05 තණ්ඩුල නාලි ජාතකය

තවද එක්සමයෙක්හි ශාක්‍යසිංහ වූ සම්‍යක් සම්බුදු රජානන්වහන්සේ සැවැත් නුවර නිසා ජේතවනාරාමයෙහි වාසය කරන සේක් ලාළුදායී නම් තෙර කෙනෙකුන් වහන්සේ උදෙසා මේ ජාතකය වදාළ සේක.

එ කෙසේ ද යත්,

එක් සමයෙක්හි දබ්බමලලපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සංඝයා වහන්සේට ලාබත් ආදී වූ බත් පමුණුවන සේක. උන් වහන්සේ උදෑසන ලා බත් පමුණුවන්ටවන් කල්හි උදායි ස්ථවිරයන් වහන්සේට කිසිකලක යහපත් බතෙක් පැමිණෙන්නේය, කිසිකලක නපුරු බතෙක් පැමිණෙන්නේය, උදායි ස්ථවිරයන් වහන්සේ තමන් වහන්සේට නපුරු බත පැමිණ දවස් ලාබත් බෙදන්නාවූ ස්ථානයෙහි අලළාන කරණ සේක. කිම දබ්බල පුත්‍ර යෝමලාබත් බෙදන්ට දනිද්ද අපි නොදනිමෝදැයි කියාත් කියන සේක. උන් වහන්සේ ලාබත් බෙදන තැන අලාළන කරණහෙයින් එසේ වී නම් දැන් නුඹවහන්සේම ලාබත් බෙදාදුන මැනවයි කියා ලාබත් පෙට්ටි ඒ තෙරුණ් වහන්සේට පාවාදුන්හ. එතැන් පටන් සංඝයා වහන්සේට ඒ ලාළුදායි ස්ථවිරයන් වහන්සේම ලාබත් බෙදාදෙන සේක. දෙන්නාවුන් ඒ තෙරුන් වහන්සේ යහපත් බත වේවායි නපුරු බත වේවායි අසවළුන්ගේ කොටසේ යහපත් බත සිටියේයයි කියාවත් අසවල් කොටසේ නපුරු බත සිටියේයි කියාවත් නොදන්නාසේක. ඨිතිකාව කරණසේකුත් නපුරු බත සිටියේයයි කියාවත් නොදන්නා සේක. ඨීතිකාව කරණසේකුත් අසවල් ඨිථිකාවකොට සේසලකාගත නොහෙන සේක. භික්ෂූන් වහන්සේ පාළියේ සිටි වෙලාවෙහි මෙතන අසවල් ඨිතිකාව සිටියාය. මෙතැන අසවල් ඨිතිකාව බෙදන සිටියායිබිමවත් භික්තියේවත් ඉරක් අඳනාසේක. දෙවෙනි දවස් ලාබත් තැන භික්ෂූන් වහන්සේ මඳ හෝ වනසේක. බොහෝ හෝවනසේක. භික්ෂූන් වහන්සේ මඳවුකල ඇඳළුඉර අගට පලායන්නේය බොහෝවූ කල්හි මුලට වන්නේය. ඒ උදායි ස්ථවිරයන් වහන්සේ ඨිතිකාව දැනගතනොහී රෙඛා සංඥයෙන් ලාබත් දෙන සේක. එකල්හි අවශෙෂ භික්ෂූන් වහන්සේ කියන සේක් ඇවැත්නි උදායි ස්ථවිරයෙනි. රේඛාව නම් පසු හෝ වෙයි උතුම්බත අසවල් කොටසේ සිටියේය නපුරුබත අසවල්කොටසේ සිටියේයයි කිසේක්. ඒ අසා උදායි ස්ථිවිරයන් වහන්සේ භික්ෂූන් වහන්සේ වා විවාද කරණසේක් ඒසේ වී නම් මේ ඉර කවර කාරණයකින් මෙසේ සිටියේද මම නුඹ වහන්සේගේ බස් කුමක්පිණිස අදහම්ද මේ රේඛාවෙන් අදහස් කී සේක. එකල්හි බාලභික්‍ෂූන් වහන්සේත් සාමණේරයන් වහන්සේත් ඇවැත් වූ ලාළුදායි ස්ථිවරයන් වහන්ස නුඹ වහන්සේ ලාබත් බෙදාදොතොත් භික්ෂූන් වහන්සේ ලාභයෙන් පිරිහෙණ සේක. නුඹ වහන්සේ බත් බෙදාදෙන්නට සුදුසු නොවන සේක මෙතැනින් නික්මුණ මැනවැයි කියා ලාබත් බෙදාදෙන තැනින් නෙරපූසේක. එවෙලෙහි ලාබත් බෙදාදෙන තැන මහත් කෝලාහල විය. ඒ අසා සර්වඥයන් වහන්සේ අනදමහතෙරුන් වහන්සේ අතින් විචාරණසේක්. ආනන්දයෙනි ලාබත් බෙදන තැන මහත් වූ කෝලාහල ඇසෙයි. මේ කවර කෝලහල ශබ්දයෙක් දැයි වදාළසේක. අනදමහ තෙරුන් වහන්සේ සර්වඥයන් වහන්සේට එපවත් දැන්වූසේක. එකල්හි සර්වඥයන් වහන්සේ එම්බා ආනන්දයෙනි, උදායි ස්ථවිරයා තමා අඥන බැවින් අනුන්ට ලාභාහානිකෙළේ දැන් මතුනොවෙයි පළමුත් කෙළේවේදැයි වදාළසේක. අනදමහ තෙරුන්වහන්සේ ඒ අර්ථය ප්‍රකාශ කරණ පිණිස සර්වඥයන් වහ්නේසට ආරාධනා කළසේක. බුදුරජානන් වහන්සේ භාවනාතරප්‍රව්ජනන කාරණය ප්‍රකාශ කොට වදාළසේක.

යටගිය දවස කසීරට බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙක් රාජ්‍යය කරන්නාහුය. එකල අප මහා බෝසතානෝ ඒ රජ්ජුරුවන්ට වන්නකුකම් කරන්නාහුය. ඇත් අස් ආදීන් හා රන්රුවන් ආදිය අගය කරවති. ඒ ඇත් අස් ආදියෙන් අගය කරවා වස්තු ස්වාමින්ට වස්තුවට සුදුසු වූ වටනා මිළම දෙවති. රජ්ජුරුවෝ වූ කලී ඉතා ලෝභියෝය. ඒ රජ්ජුරුවෝ තමන් ලෝභී ප්‍රවෘති ඇති බැවින් මෙසේ සිතූහ. මේ වන්නකකා මෙසේ වන්නකුකම්කොට අය වැය කෙරේ නම් නොබෝකලකින්ම මාගේ භාණ්ඩාගාරයේ වස්තු නිමා යන්නේය. එසේ හෙයින් අනිකකු වන්නකු තනතුරෙහි තබමියි සිතූය. මෙසේ සිතා ඒ රජ්ජුරුවෝ සිවු මැදුරු කවුළුව හැර රාජාංගණය බලන තැනැත්තෝ ලෝභී වූ නුවණැති එක් ගම්වැසි පුරුෂයකු රාජාංගණයෙන් යන්නා දැක මේ තෙමේ මට සියළු වස්තුවේ අගය තබා අය වැය කරන්ට සමර්ථ වන්නේයයි ඔහු සමීපයට කැඳවා ගෙන්වාගෙණ දරුව තෝ අපට වස්තුවෙහි අගය තබා අය වැයකොය වන්නකුකම් කරන්නට සමර්ථයෙහිදැයි කිවුය. එබස් අසා ඒ පුරුෂයා යහපත ස්වාමීනියි ගිවිස කල්හි රජ්ජුරුවන්ගේ වස්තුව රක්නාපිණිස ඒ අඥන පුරුෂයා වන්නකු කමෙහි සැලසූහ. එතැන්පටන් ඒ දන්ධයා ඇත් අස් ආදීන් අගය කරන්නනේ අගය පිරිහෙළා මුඛවෙශාවූ යම්මිලයක් අභිප්‍රාය වූ පරිද්දෙන් කියයි. ඔහු වන්නකු තනතුරෙහි සිටි බැවින් එතෙම යම් මිළයක් කීනම් ඔහු කී මිළම ඒ වස්තුවට මිළ වන්නේය. රාජනියෝගයෙන් සැලසූ තැනැත්තවුන් හෙයින් ඊට වීරුද්ධව උත්තර කියන කෙණෙක් ම දවුය. එකල්හි උත්තරා පථයෙහි වසන්නාවූ එක් අස් වෙළෙන්දෙක් පන්සියයක් අසුන් එනුවරට ගෙණයේය. රජ්ජුරුවෝ අසුන් මිලකරවූයේය. එතෙම අසුන් මිළකරන්නේ පන්සියයක් අසුන්ට එකම සාල්නැළියක් අගය කළේය. මෙසේ අගය කොට අස්වෙළදුන් එකමසාල් නැළියක් දෙවයි කියා සැල් නැළියක් මිලයට දී අසුන් පන්සියක් දෙනා රජ්ජුරුවන්ගේ අස්සල බැන්දවූයේය. අස් වෙළදා පළමු අගය කරවන වන්නක්කානන් සමීපයට ගොසින් එපවත් කියා දැන්කුමක් කරමොදැයි විචාලේය. ඒ අසා මහබෝසතානෝ කියන්නාහු ඒ පුරුෂයාට අත් ලස්දී මෙසේ විචාරව අපගේ අස්සුවූ කලී එකම සාල් නැළියක් වටිති. අප විසින් දන්නා ලද්දේය. තොප නිසා සාල් නැළියෙහි අගය දන්නා කැමැත්තෙම්හ. එසේ හෙයින් රජ්ජුරුවන් වහන්සේ සමීපයේ සිට සාල්නැළිය මෙතෙක් මිල අගනේයයි කියන්නට නොපිළිවන්දැයි විචාරව. ඉදින් සාල් නැළියේ මිල කියන්ට පිළිවනැයි කියේවීනම් ඔහු කැඳවාගෙන රජ්ජුරුවන් වහන්සේ සමීපයට යව. මමත් එතනට එන්නෙමි වේදැයි කිවුය.

එකල්හි අස්වෙළදා බෝධිසත්වයන් කී බස් යහපතැයි පිළිගෙණ ලෝභී වූ වන්නකු පුරුපායට අත්ලස් දී ඒ කාරණය කිය වූයේය. ඒ වන්නකු පුරුෂයා අත්ලස්ලැබලාම සාල් නැළියට මිලකින්වමට පිළිවන් වන්නේයයයි කිය. එබස් අසා වෙළදා එසේ වී නම් රජගෙට යම්හයි කියා ඔහු කැඳවාගෙණ රජ්ජුරුවන් සමීපයට ගියේය. බෝධිසත්වයෝත් අවශේෂ අමාත්‍යයෝත් ඒ වෙලාවට එතනට ආවාහුය. එකල්හි අස්වෙළදා රජ්ජුරුවන් වැඳලා කියන්නේ ස්වාමීනි, මම පන්සියයක් අසුන්ට එක සාල් නැළිය අගනා බව දනිමි. ඒ සාල් නැළිය කෙතෙක් අගීදැයි වන්නකකානන් අතින් විචාල මැනව රජ්ජුරුවන් වහන්සැයි කිය රජ්ජුරුවෝ එපවත් නොදැන කියන්නාහු එඹල වන්නකුපුරුෂය පන්සියයක් අස්සු කෙතෙක් මිළ වටිද්දැයි විචාලෝය. එබස් ඇසූ වන්නකු පුරුෂයා ස්වාමිනි සාල් නැළියක් වටනේ වේදැයි කීය. වන්නාට දරුව පන්සියක් අස්සු කලි සාල්නැලියක් අගිත්වයි ඒ සාල් නැළිය කෙතෙක් මිළපුස්නේදැයි විචාළෝය. ඒ අඥාන පුරුෂයා ස්වාමීනි අන්තඃපුරය පිටිපුර සහිතව බරණැස් නුවර අගය කෙළේය. එසමයෙහි බරණැස්නුවර පවුරුවලල්ල දොළොස්යොදුනක් පමණවන්නේය. මේ නුවර ඇතුළත්වන්නේය. පිටත වානාහිතුන් සියයක් යොදුන් පමණ රාජ්‍යය වන්නේය. මෙසේ ඒ අඥාන පුරුෂයා දොලොස් යොදුනක් වට ඇති නුවර හා තුන්සියයක් යොදුන් වට ඇති මේසා මහත් රාජ්‍යය එකම මාල් නැළියට අගය කළේය., ඒ අසා අමාත්‍යයෝ අත් පොළසන් දී සිනාසී කියන්නාහු අපි පෙර පොළව හා රාජ්‍යය අනර්ග මිළ නැතැයි සිතා උනුම්හ. දැන් වූ කලි මේසා මහත් සරාජිකවූ බරණැස් නුවර හා රාජ්‍යය සාල් නැළියක් පමණ අගනේය. නුඹවහන්සේගේ වන්නකු පුරුෂයාගේ සමර්ථතාවයක් ඉතා ආශ්චර්යය නිසාය මේතෙක් කල් මුළුල්ලෙහි මේ වන්නකු පුරුෂයා කොයි විසීද අපගේ රජ්ජුරුවන් වහන්සේටම මෙතෙම සුදුසුවන්නේයයි හාසකොට නින්දා කළාහුය. එකල්හි රජ්ජුරුවෝ ලජ්ජාවට පැමිණ ඒ නුවණැති පුරුෂයා නුවරින් පිටත් කරවා මහබෝසතානන්ටම වන්නකු තනතුරු දුන්නාහුය. මහබෝධිසත්වයෝ එතැන්පටන් දානාදී වූ පින්කම්කොට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියෝය. ශාස්තෘ වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා වදාරා ආනන්ද ස්ථවිරයෙනි, මේ අඥාන වූ උදායි ස්ථවිරයා රෙමාහට ලාභහානී කෙළේ දැන් මතු නොවෙයි පෙරත් තමා නුවණ නැති බැවින් කෙළේම වේ දැයි අතීත කථාවත් වර්ථමාන කථාවක් දෙක එක්කොට සන්ධි ගලපා මේ තණුඩුල නාළි ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි ගම්වැසි වූ අඥාන වන්නකු පුරුෂයා නම් දැන් මේ ලාළුදායි ස්ථවිරය. නුවණැති වන්නකු පුරුෂයා නම් ලොකස්වාමී වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

06 දේවධර්ම ජාතකය
04 චුල්ලසෙඨි ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.