119 දුමෙමධ ජාතකය

තවද රජගහ නුවර නිසා වේළුවනාරාමයෙහි සර්වඥයන් වහන්සේ වැඩ වසන සමයෙහි එක් දවසක් දම් සභා මණ්ඩපයෙහි රැස්ව වැඩ උන්නාවූ මහළුවරුන් වහන්සේ ඇවැත්නි දේවදත්ත ස්ථවිරයෝ බුදුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසූ අනූ ව්‍යජන භ්‍යමප්‍රභා ආදීවූ රූපශ්‍රී දැකත් බුදුන් කෙරෙහි මෛත්‍රියක් නැතිව මෙබඳුවූ රූපශ්‍රීයක් මට ඇතිනූයේ යයි සිතා බුදුන් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් බුදුන් නසන්ට සිතති කිය කියා කථා කොට උන් සේක. එතනට සර්වඥයන් වහන්සේ වැඩ බුද්ධාසන මසතකයෙහි වැඩ හිඳ මහණෙනි මා එන්නාට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තන උනුදැයි විචාරා වදාරා දේවදත්ත ස්ථවිරයෝ බුදුන් කෙරේ ඊර්ෂ්‍ය නියාව කිය කියා උනුම්හයි දැන්වූ කල්හි මහණෙනි මතු නොවෙයි පළමුත් මා කෙරෙහි ඊර්ෂ්‍යාව ඇත්තේමවේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.
යටගිය දවස රජගහ නුවර මගධ නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ ඇත් කුලයක ඉපිද ස්වර්ග ධවලව විසිතුරු වූ රූප ශ්‍රීයෙන් අලඞකෘතව මගධ නම් රජ්ජුරු කෙණෙකුන් වහන්සේට වාහණව සිටිනා සේක.

එසමයෙහි එක් දවසක් මගධ රජ්ජුරුවෝ සර්‍වාලඞකාරයෙන් සරහණ ලද මගුලැතාට ආරූඪව මහත් පෙළහරින් නික්මුණාහ. එවිට රාජ්‍යවාසීන් මගුලැතු දැක ඇතුගේ ආරෝහ පරිනාහ රූපශ්‍රීයක් හා මෙසේවූ ඇතෙකු චක්‍රවර්ති රජ්ජුරුකෙණෙකුන්ටවීනා මෙවැනි රජ්ජුරුකෙණෙකුන්ට ඇතෙක් නොවෙයි කියා ඇතුම වර්ණනා කළාහ. ඒ වර්ණනාව රජ්ජුරුවන් විසින් අසා තිරිසන් ඇතු වර්ණනා කළෝය, මා වර්ණනා නොකළෝයයි ඇතුකෙරෙහි ඊෂ්‍ර්‍යාකොට ඇතු නසන්ට සිතා රජ ගෙට ගොස් ඇත්තලයා ගෙන්වා තොප විසින් මඟුලැතු ඉඳින් කම්බස් ඇතිව ව්‍යවසර්‍ථතකරණලදදැයි විචාරා හසත්‍යාචාරියා විසින්ම ඇතු නාවා කම්බස්කරණලදැයි කීකල්හි එසේවීනම් වේපුල්ල පර්‍වතයට ඇතු නඟවයි කී කල්හි හසත්‍යාචාරියා විසින් යහපතැයි ගිවිස ඇතු ඇරගෙණ පර්වතයට නැඟී කල්හි රජ්ජුරුවෝත් අමාත්‍ය මණ්ඩලයා පිරිවරා පර්වත මුදුනට නැංගාහ. ප්‍රපාත ආසන්නව ඇතු සිටුවාබලයි කීහ. ඒ මානට ඇත්තලයා සන්කොට තුන්පයින් සිටිවීය. එවිට රජ්ජුරුවෝ පෙරවා අත්දෙක ඔසවා පස්සා පාදෙක ඔසවයි කියන්නා එලෙස ඇතු නොවැටෙන්නා නැවත රජ්ජුරුවන් විසින් පෙරවා අත්දෙක ඔසවා සිටුවයි කියන්නා එලෙසත් සිටිවිය. පසුව එකපයකින් සිටුවා බලවයි කියන්නා එලෙසටත් සිටිවිය. මෙලෙස කොටත් ඇතු නොවැටෙන්නා එවිට රජ්ජුරුවෝ කියන්නෝ ඇතුන්ගේ සතර කකුලම ඔසවා ප්‍රපාත දිසාවට මෙහෙයාලවයි කීහ. එවිට ඇත්තලයා සිතන්නේ රජ්ජුරුවන් වහන්සේ විසින් ඇතු නසන්ට ප්‍රයෝගයක් වනැයි සිතා ඇතු කන්තල දිසාවට කරනමා කියන්නේ පින්වත් ඇත් රජ්ජුරුවෙනි තොප නසන්ට උත්සාහ කරණසේක. එසේහෙයින් තටපිළිවන්වීනම් ආකාශයට නැගී බරණැස් නුවරට පළායවයි කීහ. ඒක්‍ෂණයෙහිම පෙර කරණ ලද පින්බලයෙන් පහළවන ලද සෘඬියෙන් පුළුන් පෙදක් ආකාශයට පැන නැංගාක් මෙන් පැනනැන්ගේය. එවිට ඇත්තලයා ඇතු පිටට පැණ හිඳ කියන්නේ නුඹ වහන්සේ වැනි පින්මද රජ්ජුරුකෙණෙකුන්ට පහළවන ඇතෙක් නොවෙයි එසේ හෙයින් නුඹ වහන්සේ වැනි නිවට රජ්ජුරුකෙණෙකුන්ට වාහණයට නොනිසිය, නුඹ වහන්සේට සිටිනේයයි කියා බරණැස් නුවරට නැගී ගොස් රජ්ජුරුවන්ගේ රාජාගණ සමීපයෙහි සිටියේය, ඒ දුටු නගර වාසීහු මහත් සන්තෝෂයට පැමිණ ඔබගොස් රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරුවෝත් වහා එතනට ගොස් ඇතු දැක මහත් සන්තෝෂයෙන්ම මානිසා මටපිටදෙන්ට ආ ඇතෙක් වීනම් බිමට බසීවයි ආරාධනා කළාහ. එවිට ඇතු බිමට බටුයේය. ඒ වේලෙහි ඇත්තලයා ඇතු පිටින් බැස රජ්ජුරුවන් විසින් දරුව ඇතු ඇරගෙන කුමක් නිසා අවුදැයි විචාරන්නා තමා ආ ගිය ලෙස තත්වූ පරිද්දෙන් කීකල්හි තා කළසේ යහපතැයි කියා සමාධිව නුවර සරහා ඇතු මහත්වූ පෙළහරින් මඞගල්‍යහසතිවාහරණයට පමුණුවා බරණැස්නුවර රාජ්‍යය තුන් කොටඨාසකොට ඇතුට එක්කොටඨාසයක් ඇත්තලයාට එක්කොටඨාසයක් රජ්ජුරුවන්ටත් එක් කොටඨාසයක් සලස්වා දැහැමෙන් සෙමෙන් රාජ්‍යය කොට කම්වූපරිද්දෙන් මිය පරලොව ගියාහයි වදාරා එසමයෙහි බරණැස් රජ්ජුරුවෝනම් සාරිපුත්‍රසථවිරයෝය, ඇත් තලයා නම් ආනන්ද ස්ථවිරයෝය. එසමයෙහි මගධ රජ්ජුරුවෝ නම් දේවදත්ත ස්ථවිරයෝය, එසමයෙහි ඇත්ව උපන්නෙම් බුදුවූ මම්ම වේදැයි වදාරා මේ දුමෙමධ ජාතකය නිමවා වදාළසේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

120 නගුලිස ජාතකය
118 කුසනාලි ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.