(12) අපාය සහ මළ මුහුද

මහ නායක හාමුදුරුවනේ, සක්වළ සක්මනට මෙතෙක් විෂය නොවුණ කාම ලෝක 11 න් ඉතිරි ලෝකය කුමක්ද ?

මේ සක්වළෙහි තියෙන රූප, අරූප ලෝකවලට අයත් නොවන සෙසු ලෝක 11 ට කාම ලෝක කියනවා. සදෙව් ලෝක 6, මනුෂ්‍ය ලෝකය, ප්‍රේත, ප්‍රේතාසුර සහ තිරිසන් ලෝකය වගේම නිරය හෙවත් අපායත් මේ කාම ලෝක 11 ට අයත් වෙනවා.

මිථ්‍යා දෘෂ්ටික, අධර්ම මාර්ගයේ යන පංච දුශ්චරිත ජීවිත ගත කරන සියලු දෙනා තරාතිරමකින් ( මනුෂ්‍ය, තිරිසන් භේදයකින් ) තොරව අපාය ලෝකයට අයත් විවිධ නරකාදිවල උපදිනවා. බුදුන් දවස දෙව්රම පෙනි පෙනී දෙව්දත් තෙරුන් පවා මහ පොළව පළාගෙන කලකම් පළදෙමින් අපාගත වුණා.

මිසදිටු අඳුරින් පිරුණ බුද්ධ ශුන්‍ය කල්පවල උපත ලද මිනිසුන් වැඩි වශයෙන් අපාගත වීම ස්වභාවිකයි. නමුත්, සද්ධර්මයේ ආලෝකය තියෙන මේවගේ මහා භද්‍ර කල්පවල මිනිසුන්ට අපාගත නොවී දැහැමිව ජීවත්වීමේ වාසනාව නොඅඩුව තිබෙනවා.

අපායෙහි ස්වභාවය පෙරදිග දර්ශනවල විග්‍රහ වෙන්නේ කොහොමද ?

දැන්, අපි ජීවත්වෙන මහ පොළවේ විෂ්කම්භය හැතැක්ම 8, 000 ක් පමණ වෙනවා. එයින් දෙපැත්තට දෙදහ – දෙදහ ඉතිරි කළාම, ඉතිරි ප්‍රමාණය (4, 000) තුළ ගිනි ගුලියක ස්වභාවයක් (එහි මැද) පවතිනවා. එම අධික තාපයෙන් යුතු කොටස ‘අපාය’ ලෙස සැලකෙනවා.

ඒක හරියට පොල් ගෙඩියක පිටත තියෙන ලෙල්ල වගේ කොටස තමයි, මහ පොළවේ පස් තට්ටු වශයෙන් පිහිටා තියෙන්නේ. ඊඟාවට පස් තට්ටුවෙන් යට, ඒ කියන්නේ පොල් කටුව ඇතුළේ පවතින්නේ මහා ගිනි ජාලාවකුයි. ඒකෙ පිපිරීම් තියෙන තැන්වලිනුයි, ඔය දැන් දැන් වැඩිපුර ගිනි කඳු කියලා මතු වෙන්නේ.

මේ අනුව මහ පොළවේ සමහර තැන්වලින් ගිනිකඳු කියලා පුපුරා යන “ලාවා” අපායවල ‘ලෝදිය’ කියලා විශ්වාස කරනවා. මිහි මඬල මතුපිට තියෙන (ජලය, ඉන්ධන ඇතුළු) සියලු භෞතික ධ්‍රැවයන්ට වඩා ‘ ලාවා’ වල අසාමාන්‍ය (උෂ්ණත්වය හා අන්තර්ගතය) ස්වභාවයක් පවතිනවා.

එහෙමනම්, විදු ඇසට ඇයි තවමත් මෙවැනි ලෝකයක් හසු (දර්ශනය) වී නැත්තේ ?

අපේ පෘථිවිය තුළ (ඇතුළත) සැඟවුණ තවත් අබිරහස් පෘථිවියක් නිසැකවම ඇති බව රුසියානු විද්‍යාඥ වී. ඔබරුවොව් පෙන්වා දී තිබෙනවා. ඒ වගේම, සයිරස් ටිව් නමැති ඇමරිකානු පර්යේෂකයා ද සාධක සහිතව පෘථිවිය, ඇතුළත හා පිටත යනුවෙන් කොටස් දෙකකින් යුක්ත බවත්, මිනිසුන් එහි පිටස්සර කොටසේ ජීවත් වන අන්දමත් පෙන්වා දෙනවා. තවද, ඔහු එහි අභ්‍යන්තර කොටසෙහි ඊට ඔරොත්තු දෙන වෙනත් ජීවීන් සිටිය හැකි බවද පවසනවා.

මීට අමතරව, ජෝන් සීමන් විසින් 1818 දී ඇමරිකානු කොංග්‍රසයට යොමු කළ විශේෂ වාර්තාවකින් ද උත්තර ධ්‍රැවය හා දක්‍ෂිණ ධ්‍රැවය අතර සැඟවුණ ලෝකයක් ඇති බව තහවුරු කර තිබෙනවා.

1947 දී බ්‍රිතාන්‍ය හිටපු ගුවන් හමුදාපතිවරයෙකු ‘මැනිමැෂන්’ (Manimasion) නමින් කර්මවාදය පිළිබඳ පොතක් පළ කර තිබෙනවා. මේ පෘථිවිය රවුම් රවුම් වශයෙන් ක්‍රමයෙන් සූක්‍ෂම වී යන අන්දම පිළිබඳව එමගින් විස්තර කෙරෙනවා. ඒ අනුව ඒ ඒ අවකාශයන්ට සරිලන ජීවී – අජීවී කොටස් පිහිටන බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.

ඊට පෙර, ඇමරිකානු වයිස් අද්මිරාල් රිචඩ් බර්ඩ් උත්තර ධ්‍රැවයේ කළ පර්යේෂණ චාරිකාවකදී පෘථිවියෙහි ඇතුළට විහිද ගිය විශාල විවරයක් දර්ශනය වූ බව පැවසෙනවා. එය පෘථිවි වාසීන්ට වඩා වෙනස් ජීව ලෝකයක් විය හැකි බවට වාර්තා වුණත්, මේ දක්වා ඒ පිළිබඳව සිදු කර ඇති පර්යේෂණ ඉතාම අල්පයි.

අභ්‍යවකාශ ගවේෂණය තරම් අභ්‍යන්තර ගවේෂණය කෙරෙහි විදු ඇස යොමු වි නැහැ කියලාද ? ඔබ වහන්සේගේ අදහස.

ඔව්, නමුත් මේ සියවස ආරම්භයේ සිට පෘථිවි අභ්‍යන්තරය පිළිබඳ යම් යම් ගවේෂණ කටයුතු සිදු කර තිබෙනවා. බ්‍රිතාන්‍යයේ ස්ටැන්පර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පසුගිය කාලේ ස්විස්ටර්ලන්තයේ පොළව යට ක්‍රියාත්මක කළ අධිබල ‘ බිග්බෑන්’ ලෝහ යන්ත්‍රය මඟින් ඉහත කරුණු ගොඩක් තහවුරු කර ගෙන තිබෙනවා.

‘බිග්බෑන්’ හෙවත් ‘ආටෝවික් කොලයිවර’ යන්ත්‍රය ස්විස්ටර්ලන්තයේ ජිනීවාහි මීටර් 90ක් පමණ පතුලේ ක්‍රියාත්මක වන්නක්. මේ බව දෙස් විදෙස් මාධ්‍ය වාර්තා මගිනුත් පසුගියදා (2012 – 04 – 22, දිවයින) වාර්තා කර ‘මේ යන්ත්‍රය නිසා පෘථිවිය දෙකඩ වන බව කියමින් ඊට විරුද්ධව ඇමරිකානු විද්‍යාඥයකු අධිකරණය වෙත පවා ගියා. තවමත් බිග් බෑන් යන්ත්‍රය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර නැහැ’.

බුදු ඇසත්, විදු ඇසත් දැකපු තරම් ගිනිදැල් පිරි ලෝකයක් ඇත්තටම මේ මහ පොළව යට තිබිය හැකිද ?

නෙල්ලි ගෙඩියක් බඳු මේ ලෝකය විෂම බවින් යුතු බවත්, හරියට එය හත් මාලයක ස්වරූපය ගන්නා බවත් බුද්ධ දේශනාවල දැක්වෙනවා. පෘථිවිය හට ගන්නා කාලයේ (විවට්ටකප්ප) ආකාශ ධාතුව තුළ ධූමාකාර වායු පටලය ක්‍රමයෙන් තදවීම නිසා අභ්‍යන්තර පෘථිවිය ඉතා අධික උෂ්ණත්වයෙන් යුක්තයි. ස්වභාවයෙන්ම ඇතුළත තද වූ දෙයක උෂ්ණත්වයක් පැවතීම සිද්ධාන්තයක්.

මහ පොළොව යටම තියෙන උෂ්ණත්වය පොළව මත ද්‍රව්‍යයකින් (මාපකයකින්) නිවැරදිව මැන බලලා නැහැ. නූතන සියලු මාපකවලට වඩා ඉතා දැඩි උෂ්ණත්වයක් පොළව අභ්‍යන්තරයෙහි පවතිනවා. එය අපට හිතා ගන්න බැරි තරමටත් වඩා උෂ්ණත්වයක් බවයි විද්‍යාඥයන් පවසන්නේ.

දැන් මහ පොළව මත වුණත්, ඉතා ඉහළ උෂ්ණත්වයන් වාර්තා වෙනවා. ලිබියාවේ ට්‍රිපෝලි අගනුවරට කි. මී. 55 ක් නිරිත දිග දෙසින් පිහිටි අල්සිසියා නගරයෙන් 1922 සැප්තැම්බර් 13 දා සෙල්සියස් අංශක 57. 7 (ෆැරන්හයිට් 136) උෂ්ණත්වයක් වාර්තා වී තිබෙනවා. ඇමරිකාවේ නැගෙනහිර කැලිෆෝනියාවේ ‘ඩෙත් වැලි’ හි පිහිටි ග්‍රීන්ලන්ඩ් රාන්ච් ප්‍රදේශයෙනුත් සෙ. අ. 56. 7 (ෆැරන්හයිට් 134) උෂ්ණත්වයක් ඊට පෙර (1913 ජුලි 10) වාර්තා වුණා. ලිබියාව, ටියුසීනියාව, අප්‍රිකාව, හා ඉතියෝපියාව වැනි රටවල අධික උෂ්ණත්වයට (සෙ. අ. 35 වැඩි) මුහුණ දෙන අපේම මිනිස් කොට්ඨාසයක් ජීවත් වෙන බව අමතක නොකළ යුතුයි.

එතකොට ඔබ වහන්සේ කියන්නේ, ඕනෑම පරිසර තත්ත්වයකට ඔරොත්තු දෙන ජීවීන් ලොව නිර්මාණය වන බවද ? කෝ ඒවුණාට මළ මුහුදෙත් ජීවීන් නැහැ නේද ?

මුහුදු මට්ටමටත් වඩා මීටර් 418ක් පහළින් පිහිටි මළ මුහුද වාෂ්පීකරණයෙන් වැඩිම හා ලොව පහළම ජල මතුපිටයි. ඊශ්‍රායලයත් ජෝර්දානයත් වෙන් වෙන්නේ, මේ මළ මුහුදෙන්. පෘථිවි නිර්මාණයේදී භූචලනයක විභේදනයක් අනුව සෑදුණ මළ මුහුද අඩි 1000 වඩා ගැඹුරුයි. මුහුදු ජලයට වඩා ලවණ ගතිය නවගුණයකින් වැඩි නිසා මෙය ‘ලවණ විල’ (Salt Lake) යනුවෙනªත් හඳුන්වනවා. උතුරේ සිට දකුණට කි. මී. 80ක් දිග, නැගෙනහිර සිට බටහිර දෙසට කි. මී. 18ක් පළල මළ මුහුදේ නොපෙනෙන ක්ෂුද්‍ර (Microbes) ජීවීන් හැර වෙනත් කිසිඳු ජලජ ජීවියෙකු නැහැ. අපේ පියවි ඇසට පෙනෙන කිසිදු ජීවියෙකු එහි නැති නිසා ‘මළ මුහුද’ (Dead Sea) කියනවා. කිමිදීමට පවා බැරි තරම් ජල ඝනත්වයකින් යුතු මෙහි පතුල පුදුම උපදවන තැනක් බවයි, පර්යේෂකයින් පවසන්නේ.

මෙහෙම අධික තාපය – උෂ්ණත්වයට හා ඝනත්වයට ඔරොත්තු දෙන ද්‍රව්‍ය (මාංශ) වලින් සැදුණ ජීවීන් අපායවල සිටිය හැකියි. මළ මුහුදේ වුණත් ක්ෂුද්‍ර ජීවීන් හෝ නිර්මාණය වී සිටීමෙන් ඒ බව පැහැදිලි වෙනවා. අධික උණුසුම් කාන්තාර තරණය කරන ඔටුවන් වගේම, අයිස් කදු (ග්ලැසියර) අතර අධික සීතලට ඔරොත්තු දෙන ‘හිම වළසුන්’ වැනි සතුන් ඊට නිදසුන් සපයනවා.

(13) අපායේ විලාපය
(11) තිරිසන් ලෝකයේ ස්වභාවය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.