Skip to main content

මනාකොට සෙනසුක් පනවන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූ දබ්බමල්ල මහරහතන් වහන්සේ …

දබ්බ මල්ලපුත්ත මහරහතන් වහන්සේ මනාකොට සෙනසුක් පනවන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූ සේක. සියලුම අටළොස් මහා විහාර මනාව පිරිසිදු කොට ඇඳ පුටු සකස් කොට පැන් එළවා තබා කළ යුතු සියලු කාර්යයන් ව සකස් කිරීම උන්වහන්සේගේ සිරිත හෙයින් මේ සෙනසුන් පනවන භික්ෂූන් අතරින් මුල් තැන ලබන ලද්දේය. මල්ල රට රජුගේ පුත්‍ර හෙයින් මල්ලරාජ පුත්‍ර යනුවෙන් ද හැඳින්වෙන උන්වහන්සේ නමින් නම් වනසේක මහරහතන් වහන්සේගේ පූර්වාපර චරිතාපදානයක් මෙසේය.

කල්ප ලක්ෂයකට පූර්වයෙහි මෙලොව  පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි මේ දබ්බ තෙරුන් වහන්සේ හංසවතී නුවර කුලගෙයක ඉපිද වැඩිවිය පැමිණ එක් දිනක් බුදු බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසීමට ගියහ. එහිදී බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂුවක් සෙනසුන් පනවන්නන් අතර අග්‍රස්ථානයෙහි තබනු දැක තමාද අනාගතයෙහි මෙබඳු පදවියක් ලබන්නෙමි අධිෂ්ඨාන කොට සත් දිනක් මුළුල්ලෙහි බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට මහ දන් පවත්වා අවසානයේ දී තම අභිප්‍රාය පියාණන් වහන්සේට සැළ කළහ.  සර්වඥයන් වහන්සේ අනා අනාගතයේ බලා එය සඵල වනු දැක එම්බා කුලපුත්‍රය.  මෙයින් කල්ප ලක්ෂයකටයකට මත්තෙහි ලොව පහළවන ගෞතම නම්  බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි සෙනසුන් පනවන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ඔබට ලැබෙන්යැයි  විවරණ දුන් සේකැ.

ඒ කුල  පුත්‍රතෙම් එයින් චුතව බොහෝ කාලයක් සැරිසරා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි පසු බසිමින් පැවති අවස්ථාවෙහි පැවිදි වූයේ ය. එකල්හි ඒ සමඟ තවත් දෙදෙනෙක් ද පැවිදි වූහ. මෙසේ එකී සත්නම කතිකා කොට එක්තරා පර්වතයට නැග තමන් නැගි හිනිමග  බිමට පෙරළා පර්වත මුදුනෙහි හිද ශ්‍රමණ ධර්මය පුරන්නට පටන් ගත්ත. එයින් එක් නමක් පස් වන දිනයෙහි රහත්ව අහසින් උතුරු කුරු දිවයිනට පිඬු සිඟා ගොස් ආහාර රැගෙන විත් අනිත් සය නමට  පිළිගැන්වී ය.  එකල භික්ෂු “ ඇවැත්නි අපි පර්වතයට නැග හිණි මග හෙලන විට එක නමක් රහත් වූ විට ඒ අය විසින් අනිත් අයට ආහාර ගෙනැවිත් පිළිගන්වන ලෙස කතිකාවක් නොකෙළෙමු, එහෙයින් ඔබ වහන්සේ කැමැති තැනකට වඩිනු මැනවි, අපි අපට හැකි අයුරින් මහණදම් පුරමි” යයි පිණ්ඩපාත දානය ප්‍රතික්ෂේප කළහ. එකල රහතන් වහන්සේ වෙනත් දිසාවකට වැඩ දන් වැළඳු සේක. තවත් එක් නමක් සත්වන දින අනාගාමී බවට පත්ව බ්‍රහ්ම ලෝකයෙහි උපන්නේය.

පර්වත මුදුනෙහි මහණදම් පිරූ පස් දෙනා වහන්සේ මාර්ගඵලයක් නොලබාම මිය පරලොව ගොස් අපගේ බුදුරජාණන් වහන්සේසේ ලොව පහල වන කල්හි, පිළිවෙළින් අයෙක් ගාන්ධාර රට තක්සලා නුවර රජ ගෙදර ද අයෙක් පබ්බතිය රට පරිබ්‍රාජිකාවගේ ගෙදරද, අයෙක් බාහිය රට කෙළෙඹි ගෙයකද අයක්  රජගහනුවර කෙළඹ ගෙයකද, මේ දබ්බ තෙරුන් මල්ල රජුගේ පුත්‍රයෙක් වුවද උපන්නේය.  දබ්බ කුමාරයා මව් කුස පිළිසිඳ ගෙන් සිටියදී මව් හදිසි රෝගයකින්  ගියාය.  ඇගේ මළසිරුර සොහොනට ගෙනගොස් දර සෑයේ ගිනි දැල් වූ විට ගින්නෙහි සැර වේගය වැදි දරු ගැබ් දෙකට පැලී ගොස් දරුවා ඈත කුස තණ පඳුරක් මතට විසි වී ගොස් වැටුණේය.  මරණයෙන් බේරුනු ළදරුවා ඔහුගේ මිත්තණිය විසින් දැඩි කර ගන්නා ලදී.  දර සොහොනේ  උපන් බැවින් “ දබ්බ ’’නම් විය. දබ්බ ලදරුවා සත් හැවිරිදි කල්හි බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා දැක අතිශයින් පැහැදී පැවිදි වීමේ කැමැත්ත ඇති විය. ඒ බව තම මිත්තණිය පැවසූ කල්හි ඇය ද ඊට එකඟ විය. පසුව    පැවිදි කිරීම් සඳහා බුදුරජාණන් වහන්සේට භාර කළ සත් හැවිරිදි ළදරුවා  පැවිදි බවට පත්වීමත් සමඟම රහත් ඵලයට පැමිණියේය.  බුදුරජාණන් වහන්සේ අනතුරුව රජ ගහන රජගහනුවර වේළුවනාරාමයට වැඩුණු කල්හි ආයුෂ්මත් දබ්බ මල්ලපුත්ත තෙරුන් වහන්සේ මෙසේ සිතූ සේක. “ පැවිදිව ලැබිය යුතු උසස්ම ඵලය මම රහත්වීමෙන් ලබාගතිමි, ඒ සඳහා කළයුතු දෙයක් ඉතිරි වී නැත. එම නිසා මම මහා සංඝයා වහන්සේට සෙන සෙනසුන් පිළියෙල කරමි,  සලාක බෙදීමේ කාර්යද කරන්නෙමි’’  මෙසේ සිතූ දබ්බමල්ල තෙරණුවෝ බුදු රජාණන් වහන්සේගේ අවසරය ද ලබා ගෙන එතැන් පටන් භික්ෂූන් වහන්සේලා උදෙසා සෙනසුන් පනවන සේක. කැමති කැමති ස්ථානවල සෙනසුන් පනවමින් සියලු දෙනා වහන්සේ ගේ සිත් ගත් සේක.  එකවර බොහෝ තැනක සෙනසුන් පැනවිය නොහැකි වූ විට ඍද්ධියෙන් ඒවා පිළියෙල කොට පිළිගැන් වූ සේක. උන් වහන්සේ මනෝමය කායයන් නිර්මාණය කොට එක එක් භික්ෂුවට තමන් වැනි නිර්මිත භික්ෂුවක ලවා උපස්ථාන කරා යවන සේක්. මෙම කාරණය අරමුණු කොටගෙන භික්ෂු බුදුරජාණන් වහන්සේ පසු අවධියකදී භික්ෂු සංඝයා මැද මදබ්බ මල්ල පුත්ත තෙරුන් අමතා “ එතදග්ගං භික්කවේ මම සාවකානං භික්ඛුනං  සේනාසන පඤ්ඥපකානං යදිදං දබ්බමල්ලපුත්තෝ ’’ යනුවෙන් වදාරා සෙනෙසුන් මනා කොට පණවන භික්ෂූන් අතර දබ්බමල්ල තෙරුන් වහන්සේ ග්‍රස්ථානයෙහි තබා වදාළසේක.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.