දන්දෙම්හයි කියා ඒ නියාවට දන් සපයා දුන්නාහ. එසමයෙහි සර්වඥයන්ගේ දන් කඩකරන්නට සිතුවත් කඩනොකොට දන්දීපුවාහ. සර්වඥයෝත් අනුමෙවැනි බණ වදාරා ජේතවනාරාමයට වැඩිසේක. භික්ෂූන් වහන්සේත් තමන් වහන්සේගේ ගණවලට වැඩි රාත්‍රි මානයෙහි දම්සභා මණ්ඩපයට රැස්ව ඇවැත්නි තීර්තකයන් විසින් සර්වඥයන් ලබන්නාවූ ලාභසත්කාරයට අන්තරායෙක් කරන්ට උත්සහ කොටත් අන්තරායෙක් කොටගත නුහුනුවෝ වේදැයි මේ කථාව කිය කියා වැඩ උන්තැනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා එපවත් අසා මහණෙනි දැන්මතු නොවෙයි පළමුත් මා ගේ ලාභසත්කාරයට අන්තරායකරන්නට වැදත් අන්තරායකොටගත නුහුනුවෝ වේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර සූසීම නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ සමයෙහි ඒ රජ්ජුරුවන්ගේ පුරෝහිත බමුණාන කෙණෙක් ඇත්තාහ. ත්‍රිවේදයෙහි පරාප්‍රාප්තව ඇත්වෙද හා ඇත් ලක්ෂණ දැන අවුරුදු පතා හස්තියාග කොට කෙළගණන් සම්පත් ලබන්නාහ. ඒ අවදියේ බෝධිසත්වයෝ එ බමුණාගේ ගෙයි බැමිණිය බඩ පිළිසිඳ ඉපිද සත්අට අවුරුදු පැමිණිකල බෝධිසත්වයන් වහන්සේ ගේ පියාණෝ නැසීගියාහ. එසමයෙහි හස්ති යාගය පැමිණියේය. එවිට බමුණෝ එක්ව හස්තියාගය කරණ කල් පැමිණියේය. ස්වාමිනි මෙතෙක් දවස් හස්තියාගකොට සිටි පුරෝහිත බමුණා වැටීහුණුහෙයිනුත් උන්ගේ පුතානෝ කිසිම ශාස්ත්‍රයක් නොදනිති, එසේ හෙයින් අපි හස්තියාගකරම්හයි කීවාහුය. එවිට රජ්ජුරුවෝත් යහපතැයි ගිවිස්සොය්. අදින් බමුණෝ සතරවෙනිදා හස්තියාගය කරම්හ, එසේ හෙයින් බොහෝ ලාබ ලබම්හයි ඇවිදිනාහ. ඒ දුටු බෝධිසත්වයන්ගේ මෑණියෝ සත්මුත්තක ප්‍රවේණිව පැවත ආ හස්තියාගත් ඔබ්බකට සැලසී ගියේය. අප බොහෝ ලබන සම්පතුන් හා නිවියයි කියා හඬන්ට වන්හ. එසේ අඬ අඬා උන්නාවූ මෑනියන් උන්තෙනට බෝධිසත්වයොත් ඈවිත් මැනියන්වහන්ස අඬන්නේ ඇයිදැයි විචාරා එපවත් අසා අදට යාගකරන්නේ කීපදවසකැදැයි විචාරා මෙතනට එකසිය විසියොදුන් ඇති තක්සලා නුවර දිසාපාමොක් සිල්ප දනිති කී විසින් එසේවීනම් සෙටදවල් තක්සලා නුවරට යෙමියි රෑ දෙවරු ශාස්ත්‍ර උගෙණ පසුදවස් අවුත් සතරවෙනි දිනයෙහි යාගය කෙරෙමි එසේ හෙයින් නුඹ වහන්සේ වික්‍ෂස නුවමැනවයි මෑනියන් අස්වසා මෑනියන් උදැසනක්සේ ලූ බත් කා අචාරිභාගය හැරගෙණ උදෑසනක්සේ නික්ම සනධ්‍යාවලාවට එක්සියවියොදුන් මගගෙවා තක්සලා නුවරට පැමිණ දිසාපාමොක් ආචාරින් දුටුහ. ඒ ආචාරින් කුමක් නිසා අවුදැයි විචාරා ත්‍රිවේදය හා හස්තිශාස්ත්‍රය උගන්ට ආමි. මට වහාඋගන්නට උඩමැනවයි කීවිසින් මෙතෙක් ශාස්ත්‍ර කෙසේ උගන්වන්නෙහිදැයි කියන්නා එසේ නොවෙයි අදින් තුන්වෙනි දවස් හස්තියාගෙවෙයි. එසේහෙයින් එක්සියවිසියොදුන් කතරගෙවා මමත් ආයේවෙතිය, එසේහෙයින් අදට පරක්කුවක් නොවි නුඹ වහන්සේ විසින් පාලිය පමණක් පිරිවණ මම අiතන වශයෙන් අර්ථවිදහා දැනගනිමි කියා ඒ නියාවට ආචාරින් ගිවිස රෑ බත් කා ඉක්බිති බෝධිසත්වයෝත් බත් කා ආචාරීන් පය සෝදා ආචාරීන් වැඳ ආචාරිභාගයේ මසුරන්දහස පාමුලතිබා උන්නාහ. ආචාරීන්ද වැඳ ආචාරීභාගයේ මසුරන්දහස පාමුලතිබා උන්නාහ. ආචාරීන්ද තමන් දන්නා ශාස්ත්‍රය පිරිවා පාන්කොට පුවාහ. බෝධිසත්වයෝත් ආචාරීන් විසින් වහා වහා සඟවා කියාපුවා එකශෘතිහෙයින් ධරා ආචාරින් වහන්ස තව ඇද්දයි විචාළසේක. ආචාරී එතෙකැයි කී විසින් එසේ වීනම් අසවල් තැන අසවල් වැරදිය අසවල් තෙන මෙසේ හරිය එසේ හෙයින් මෙවක් පටන් සිල්ප උගන්වන කල මෙසේ උගන්විය මැනවයි යනාදීන් අචාරාන්ට කියා උදෑසනක්ස් පිටත්ව බරණැස්නුවරට අවුත් මෑනියන්ට ශාස්ත්‍ර උගත් පුවත කියා උන්නාහ. පසු දවස් රජ්ජුරුවන්ගේ සියක් ඇතුන් රන්යන්නාහයෙන් සරහා රන්ධජ රිදීධජ ආදීවුදෙය නන්වා මහත්වූ අලංකාරකොට අපි යාග කරම්හයි සැරහී බමුණෝ සිටියාහ. ඒ වෙලාවට රජ්ජුරුවොත් මහත්වූ අලංකාරයෙන් සැරහි යාගයට උවමනා පිළි පළඳනාවූදෙයක් ගෙන්වාගෙණ යාග ශාලාවට ආහ. ඒ වෙලාවට බෝධිසත්වයෝත් කුමාර අලංකාරයෙන් සැරහී මහත් පිරිවර පිරිවරණ ලදුව එතනට අවුත් රජ්ජුරුවන් දැක කියන්නාහු කළුපැහැ ඇති සුදුදල ඇති රන්සන්නාහයෙන් සරහන ලද සියක් ඇතුන්ගේ යාගය අපට පැවත ආ යාගය ඔබ්බකට සලස්වා වදාළයි කියන්නා ඇසිමි. ඒ සැබැදැයි කිහ. එවිට රජ්ජුරුවවෝ කියන්නාහු කළුපැහැ ඇති සුදුදලඇති රන්සන්නාහයෙන් සරහණ ලද සියක් ඇතුන්ගේ යාගය තෝ ශාස්ත්‍ර නොදෙවෙනිව කී විසින් ඔබබකට සැලසුවා සැබැවයි කිහ. එවිට බෝධිසත්වයෝ යාගකොට ලදමනා සම්පත් ලබාගෙණ ගෙටගියෝ වේදැයි වදාරා සුසීම ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි බැමිණියෝ නම් මහාමායාදේවිය. පියාණෝ නම් සුද්ධෝදන රජ්ජුරුවෝය. බරණැස් රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථිවරියාේය. දිසාපාමොක් ආචාරීනම් ශාරිපුත්‍ර ස්ථවිරිය. බ්‍රාහ්මණකුමාරව උපන්නෙම් ලොව්තුරා බුදුවූ මම්ම යයි වදාළ සේක.

මේ ජාතකය අවසානයෙහි බොහෝදෙනා සෝවන් වුහ. එමතෙක් දෙනා අනාගාමි වුහ. එමතෙක් දෙනා සකෘදාගාමි වුහ. එමතෙක්දෙනා සියළු කෙලෙසුන් නසා රහත් වුහ. එසේහෙයින් මේ ධර්මය බොහෝදෙනාට සාර්ථක විය.

 
උපුටා ගැනීම- www.jathakakatha.lk

161 නකුල ජාතකය
159 සන්ථ ජාතකය

Leave a Reply

IFBC Home Page