122 කටාහක ජාතකය

තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි පිත්තු කියන නමක් නිසා මේ ජාතකය දක්වන ලද, එහි වර්තමාන කථාව යට කියන ලද විකන්ථන ජාතකයෙන් දැක්ක යුතුය.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ එනුවර මහාසම්පත් ඇති සිටුව උපන්සේක. එසමයෙහි බෝධිසත්වයන් වහන්සේගේ ගෙයි පුතනුකෙණෙක් උපන්නාහුය. ඔහු උපන් දවස්ම ගෙයි කෙල්ලකගේ පුතෙක් උපන, සිටුකුමාරයෝත් කෙල්ලකගේ පුතාත් එක්ව වැඩිවිය පැමිණියාහ, සිටුකුමාරයන් අකුරු කරන්ට යන කළ තමුන් කැටුවම ගොස් ලීම් ගිණිම් ආදීවූ නොයෙක් ශාස්ත්‍ර ඉගෙණ ගත, තෙමේ නමින් කටාහක නම්විය වෙළඳාම් ආදීවූ දෙයෙහි දක්ෂය. කීමෙහි බිණිමෙහි සපන එසේහෙයින් උන්භාණ්ඩාගාරගේ බැලීමෙහි සිටානෝ සලස්වාගත්හ. එක්දවසක් කටාහක නම් කොලු සිතන්නේ ඇමදාම මට ගේ බැලීමෙහි තිරනොවන්නේය, යම්සේ මාගේ වැරැද්දක් දැක ස්වාමිදරුවෝ ලෙහිසන් ගසා වහල්මෙහෙවරට ඇරගත්තු නම් මට බොහෝ දුකැයි සිතා ඊට උපායක් කරන්ට උවමැනවැයි සිතන්නේ අපගේ සිටානන් වහන්සේට යහළුව හිඳිනා පිටිසර සිටානකෙණෙක් ඇත. උන් කරා ගොස් සිටානන්ගේ පුතනුවෝයයි කියා උන්ගේ දුවනියන් ලවා පිසවා කැන්නම් යහපතැයි සිතා සිටානන්ගෙන් ලී පතක් කොට පතක් ලියන්නේ, මාගේ කටාහක නම් පුත්‍රයා තමන්දෑ කරා යවීම් තමනදෑ අප හා සමාන කුල විසින් අපගේ පුතනුවන්ට තමන්ගේ දුවනියන් පාවාදෙන්ට අමුතු නැති නියාවත් ඒ නියාව දැන තමන්දෑ දුවනියන් පාවාදී බොහෝ සම්පත් රැක්ක යුතු නියාවත් මමත් මෙතන කටයුතු බොහෝ විසින් නොගිය නියාවත් පසුව මා එන නියාවත් කියා සිටානන් ලියායවූ බඳුව බොරු පතක් ලියා ගෙණ සිටානන්ගේ අසමුන්දෙන් අසුන් ඔබා ගෙණ සිටානන්ගේ බලන විසින් සාන්දු සුවඳ ආදීවූ දෙයත් සිහින් පිළිත් ඇරගෙණ පසල් සිටානන්ගේ ගමට ගොස් සිටානන් වැඳලා සිටියේය. සිටානන් කොයිසිට අව්දැයි විචාළකල්හි බරණැස්නුවර සිට ඇම් කී විසින් කාගෙ දරු කෙණෙක්දැයි විචාරන්නා බරණැස් සිටානන්ගේ පුතනුවෙමි, තී විසින් කුමක් නිසා අවුදැයි විචාරන්නා මා ආ කටයුතු පතින් දැක්ක හැකැයි කියා පත අතට දුන්නාහ. සිටානෝ පත කියවා පතෙහි අසුන් අසා සතුටුව තමන්ගේ දුවනියන් පාවාදී බොහෝ සම්පත් දුන්නාහ. එදා සිටුදූ විසින් තමාට එව් ඛාද්‍යා හොද්‍යා මල් සුවඳ ආදීවු දෙය එලවූකල්හි ඒ දැක මෙසේවූ බත් කෑන්ද මෙසේවූ පිළි අඳින් ද මෙසේවූ මල්සුවඳ පලඳින් දැයි පිටිසර ඇත්තන්ගේ කොලකම මෙසේ වනැයි කියා වෙහෙසයි එසමයෙහි බරණැස් නුවර සිටානෝ තමන්ගේ කටාහක නම් කොල්ලා නොදැක ඒ තැන මිනිසුන් යවා පිටිසර සිටානන්ගේ ගම උන් නියාව අසා රජ්ජුරුවන් වහන්සේට දන්වා අවසර ඇරගෙණ පිටිසරට නික්මුණාහ. සිටානන් පිටිසර යන නියාව ඒ ඒ තැන ප්‍රසිද්ධ විය, කටාහක නම් කොලුත් එපවත් අසා සිටානන් එන්නේ අනික් දෙයක් නිසා නොවෙයි මා ලඟටයයි සිතා සැඟවී ගියේ නම් ඒ කටයුතු නොවෙයි සිතා මෙතැන්හිම ඉඳ සිටානන් වහන්සේ ආ කල උන්වහන්සේට මෙහෙවර කොට සිත ලබා ගණිමි සිතා එතැන් පටන් තමාගේ ගෙයි මිනිසුන් ආදීවූ ඇම දෙනාට කියන කල සෙස්සන්සේ නොවෙයි අපි අපගේ දෙමව්පියන් දුටු කළ භය ලජ්ජා ඇත්තම්හ. එකසරියේ් හිඳන් බත් නොකම්හ. මඬා සෝධා තිබීම්, පැන් පෙරා තිබීම්, වීල් තිබීම්, පළට පැන් තිබීම් පටන් වාල් කළමනාදෙය අපි කරන්නේමයයි කිය කියා ඉන්නා කලට ඒ සිටානෝ අවුත් ලඟ ගමෙක උන්නාහ. එවිට තෙමේ මයිලනුවන් ලඟට ගොස් අපගේ පියානන් වහන්සේ මේ ගමට වඩිනාසේක. නුඹවහන්සේ විසින් ආගන්තුක සත්කාර කළමැනවැයි සිටානන් විසින් කරණ ලද සුවදුක් කථා ඇතිව සිටානන් බත් කා ඉක්බිති පළට පැන් ඇරගෙණ ගොස් තිබා ඉක්බිතිව සිටානන්ට බිම බැස වැඳ ස්වාමීනි කළ මනා යම් මෙහෙයක් කෙරෙමි මාගේ සම්පත්තීන් පිරිනොහෙළුවමැනවැයි යාච්ඤා කෙළේය. එවිට සිටානෝත් උන්ගේ උගත්කම් නැති නියාව දැන මා නිසා තොපගේ සම්පත් පිරි නොහෙළමි කියා උන් හා සමඟ ගමට අවුත් පිටිසර සිටානන් විසින් කරණලද ආගන්තුක සත්කාර විඳ කා බී අන්තයෙහි ප්‍රියවු කථා කොට උන්නාහ, එවිට ආගන්තුක සිටානෝ කියන්නෝ නුඹවහන්සේගේ පුතනුවන් අත පත එව් වේලේම ඒ නියාවට මම් මාගේ දුවනියන් පාවාදීකළ මනා කටයුත්තෙන් අඩුවක් නොකෙළෙමි කිහ. එපවත් සිටානෝ අසා යහපතැයි කියා එක් දවසක් තමන්ගේ යෙහෙළනියන්ගෙන් ඉස උකුණන් හරුවයි කියා උකුණන් හරවා හිඳ කියන්නාහු කුමක්ද තොපගේ ස්වාමිපුත්‍රයා ප්‍රියවාසය කෙරේදැයි කියා විචාළහ, එවිට ඕතොමෝ කියන්නී කිසිවකුටත් අමුත්තක් නැත කළ මෙහෙයකුත් ඇත්නම් කසලියයි කියා නින්දා කියන පමණක් විනා සෙසු අමුත්තෙක් නැතැයි කියන්නාවූ ආදීත් එසේමය, මෙයින් මතු බයක් කීවොත් මේ මන්ත්‍රය උගන්නා උන්ගේ මුඛය මැඩීයේයයි කියා මේ මන්ත්‍රය උගන්වා කීපදවසක් ඇතුළත එමගම රඳා නික්මුණාහ. ඒ කොලුත් ඊ ඉන්නාදාමතෙක් අනික් කෙණෙකුන්ට අවකාශයක් නොදී මෙහෙකොට නික්මුණු ගමනේත් පසු ගමන් කොට නැවත ගමට අවුත් පළමු කී නියාවටම වඩා උඬතව වාසය කරන්නාහ, එක් දවසක් සිටුදුව විසින් එලවන ලද බත් දැක මෙසේ වූ බත් ද ලබන්නේයයි කියන්නා එවිට සිටුදූ ඉදිරියේ සිට සිටානන් කී මේ ගාථාව කීහ.

ඒ කෙසේද යත්,

බහුමපි සො විකන්‍ඵෙය්‍ය අඤඤං ජනපදං ගතො

අන්‍වා ගනත්‍වා දූසෙය්‍ය භූංජ භොගෙ කටාහක

මේ ගාථාවෙහි අභිප්‍රාය සිටුදූ නොදනිය කටාහකයා ගාථාවෙහි අභිප්‍රාය දැන එතැන්පටන් බැණ නොනැගී ඉඳින්නේය, ගාථාවෙහි අභිප්‍රාය නම් කෙසේද යතහොත්, තෝ අනික් දේශයක සිට මීට ආවයි කියා තෝ තාගේ තරම් නොදනීද මේ මුරයට සිටානන් වහන්සේ නිකම් පළාගියසේකැයි කියා පසුව මුරයේ ආසේක්වීනම් තා ලෙහි සංගසා ඇරගෙණ යනසේක්දැයි කියවයි වදාරා එසමයෙහි කටාහකයා නම් මේ පිතතු කියන භික්ෂුහුය, එසමයෙහි බරණැස් නුවර සිටුවූයෙම් මම්ම යයි වදාරා කටාහක ජාතකය නිමවා වදාළ සේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

123 චන්‍දා භය ජාතකය
121 අඹ ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.