Skip to main content

බුදුන් උපන් රට ශ්‍රී ලංකාවද ?

By November 21, 2015April 1st, 2017සිරි සදහම් ( Dhamma)

ආයුබෝවන් යාලූවනේ, අදනම් මේ ලිපිය ලියන්නෙ හරිම වේදනාවෙන්. ලොව්තුරු තථාගතයන් වහන්සේ දේශනා කලා වගේම ආගම දහම ඇතුලෙ ඉඳන් ආගම දහම විනාශ කරන මිනිස්සු ඉන්න රටක නේද අපි ඉන්නෙ කියල හිතට හරිම කණගාටුයි. යාලූවනේ අපේ බුදුපියාණන් වහන්සෙගෙ විතරයි ඉතාම නිවැරදිව ඉතිහාසයයක් ලියැවිල තියෙන්නෙ. ලෝකයේ වෙන කිසිම ආගමික ශාස්තෘවරයෙකුගෙවත් මෙතරම් ඉතාම නිවැරදි ඉතිහාසයක් දකින්න නෑ. ඒත් දැන් ඒකත් විනාශ කරන්න උත්සාහ කරනව.

ක්‍රිස්තියාණි මිශනාරී බලවේග බුදුදහමට විනකරන්න පටන්ගත්තෙ අද ඊයෙ ඉඳල නොවෙයි. බුදුපිළිම විනාශකරල, මිනිස්සු මරල ආගම ප්‍රචාරය කරන්න හදපු ඔවුන් තමන්ගෙ අදහස මුදුන් පමුණුවාගන්න බැරි උනාම එංගලන්තයෙන් ලැබුණු අණ තමයි ක්‍රිස්තියාණි කරන්න බැරිනම් නරක බෞද්ධයන් කරන්න කියල. ඒ වැඩේ හරිගියා. නොමිලේ දුන්නු සිගරට් එක උරන්න පටන්ගත්තු මිනිස්සු අන්තිමට පන්සලෙන් ඈත්වෙන්න පටන් ගත්ත. හාමුදුරුවරුන්ට කරන්න තියෙන තරම් නින්දා කරල, බටහිර වෙදකම ගෙනල්ල සිංහල වෙදකම නන්නත්තාර කරල, උන්ගෙ හෙලූවැලි සංස්කෘතිය බෝකරන්න පටන්ගත්ත. ඒ ඕකොම අපේ උන් බාරගත්තෙ ඉහටත් උඩින්.

ඔය අතරෙ ක්‍රිස්තියානි සංස්කෘතිය රටතුල පතුරවමින් උන්ගෙ ආගම ව්‍යාප්ත කරන ගමන් බුදුදහමට වින කරන්න යටින් නූල් සූත්තර ඇද්ද. පානදුරේ අරියධම්ම හිමි, ලබුදූවේ සිරිධම්ම හිමි, ගංගොඩවිල සෝමහිමි ඝාතනයත් මේ කුමන්ත්‍රණවල ප්‍රතිඵල. ඒවිතරක් නොවෙයි. ටිඛෙටි ජාතික එස්. මහින්ද හිමිව පවා ඝාතනය කලා කියල මම මේ ල`ගදි දැක්ක. එච්චරද වක්‍රව දැන දැන ම හෝ නොදැන බුදුදහමට කරපු දේවල්නම් කොච්චරද?

විනයවර්ධන කියල මනෝ විකාරයක් හැත්ත ගණන්වල ඉඳල ක්‍රියාත්මක වෙලා බුදුදහම විනාශ කරන්න පටන් ගත්ත, දළදා මාලිගාවට ක්‍රිස්තියාණි ආක්‍රමණ ඇතිවෙන්න පටන් ගත්ත, බෝගස්වල බුදුපිළිම මතුවෙනව කියල විකාරයක් පටන් ගත්ත, පිරිත්පැන් බීල ලෙඩ හොඳ කරනව කියල විකාරයක් පටන් ගත්ත, හාමුදුරුවරු යන්ත්‍ර මන්ත්‍ර කරන්න පටන් අරන් ආගම දහම සම්පූර්ණ අමතක කරල විකාර පටන් ගත්ත, අද බෞද්ධ සිද්ධස්ථාන වලට මුස්ලිම් ආක්‍රමණ එන්න පටන් අරන්, ක්‍රිස්තියාණින් අපේ සංස්කෘතිය හූරන් කන්න පටන් අරන්. අනුරාධපුර යුගයෙ ක්‍රිස්තියාණි ආගම තිබුණලූ. අපේම මිනිස්සු ත්‍රිපිටකය සරළ කරන්න පටන් අරන්, උපසම්පදා නැති සාමණේර නිකායවල් පටන් අරන්. උපසම්පදාව කියන බුදුහිමියන් අනිවාරයෙන් සිදුකල යුතු බවට පණවා වදාල විනය කර්මයට අභියෝග කරන්න පටන් අරන්. මේ බුද්ධ ශාසනයෙම සෝවාන් වෙන්න කියල මිනිස් ඔ`ථ අවුල් කරන්න පටන් අරන්. ( එක හොඳ දෙයක්. මෙතන ප්‍රශ්නෙ විකාර නටන එකයි. ) සෝවාන් කරල සහතික දෙන්න පටන් අරන්. ලක්ෂ ගණන්වලට බුදුබව විකුණන්න පටන් අරන්.

බුදුහිමියන් පැත්තක තියල මෙත් බෝසතුන්ට පූජා තියන්න පටන් අරන්. බුද්ධ නම දාල හිනාවෙන බහිරවයොන්ට පූජාතියන්න පටන් අරන්. ත්‍රිපිටකයෙ අඩුපාඩු හොයන්න පටන් අරන්. ඔය අතරෙ තමයි මාරසේනාවක් බුදුදහමට විනකරන කොන්ත්‍රාත්තුව ඉදිරියට ගෙනියන්න බුදුන් උපන් දේශය හොයන්න පටන් අරන් තියෙන්නෙ. ( ඇමරිකන් ඩොලර් නිසාදෝ ) පන්සල් කිහිපයක් හොයාගෙන සිදුහත් කුමාරය මෙතන උපන්න, බෝසතාණන් මෙතන බුදු උනා. පිරිනිවන් පෑව කිය කියා විකාර කරන්න පටන් අරන්. මේ තරම් උතුම් අයුරින් ගලාගෙන ගිය දහම් ග`ග විනාශ කරල මේ මිනිස්සු විකාර කරන්න පටන් අරන්. හොඳයි අපි මොහොතකට හිතමු බුදුපියාණන් වහන්සේගෙ තෙම`ගුල සිදුවුනේ ලංකාවෙ කියල. ඉතින් ඒකෙන් අපිට ලැඛෙන ලාභෙ මොකක්ද? ධර්මය වෙනස් වෙනවද? නිවන් යන්න ඉක්මන් වෙනවද? තනිකරම බුදුවදනට පිටින් යන ගමනක් මේක. මොකද බුදුහාමුදුරුවො පැහැදිලිවම දක්වල තියෙනව දහම් මගෙහි ගමන්කිරීම හැර අනි කිසිදු මාර්ගයකින් පලක් නොවන බව. — මහණෙනි, හීයක් වැදුනකු සිදුවූ තුවාලයට ඛෙහෙත් කරනු විනා හීයෙහි දිග පලල සෙවීමෙන් පලක් නොවන බව දැනගනු ˜ ලෙසයි බුදුහිමියන් දේශනා කලේ. මීවනපලානේ ධම්මමාලංකාර හිමියන් ගැන සිහිවන විට ධම්මපදයේ ගාථා කිහිපයක් මතක්වෙනව.

අයසාව මලං සමුට්ඨිතං – තදුට්ඨාය තමෙව ඛාදති
එවං අතිධොනචාරීණං – සකකම්මානි නයන්ති දුග්ගතිං

යකඩින් නැගුණු මලය එයින් නැගී එයම කා දමයි. එසේම නුවණින් තොරව වසන තැනැත්තා ගේ අකුශල කර්මයෝ ඔහු දුගතියට යවත්.
( මල වර්ගය – හයවන ගාථාව )

න තෙන පණ්ඩිතො හොති
යාවතා බහු භාසතී
ෙඛමි අවෙරි අභයො
පණ්ඩිතොති පවුච්චති

බොහෝ සේ කථාකළ පමණිනුත් යමෙක් පණ්ඩිතයෙක් නොවේ. උවදුරු හා වෛරීන්්ද නැති නිර්භය වූ පුද්ගලයා පමණක් පණ්ඩිකයෙකැයි කියනු ලැබේ.
( ධර්මස්ථ වග්ගය තුන්වන ගාථාව)

යො මුඛසඤ්ඤතො භික්හු
මත්තභාණි අනුද්ධතො
අත්ථං ධම්මං ච දීපෙති
මධුරං තස්ස භාසිතං

යම් භික්ෂුවක් කට තැන්පත් කරගත්තේද, පමණ දැන කථාකරයිද, සන්සුන් සිත් ඇත්තේද, අර්ථයත් ධර්මයත් මනාව ප්‍රකාශ කරයිද, ඔහුගේ වචනය ( කථා විලාශය ) මිහිරි වේ.
( භික‍ෂු වර්ගය – හතරවන ගාථාව)

ඣාය භික්ඛු මා ච පමාදො
මා තෙ කාමගුණෙ භමස්සු චිත්තං
මා ලෝහගුලං ගිලී පමත්තො
මා කන්දි දුක්ඛමි දරති ඩයිහමානො

මහණෙනි, ධ්‍යාන වඩන්න. පමා නොවන්න. ඔබගේ සිත කාමයෙහි නොබමවන්න. පමාවෙමින් අපායෙහි ලෝහ ගුලි නොගිලින්න. මේක දුකයැ කියමින් නොහ`ඩන්න.
( භික‍ෂු වර්ගය – දොළොස්වන ගාථාව)

දැන් යමෙක් කියන්න පුලූවන් භික්ෂූන් දේශපාලනය කිරීම, රැකියා කිරීම ආදිය මේවට අයිති නැද්ද කියල. අයිතියි . එයාලටත් එක්ක තමයි මේ කියන්නෙ. හැබැයි මීවලානේ හිමියන් තරම් බුදු දහමට අපහස කරපු වෙන කිසිදු භික්ෂුවක් මෑතකාලයේ බිහි උනා කියල කියන්න අමාරුයි. ඒකට හේතුව තමයි අති පිවිතුරු ශ්‍රී සද්ධර්මයට උන්වහන්සේ කරන අභියෝගය බරපතලම අපහාසයක් වීම. අද මාතෘකාව මෙන්න මේ පිළිබඳවයි. මෙතනදි ශ්‍රී ලංකාව හෝ ඉන්දියාව නොවෙයි කියන්නෙ ඉන්දියාව ඇතුලූ රටවල් කිහිපයක එකතුවක් නිසා ජම්බුද්වීපය හැදුන නිසයි. නේපාලය, පකිස්ථානය පවා එදා ජම්බුද්වීපයට ඇතුල්වුනා. ඇත්තෙන්ම බුදුපියාණන් වහන්සේ මෙරට බිහිවූ බව සත්‍යයක්නම් අපට අභිමානයකි, ආඩම්බරයකි. එහෙත් යමෙක් සමාධියෙන් යමක් දුටු පලියට කෝටි ගණනක් රහතන් වහන්සේලාට අභියෝග කල හැකිද?

මා එසේ කියන්නේ ලංකාවේ මිහිදු මාහිමියන්ගේ පටන් අවසන් රහතන්වහන්සේයැයි කියන මලියදේව මහ රහතන් වහන්සේ ( මෙයත් මනෝ විකාරයකි. අදටත් ශ්‍රී ලංකාව තුල රහතන් වහන්සේලා වැඩවෙසෙන බවට තොරතුරු වාර්ථා වේ.) දක්වා ද එතැන් පටන් පහළවූ වියත්, ධර්මධර විනයධර මහා ප`ඩිවරයන් වහන්සේලා නුදුටු මෙතරම් ඉතා වැදගත් කාරණයක් මහ`ථකල පැවිදිවී බණ භාවනාවට යොමු වූ හිමිනමක් දැකීම විහි`ථවක් නොවේද? එම ස්වාමීන්වහන්සේගේ පැවිදි ජීවිතය ගැන ප්‍රශ්නයක් නැතත් ළදරු වියේ හෝ ළමාවියේ හෝ නවයොවුන් වියේ පටන් ඉතාම සිල්වත් පැවිදි ජීවිත ගතකල, ඉතා සංයමයෙන් යුතුව බණභාවනවාවන්ට යොමු වූ ආනන්ද මෛත්‍රී හිමි, රේණුකාණේ චන්දවිමල හිමි, පානදුරෙ අරියධම්ම හිමි, රත්මලානේ ධම්මාලෝක හිමි, ලබුදූවේ සිරිධම්ම හිමි, මඩිහේ පඤ්ඤාලෝක හිමි වැනි උතුමන් පවා නුදුටු නොදත් සත්‍යයක් මීවනපලානේ හිමියන් දැකීම සිනහ උපදවන්නක් නොවේද? අනෙක් අතට තායිලන්තය වැනි රටවල මේ මෑතකාලයේ පිරිනිවන් පෑ රහතන් වහන්සේලා ලෙස ආචාර්ය මන් භූරිදත්ත මහ රහතන්වහන්සේ, ආචාර්ය අජාන් කාඕ මහ රහතන්වහන්සේ, සිල්මාතා කායිව් අරහත් තෙරණින් වහන්සේ ( මෙම හෙණින් වහන්සේ පිරිණිවන් පෑවේ 1991 ජූනි 18 වැනි දිනය. අන්තර්ජාලයේ මේ සියලූ කොරතුරු දක්වා ඇත. ) පවා නුදුටු මෙවන් දෑ මනෝ විකාර සමාපත්තීන්ගෙන් දැකීම අධෝමුඛයෙන් සිනාසීමට තරම් හේතුවනවා ඇත. යමෙක් යම් කාරණයක් සමාපත්තියෙන් දකීනම් ඒ සියල්ල ඉතාම නිවැරදිව දැක්විය යුතුය.

එනම් ශාක්‍ය කොලිය වංශයන්ගෙන් ඔබ්බට ගිය අතීතයන්හි සිට බුදුහිමි පිරිනිවන් පෑ පසු ත් ඉන් පසු සිදුවූ සියලූ සිද්ධීනුත් නිවැරදිව දැකිවිය යුතුය. ලිපිවල දක්වන්නේ
“ දැනට සොයාගෙන ඇති” නැතිිනම් “මතුවී ඇති ”කාරණා ලෙසිනි. ඇයි එහෙම වන්නේ. මීවනපලානේ හිමියන්ට අනික් කාරණා දැකීමට සමාධිය ශක්තිමත් නැද්ද? එකවර සියලූ තොරතුරු සමාධියෙන් බලා ලිවීමට නොහැක්කේ මන්ද? උන්වහන්සේ රචිත පොත්වල “ ජම්බුද්වීපය ” යන්නට දක්වන විහිලූවද සියල්ලටම වඩා හාස්‍ය ජනකය. ජන්ම + බුද්ධ + ද්වීපය = ජම්බුද්වීපය ලෙස එහි දක්වා ඇත.
මීවනපලානේ හාමුදුරුවන්ට සිංහල උගෙනීමට පුද්ගලික පන්තියකටවත් යන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ජන්ම යන්න තවත් වදනක් හා එකතු කිරීමේදී ජන් වූ තැනක් සකුයෙහි වේද ? එසේනම්

ජන්ම + භූමිය = ජන් භූමිය විය යුතුය.
බුද්ධ + දිවීපය = බුද්වීපය වේද?

ඒ අයුරින් බුද්ධ ධර්මය බුද්ධර්මය ලෙසද, බුද්ධ චරිතය බුද් චරිතය විය යුතුය.

දඹ යනු විශාල කන්ද නැතිනම් මහ කන්දට කියන තවත් නමකි. මහ ගිරිදඹ යන්නට සිරිපාදයටද යෙදුනේ ඒ නිසාය. ( මෙතැන අල්ලාගෙන එය හිමාලය යැයි ළදරු කථා කීමෙන් වලකින්න. එලෙස හැඳින්වූයේ සිරිපාදයට කෙරෙන ගෞරවයක් ලෙසය. ) මහ විශාල කන්දක් ඇති නිසා ඉන්දියාව( පකිස්ථානය, නේපාලය )ට දඹදිව යැයි කීහ. එහි අරුත දැන හෝ නොදැන බුද්ධඝෝෂහිමියන් ජම්බුද්වීපය යැයි ගෞරයාන්විත බවක් ආරූඪ කලහ. අත්තනගල්ල හත්ථවනගල්ල වූයේද, දුටුගැමුණු දුට්ඨගෙමිණී වූයේද, බුද්ධඝෝෂ හිමියන්ගේ පරිවර්තනයන්හි වරදින්මය.

කිඹුල්වත් පුරය යනු දිඹුලාගලයැයි මේ මිත්‍යාදෘෂ්ඨිකයෝ පවසති. “ක” යන්නට “ද” යන්න ආදේශ වීමත් භාෂා නීතිය මගින් පැහැදිලි විය යුතුය. කිඹුල්වත් යන්නෙහි නියම ශබ්දය කපිලවත්ථු යන්නයි. අප සිංහලට කිඹුල්වත් ලෙස හරවා ඇත්තේ උච්චාරන පහසුව තකාය. කපිලවත්ථු යන කපිල ඍෂිවරයාට අයත්වූ අර්ථයෙන් සකස්වූවකි. දිඹුලාගල යනු දිඹුල් ගස් වැඩියෙන් වැවුනු තැන යයි අදහස් කෙරේ. මේ වචන යා කරන්නට තනන්නෝ මුළාව නොසිටිත්ද ? ලංකා සිතියම මත නොයෙක් ඉරිගසා ඇන්ද පමණින් නිවැරදි සාක්ෂි නැතිව සිදුකරන්නේ කෙතරම් අනුවණ ක්‍රියාවක්ද? මේවාට අදාල නිවැරදි සාක්ෂි සාධක සමාපත්තියෙන්ම නොදකින්නේ ඇයි ?

ඉන්දියාවේ බරණැස බාරනසී යැයියද කුසිනාරාව කුෂිනගර් යැයිද, කොසඹෑනුවර ලෙසද, කොසම්බි ඉන්දියාවේ උත්තර ප්‍රදේශය සිද්ධාර්ථ නගර්යැයිද ආදී ලෙස පැරණි නමට ඉතා ආසන්න නම් භාවිතා වන අතර බුද්ධ ගයාව හිරිවඩුන්න වන ආකාරයද, ලූම්බිණිය බඹරගල වන ආකාරයද කුසිනාරාව බුදුගල වන ආකාරයද සිංහල දන්නා අයටනම් විහිලූවකි. තවද සිද්ධාර්ථ කුමාරෝප්පත්තියෙන් වසර 2636කට පසු නික්ලේශී මහරහතුන් පවා නොදුටු, සත්‍යයක් කෙළෙස් නොනැසූ භික්ෂුවකට සමාපත්තියෙන් පෙනීම පුදුමයට කරුණකි.

බුදුහිමියන් පිරිනිවන් පෑවේ අදට වසර 2556කට පෙරාතුවය. දුටුගැමුණු මහනිරිඳු රජවූයේ අදට වසර 2172 කට පෙරයි. එනම් බුද්ධ පරිනිර්වානයෙන් අදට වසර 384කට පෙරාතුවය. එසේනම් අනුරාධපුරය සංවර්ධනයට යෝධ ව්‍යාපෘති සිදුකල දුටුගැමුණු රජතුමා මේ කියන හිරිවඩුන්න ආදී ස්ථාන නොසලකා හැර නටඹුන් වන්නට ඉඩ හරීද? බුදුහිමි පිටදුන් බෝධියේ අංකුරයට ගෞරව කල රජු බෝධිය නොසලකා හරීද? බුදුන් උපන් ස්ථානය තිබියදී අනෙක් ස්ථානවල යෝධ ආගමික ව්‍යාපෘති දියත්කලේ ඇයි? අනෙක් අතට නිකෙළෙස් රහතුන් වහන්සේලා මෙහි සත්‍ය නොපවසා හිඳීද? සිදුහත් උපත ගැන කවුරුන් මනෝවිකාර දෙඩුවත් සත්‍යය පුරාවිද්‍යාව මගින්ම තහවුරු කොට ඇත. ගරාවැටුනු සුද්ධෝදන මාලිගාවේ නටඹුන් පවා අදවනවිට හමුවී ඇත. මහා අභින්ෂ්ක්‍රමණය සිදුවූ බටහිර දොරටුව පවා අදවනවිට හුඳුනාගෙන ඇත. එකල්හි පොළව කම්පා වීමේදී ගොඩනැගිලි පාදමේ සිදු වූ වෙනස්කම් අදපවා දක්නට ඇත. කාබන් කාල නිර්ණය අනුව ක්‍රි.පූ. 07 වන සියවස දක්වා පැරණිය. එසේම බුදුහිමියන්ට දෙව්දතුන් ගල පෙරලු ස්ථානය පවා අදවනවිටත් දක්නට ඇති අතර එය වෙනත් ගලක වැදී නතරවී ඇති අයුරු ඔබටද දැකගත හැකිය. එසේම කෝසිය සිටාණන් පැණිකැවුම් හැලු කපල්ලක පූහ පබ්බාරය, නැතිනම් කැවුම් ගල ආදී මේවා අදවනවිට දක්නට ඇත. අනෙක් අතින් එදා දැඩි බමුණ මත බිඳිමින් බුදුහිමි සිය දහම ව්‍යාප්ත කලද බමුණු අදහස් දරන්නන් සුලු පිරිසක් හැර අන් අය ඒ මත අත්හැරියේ නැත. ඒ බව අදටත් ඉන්දියාව තුල හොඳින් දක්නට ඇත.

ඉන්දියාව තුල දේශගුණයෙහි පැහැදිලි වෙනසක් දක්නට ඇතිබව අපට අද පවා දක්නට ලැබේ. මෙකල පවා දැඩි ශීතලයෙන්, දැඩි රශ්මියෙන් මියයන්නවුන් කොපමණද? ශ්‍රී ලංකාව තුල එතරම් ඍතු විපර්යාස නොමැති බව පෙරපාසැල් ළදරුවන් පවා දන්නා කාරණයකි. සිදුහත් කුමරු ශ්‍රී ලංකාවේ ජීවත් උනානම් රම්‍ය, සුරම්‍ය, සුභ යන මාලිගා තැනීමට මේ ( බුදුහිමි ලංකාවේ පහලවූ බව කියන) අයට වැනි උමතුවක් සුද්ධෝදන රජුට තිබිය නොහැකිය.

උත්තර ඉන්දියාවේ සිද්ධාරථ නගර් නම් ප්‍රදේශයේ දිස්ත්‍රික් මූලස්ථානයට කි.මී. 21ක් දුරින් පිහිටි ස්ථානයක චෛත්‍යයක් කැනීමේදි විශාල ගල් වලින් කල පෙට්ටියක් හා බඳුන් තුනක් මතුවිය. එහි එක් බඳුනක

“ සුකිති භතිනං ස භගිතාකනං ස පුත දලනං
ඉයං සලිලන්ධනෙ මුධස භගවතෙ සකියනං ”

“ මේ භාග්‍යවතුන්වහන්සේගේ ධාතූන්වහන්සේලා සාක්‍ය සුකිනි සහෝදරවරුන්, සහෝදරියන්, පුත්‍රයන් සහ පන්තිවරුන් සමගින් (පුදකරන)කරන දානයයි ” ලෙස දක්වා ඇත.
මේ ස්ථූපය ගොඩනගල තියෙන්නෙ බුදුහිමියන්ට සමකාලීනව විසූ ශාක්‍ය කුලයේ ඥාතීන් විසින්. වසර දෙදහස් පන්සියයකට කලින්. අශෝක රජු බොරුකලා කියමු. ඒත් මේ අය මොකටද බොරු කරන්නෙ. සමහරු කියනව මේකෙ තිබුනෙ අශ්ව දත්ලූ. හරියට ඇහින් දැක්ක වගේ. හරි එහෙමයි කියමු. ඒත් ඒ ඉපැරණි ගල් පෙට්ටියක මේව ලියන්න ඕනි භාග්‍යවතුන් වහන්සේගේ ඥාතියොම නේද? යාලූවනේ මීවනපලානේ හිමියන් ඉදිරිපත්තරන ප්‍රධාන තර්කයක් වනනේ අශෝක රජුට පෙර ඉන්දියාවේ බෞද්ධ ස්මාරක නැති බවයි. ඉතින් මේ කියන ලිපිය සමග අනේපි`ඩු සිටුතුමා පිහිට වූ ෙජ්තවනාරාම පුවරු ලිපියකුත් (සද්ධාමංගල අෂ්ඨව ග්‍රන්ථය බලන්න) හම්බවෙලා තියෙනව. ඉතින් තවදුරටත් කුමක් සනාථ කරන්නද?
අනේක බුද්ධ දේශනාවල පැහැදිලිවම විහාරාරාම දැවයෙන් හා මැටියෙන් සිදුකල අයුරු දැක්වෙනව. වරක් සිය බිසෝවරුන්ගෙන් උතුරුසලූ පන්සියයක් පිරිකර වශයෙන් ලද ආනන්ද හාමුදුරුවන් වහන්සේගෙන් ඉවත්කරන සිව්රු වලට කුමක් කරන්නේදැයි ඇසූවිට උන්වහන්සේ “ දිරාපත්වන පාපිසි මැටි සමග අනා බිත්තිවලට ගසමු ” ලෙස පවසා සිටිසේක. මින් පැහැදිලි වන කරුණ එකල මැටියෙන් විහාරාරාම ගොඩනගා තිබූ බවයි.

එසේම සංයුක්ත නිකායේ ජේතවනාරාමය ගැන සඳහන් වන පරිදි එය දැවයෙන් නිමවා තිබූ බව දක්වා තියෙනව. මම දැන් ඉන්දියාව හා නේපාලය ඇතුලූ අනෙකුත් රටවල ඇති සාධක ගැන පොඩි විස්තරයක් කරන්නම්. 01. සැවැත්නුවර කියන්නෙ ශ්‍රාවත්ති ඍෂිවරය විසින් හදපු නුවර. නම හොඳින්ම පැහැදිලියි නේ. සූත්‍ර පිටකයේ සූත්‍රවලින් සූත්‍ර 871ක්ද, විනෙ පිටකයේ ශික්ෂාපදවලින් 350න් 294ක්ද මෙහිදී දේශනා කර ඇත. මෙහි ඇති නටඹුන් අනුව ෙජ්තවනාරාමයේ නටඹුන් පැහැදිලිව දැකගත හැකිය. එය දිගින් අඩි 15ක් හා පලලින් අඩි 90ක් වූ සුවිශාල ගොඩනැගිල්ලකි.

සැවැත්නුවර තමයි ආනන්ද බෝධිය පවා පිහිටල තියෙන්නෙ. මේව ආවට ගියාට නෙවෙයි. පුරාවිද්‍යා සාධක මත පිහිටල තහවුරු කරපුව. දෙව්දත් හා චිංචිමානවිකාව පොළව පළාගෙන අපායට ගියේ සැවැත්නුවර ඇති වලක් අසලදීය. මෙය ඉන්දියානුවන් අදටත් විශ්වාස කරන අතර එම විල අදටත් දක්නට ඇත. යාලූවනේ නිගණ්ඨ පිරිස් ගැන බුදු දහමෙ නිතර කියවෙනව. ඒඅ ය නිරුවත් අයනෙ. මේ නිගණ්ඨයන්ට පූජා කරන අය අදටත් මෙහි ඉන්නව.

ඉතින් මේ කාරණාවලින් පැහැදිලි වෙනවනෙ සැවැත්නුවර පුණ්‍ය භූමිය එය බව. ඔය කිසිදු සාධකයක් තබා සැවැත්නුවර තිබුන කියන තැනක්වත් ලංකාවෙ තවම නැහැ. මීවනපලානේ හිමියන්ගෙ සමාධියට ඕව තියෙන තැන් නොපෙනුනේ මන්ද? කෑලි කෑලි කියන්නෙ නැතිව ඔය සමාපත්තියෙන් එකසැරේ බලල ශාසන ඉතිහාසය ලිව්වනම් අහවරයිනෙ. 02. ඊල`ගට බුද්ධගයාව. මෙතනදි අති පාරිශුද්ධ විජය ශ්‍රී ජයශ්‍රීමහා බෝධීන්වහන්සේ, අපරාජිත වජිරාසනය, සුජාතා කිරිපි`ඩු පිදූ තැන මේ සියල්ල ඉතාම නිවැරදිව දක්වල තියෙනව.

ඍජුකොනාශ්‍රයක් මැද්දට ලංකාව දාල කතිරයක් ගැහුවම ඒ කතිරෙ සමජ්ඡේදන ලක්ෂයෙලූ බුදුහාමුදුරුවො බුද්ධත්වය ලබාගත්තෙ. (පිංතූරය බලන්න ) එතන ගොඩවුන ඇලක් පෙන්නල නේරංජා නදියලූ. නේරංජනා යනු නිලංජනා යන්නෙන් බිඳුනක්. ඒ කියන්නෙ පිරිසිදු ජලය ඇති අදහස ඇතිවයි. ඔය පෙන්නන වතුර වලේ මොන නිලංජනාද?

03. රජගහ නුවර කියන්නෙ ඉතාම වැදගත් සාක්ෂි ඇති ස්ථානයක්. වේ`ථවනාරාමය, ගිජ්ජකූඨ පර්වතය බිම්බිසාර රජුු සිරකර තැබූ තැන, නාලන්දා විශ්ව විද්‍යාලය, සප්තපර්ණී ගල්ගුහාව වගේම විඩූඩහගේ රථය එරුන තැන ආදී සියල්ල දකින්න පුලූවන්. මෙහි ඇති ඉසිගිලි පර්වතයට නම ලැබුනේ ඍෂින් ඉගිලෙනවා යන අරුතිනි. පසේබුදුවරු මෙම පර්වතයට වඩිනවා මිස පිටවී යනවා නොදුටු නිසා ඍෂිවරු ඉගිලෙනවා යන අරුතින් මේ නම යෙදී ඇත. එසේම තපෝදා නදියෙහි උණුදිය පැන් අදටත් ඒ අයුරින්ම ගලායයි. එසේම පිංතූරයෙන් පෙනෙන්නේ විඩූඩහගේ රථය එරුන තැනයි. ශාක්‍යයන් ඝාතනයට ගිය විඩූඩහ රජුගේ ගැල් ගල් තලාවක එරුනු පාරවල් අදටද දැකිය හැකිය.

04. විශාලාමහනුවරත් නටඹුන් අදපවා දක්නට ලැඛෙනව. ලිච්ඡවී රජදරුවන්ගෙ අභිශේක පුෂ්පකරණිය නම් පොකුණ අදත් ඒ අයුරින්ම දක්නට ලැබීම කෙතරම් භාග්‍යයක්ද? 05. යාලූවනේ ලූම්බිනිය ගැන කලිනුත් කථාකලා. මෙතනදි අපේ අය කියන්නෙ බඹරගල රජමහ විහාරෙ ලූම්බිණියලූ. සල් ගසුත් දාස්ගණනක් තිනෙවලූ. යාලූවනේ පිංතූරය බලන්න.

ඔය තමයි නියම සල් මල. ඉන්දියාවෙ තියෙන්නෙ මේ සල්ගහ. අපි සල් කියන්නෙ ඇමරිකාවෙන් සංභවනය වෙච්ච ගහකට. මේ කථාව කීවම එයාල කියනව අපේ රටේ තියෙන ගසලූු නියම සල්ගහ. එතකොට ඇමරිකාවට ගියෙ මෙහෙන් වෙන්න ඇති. ඉතින් පේනව නේද අපේ අයගෙ සමාපත්තියෙ තරම. ඉතින් මේ සියල්ල බලනකොට පැහැදිලිවෙනව නේද මේ මිනිස්සු මනෝලෝකවල ජීවත්වෙනබව.

යාලූවනේ මේ අය ලංකාව කොටස්වලට ඛෙදල කියනව මේ විදිහටලූ රට ඛෙදිල තිබුනෙ. ඔයාල දකින්න ඇතිනෙ. බුදුහිමියන්ගෙ කාලෙ රජවරු කීදෙනෙක් දඹදිව පාලනය කලාද ? මේබලන්න. සුද්ධොදන රජතුමා, සුප්පබුද්ධ රජතුමා, කොසොල් රජතුමා, මල්ලරජතුමා, වජ්ජි රජවරු, බිම්බිසාර රජතුමා, පුක්කුසාති රජු. උදේනි රජු, මේ සියල්ලන් ලංකාව පාලනය කලාද? ඉතින් මේ අය ඔක්කොටම රජකරන්න ප්‍රමාණවත්ද කියන එක පොඩ්ඩක් හිතල බලන්න.

මහා පරිනිබ්බාණ සූත්‍රයේ සඳහන් සමූහාණ්ඩු ඇත්තේ කොහේද? දීඝ නිකායේ සඳහන් සොළොස් මහා ජනපද ප්‍රමාණයෙන් ලංකාව මෙන් කිහිප ගුණයක් වේ. නර්මදා නදිය ගංගානම් ග`ග මේවා ඇත්තේ කොහේද?

යාලූවනේ මෙන්න මේ කාරණා ටික පොඩ්ඩක් කියවල බලන්න.

1. සද්ධර්ම රතනාකරයෙහි පරිච්ෙක‍්ද 5 – 6 කපිලවත්ථු ගමන කියවන කෙනෙකුට මෙන්න මේ ටික දකින්න පුලූවන්. “ … … … එකල්හි විසිදහසක් මහ රහතන් වහන්සේ පිරිවරා සැට යොදුනක් මග දවස යොත්තක් බැගින් ලැග ලැග සැට යොත්ත මග ගෙවා කිඹුල්වත් පුරයට වැඩම වීමට කාලයය … … … ”ලෙස දක්වා ඇත.

02. තවද අංගුලිමාලයන් දමනයට බුදුහිමියන් තිස්යොදුන මග ගෙවා වැඩිබව ධර්මයෙහි සඳහන් වේ.

03. අති දුෂ්කර ප්‍රදේශයක වැඩසිටි බදිරවනිය රේවත හිමියන් දැකීම සඳහා දැකීම සඳහා බුදුහිමියන් වැඩමකලේ තිස් යොදුනක් දිග මග දිගේය.

04. “මහ රජ, ඔබේ අදෘෂ්ඨ මිත්‍ර පුක්කුසාති රජු ඔබේ ලිපිය කියවා මහණවෙස් ගෙන යොදුන් 237ක් ගෙවා මා දකිනු පිණිස එන ගමනේදී …. … ඒ නිසා මම යොදුන් 45ක් දුර ගෙවා මෙහි පැමිණියා ” යනුවෙන් බිම්බිසාර රජතුමාට පුක්කුසාති රජු පිළිබඳ දැන්වීය.

05. “ ස්වාමීනී, ඒ සංකස්පු දොරනම් මේ සැවැත් නුවරට කෙතෙක් දැන්දැ” යි විචාලහ. “ උපාසකයිනි, මේ නුවරට තිස් යොදුනකැ ” වදාළ සේක.
( පූජාවලිය, දේවාරොහණ පූජාව.)
යාලූවනේ මොකක්ද මේ යොදුන කියන්නෙ. එය දක්වන්නෙ මෙහෙමයි.
සැතපුම් 04ක් – ගව් 01
ගව් 04 ක් – යොදුන් 01
එහෙනම් යොදුන් 1 ක් – සැතපුම් 16

එහෙමනම් උඩින් සඳහන් කරපු කාරණා එක්ක බලන්න

යොදුන් 30ක් කියන්නෙ 16 X 30 =සැතපුම් 480යි. ඒක ආසන්න වශයෙන් සැතපුමට කිලෝමීටර 1.6ක් විදිහට අරගත්තොත් 480 X 1.6 = 768 යි නේද? ලංකාවෙම දිග පේදුරු තුඩුවෙ ඉඳන් දෙවුන්දර තුඩුවට කිලෝමීටර 650ක්වත් නෑ නේද ? ඔය යොදුන් 30 ගැන කීවෙ. පුක්කුසාති රජතුමා යොදුන් 237ක් ආවලූ. එහෙනම් මීවනපලානේ හාමුදුරුවන්ගෙ සමාපත්තියට දෙයියන්ගෙම පිහිටයි නේද?
හෝව් පොඩ්ඩක් ඉන්න … … මෙහෙම කියද්දි මේගොල්ල කියනව දැනට වඩා ඉස්සර ලංකාව ලොකුයිලූ. කාවන්තිස්ස රජතුමාගෙ කාලෙ මුහුද ගොඩ ගලද්දි ලංකාව කුඩා උනාලූ. හරි ඒකට මම ප්‍රශ්න දෙකයි අහන්නෙ.

01. ලංකාවෙ ඉඳල ඉන්දියාවට දුර කිලෝමීටර 32යි නේද? ඔය කියන විදිහට ඒකාලෙ ඉන්දියාවට ලංකාව බද්දවෙලාද තිබ්ඛෙ. මොකද යොදුන් 237ක් කීවම වෙන දේ ගැන ඔයාලම හිතන්න.
02. මුහුදු මහ විහාරෙ කියන්නෙ දේවානම් පියතිස්ස රජකාලෙ දක්වා ඉතිහාසය දිව යන්නක්. ලංකාව මුහුද ගොඩ ගලද්දි කුඩා උනානම් කලින් මුහුදු මහ විහාරෙ තිබිල තියෙන්නෙ ලංකාව මැදද? එතකොට ඒකට මුහුදු මහ විහාරෙ කිව්වෙ ඇයි ? අනික ශ්‍රී මහා බෝධිය බාරගන්න දේවානම් පියතිස්ස රජතුමා කරවටක් මුහුදට බැස්සෙ කොහමෙද දන්නෙ නෑ එහෙනම්. අහෝ මිත්‍යා දෘෂ්ඨිකයිනි, තොපට යන එනමං නැතිවෙනවා නේද? දැන් කට්ටයක් කියනව ඒකාලෙ යොදුනට වඩා දැන් යොදුන කුඩයිලූ. එහෙමත් කියමුකො. එහෙමනම් මේකට උත්තර දෙන්නකො. අද කොටි දෙකක් ඉන්න බැරිව ලංකාවෙ ඉඩම් ප්‍රශ්න මතුවෙලා. බුදුපියාණන් වහන්සේගෙන් බණ අහල සූවිසි අසංඛ්‍යෙය නවකොටි හැටලක්ෂයක් නිවන් ලැබුවලූ. ඔයින් දෙවියන් තමා වැඩි ප්‍රමාණයක්. ඒත් ඉන් සීයෙන් එකක්වත් මිනිස්සු හිටිය කියමු. එතකොට ඉන් වැඩිම පිරිස සිටියේ බුදුන් උපන් රටේ. ඒක ලංකාවනම් ඔය ඔක්කොමල ඉඳල තියෙන්නෙ එකා උඩ එකා නැගල. ඇයි ඉඩ නෑනෙ. දැන් කියයි ඒකාලෙ මිනිස්සු මීට වඩා කුඩයි කියල. ඇට නැති දිව හැම පැත්තටම හැරෙනව කියන්නෙ ඔන්න ඕකටයි.
යාලුවනේ බළංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන්ගේ චරිතාපදානය කියවෙන පොත කියවන්න. ඒකෙ පැහැදිලිවම තියෙනව තමන්වහන්සේ මෙන්ම අනගාරික ධර්මපාල තුමා, ඕල්කට්තුමා, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවො, වලිසිංහ හරිස්චන්ද්‍රතුමා, බ්ලැවැස්කි මැතිනිය ඇතු`ථව බුදුදහම බේරාගන්න

කටයුතු කරපු සියලූ දෙනා දෙව්ලොව සිට මෙත් බෝසත් තුමාගේ ඇරයුමින් ශ්‍රී ලංකාව තුල පහළ වූ බව. එක් එක්කෙනාට වෙන වෙනම කාරයයන් බාරදුන්නලූ. අනගාරික ධර්මපාල තුමාට බාරදුනනෙ බුද්ධගයාව බේරාගැනීම. ඉතින් බොරු බුද්ධගයාවක් බේරාගන්න උන්වහන්සේ ජීවිතකාලයම කැපකරයිද? මෙහෙම අහනකොට සමහර (අවිද්‍යාවෙන් අසරණ උන ) අසරණයො මගෙන් අහනව අනගාරික ධර්මපාල තුමා ඇමරිකන් කාරයන්ට රැවටුනා කියල දන්නවද කියල. අනේ ඔලූගෙඩි නරක්වෙලා තියෙන තරමක්. සමහරවිට එක සැරයක් නෙවෙයි තිහිප සැරයක්ම රැවටෙන්නත් ඇති. ඒත් ජීවිත කාලයක් නිකරුනේ නාස්ති කරයිද මේ වගේ වැඩකට ඇවිත්. එහෙමනම් ආනන්ද මෛත්‍රීය හාමුදුරුවො බොරුකරන්න ඕනි. මතු බුදුබව පතන කෙනෙක් බොරු කරයිද? හැබැයි ඔය මීවනපලානේ රහතන් වහන්සේට වඩා ආනන්ද මෛත්‍රී හාමුදුරුවො ලෝකයම පිළිගත්ත උත්තමයෙක් බව අමතක කරන්න එපා. යාලූවනේ ඔයාල අහල ඇති ලංකාවතාර කියල සූත්‍රයක්. මේක තියෙන්නෙ මහායාන ධර්මයෙයි. ඒ රාවණ රජ්ජුරුවන්ට බුදුහාමුදුරුවො ධර්මය දේශනා කල ආකාරයයි. ඒකෙ මෙන්න මෙහෙම තියෙනව. “ මම බුදුන් වහන්සේට ලංකාවට ඇතුලූවන ලෙස ඉල්ලා සිටිනව. මෙම සංසාරය නැමැති දිගු රාත්‍රියට උන්වහන්සෙගෙන් සෙතක් සැලසේවි ” කියල රාවණ රජ්ජුරුවො ඉල්ලල තියෙනව. ඒ බුදුහාමුදුරුවන් (වර්තමන ඉන්දියාව ප්‍රධනව ඇති) දඹදිවින් වැඩම කල නිසා. හැබැයි මේ සූත්‍රය කාශ්‍යප බුදුහාමුදුරුවන්ගෙ දේශනයක් කියල මතයකුත් තියෙනව. එහෙම උනත් මේක අපට වැදගත්. ඇයි ? සෑම බුදුවරයෙකුටම පොදු ධර්මතා තිහක් තියෙනව.

( මගෙ www.samiduwaruna.blogspot.com කියන Blog එකට ගිහින් 380 වැනි රූපෙ බලන්න. ඒකාරණා තියෙනව. මෙතන ලියන්න ගියොත් මේලියුම ඉවරකරන්න ලැඛෙන්නෙ නෑ. ) ඉතින් අපේ බුදුහාමුදුරුවොත් ඒ ධර්මයන්ට අනුවයි වැඩකරල තියන්නෙ. එහෙනම් මෙහෙ උපත උනා කියන්න කොහොමවත් බෑ.

අනෙක් කාරණය බලන්න. බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කරල යක්ෂ සේනාපතීන්ට දේශනා කරපු සූත්‍රයක් ත්‍රිපිටකයෙ කොහෙවත් අහල තියෙනවද ඔයාල. නෑ නේද ?

ඔන්න අහගන්න ඒ දේශනා කරපු සූත්‍රයෙ නම තමයි “සිරිදෙසුම. ” ලංකාවෙ පන්සලක (මට පංසලේ නමනම් මතක නෑ) රත්තරන් පත්ඉරුවක මේ සූත්‍රය ලියල තිබිල මෑතකදි හමුවෙලා තමයි මේ සූත්‍රය කරලියට ආවෙ. ඒ සූත්‍රයෙ බුද්ධ දේශනාව සිදුකරල තියෙන්නෙ යක්ෂ භාෂාවෙන්. මම ඔයාලට දැනගන්න පද කිහිපයක් ලියන්නම්.

“පින්වත් කුමන්ති, පින්වත් ඉතිරිනි, සුඹුන්නි, මේ මයේ බණ තෙප් මනේ ලා විනිසානිනෝ තෙප් වෙත් මෙත් තුන් ලෑමයි. එමෙත් තෙප් හත්ථීවත් අප් දම් තෙප් නිවන් මග යාකාරා”

”පිංවත් පුරුෂයනි, පිංවත් කාන්තාවනි, දූ දරුවනි, මම මේ දේශනා කරන බණ නුඹලගෙ හිතට දාල විනිශ්චය කරන්න. මේ බණ දේශනා කරන්නෙ උඹලට තියෙන මෛත්‍රිය නිසාමයි, ඒ මෛත්‍රිය උඹලගෙ හිත්වල තියාගත්තොත් අපේ ධර්මයෙන් ඔබට නිවනට යන්න පුලූවන් කම තියෙනව. ”

ඊලගට බලන්න පස් පව් ගැන කියල කියෙන කාරණේ.
1.පරපණ නැසුම, —- ප්‍රාණඝාතය කිරීම
2.අන්දන සොර මත්නේක් ගැන්ම, —- අන්සතුදෙය සොරකම් කිරීම
3. රහේ නීපිටින් වැල්බ, —– නීතියට පිටින් යන අය, ( කාමය වරදවා හැසිරීම)
4. මුසාබැන්ම, —– බොරුකීම,
5. සුර පුම —-සුරාව පානය

මේ මම කීවෙ සිරිදෙසුම සූත්‍රයෙන් කොටසක්. එතකොට මේ සූත්‍රයේ පැහැදිලිවම තියෙනව බුදුරජුන් ලංකාවට දඹදිවින් වැඩිය බව. අනික තමයි ත්‍රිපිටකයට මේ දේශනාව ආවෙ නැත්තෙ ඇයි කියන කාරණාව. ඒ ප්‍රථම ධර්ම සංඝායනාවට වැඩිය රහතන් වහන්සේලා යක්ෂ භාෂාව නොදැනීම. මේ සියල්ල උනේ ලංකාවෙ නම් ඇයි ත්‍රිපිටකය සම්පාදනය කරන වෙලාවෙ. යක්ෂ භාෂාව දන්න කෙනෙක් සම්බන්ධ කරගන්න බැරි උනේ. බුත්සරණ පොතේ 55 පිටුව බලන්න. “දඹදිව දිගින් පලලින් දසදහසක් යොදුන් පමණ ඇත්තේයැ. එහි සාරදහසක් තැන් පමණ මුහුදු වීය. තුන් දහසක් යොදුන් තැන් මිනිසුනට නිවහන වීයැ. නැවත තුන් දහසක් යොදුන් පමණ හිමාල පර්වතයට අවකාශ වීයැ. ” ලෙස දක්වල තියෙනව. දැන් කෑගහන්න එපා මේකෙ යොදුන් ගණන මෙච්චරයි. ඉන්දියාව මෙච්චර ලොකු වැඩි නෑ කියල.

මගෙ තර්කෙ මේකයි. බුත්සරණ කතුවරයා සිටිය කාලය කියන්නෙ ඉතාම ධර්මධර විනයධර භික්ෂූන්වහන්සේලා සිටිය කාලයක්නෙ. බුදුන් උපන් දේශය ලංකාවනම් උන්වහන්සේලාට ඒක නොදැනුනෙ ඇයි කියන එක.
මහා කාශ්‍යප මහ රහතන්වහන්සේගේ ශ්‍රී දේහය කුක්කුට සම්පාත පර්වතයේ අභ්‍යන්තර ගුහාවක පවතින බවත් උන්වහන්සේගේ අධිෂ්ඨානයෙන් දැල්වූ පහන්ද පිදූ මල්ද අදත් ඒ අයුරින්ම පවත්න බවත් ශ්‍රී දේහය මෛත්‍රී බෝසත් පියාණන් අතින් ආදාහනය වන බවත් ධර්මයේ සඳහන් වේ. මේ පර්වතය මීවනපලානේ මහරහතන්වහන්සේ ශ්‍රී ලංකාව තුල නොදුටුවේ ඇයිදැයි යන්න පුදුමයකි.
බුදුරජාණන් වහන්සේ වරක් කාශ්‍යප මහ රහතන් වහන්සේ අමතා “ කාශ්‍යප මගේ ශාසනය පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ගෙන් විනාශ නොවේ. මුහුද ගොඩගැලීමකින් හෝ වෙනත් ස්වභාවික හේතුවකින් හෝ මිත්‍යාදෘෂ්ඨියකින් විනාශ නොවේ. මාගේ ශාසනය තුලින්ම ඒ සඳහා පිරිස පැනනගිනු ඇත. ” යනුවෙන් දේශනා කොට ඇත. ඒ කටයුත්ත මීවනපලානේ හිමියන් ඇතුලූ මිත්‍යාදෘෂ්ඨික නඩය හිස් මුදුනින් බාරගෙන ඇත. කදපණුවන් කඳේ සිට කඳම කා දමා අවසනදී තමනුත් විනාශවන බව මේ මිත්‍යාදෘෂ්ඨිකයන් නොසිතන්නේ මන්ද? බුදුන් ලංකාවේ උපන් බව කීමෙන් මේ අයට මාර්ගඵල ලැඛෙනවාද? හෝ වෙනත් ශාසන වරප්‍රසාද ලැඛෙනවාද ? අනේ අද මීවනපලානේ හිමි අතුලූ නඩයට යනඑනමං නැතිවුනේ ලෝක ස්වභාවය අනුව මත්‍යාදෘෂ්ඨිකයාට ඇත්තේ විනාශය පමණක් බව නැවත පසක් කරමින්ය. 2012.06.27 දින පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාරයාලයේදී මත්‍යාදෘෂ්ඨිකයන් පාපොච්චාරනය කරන්නේ අපාගාමී මාර්ගයට තමන් පමණක් නොව අසරණ මිනිසුන්ද රැගෙන ගිය මග නොවේද?
පින්වත් යාලූවනේ සාරසංග්‍රහය කියන ග්‍රන්ථය හොයාගෙන කියවන්න. ඒ පොතේ 120 වැනි පිටුවෙ මෙහෙම සඳහන් වෙනව. “ මහණෙනි, පංචානන්තරිය පාප කර්මයෝද මහා සාවද්‍ය වෙති, ඒවාට වඩා මිත්‍යාදෘ්ඨියම අතිශයින් මහා සාවද්‍ය වේ. කුමක් නිසාද යත් ආනන්තරිය පාපකර්මයන්ට විපාක දීමේ කාලසීමාවක් නියමව ඇත. බුද්ධාන්තරයක් නැතහොත් අන්ත:කල්පයක් අවීචි මහා නිරයේ පැසී එයින් අත්මිදීමට ආනන්තරිය කර්ම කලවුන්ට නිදහස ඇත. එහෙත් නියත මිත්‍යාදෘෂ්ඨිකයාට වනාහි එබඳු කාලසීමාවක් නැත්තේය. නියත මිත්‍යාදෘෂ්ඨියම වට්ඨ නම් ලද සසරට මුල්වෙයි. එයින් යුක්තවූවහුට සසරින් ගොඩඒමක් නම් නැත. ඔවුන්ගේ වචන අදහන්නහුටද සසරින් ගොඩඒමක් නැත. මිසදිටු බවින් යුක්ත වූවහුට ස්වර්ග මාර්ග දෙකම අවහිරවෙයි. කල්ප විනාශ කාලයෙහිදී සතර අපායන්හි පැසෙන සතුන් බඹලොව උපදනා කල්හිදු නියත මිසදිටුවා පිටසක්වලක ( වෙනත් චක්‍රාවාටයක ) මැවෙන එක්තරා අපායක පැසෙන්නේය.”
මව මැරීම, පියාමැරීම, රහතුන් මැරීම, බුද්න්ගේ ඇගේ ලේ සෙලවීම, සංඝභේදය යන ආනන්තරිය පංචානන්තරිය පාපකර්මයන්ටත් වඩා මේ මිත්‍යාදෘෂ්ඨිකයා පව්කාරයෙක් වන්නේ ඇයි ? තමන්ගේ නිවන් මග අවහිර කරගන්නවා පමණක් නොව මිනිසුන්ගේ නිවන් මාර්ගය අවහිර කරමින් අපායට දැක්කවීම පංචානන්තරිය පාප කර්මයන්ටත් වඩා පාපකාරී වන්නේය. සාමාන්‍යයෙන් කල්ප විනාශයකදී සියලූ අපාගාමී සතුන් අපායෙන් නිදහස ලබයි. එහෙත් නියත මිත්‍යාදෘෂ්ඨිකයා වෙනත් සක්වලක ( චක්‍රාවාටයක් ලෙස සිතන්න ) මැවෙන අපායක නැවත උපදී පැසෙන්නේ එබැවිනි. අනෙක් අතින් බොදුනුවන් කොටස් දෙකකට කඩා දමා මිත්‍යාදෘෂ්ඨියම වපුරන මීවනපලානේ හිමියන් ඇතුලූ මිසදිටුවන්ට අහෝ කවර කලෙක සසරින් ගොඩඒමක්ද ? අවසන් වශයෙන් මෙසේ දක්වමි. මෙවන් ගැටලූ වලට ධර්මයේ ඇත්තේ එකම පිළිතුරකි. චුල්ලමාලූංක්‍ය සූත්‍රදේශනාවෙන් දී ඇති පිළිතුරයි ඒ. “ මාලූංක්‍ය පුත්‍රය, ඔබේ ඔය ප්‍රශ්නවලින් ඔබට ඇති ඵලය කුමක්ද? ඔබට ඇතිවුන හිස් ප්‍රශ්නවලින් නිවනට දායකත්වයක් සපයනවාද? මම පෙන්වා දුන්න ධර්ම මාරගය මනාව පෙනි පෙනිත් මේ හිස් ප්‍රශ්නවලට උත්තර සෙවීමෙන් විනාශ වන්නේ ඔබමය. ” දැන් ඔබ කියයි “ සැදැහැවත් කුල පුත්‍රයෙකු දැකධර්ම සංවේග උපදවා ගතයුතු ස්ථාන සතර (සිදුහත් කුමරු උපන් තැන, බෝසතාණන් බුදු වූ තැන, බුදුහිමි ප්‍රථම ධර්ම දේශනය පැවැවූ තැන, පිරිනිවන් පෑ තැන ) කියන තැන් සැදැහැවත් කුල පුත්‍රයකු විසින් දැක ධර්ම සංවේග උපදවාගතයුතු තැන් ” කියල. ඇත්ත. ඒත් ඒක නිවනට බාධාවන කාරණයක් කියල කොතනකවත් කියල නෑ. මිත්‍යාව වපුරන මාරයාගේ සේනාවෙන් ඉවත්වෙන්න මම ඔබට ආරාධනා කරනවා.

අනන්ත බුදුගුණ බලයෙන් තුන්ලොවම සැනසේවා … … …
මම සත්වයාගේ හිතසුව කැමති එරන්ද ලක්මාල්ද සිල්වා

Join the discussion 8 Comments

  • imesh anjana says:

    oba methanata lankawe hamuwana sadaka aran naha.lankawe hamuwana sellipi saha prag aithihasika yugaya yayi kiyamin wala damu ithihasayak balangoda ashrithawa me dinawaladi pr.raj Somadewayan wisin goda ganimin sitinawa.paranawithanayan pawa indrasala lena pihitiye lakdiwa bawa pawasanawa.anthagami novi yatharthaya mathukaralanna uthsaha ganna.bauddaya saha sinhalaya yanu ekama sanskruthiyaka sitina depirisaki.sinhalayo wiwidaya.bauddaya eka sankalpayaki.apa budunge darshanaya anugamanaya karanno wemu.apa jathiya sookshama akramanayakata hasuwa sitina bawa sathyaki.eyata mewan matha pasu pasa haba yamen obe kalayath mudaluth jiwithayath apathe yai.thama upan bima wenuwen obe hakiya yodawannai illami.
    theruwan saranayi…

  • Asiri Priyanga says:

    Me article eka hoadai wagema boru kaarayanta hoda pilithurak, budu hamudurwo lankawe ipaduna kiyana godak denek karana tarka witarak nemei tiyenwai kiyana sel lipi amoolika boru, me prashenta moona dena eka loku abiyogayak.
    e wagema tawa tarkanukoolawa karunu idiripath karanna balanna nattan aduure atah patha gaana ape minissu niwan magata yana eka pattaka tiyala me wage wikaara passen yana eken wenne ape ithihaseth wikurthi wena eka.

  • wije Gunawardena. says:

    obata boho kusal ayath wewa !!!!Theruwan saranai…..

  • lanka says:

    kisima piligatha haki sadayak idiripath nokala asarthaka lipiyak. epa paththak gana witharai katha karala thiyenne. heladiwa sadaka aran naha.

  • neluka says:

    Ballo biruwata kadu paathwenna thawalama nawathinnehna eki aththa

  • Darshana says:

    මේ ලිපියත් වැඩිමනත් වචන හරබයක් විතරයි. බුදු දහම තර්කයට බදුන් විය යුතුමයි. නැතහොත් වියැකී විනාස වී යනවා.
    දැනට පවතින අලුත් මතයකට එරෙහිව කරුණු ගෙනෙන නිසා ලිපිය අගය කලයුතුයි.
    තර්ක, විතර්ක පෙළගස්වා නැති අනවශ්‍ය වචන වැඩි නිසා කියවන්නාගේ කාලය කා දමනවා.
    ලංකාව තුල ඇති බුවුතික සහ සෙල් ලිපි සාධක මගහැරලා තියෙනවා.
    පුද්ගලිකව මම එරන්දගේ සියලු මත පිලිගන්නෙක් නෙමෙයි. ඔහුගේ සමහරක් fb post ප්‍රශ්ණ කර comments දැමීම නිසා ඔහු කලේ මාව block කරන එක.
    වතාවක් මම දැක්ක එරන්ද නයිලිය පන්සලේ ධාගැබට light එකක් හයි කරලා, පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ පවා ෆොටෝ එක්ක fb දාල තියෙනවා. එහෙම බැලුවහම මම ඇතුළු අනෙක් දායකයෝ කොච්චර ෆොටෝ fb දාන්න වෙයිද?
    විල්බාවේ මෙහෙණි ආරාමේ මෙහෙණියන්ට තෙමෙන වහලේ හදාගෙන, බුදු ගෙයි පොලව හදාගන්න ඕන වුනාම මම ආධාර කළා, තවත් දායකයෝ උදවු කරලා. දැන් වැඩේ ඉවර ඇති. ලංකාවට ගිය දවසක බලනවා. හැබැයි එදා මෙහෙණියෝ කීවේ එරන්දට ඕන, බුදුපිළිමයක් තියන්න කියල. එතකොට fb demand වැඩිනේ.
    සමාජයේ උපාසකයන් යැයි පෙනී සිටින්නන් උපාසක විය හැකියි/ නොහැකියි.
    බුද්ධිමත් මිනිසුන් තර්ක බුද්ධියෙන් කරුණු කාරණා විමසා තේරුම් ගනිත්වා.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.