Skip to main content

සාන්ත සේවියර් පියතුමාගේ දේහය තිබුණේ කොයිවිදියටද ?

අද ගෝවේ පල්ලියේ තබා තිබෙන ශාන්ත සේවියර් පියතුමාගේ යෑයි කියනු ලබන දේහයේ තිබෙන තුවාල, අතුරුදන් වී ඇති අවයව පිළිබඳව එතුමා පිළිබඳව නිකුත් කොට ඇති පොත්පත්වල සඳහන් වී ඇති අයුරු මීට ඉහත පෙන්වාදී තිබේ. මියගිය සිරුරක්‌ ආශ්චර්යයක්‌ මෙන් නරක්‌ නොවී තිබෙන විට එහි කැබැලි කඩා ගනිමින්, අතපය කපා දමමින් කෲර ලෙස නැවත වළලමින් කටයුතු කළා යෑයි නිකුත් කරන ප්‍රකාශ පිළිගැනීමට අපහසුය. එවිට එය මෙම සිරුරේ තිබෙන්නා වූ තුවාල “සාධාරණය” කිරීමට ගත් ප්‍රයත්නයක්‌ ද යන්න ගැන සැක පහළ කිරීම පුදුමයට කරුණක්‌ නොවේ.

rahu3

මෙම දේහය අඩංගු මිනී පෙට්‌ටිය වර්ෂ 1751 දී, ගෝවේ හිටපු පෘතුගීසි ආණ්‌ඩුකාර ඩී ලුවිස්‌ කයිමානෝ ඩි අල්මේදාට නැරඹීම සඳහා විවෘත කළ පසු ඔහු විසින් දේහයේ තත්ත්වය පිළිබඳ වාර්තාවක්‌ “නොටිසියස්‌ ඩි කෝර්පෝ ඩි ග්ලෝරියෝසෝ සෑම් µ්‍රeන්සිස්‌කෝ සේවියර් “නමින් නිකුත් කොට ඇත. එම වාර්තාව අනුව දේහය එවකට තිබූ තත්ත්වය ඔහු පවසා ඇති අන්දමින් මෙසේය.

rahu2“මෙහි දකුණු අත නොමැති අතර එය කපා රෝමයට යෑවූ බව වාර්තා වේ. රත්තරන් යෂ්ටියක්‌ සහිත වම් අත පෙනේනට තිබේ. මෙම පූජනීය අත වියළී ඇති නමුත් ඇඟිලි සහ නියපොතු පැහැදිලිව පෙනෙන්නට තිබේ. දේහයේ පූජනීය පාදයන් ද වියළී ගොස්‌ ඇති අතර දකුණු කකුලේ කුඩා ඇඟිල්ල නොමැති අතර එහි රතුපාට රිබන් එකක්‌ බැඳ ඇත. අනෙක්‌ පා ඇඟිලි නියපොතු දක්‌නට තිබේ. පූජනීය මුහුණ නැවුම් නමුත් සුදුමැලි වී ඇත. හිස සහ නලල තරමක්‌ විශාලයි. ඇස්‌ පියා ඇත. ඇස්‌ බැමි, රැවුල, මුහුණ එකම පාටය. නාසය, ගොරෝසු අතර දකුණට ආනත වී ඇත. මුහුණ පපුව දෙසට නැමී ඇත.”

මෙම වාර්තාව නිකුත් වී වසර 31 කට පසු මේරි නම් රැජනගේ අණ පරිදි 1782 ජනවාරි මස 1 වන දින දේහය පිළිබඳව තවත් නිල වෛද්‍ය පරීක්‍ෂණයක්‌ (Feකසජස්‌බද) පවත්වන ලදී. වෛද්‍ය ෂෙලිසියානෝ රාමෝස්‌ මෙම පරීක්‍ෂණය පැවැත් වූ අතර එය නිරීක්‍ෂණය කිරීමට ආණ්‌ඩුකාරතුමා, කපිතාන් ජනරාල්වරයා, පරිපාලන නිලධාරී සහ ගෝවේහි පූජක අධිකාරියේ බලධාරීන් පැමිණ සිටි අතර පසුදින පහත සඳහන් වාර්තාව ඉදිරිපත් කර ඇත.

“අති අභිමානවත්, ආණ්‌ඩුකාර ෙµඩ්රික්‌ ගිල්ගර්ඩ් ඩි සොයිසා සාමිවරයාණෙනි, උතුම් වූ රැජනගේ අණ පරිදි පූජනීය දේහය කුමන තත්ත්වයේ තිබේද යන්න පරීක්‍ෂා කිරීමට එය බහාලූ පෙට්‌ටිය විවෘත කළ අතර එම දේහයට අදාළ පූජනීය සළු අන්දවා තිබිණ. හිස සුරක්‍ෂිතව තිබූ අතර හිසකෙස්‌ කුඩා ප්‍රමාණයක්‌ හිස්‌ කබලේ තිබිණ. මුහුණ දකුණු පැත්ත සීsරීමකට අමතරව මනාව සුරක්‍ෂිතව තිබූ අතර, හොඳ වර්ණයෙන් ද, සමින්ද වැසි තිබුණි. කන් දෙකම හොඳ තත්ත්වයේ තිබූ අතර එකක්‌ නෑර දත් සියල්ලම තිබුණි. වම් අත සමින් වැසී ස්‌වභාවික වර්ණයෙන් යුක්‌ත වූ අතර දකුණු අත දක්‌නට නොවීය. ඡේසුස්‌ හා ශේරාගේ කාලයේ මෙම අත කපා රෝමයට ගෙන යන ලදැයි ජනප්‍රවාදයක්‌ පවතී. ශරීරයේ අනෙකුත් අවයවයන්a පරීක්‍ෂා කිරීමේදී අතුනුබහන් නොමැති බව නිරීක්‍ෂණය කරන ලදී. කලවායන්හි සම ගැලවී යමින් තිබූ නමුත් පාදයන්හි සම තිබූ අතර නහර ඉලිප්පී පෙනෙන්නට තිබුණි. පාදවල එක්‌ ඇඟිල්ලක්‌ නැතිව අන් සියලුම ඇඟිලි සහ නියපොතු ද විය. පාදයේ එක්‌ ඇඟිල්ලක්‌ නොතිබූ අතර එය එක්‌තරා භක්‌තිමත් කාන්තාවක්‌ විසින් ඩැහැ ගන්නා ලදුව දැන් එය ජනරාල්වරයාගේ නිවාසයේ තිබේ.

මෙම දේහය පිළිබඳව ඉන්පසු පශ්චාත් මරණ පරීක්‍ෂණ 3 ක්‌ පවත්වා ඇති අතර එම විස්‌තර කෙටියෙන් මෙසේය.

වර්ෂ 1859 දී වෛද්‍ය පිලිප් මේරි සේවියර්ගේ වාර්තාව – සිරුර වෛද්‍යවරුන් විසින් පරීක්‍ෂා කරන ලදී. හිස්‌ කබල සමින් සහ යාන්තමට වැඩුණු කෙසින් වැසී තිබූ අතර හිස්‌ කබලේ වම් පැත්තේ කෙස්‌ නොවීය. මුහුණ කර්කශ වී ඇති අතර කාලවර්ණයෙන් යුත් දකුණු පැත්තේ සීරීමක්‌ නිසා විවෘත වීමක්‌ දක්‌නට ලැබේ. එක්‌ දතක්‌ හැර අනෙක්‌ දත් සියල්ලමද, කන් දෙකද දක්‌නට ලැබෙන අතර දකුණු අත නොමැත. වම් අතේ ඇඟිලිවල නියපොතු ඇති අතර උදරයේ බිත්ති කර්කශ වී දුර්වර්ණ වී ඇති අතර අතුනුබහන් නොමැත. පාද ද කර්කශ වී ඇති අතර දකුණු පාදයේ 5 වැනි 4 වැනි ඇඟිලි නොමැත.

සාමාන්‍ය මිනිසකුට වඩා මෙම සිරුර කුඩා බව පෙනෙන අතර එය නහර වියළීමෙන් සහ කර්කශ වීමෙන් සිදුවිය හැක. හිස කඳෙන් වෙන්ව ඇති බව පෙනුණත් හොඳින් නිරීක්‍ෂණය කිරීමේදී එසේ වෙන්වීමක්‌ දක්‌නට නොලැබිණ.

වර්ෂ 1923 දී වෛද්‍ය µ්‍රeන්සිස්‌කෝ සහ වෛද්‍ය කොන්රියෝ වොල්ෂන්ගෝa ඩී සිල්වාගේ වාර්තාව

වර්ෂ 1923 අගෝස්‌තු 23 වැනි දින සෞඛ්‍ය සේවයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය µ්‍රeන්සිස්‌කෝ විසින් සිරුර පරීක්‍ෂා කරන ලදී. ඔහු පරීක්‍ෂා කළේ සිරුරේ ආවරණය නොවූ කොටස්‌ පමණි. සිරුර විජලනය /කර්කශ වී ඇති අතර සමහර ස්‌ථානවල අස්‌ථීන් දැක්‌මට ලැබේ. මුහුණ, කන්වල, හැඩය, ඇස්‌ පිහාටු වසා ඇති වැස්‌ම නියම විදියට සුරක්‍ෂිතව තිබේ. සිරුර බහාලූ පෙට්‌ටියේ දිග මීටර 1.52 ක්‌ වන අතර සිරුරේ දිග මීටර් 1.44 කි. හිසෙහි කෙස්‌ රොද ස්‌වල්පයක්‌ ඇත. මුහුණේ වම්පැත්තේද රැවුල්මෙන් කෙස්‌ ඇත. කන්වල හැඩය නියම ස්‌වරූපයට තිබෙන මුත් ඒවා ඝන වී ඇත. දත් 3 ක්‌ දක්‌නට ලැබේ. වම් අතේ මහපටඇඟිල්ලේ නියපොත්ත තිබෙන අතර 3 වැනි සහ 4 වැනි ඇඟිලිවල නියපොතු ස්‌වල්පයක්‌ ඇත.

වර්ෂ 1953 දී වෛද්‍ය අන්තෝනියෝ ද සිල්වාගේ වාර්තාව (අවසාන වෛද්‍ය පරීක්‍ෂණය)

දැනට මෙම සිරුර බහා ඇති මිනී පෙට්‌ටියේ සහ සිරුරේ මිනුම් මෙසේය.
(1923/9/27 වැනි දින ගන්නා ලද මිනුම් වාර්තාවට
අනුව)
මිනීපෙට්‌ටියේ අභ්‍යන්තර දිග මීටර් 1 සෙ.මී. 52 1/2
සිරුර (හිස ඉදිරියට නවා) – මීටර් 1 සෙ.මී 41 1/2
සිරුර (හිස කෙලින්) මීටර් 1 සෙ.මී. 46

අඩි පහමාර (සෙ.මී. 169) නම් මිනී පෙට්‌ටිය ඊට වඩා කෙටි වුණේ ඇයි යන සිංහලයන්ගේ තර්ක ලබන සතියේ සිට……

වර්ෂ 1953 සැප්. 27 වැනිදා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ලේකම්ගේ ඉල්ලීමක්‌ පරිදි කරන ලදී. “මෙම ශරීරය මෙසේ තබාගත් ආකාරය ගැන කීමට අසීරුයි. එය මමීකරණය වූවක්‌ හෝ ගල්වූවක්‌ද නොවේ පාදවල මෘදු කොටස්‌, මේ මොහොතේ එම්බාම් කළාක්‌ මෙන් දැනේ. සාමාන්‍යයෙන් මෙම සිරුර එම්බාම් කරනලද සිරුරක්‌ සේ පෙනෙයි.

උක්‌ත පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණ වාර්තාවලින් සිරුරේ නියම තත්ත්වය අපට අවබෝධ කර ගත හැක. එය පසුව මෙම දේහය රාහුල හිමියන් යෑයි යන තර්කය සනාථ කිරීමට ඉවහල් වන බැවිනි.

රියර් අද්මිරාල් (ආචාර්ය)
සරත් වීරසේකර ලියන
විශේෂ ලිපි පෙල

දිවයින ඇසුරිනි …

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.