Skip to main content

158 ඉන්‍දගුත්ත ජාතකය

තවද ශක්‍යසිංහවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසන සමයෙහි නොකීකකරු භික්ෂූන් කෙණෙකුන් වහන්සේ අරඹයා මේ ජාතකය දක්වන ලදී.

ඒ කෙසේද යත්,

එක් නොකීකරු භික්ෂූන් කෙණෙකුන් වහන්සේ සර්වඥයන් වහන්සේට දන් වන්නා මහණ නොකීකරුවුයේ සැබැදැයි විචාරා සැබැවයි දන්වන්නා මහණ තාගේ නොකීකරුකම් පිණිස පළමුත් අතුපයින් මැඩවුම් කෑයෙහි වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරන සමයෙහි බෝධිසත්වයෝ පන්සියයක් තපස්වරුන් පිරීවරාගෙණ ගණනායකව හිමාලවනයෙහි වසන්නාහ, එසමයෙහි ඉන්ද්‍රගුප්ත් නම් තාපස කෙණෙක් ඇත්පැටවෙකු වඩාගත්හ. බෝධිසත්වයෝත් මේ ඇතා වැඩිමෙන් ඇතා නිසා උද්‍රව පැමිණෙයි ඒ නොවඩවයි කීහ. ඒ තාපසයෝ කීවා නොකොට ඇතා මුහුකුරුවා වැඩී එයින් වැඩිවිය පැමිණ මදසෙල්වි ගිය අවස්ථාවට තාපසයෝ තාපසවරුන් හා සමග ඔබේම ගමකට ගොස් එනකල ඇත් මදයෙන් සිටිහෙයින් ඒ තාපසයන්ගේ පන්සලවිදා පැන්සල්වල් ආදීවූ දෙයත් බිඳ තාපසයන් ඉදිනා ගල්පුවරුවත් උදුරාදමා සක්මන් කෙළවර වැතිරසිටිනා පුවරුවත් උදුරාදමා තාපසයන් මරා යෙමි සිතා වනසමීපයෙහි සිටියේය. එවේලාවට තාපසයෝ එතනට අවුත් සැකනැතිව ලගට ගියාහ. එවිට ඇත් තමා ලඟට ආ තාපසයන් දැක තමාගේ දළින් ඇන මරා වලට ගියේය. ඒ දුටු තාපසවරු එපවත් බෝධිසත්වයන් කීවාහුය. බෝධිසත්වයෝත් එවිට තාපසයන්ම කළමනා ආදාහණ කෘත්‍යය කොට තාපසවරුන් සමීපයට කැඳවා කියන්නාහු අසත් පුරුෂ නීචවූ සත්වයා ලංකිරීමෙන් දෝෂනියාව මේ ඉන්ද්‍රගුප්ත තාපසයන් කීවා නොකිරීමෙන් අසත්පුරුෂ ඇතා වඩා මරවාගත්තා වැන්නේය. එසේහෙයින් සත්පුරුෂයා සත්වයා ලංකිරීමෙන් හා උන් කී අවවාදලෙසට පිළිපැදීමෙන් බොහෝ ඉෂ්ටාර්ථයට පැමිණෙන්නේයයි යනාදීන් තාපසවරුන්ට අවවාද කියා කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාහයි වදාරා මේ ඉන්ද්‍රගුප්ත ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි ඉන්ද්‍රගුප්ත තාපසයෝ නම් මේ නොකිකරු භික්ෂූහුය.

එසමයෙහි කීකරු තාපසයෝ නම් බුදු පිරිසය. එසමයෙහි තාපසයන්ට අවවාද කළාහු නායක තාපසයෝ නම් මම්ම වේදැයි සම්මාසම්බුදු රජානන් වහන්සේ දක්වා වදාළසේක.

 
උපුටා ගැනීම- www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.