Skip to main content

විද්‍යාව හා බුදු දහම

විද්‍යාව සහ බුදු දහම පිළිබද නොයෙක් දෙනා නොයෙක් අයුරින් කථා කරති. සමහරු විද්‍යාව යනු බුදුදහම යැයි කියති. තවත් අය අන්ධ භක්තියෙන් විද්‍යාව බුදුදහමට බලෙන් ඈදීමට උත්සාහ කරති.
එහෙත් … … …
විද්‍යාව යනු බුදු දහම නැමැති සාගරයේ ඇති කුඩා ජල අංශුවක් බව අප අවබෝධ කරගත යුතුය. විද්‍යාව යනු පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන යන තුනට අදාල වන්නාවූ සංසිද්ධීන්ය. යම් විටෙක මේවාට පිටින් යමක් සිදු උවහොත් එහි බරපැන දරන්නේ පිටසක්වල ජීවීන් විසිනි. එනම් හදුනා නොගත් වස්තූන් වලට දමා විද්‍යාව අත පිහදා ගනී. එහෙත් බුදු දහම තුල කිසිදිනෙක හදුනා නොගත් දෙයක් නැත. මගහැරි කිසි දෙයක් නැත. මග හැරියද ඒවා සියල්ල බුදු හිමියන් විසින් අව‍බෝධ කර පළක් නැති නිසා මගහැරිය දේවල්ය. කෙටි‍යෙන් කියතොත් සියල්ල දැනගෙන අනවශ්‍ය දෑ නොදෙසා සිටීමය.
විද්‍යාව යනු නිතර වෙනස්වෙන දෙයකි. කුඩාම අංශුව පදාර්ථය බවද, ඉන්පසු පරමාණුව බවද ඉන්පසු Proton, Neutron , Electrona. ලෙස ඛණ්ඩනය කල අතර තවත් එය විභේදනය කිරීමට උත්සාහ කරයි. එහෙත් බුදුහිමි දේශනා කලේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන් ලොව කුඩාම අංශු බවයි.
ලොව වේගයෙන්ම ගමන ඇත්තේ ආලෝකයට බව කිවු විද්‍යාව දැන් එය neutrino වලට පවරා ඇති බව වාර්ථා විය. ඉන්පසු නැවතත් එය නිවැරදි නොවන බව ඔවුන්ම පිළිගත්ත. දැක්ක නේද විද්‍යාව නිතරම විචල්‍ය වෙන දෙයක්.
කෙසේ නමුත් බුදු පියාණන් දේශනා කලේ සිත අභිභවනය කලහැකි කිසිදු වස්තුවක් ලොව නැති බවයි. එසේ හෙයින් යහලුවනේ බුදු දහමට අභියෝග කිරීමට විද්‍යාව ට තව කල්පයක් වත් ගතවනු ඇත. විද්‍යාව බුදු දහම පිලිගැනීම වනා අභියෝග කිරීමක් නොවේ.
අද විද්‍යාවේ යකුලු පහරින් දේව වාදී ආගම් ඇදවැටෙද්දී බුදු දහම විද්‍යාවේ අභියෝගයන්ට සාර්ථකව මුහුණදී සිටී. ඒ සත්‍යයට අභියෝග කලහැකි කිසිදෙයක් ලොව නොමැති හෙයිනි.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.