Skip to main content

විලාසිතායැයි කියමින් නිරුවත පෙන්වන අක්කලාට බුදු හිමියන් ලබා දුන් පිලිතුර …

By August 15, 2016December 12th, 2017සිරි සදහම් ( Dhamma)

” ලංකාවෙ කොල්ලන්ට තියෙන්නෙ අසහනය. මම කරන්නෙ මට ඕනි විලාසිතාව. ” මෙහෙම කියන්නෙ අපේ ලංකාවෙ විලාසිතා කරන අක්කල. ඒ අයට බුදු හාමුදුරුවො දුන්නෙ කදිම පිලිතුරක්.

මේ සිදුවීම සදහන් වෙලා තියෙන්නේ “තාලපුට සුත්‍රයේ” (සංයුක්ත නිකාය-04-558 පිටුව)
බුදුන්ගේ කාලේ තාලපුට කියල වේදිකාවල නැටුම් දක්වන පුද්ගලයෙක් හිටියා. මෙන්න මේ පුද්ගලයා බුදුන්වහන්සේ හමුවෙන්න ඇවිත් වන්දනාමාන කරලා පැත්තකට වෙලා මෙහෙම ප්‍රශ්නයක් බුදුන් වහන්සේගෙන් විමසනවා.

| බුදුන් වහන්ස, අපේ පරණ ගුරුවරුන් කියනවා බොරුව ඇත්ත වගේ පෙන්නලා නැටුම් නටල අපි මිනිස්සු විනෝදයට පත්කරනවා, ඒ අය නැටුම් දැකල ප්‍රීති ප්‍රමෝදයට පත්වෙනවා. අපි මේ මිනිස්සුන්ව පිනවලා රැස්කරගන්නේ අප්‍රමාණ පිනක්, ඒ නිසා අපේ නැටුම් නටන පිරිස මරණෙන් මතු “පහාස” කියන දිව්‍ය ලෝකයේ එහි දෙවියන් සමග උපදිනවා කියල මම අහල තියෙනවා, මේ ගැන ඔබවහන්සේගේ අදහස දැනගැනීමට කැමතියි.

බුදුන් වහන්සේ “මේක ගැන අහල වැඩක් නැහැ. ඔය ප්‍රශ්නේ ඔහොම්මම තිබූනාවේ ” කියල පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරනවා.දෙවැනි වරත් මේ විදිහටම තාලපුට මේ ප්‍රශ්නය ඉදිරිපත් කරනවා. බුදුන් වහන්සේ පෙර සේම පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරනවා,

තාලපුට තෙවැනිවරත් ඒ ප්‍රශ්නයම බුදුන් වහන්සේට ඉදිරිපත් කරද්දී බුදුන් වහන්සේ මෙන්න මෙහෙම පිළිතුරක් ලබා දෙනවා.

සත්ත්වයෝ, පහ නොවුණු රාග,ද්වේශ,මෝහයෙන් යුක්තයි.රාගයෙන්,ද්වේශයෙන්,මෝහයෙන් බැදිලයි ඉන්නේ.මේ නටන නැටුම් රාග සහිත මිනිසුන් තවත් රාගාධික වෙන්නත්,ද්වේශ සහිත මිනිසුන් ද්වේශාධික වෙන්නත්,මෝහ පුද්ගලයන් මෝහාධික වෙන්නත් ඒය හේතු වෙනවා. ඒකෙන් වෙන්නේ තමාත් මත්වෙලා පමා වෙලා, අනුන්වත් මත්කරවන, පමා කරවන එක. අන්න ඒ හේතු නිසා ඒ අය “පහාස” නමැති නිරයේ උපත ලබන්න හේතුයි .

යම් කෙනෙක් හිතනවානම් කෙනෙක්ව ප්‍රීති ප්‍රමෝදයට පත්කරවලා, පිනවලා මරණෙන් මතු “පහාස” දෙව් ලොව උපත ලබනවා කියල හිතුවොත් එය එහෙම නොවෙන්නක්. ඒ අයට නිරය හෝ තිරිසන් යෝනියේ උපත ලැබීම දෙකෙන් එකක් හිමියි.

එහෙමනම් දැන් හිතලා බලන්න අපි ආදරේ කරන TV වැඩසටහන් වල, Radio වල, වෙළද දැන්වීම් වල රඟපාන අපේ ආදරණීය නළු නිළියන්, සින්දු කියන ගායක ගායිකාවන් මරණින් පස්සේ කොහේද ඉපදෙනවා ඇත්තේ? ඒ සින්දු/රූප අහලා බලලා ආශ්වාදයෙන් මත්වෙලා, පමා වෙලා අපිත් කොහේද ගිහින් ඉපදෙනවා ඇත්තේ? ඒ අය ඇත්තටම එයාලගේ පැත්තෙන් හිතන් ඉන්නේ ඒ අය සුවිශේෂ සේවයක් කරනවාය කියල. අපිත් එහෙමයි හිතන් ඉන්නේ, නමුත් ඇත්තටම එයාලා එයාලටම කරගෙන තියෙන්නේ මොකක්ද? නිකන්ම නිරයට නොමිලේම වීසා එකක් ලෑස්තිකරගෙන නේද මේ ඉන්නේ? අනේ මේ මිනිස්සු අපිව පිනවන්න ගිහින් කරගන්න වින්නැහියක් කියන දේත් ඔයාලට වැටහෙන්න ඇති. එහෙමනම් ඒවා බලලා රාග,ද්වේශ මෝහ වැඩි කරගෙන අපිත් සතර අපායේ කොටසකටම නේද එකතු වෙන්නේ…

මේ වෙලාවේ නළු නිළියෝ ගැන විතරක් සිහිපත් කලා වුනත්, පොඩ්ඩක් හිතන්න. ඇස පිනවන රැගුම් දක්වන ,කන පිනවන සිංදු කියන, නාසය පිනවන සුවද විලවුන් වලින්, දිව පිනවන කෑම වර්ග හදලා පෙන්වන , ශරීරයට අන්දවන ලස්සන ලස්සන හැඩ ඇති ඇදුම් මෝස්‌තර පෙන්වන, අපිව සතුටු කරන,මත් කරවන ,පමා කරවන. ඔය වගේම තවත් පිරිසක් ඉන්නවා, නිවනෙන් තමාත් ප්‍රමාද වෙලා තවත් කෙනෙක්ව ප්‍රමාද කරවන, ප්‍රමාද කරවන්න අනුබල දෙන, ප්‍රමාද කරවන දේවල් වර්ණනා කරන පිරිසත් මරණෙන් පස්සේ කොහේද ඉපදෙනවා ඇත්තේ? ඒ අයත් නොමිලේම නිරයට වීසා ලෑස්ති කරගන්න එක නේද කරන්නේ?

මෙච්චර කාලයක් අපි හිතන් හිටියේ සත්තු මරණ,සොරකම් කරන,දුසිරිත් කරන, බොරු කියන මත්පැන් පාවිච්චි කරන අය විතරයි නිරයේ යන්නේ කියලා. එහෙම නම් දැන් තේරෙනවා ඇති නේද අපි මොන තරම් අසරණ තත්වයකටද පත්වෙලා ඉන්නේ කියන එක. නියපිඩට ගත්ත පස් තරම් ප්‍රමාණයක් තමයි මේ ලෝකේ මිනිස්සු වෙලා ඉදලා ආපහු මනුස්සයෙක් වෙලා ඉපදෙන්නේ කියලා “මනුස්ස චුති “(සංයුක්ත නිකාය 5-2 351 පිටුව) සුත්‍රයේදී බුදුන්වහන්සේ දේශනා කරපු දේ මොන තරම් ඇත්තක්ද කියල දැන් ඔබලාට හොදටම තේරෙනවා ඇති.

කෙනෙක්ව සසරට බන්දවන්න හේතුවෙන විදිහට සැප දුන්නත් – කෙනෙක්ට හිංගි හිංසා කරලා දුක දුන්නත් ඒ අය නිරයටමයි පාර හදාගන්නේ.

අපිත් හරියට සර්කස් එකක ලනුව උඩින් යන පුද්ගලයෙක් වගේ, එක පැත්තකට බර වුනොත් ඒ පැත්තේ රාගය, අනික් පැත්තට බරවුනොත් ඒ පැත්තේ ද්වේශය. රාගයට බැදුනත් ද්වේශයට බැදුනත් අපට වෙන්නේ අයහපතක්මයි. එහෙමනම් නිවන් මාර්ගයට යොමුවෙනවා හැරෙන්න ගන්න පුළුවන් වෙනත් විකල්පයක් නොතිබෙන බව ඔබලාටත් තේරෙන්න ඇති.

“සැපක් ලැබුනොත් තව තවත් සැප පස්සෙම ගිහින් රාගය වැඩිකරගෙන සසර ගමන දීර්ඝ කරගන්නවා. දුකක් ලැබුනොත් දුක ඇතිවුන හේතුව ගැන හිත හිතා ද්වේශය වැඩිකරගෙන සසර ගමන දීර්ඝ කරගන්නවා. එහෙමනම් සැප-දුක දෙකෙන් කුමක් ලැබුනත් සසර ගමන දීර්ඝ කරගන්න එකම නේද මෙතුවක් සංසාරයේ අපි කරගෙන තියෙන්නේ? එහෙමනම් මේ රාගය-ද්වේශය ඇති කරගැනීමෙන් අපි යහපතක්ද අත් කරගෙන තියෙන්නේ? එහෙමනම් වැදගත් වන්නේ රාගයෙන් ද්වේශයෙන් මිදීමයි.”

රාගය ද්වේශය මෝහයෙන් යමෙක් 100% වෙන් වුනාද අන්න ඒ දවසට ඒ පුද්ගලයා අරිහත්වයට පත්වෙනවා. සසර දුක අවසානයක් කරගන්නවා.රාග ද්වේශ මෝහයට අනුබල දෙන, වර්ණනා කරන, යම් කෙනෙක් ඉන්නවද අන්න ඒ කෙනා නිරයට යන මාර්ගයට දොරටු විවර කරගනන්වා කියන එක අපිට මෙතැනදී පැහැදිලිවෙන කාරණයක්.
දැන් අපිට කරන්න ඉතුරුවෙලා තියෙන එකම දේ මග නොමග හරියට දැනගෙන ආශ්‍රය කළයුත්ත, පහ කළයුත්ත අවබෝධයෙන් දැනගෙන නිවන් මාර්ගයේ ගමන් කරන එකයි.

සියලුදෙනාටම ඒ සදහා උපනිශ්‍ර සැලසේවායි ප්‍රර්ථනා කරමි. සියලුදෙනාටම තෙරුවන් සරණයි!

Join the discussion 3 Comments

Leave a Reply to sampath Cancel Reply

error: Content is protected by www.ifbcnet.org.