Skip to main content

යෝධයන් බිහිකළ හෙළ සහලේ ගුණ වරුණ …

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පෝෂණ ගුණයෙන් ඉතා ඉහල පාරම්පරික දේශීය වී වර්ග වර්තමානයේ පවතින දියවැඩියාව, පිළිකා රෝග ආදී නොයෙකුත් රෝග සමනය කිරීමේ හැකියවක් සහිතය. ඈත අතීතයේ මෙම වී වර්ග ඖෂධීය ප්‍රතිකාර ක්‍රම වලට භාවිතා කර ඇත. ශරීරයෙන් විස ඉවත් කිරීමේ හැකියාවක් මෙම වී වලට නිතැතින්ම ඇති බව කියැවේ. සෑම බෝගයකටම වස විස යොදන අද සමාජයේ මනුෂ්‍ය ශරීරය ආහාරයෙන් එන විස එකතු වූ ගබඩාවක් වැනිය. හෙළ නිල වෙදකමින් ප්‍රතිකාර කරද්දී මෙම සහල් වල නිවුඩ්ඩ ප්‍රයෝජනයට ගැනේ. මෙම ඖෂධීය සහල් වර්ග වලින් කැඳ සදා බීමෙන් පමණක්ම මනුෂ්‍ය ශරීරයේ තැන්පත් වී ඇති විස ඉවත් වන බව පැවසේ.

කළුහීනටි හාල්

කාය ශක්තිය වර්ධනය කරයි. ශරීරයේ ඕනෑම විසක් අයින් කිරීම සඳහා විශේෂිත වූ විෂ නාශක ගුණ ඇති සහල් වර්ගයකි. පිළිකා නාශක ගුණයකින් යුක්තයි. ඉන්සියුලින් හෝර්මෝනය සෑදීම සඳහා අවශ්‍ය ක්‍රියාවලිය උත්තේජනය කරවයි. එ බැවින් දියවැඩියා රෝගයට විශේෂිත ගුණදායක සහල් වර්ගයකි. හෘද රෝගවලට ඉතා යහපති..

කහමාල

මලබද්ධය දුරු කරයි. ශක්ති ජනක ආහාරයකි.  දියවැඩියා රෝගීන්ට ගුණදායක සහලකි. හන්දි රෝග, පිළිකා රෝග, අක්මාවේ රෝග ඇති අයට ඉතා ගුණදායක ය. මෙම සහලෙහි තන්තුමය ස්වභාවය වැඩි නිසා ආහාර ජීර්ණය හා අවශෝෂණය පහසු කරවන අතර ආහාර මාර්ගයේ ආබාධ ඇති අයට ඉතා ගුණදායක සහලකි.

කුරුළුතුඩ

කාය ශක්තිය වර්ධනය කරයි. ශරීරයේ උණුසුම හොඳින් පාලනය කරයි. මුත‍්‍රා රෝග සඳහා සුදුසුයි. හන්දි රෝගවලට ඉතා යහපති. ඇට මිදුලුවල ක්‍රියාකාරිත්වය වැඩි කරවයි.

මඩතවාලු

දියවැඩියාව පාලනය කරයි. වාතාශ‍්‍ර සහ සෙම් රෝග සඳහා සුදුසුයි. ශරීරයේ විෂ අයින් කරවයි. පිළිකාකාරක ශරීරයෙන් ඉවත් කරයි. ජාන විකෘතිතා ඇති වීම වලක්වයි. ස්වභාවික ප්‍රතිශක්තිය වැඩිකරවා ශරීරයේ ප්‍රජනක හැකියාව වර්ධනය කරයි. ශරීර උෂ්ණත්වය අනවශ්‍ය ආකාරයට වැඩිවීම වලක්වයි.

පච්ච පෙරුමාල්

ශක්තිජනක ආහාරයකි. මුත‍්‍රා රෝග සමනය කරයි. ශරීරයේ මනා පැවැත්මක් ඇතිකරයි. සර්ප විසෙන් මත් වූ රෝගින්ට විශේෂයි.

රත්හැල්

ශරීරය සැහැල්ලු කරයි. සම නීරෝගි කරයි. මුත‍්‍රාශයට සහ පිත්තාශයට ගුණදායකයි. ලිංගික ශක්තිය වර්ධනය කරයි. දියවැඩියාව පාලනය කරයි. ශරීරය වර්ධනය කරයි.

සුවඳැල්

ශරීරය සමතුලිත කරයි. කටහඩ පැහැදිලි කරයි. මලබද්ධය දුරු කරයි. ලිංගික ශක්තිය වර්ධනය කරයි. දියවැඩියාව පාලනය කරයි. ඇස් රෝගවලට හා ස්නායු වර්ධනයට ඉතා යහපති.

බටපොලැල්

අක්මාවේ එන්සයිම ක්‍රියාකාරීත්වයට ඉතා යහපති. ශරීරයේ විෂ අයින් කරවයි. ශරීරයේ රුධිරය වඩවයි. දියවැඩියාව හා පිළිකා නාශක ගුණය වර්ධනය කරවයි.

ckickඕලුහාල්

මුතුන්මිත්තන් පරිහරණය කළ බුද්ධ භෝගයකි. දියවැඩියා රෝගයට ඉතා ගුණදායකය. අක්මාවේ රෝග සුව කිරීමට ඉතා යහපති. අක්මාව හා ආහාර මාර්ගයට සම්බන්ධ හෝර්මෝන ක්‍රියාවලීන් නිවැරදි ආකාරයට පාලනය කර ඒ හරහා ආහාර මාර්ගයට සම්බන්ධ එන්සයිම ශ්‍රාවයන් උත්තේජනය කරවයි. අර්ශස් අමාරු අඩු කරවයි. ප්‍රජනක රෝග අඩු කරවයි. ප්‍රජනක ශක්තිය ස්වාභාවික ප්‍රමාණයට ඇති කරවයි. ශරීරයේ ස්වාභාවික ප්‍රතිශක්තිය ඇති කරවන අතර වකුගඩුවල නිරෝගීභාවය ඇති කරවයි. නිතැතින් ම වකුගඩු හා පිත්තාශය වැනි තැන්වල ගල් සෑදීම පාලනය කරවයි. ගල් දිය කිරීමේ ගුණය ද ඉතා ඉහළින් ඇත. ඇස් පෙනීම වැඩි කරවන අතර සෙම ස්වභාවයන් නැති කරවයි. රුධිර කැටි ගැසීම, හෘදයාබාධ වැනි රෝගවලට සුවිශේෂී ගුණයක් ගෙන දේ

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.