Skip to main content

141 නං ගුඨ ජාතකය

තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි ජේතවනාරාමය පිටිපස්සේ නිගණ්ඨ තාපසයෝ මෙතතමෙක හිඳ තපස් කරන්ට දුක්දී කළමැනවැයි කියා සමහරු එක්පයක් බිම ඔසවාගෙණ අනික් පය ඇගිලි අගින් සිට මෙසේවූ තපස්කරන්නා සමහරු ඉර මුදුන්වේලේ සතරකොණ ගිණිමැල සතරක් බැඳ ඊ මඬ්‍යයේ පඤචතාප නම් වෘතයක් කරන්නාහ. බොහෝ මහළුවරුන්වහන්සේ බුදුන් කරා අවුත් ස්වාමීනි නිගණ්ඨයන් විසින් මෙසේ වෘතයක් කරන්නාහ. ඒ නිසා උන්ට ඉදිරියේ පැමිණෙන ලාභ ඇද්දැයි විචාරා සර්වඥයන් විසින් මහණෙනි ඉන් කුමන ලාභයද පළමු උත්තමයෝ පවා මෙයින් යහපත් දෙයෙකැයි සිතා ජාතාග්නි ඇරගෙණ වලට ගොස් ගිණිදෙවියාට පූජා කොට ඉන් පැමිණෙන්නාවූ ලාභයක් නැති හෙයින් පෙරලා ඒ ගිණි නිව කිසුනු පිරියම් භාවනාකොට බඹලොව ගියෝවේදැයි වදාරා ඒ කෙසේදැයි යතහොත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ ප්‍රසිද්ධවූ බ්‍රාහ්මණ කුලයක උපන්හ. එදවස්පටන් දෙමව්පියන් විසින් ගිණි නොනිවා තිබා දොළොස් ඇවිරිදි වයස් පැමිණි අවස්ථාවේ දෙමව්පියෝ කියන්නාහු, පුත තොපි උපන් දවස් පටන් ජාතාග්නිය තබාගෙණ උනුම්හයි ඒ අග්නිය ඇරගෙණ වලට ගොස් ගිණිදෙවියාට පූජාකොට බඹලොව යව්නම් එසේවන, එසේ නැත්නම් කුටුමබසණඨාපනය කො ගිහිගෙයි වාසයකරවයි කියා කීහ. එපවත් බෝධිසත්වයෝ අසා ගිහි ගෙයින් මට ප්‍රයෝජන කින්ද ජාතාග්නිය ඇරගෙණ වලට ගොස් ගිණිදෙවියාට පූජාකරන්නාහ. එසමයෙහි එක්දවසක් පිටිසර ගමකට සිඟාගියකල ගෝදානයෙන් ගොණෙකු ලැබ ඒ ගොණ ඇරගෙණ අවුත් ගිණිදෙවියාට පුදමි සිතා ඒ කියන ගොණා අත්තේ බැඳ ලුනු ඇඹුල් සොයා යාමට ගියාහ. ඒ යාදී වල් වැද්දෝ ගෙණ මරාගෙණ ගෝකකුල් සතර හා සම හා වල්ගය එතනට දමා සෙසු මස්කන්නක් කා ඉතිරිදෙය ඇරගෙණ ගියාහ. බෝධිසත්වයෝත් ලුනු ඇඹුල් ඇරගෙණ එතනට අවුත් සම හා කකුල් හා වල්ගය තිබුවා දැක තම කන්ට තුබූ දෙය රැකගතනුහුනු දේවතාවා රැක්කේ කුමක්දැයි සිතා එකී ගොනාගේ කකුල් හා සම හා වල්ගය ගින්නට දමමින් සිට කියන්නුහු තොපසේවු අසත්පුරුෂයන්ට මෙපමණක්ම මහාදෙයකැයි සිතාද සී සී බලව තොප නිසා මටවත් ලාභයෙක් නැතෙයි කියා පැන් වක් කොට ගිණි නිවා සෘෂිප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව කිසුනුපිරියම් භාවනා කොට පඤචාභිඥා අෂ්ටසමාපතති උපදවාගෙණ නොපිරිහුනු ධ්‍යානයෙන් බඹලොව ගියාහයි වදාරා එසමයෙහි තාපසව උපන්නෙම් ලොවුතුරා බුදුවූ මම්මයයි වදාරා නං ගුඨ ජාතකය නිමවා වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.