Skip to main content

151 උරඟ ජාතකය

තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කොසොල් රජ්ජුරුවන්ගේ අමාත්‍යයෝ දෙන්නෙක් උනුඋනුන් කෙරෙහි වෛරව වාසය කරන්නාහ. එපවත් රජ්ජුරුවෝ දැන නොයෙක් අවවාද කියාත් උනුන් කෙරෙහි වෛර හරවාගත නුහුනුවාහ. උන්ගේ බන්ධුහුත් අවවාද කියා අරවාගත නුහුනුවාහ, එපවත් සර්වඥයන් වහන්සේ අසා එක් දවසක් අළුයම් වෙලෙහි මහාකරුණා සමාපත්තියට සමවැද බලාවදාරණසේක් ඒ කියන අමාත්‍යයන් දෙන්නා සෝවාන් වන්ට හේතු ඇති නියාව වදාරා ඉන් එකකුගේ ගෙට උදෑසනක්සේ වැඩ වදාරා ඔහු විසින් පාත්‍රය ගෙණ සර්වඥයන් වහන්සේ ඇතුළුගෙට වඩා කැඳ අවුළුපත් ආදීවූ දෙය වලඳවා අන්තයෙහි ඕහට මෛත්‍රියෙහි අනුසස් වදාරා ඔහු සෝවාන් කොට දාවල් බත් වළඳන වෙලාවට ඔහු ලවා පාත්‍රය ගෙන්වාගෙණ අනිත් අමාත්‍යයාගේ ගෙට ගොස් ඔහු විසින් සර්වඥයන් වහන්සේ වඩා ගෙට ගෙන්වා මධුර වූ ආහාරපානයෙන් සර්වඥයන් වහන්සේට වැලඳවිය. සර්වඥයොත් වළඳා අන්තයෙහි ඕහටත් මෛත්‍රීයෙහි අනුසස් වදාරා ඔහුත් සෝවාන් කරවාගත. කාවිසිනුත් එක්කරවාගත නුහුනුවා සර්වඥයන් වහන්සේ එක්කරවා වෛර අරවා වදාළසේක. එදවස් දම්සභා මණ්ඩපයට රැස්වූ මාළුවරුන් වහන්සේ ඇවැත්නි උනුන්කෙරේ වෛරවූ අමාත්‍යයන් දෙන්නා කා විසිනුත් එක්කරවාගත නුහුනුය. සර්වඥයන් වහන්සේ එක් කරවා වෛර අරවා වදාළ සේක, ඉතා අපූර්වවි වදාළ සේක. එතනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ් තාපසව ගංගාවක් සමීපයෙහි පන්සලක වාසය කරණ සේක. එසමයෙහි බරණැස් නුවර මහත් වූ උත්සවයෙක් විය. ඒ උත්සවය බලන්ට දිව්‍ය නයෙකු හා ගරුඬයකුත් ඇවිත් මනුෂ්‍ය වේෂයෙන් කෙළිබලා අන්තයේ ගරුඬයා නයාදැක ළුහුබඳවාගත එවිට නයාත් නාග වේෂය ගෙණ වහා වහා දුවන්නේය. ඒ වෙලාවට තාපසයෝ කාසවස්ත්‍රය ගොඩ තබා නා නකඩක් ඇඳගෙණ දිය නාන්ට බටහ. ඒ වෙලාවට නයා එමින් සිට සිතන්නේ තාපසයන්ගේ වැහැරීමයවූ සිවුරයට වනීන් නම් මා ගැලවිය හැක්කේයයි සිතා ඉන්ද්‍රනීල මාණික්‍යයක් ලෙසට රූපය මවාගෙණ වල්කලා සිව්රට වැඳ ගියේය. ඒ වෙලාවට ගුරුළුත් පසුපස්සේ ආයේ තාපසයන්ගේ වලාකලා සිවුරු වන්නියාව දැක තාපසයන් කරාගොස් කියන්නී ස්වාමීනි ක්‍ෂුධාවෙන් පීඩිතව නයා ළුහුබඳවගන ආ මම නුඹවහන්සේ කෙරෙහි ගත් ආදරයෙන් සිවුරු ඇතුලට වැදගිය නයා නොඇල්වීම් එසේහෙයින් සිව්රු ඇරගෙණ නයා මට දුන මැනවැයි කීය. එපවත් බෝධිසත්වයෝ අසා ගුරුකුළ තා කළැදෑ ඉතායහපත තොපට දෙවියෝ ආයුබෝකෙරෙත්වයි දෙවියන්ගේ භෝජනය තොපට ලැබේවවි යනාදී ආශිර්වාද කොට ගොඩට අවුත් නයා එක්අතකින් ඇරගෙණ සිව්රු ඇඳ පෙරවගෙණ නයා හා ගුරුළු ඇරගෙණ පන්සලට ගොස් දෙන්නාට බණ කියා ජාති වෛරී ගුරුළා හා නයා සමගිකරවා ඒ උපන් ආත්මභාවයට ඔහුනොවුන් කෙරේ වෛර නොවන පණතට සලස්වා යවුහයි වදාරා එසමයෙහි ගුරුලා හා නයා නම් මේ අමාත්‍යයෝ දෙන්නාය. තාපසව උපන්නෙම් ලොවුතුරා බුදුවූ මම් මයයි වදාරා උරග ජාතකය නිමවා වදාළ සේක.
උපුටා ගැනීම- www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.