03 සේරිවාණිජ ජාතකය - IFBC Organization | Dhamma

තවද එක් සමයෙක් හී සකල ගුණ නිදාන වූ තිලෝගුරු බුදු රජානන් වහනසේ සැවැත් නුවර නිසා ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් පසුබට වීර්යය ඇති භික්ෂූන් වහන්සේ අරබයා මේ ජාතකය දක්වා වදාල සේක.

ඒ කෙසේද යත්,

ඒ පසු බට වීර්යය ඇති භික්ෂුන් වහන්සේ පළමු පරිද්දෙන්ම අවශේෂ භික්ෂූන් වහන්සේ විසින් බුදුන් සමීපයට කැඳවාගෙන අවුත් පෑ කල්හි බුදුහුගේ භික්ෂූන් වහන්සේට ආමන්ත්‍රණය කොට, එම්බල තෝ මෙබඳු මාර්ග ඵලදායක ශාසනයෙහි මහණව විර්යය හරණෙහිද. ලක්ෂයක් වටනා ඝන රන් තලියෙන් පිරිහුනා වූ සේරිවාණිජ වෙළෙන්දා මෙන් බොහෝ කාලයක් ශෝක කරන්නේ වේදැයි වදාරා තුෂ්ණිම්භුතව වැඩ උන් සේක. එකල්හි එතැනට රැස් වූ භික්ෂූන් වහන්සේ සකසා හැඳ පෙරව පල භාරයෙන් නැමනා වූ කදැලි වෘක්ෂයක් මෙන් බුදු රජානන් වහන්සේට අභිමුඛව නම් නච බන්ධාඤලීව දොහොත් මුදුනෙහි තබා භක්ති ප්‍රේමාති භාර වනෝත්තම මාංගයෙන් නමස්කාර කොට සිට ඒ අර්ථය ප්‍රකාශ කරන පිණිස සර්වඥයන් වහන්සේට ආරාධනා කළ සේක. එවෙලෙහි බුදුරජානන් වහන්සේ අන්‍යභවයෙන් සැඟවුනාවූ කාරණය ප්‍රකාශ කොට ඉකුත් වත් දක්වා වදාල සේක.

යට ගිය දවස මෙම කල්පයට පස් වෙනි වූ අප මහා බෝධි සත්වයෝ සේරිව රාජ්‍යයෙහි රංපසිඹු පහිය කරලා කිසිල්ලෙහි ගෙන්වා ගෙන වෙළඳාම් කෙරෙන හෙයින් කච්චපුට වාණිජය නම් ඇති වෙළඳ උපන්නාහ. ඒ වෙළෙඳානෝ සේරිවාණිජ නම් එක් ලෝභි වෙළෙදකු හා සමග නිලවාහිනී නම් වූ ගඟෙන් එතරව අන්ධපුර නම් නුවරට වැද නුවර විථිය බෙදාගෙන තමන්ට පැමිණි වීථියෙහි බඩු විකුණමින් ඇවිදිති. අන්‍යය ලෝභි වෙළඳ තම පැමිණි වීදියෙහි බඩු විකුට ඇවදිනේය. එකල්හි එක් සිටු කුලයක ඇත්තෝ දුප්පත් වූය. සියළු මල් බෑයන් හා දරුවෝත් වස්තුවත් නැසි ගියෝය. එක් මිණිබිරි කුඩා කෙල්ලක් මිත්තනියන් හා සමඟ නොනැසි රඳා ගියාය. ඔවුන් දෙදෙනම අනුන්ට බැල මෙහෙවර කොට ජිවත් වෙති. මොවුන් දෙනොගෙහි පළමු මහ සිටානන් බත් අනුභව කල රන් තලියන් වළං අතුරෙහි තිබි බොහෝ දවසක් ප්‍රයෝජන නොවු හෙයින් මළ ගැසී ගියේය. ඒ තාක් වන තුරු ඔහු දෙදන රන් තලිය බවක් නොදනිති. එකල ඒ ලෝභි වෙළඳා කදා වළුලු ගනුවයි කියමින් ඇවිදිනේ ඒ ගේ දොරට පැමිණියේය. ඒ ගෙයි කුමාරිකාවෝ වෙළදා දැක මුත්තනියන්ට කියන්නේ මෑණියනි මට එක් පළදානවක් ගනුවයි කීව. ඒ අසා මුත්තනියෝ අපි දුක්ඛිත යම්හ. කුමක් දී පළඳනා ගනුමෝදැයි කීයුය. එ වෙලෙහි ඒ කුමාරිකා කියන්නේ අපගේ තලියක් ඇත. ඒ තලියෙන් අපට කිසි ප්‍රයෝජනයකුත් නැත. මේ තලිය දී පියා වළලු ගත මැනවැයි කීහ. මුත්තනියෝ ඒ කුමාරිකාවගේ ඇවිටිලි බලවත් හෙයින් වෙළදා කැඳවා අස්නක හිඳුවා තලිය දී ස්වාමිනි මේ තලිය අරගෙන නුඹගේ නැගනියන්ට නිසි පළඳනාවක් දුන මැනවයි කීයුය. ඒ ලෝභි වෙළඳා තලිය අතින් ගෙන රන් තලියක් වනැයි තලිය පිට ඉඳිකටුවෙන් ඉරක් ඇඳ රන් භව දැන මොවුන්ට කිසිවක් නොදිම මේ තලිය ගෙනයමියි සිතා මේ තලිය කුමක් අගිද. අඩමදටකුත් පමණ මේ තලියට මිළ නැත්තේයැයි කියා බිමට දමා හුනස්නෙන් නැගී ගියේය.

එක් කෙනෙකුන් වැඳ නික්මුනු විථියට අනෙක් තැනැත්තේ වදින්ට නිසි වන්නේයැයි බෝධිසත්වයෝ ඒ විථියට වැද කදාවළලු ගනුවයි කියමින් එම ගේ දොරට පැමිණියෝය. නැවත ඒ කුමාරිකා තම පළමු පරිද්දෙන්ම මුත්තනියන්ට කියන්නේනේ මෑනියනි මට වළලු අරගෙන දුන මැනවැයි ඇවිටිලි කීව. එකල්හි මුත්තනනියෝ කුමාරිකාවන්ට කියන්නෝ දුවනියනි පළමුව ආ වෙළඳානෝ තමාට දුන් තලිය බිමට දමා ගියෝය. දැන් කුමක් දී ගනිමෝදැයි කිවුය. ඒ අසා කුමාරිකා තෙම කිය්නනේ මෑනියනි ඒ වෙළඳතෙම තද පරුෂ බස් ඇත්තේය. මේ වෙළදානෝ වූ කලි ප්‍රිය වූ දැකුම් ඇත්තෝය. මොලොක් වූ කතා ඇත්තෝය. එසේ හෙයින් මේ තලිය අරගෙනදී මට පළඳනා අරගෙන දුන මැනවැයි වළලු නම් යහපත් වේදැයි කියුය. ඒ කුමාරිකාවගේ බස් අසා මුත්තනියෝ කියන්නෝ එසේ විනම් කැඳවයි කියා වෙළඳානන් කැඳවුහ. ඉක්බිත්තෙන් ගෙට වැදලා උන්නා වූ බෝධි සත්වයන්ට ඒ තලිය දුන්නාහ. බෝධි සත්වයෝ ඒ රන් තලියේ නියාව දැන කියන්නාහු මෑණියනි මේ තලිය අගනා බඩු මා අත නැතැයි කියුහ. ඒඅසා කුමාරිකාවගේ මුත්තනියෝ කියන්නෝ පළමු ආ වෙළදානෝ මේ තලිය අඩමදටකුත් නොපුස්නේ යැයි කියා බිමට දමා ගියෝය. මේ තලිය වූ කලි නුඹගේ කුසලයෙන් ස්වාමීනි රත්රන්ව ගියවනැයි අපි නුඹට මේ තලිය දෙම්හ. අපට යම් තම් දෙයක් දී පියා මේ තලිය ගෙන ගිය මැනවැයි කීයුහ. බෝධිසත්වයෝ එකෙණෙහිම අත තිබු පන්සියයක් කහවනු හා පන්සියයක් අඟනා බඩු දී මිල ඇම මදියි මට මේ පළන්දන්ට ආපසුම්බියත් කහවනු අටකුත් දුන මැනවයි මෙපමණක් ඉල්වා අරගෙන පළා ගියා හුය. මහබෝසතානෝ වහ වහා ගංතෙරට ගොස් ඔරු පදනා තොටියාට කහවනු අටක් දී ඔරුවට පැනනැංගාහුය. ඉක්බිත්තෙන් ඒ ලෝභි වෙළඳා නැවතත් ඒ ගෙට ගොස් පළමු මා බලා පියා ගිය තලිය ගෙනව යන්තම් මිලයක් තොපට දෙමියි කියා කියුය. ඒ අසා කුමාරිකාවගේ මුත්නනියෝ ඕ හට බැණ දොඩා අපගේ ලක්ෂයක් වටනා ගනරන් තලිය අඩමදටකුත් නොමුස්නා කෙලිහිය. තට ස්වාමිදරුවෙකු වැනි වූ එක් ධර්මිෂ්ට වෙළදාන කෙනෙක් අපට දහසක් මිළ දී ඒ තලිය අරගෙන ගියෝ වේදැයි කිවුය. ඒ අසා හෙතම ලක්ෂයක් වටනා ඝණ රන් තලියෙන් පිරිහී ගියෙම් වේදැයි මට වූයේ බලවත් හානියකැයි උපන්නා වූ බලවත් ශෝක ඇතිව සිහිඑලවා ගන්නට අසමර්ථව ඉසංඥව තමා අත තිබූ කහවණුත් බඩුත් ඒ ගෙදරම වගුරුවා හං පෙරවි පිරිහෙලා පළන්දන්ඩ මුගුරක් මෙන් අල්ලාගෙන බෝධිසත්වයන් පසුපස්සේ ලුහුබැඳවාගෙන යන්නේ ගං තෙරට පැමිණ යන්නා වූ බෝධිසත්වයන් දැක එම්බල තොටිය ඔරුව රඳවයි රඳවයි කියා අඬගසා ලීය. ඒ අසා බෝධි සත්වයෝ තොටියාට කියන්නාහු ඔරුව ආපස්සේ කරකවා නොපදුවයි වැලකූය. තමා කි බස් නොගිවිස ඔරුව නොරදා පදනා ඔරුවෙන් යන්නා වූ බෝධිසත්වයන් බල බලා සිටියා වූ ඒ ලෝභි වෙළඳාට බලවත් වූ සෝක උපන්නෝය. ලය උණුව ගියේය. මුඛයෙන් උණු ලේ නැගීය. වැවක පැලි වලල්ලක් මෙන් ලය පැලි ගියේය.

ඒ ලෝභි වෙළඳා බෝධිසත්වයන් කෙරෙහි ආගාත බැඳ එතනැම ජිවිතක්ෂයට පැමිණියේය. මෙසේ බෝධි සත්වයන් කෙරෙහි දේවදත් ස්ථවිරයන් වහන්සේ පළමුවෙන් වෛර බැඳිම වන්නේය. බෝධි සත්වයෝ දානාදී වූ පින්කම් කොට කම්වූ පරිද්දෙන් මිය පරලව ගියෝය. තිලෝ ගුරු බුදුරජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා මත්තෙහි ධර්ම දේශනා කොට වදාරන සේක් යම් සේ පෙර සේරිවාණිජ නම් වෙළඳා ලක්ෂයක් වටනා ඝන රන් තලිය නොලැබ ඒ තලිය ගන්ට වීර්ය නොකොට ඒ තලියෙන් පිරිහි සෝක කරේද පංචස්තාපයට පැමිණියේද එපරිද්දෙන් මහණ තොපි මේ සාසනයෙහි සරහා පිළියල කරන ලද රන් තලියන් වැනි වු ආර්ය මාර්ගයට පසු බට වීරිය ඇති බැවින් නොපැමිණ ඒ මාර්ග ඵලයෙනුත් පිරිහි බොහෝ කලක් සෝක කරන්නාහුය. ඉඳින් තෝ වීර්ය නොහළුවේ වේනම් නුවණ ඇති වෙළඳා නම් රං තලිය ගෙන ප්‍රයොජනය වින්ද කලක් මෙන් මාගේ ශාසනයෙහි නවවිද ලෝකෝත්තර ධර්මය ලබන්නේහි වේදැයි මෙසේ ඒ සර්වඥයන් වහන්සේ නැවතත් ඒ භික්ෂූන් වහ්න්සේට අර්හත් ඵලය කුලු ගන්වමින් ධර්ම දේශනාව දක්වා චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කොට වදාලසේක. චතු සත්‍යය ධර්ම දේශනාවේ කෙළවර පසුබට වීරය ඇති භික්ෂූන් වහන්සේ අර්හත් ඵලයෙහි පිහිටි සේක. තවද බුදුහු පූර්වාපර සන්ධි ගලපා මේ සේරිවාණිජ ජාතකය නිමවා වදාල සේක. එසමයෙහි අඤ්ඤාණ වෙළදා නම් දැන් දේවදත්ත ස්ථවිරයෝය. එසමයෙහි නුවණ ඇති වෙළදානම් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජ වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාල සේක.

 

 

 

උපුටාගැනීම – www.jathakakatha.lk

 

 

උපුටාගැනීම – www.jathakakatha.lk

04 චුල්ලසෙඨි ජාතකය
02 වණ්ණුපත ජාතකය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.