Skip to main content

110 ප්‍රථම සිඟාල ජාතකය

තවද එක්සමයෙක්හි සර්වඥයන් වහන්සේ රජගහ නුවර නිසා වේළුවනාරාමයෙහි වැඩවසන සමයෙහි දේවදත්ත ස්ථවිරයන් වහන්සේ විසින් අළුත මහණවූ පන්සියයක් භික්ෂූන් වහන්සේ ඇරගෙණ ගයා නම් ගඞගාවෙහි විහාරයක් කොටගෙණ සර්වඥයන් වහන්සේ කරන්නේ ප්‍රතිපත්ති නොවෙයි මා කරන්නේ ප්‍රතිපත්තියමැයි කියා සංඝයා වහන්සේ හැරගෙණ වෙනම පොහොය කොට වසන සමයෙහි එක් දවසක් සංඝයා වහන්සේ රාත්‍රී මුඛයෙහි දම්සභා මණ්ඩපයෙහි වැඩහිඳ ඇවැත්නි දේවදත්ත ස්ථවිරයෝ නැත්තෙක් බොරුගුණ අඟවා වාසය කෙරෙති, මේ කථාව කිය කියා උන්කල්හි බුදුරජානන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩ වදාරා පණවන ලද බුද්ධ ශාසන මස්තකයෙහි වැඩහිඳ මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාළ කල්හි දේවදත්ත ස්ථවිරයන් සංඝහෙද කළ නියාව කිය කියා උනුම්හයි සැළ කළ කල්හි මහණෙනි දැන්මතු නොවෙයි පළමුත් මුසාවාද කීවෝවේදැයි වදාරා භික්ෂූන් වහන්සේ විසින් ආරාධිත වූ බුදුහු ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බරණැස්නුවර නැකත් කෙළි කෙළිනේයයි විධාන ඇසූ නුවර වාසීන් විසින් දේවතාවන්ට බලි පිණිස රා මස් ආදීවූ දෙය වීථියේ කෝවකොට තිබූ කල්හි එදවස් රෑ මත්ස්‍ය මාංස ගන්ධයෙන් කැණහිල් බල්ලෙක් නුවරට වැද රා මස් කා මත්ව රෑ යානොහි පාන්වූකල්හි මේ වේලෙහි පිටත්වීනම් බොහෝදෙන කැටමුගුරු ගෙණ මරති සිතා ඝන කැලයක සැඟවී මග බල බලා ඉඳ බොහෝ මොත්තන්යන්නවුන් හා කථාකොට තනිව යන බමුණෙකු දැක බමුණෝ නම් ඉතා ලොහොබි අයෙකැයි සිතා බමුණා ලඟට අවුත් තොප මා නුවරින් පිටත ගෙණ ගියේ නම් මසුරන් දෙසියයක් තිබූ තැන් පාමි කියන්නාහු බමුණු සැබවයි සිතා තමාගේ උතුරු සළුවෙන් වසා කිසිල්ල අස්සේ සඟවාගෙණ නුවරින් පිටත ගොස් සම්පත් පාවයි කියන්නා කැණහිල් කියන්නේ ඈත යන්නා පාමි කියා හැරගෙණ ගොස් සුසාන භූමියට ගොස් මෙතන නිධාන යයි කිය කියා බිමට බැස සම්පත් ලබන්ට තාගේ උතුරු සළුව පාත්කොට බාලයි තබ්බවා තෙල ගස මුල නිධානය කණුවයි කියා උන් බිම කණද්දී තෙමේ කඩව නැගී සතර කොණ හා මඞ්‍යය හා වර්චස් කොට නැගී ගියේය. එතන වෘක්ෂ දේවතාවා කියන්නේ බමුණ බොල්ලන් සියයකටවත් මන්නැති කැණහිලා ගතින් සම්පත් ගන්ට අවුත් ඉනකඩ වර්චස් කරවාගත් විවරක්වේද එසේ හෙයින් අඥාන බ්‍රාහ්මණය තොපගේ කඩත් සෝදා ඉස්සෝදා නා තා කළමනා බමුණු කෘත්‍යය කරයි කීකල්හි එලෙසම කොට නුවරට ගියේයයි වදාරා දෙකල් ගළපා මේ ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි කැණහිල් බල්ලා නම් දේවදත්ත ස්ථවිරයෝය, එසමයෙහි මේ යුක්තිය බලා සිටි වෘක්ෂ දේවතාවා නම් බුදුවූ මම්ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.