Skip to main content

103 වෙරි ජාතකය

තවද එක්සමයෙක්හි ශාක්‍යකූල සිඛාමාණික්‍යවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ දෙව්රම්වෙහෙර වසනසේක්. අනේපිඬු සිටානන් අරභයා මේ ජාතකය වදාළසේක.

අනේපිඬු මහසිටානෝ තමන්ගේ ගොවිතැන් කරන්නාවූ ගමට ගොස් එන තැනැත්තෝ අතරමඟදී අතරමග වසන්නට සුදුසු නොවෙයි සැවැත් නුවරටම යෙමි සිතා වහ වහ ගැල්පදවාගෙණ සැවැත්නුවරටම අවුත් දෙවෙනි දවස් විහාරයට ගොස් බුදුරජානන්වහන්සේට එපවත් දැන්වූය. සර්‍වඥයන්වහන්සේ සිටානෙනි පෙරත් නුවණැත්තෝ අතරමග සොරුන් දැක අතරමග ලස්නොවී තමන් වසන්නාවූ ස්ථානයටම වහ වහාම ගියෝවේදැයි වදාරා සිටානන් විසින් ආරාධිතවූ බුදුහු ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ කල්හි පුරණලද බොධිසම්භාර ඇති අප මහ බෝසතානෝ මහා සම්පත් ඇති සිටුපුත්‍රව ඉපිද එකගමක ඇත්තන් කළ යාචඤ්‍රවක් නිසා අමුතු බත් අනුභව කරන්නට ගොස් පෙරළා ගමට එන්නාහු අතරමගදී සොරුන්දැක අතර නොවැස වහ වහා ගැල් පදවාගෙණ තමන්ගේ ගෙටම අවුත් අනේක ප්‍රකාරවූ අග්‍රරසයෙන් යුක්ත වූ භෝජනය අනුභව කොට මහා අනර්‍ඝවූ ශ්‍රීයහන් මස්තකයේ හිඳ සොරුන් අතින් මිදී නිර්භයස්ථානවූ මාගේ ගෙටම ආයෙමිවේදැයි ප්‍රීතිවාක්‍ය වශයෙන් උදන් අනන්නාහු මෙසේ කිවුය, යම්බඳුවූ ස්ථානයෙක්හි වෛර සිත් ඇති පුද්ගලයෙක් වසන්නේවීනම් එබඳු ස්ථානයෙක්හි කාරණා දන්නාවූ පුද්ගලයෝ කිසියම් කාරියක් නිසා එක දවසක් වසන්නේ වීනමුත් සිතට සැපයකින් වැසපිය නොදෙනනේය, හැමවේලෙහිම බලවත්වූ චිත්ත ඛෙදයක් හා දොම්නසින් යුක්තව වසන්නේයයි මෙසේ මහබෝසතානෝ උදන්අනා දානාදීවූ පින්කම්කොට කම්වූ පරිද්දෙන් මිය පරලොව යියෝය. ශාස්තෘවූ බුදුරජානන්වහන්සේ මෙසේ මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා මේ වේරි ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි බරණැස්නුවර සිටානෝ නම් තිලෝගුරු සම්‍යයක් සම්බුදුරජ වූ මම්ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.