Skip to main content

බුදුදහමින් කියැවෙන දරු උපත පිලිබද විශ්මිත අදහස් …

By March 2, 2015June 12th, 2016සිරි සදහම් ( Dhamma)

යහලුවනේ අදත් මම විශේඹ කාරණයක් පිලිබදවයි මේ කථාකරන්න යන්නෙ. ඒතමයි දරු උපත ගැන දුටු බුදු ඇස. මේ පිලිබද අපි මෙයට ඉස්සර ඉතාම වැදගත් ලිපියක් කියෙව්ව. මේ ලිපියත් ඒකටම සම්බන්ධවන විදිහට ධාරණය කරගන්න. ඒ ලිපියෙ ලින්ක් එක ‍මේ ලිපිය අවසානයේ දාල තියෙනව.

හොදයි යාලුවනේ අපි ලිපිය පටන්ගම් මේ විදිහට. දරුවකු මවුකුසයෙහි පිළිසිඳ ගැනීම හා මවුකුසයෙන් බිහිවීම පිළිබඳව දුරාතීතයේ විසූ මිනිසුන්ට තිබුණේ සීමිත දැනුමක්. ඒ පිළිබඳ සිද්ධි දාමය ඔවුන් තේරුම් ගත්තේ නිර්මාණවාදය සමග ගැලපීමෙන්. ලොව සියල්ල මවනු ලබන සර්ව බලධාරි දෙවියන් වහන්සේ හෝ මහා බ්‍රහ්මයා විසින් දරු උපත සිදුකරන බව ඔවුහු සිතූහ. දෙවියන් විසින් හෝ මහා බ්‍රහ්මයා විසින් දෙන ලද යන අදහසින් දේවදත්ත බ්‍රහ්මදත්ත වැනි නම් දරුවන්ට යොදන්නට පවා ඔහුqවු පෙළඹුණා. ශිව ලිංග පූජා පැවැත්වීම ද දරු උපතට දේවත්වය ආරෝපණය කරගැනීම නිසා ඇතිවුණ සිරිතක්. දරුවන් පතා අදිසි දෙවිවරුන් යෑදීමේ පුරුද්ද අදත් ජන සමාජයෙහි දක්‌නට ලැබෙනව.

දරු උපත අදිසි බලවේගයක මැදිහත් වීමෙන් සිදුවන දෙයක්‌ ලෙස ආදි යුගයේ මිනිසුන් තුළ පැවැති විශ්වාසය තරමක්‌ වෙනස්‌ වුණේ බුදුරදුන් ලොව බිහිවුණු යුගයේ භාරතයේ විසූ දාර්ශනිකයන්ගේ පැහැදිලි කිරීම් හේතුවෙන්. ඒ අනුව මවු කුසක දරු ගැබක්‌ හටගන්නේ ස්‌ත්‍රි- පුරුෂ දෙදෙනාගේ එක්‌වීමෙන් පමණක්‌ නොව කර්මය, පුනරුත්පත්තිය, ආත්මය වැනි ශක්‌තීන්ගේ ද බලපෑමෙන්. ඒ පිළිබඳව ගැඹුරු හා පුළුල් විග්‍රහයන් ආගමික සම්ප්‍රදායන් මගින් ඉදිරිපත් කරල තියෙනව. සත්ත්වයා නිර්මාණය වන්නේ ජීව හා ද්‍රව්‍ය මූලයන් එක්‌වීමෙනි. සත් – අසත් වශයෙන් වෛදික ග්‍රන්ථවල ද, ප්‍රකෘති – පුරුෂ වශයෙන් සාංඛ්‍ය දර්ශනයේ ද, නාම – රූප යනුවෙන් උපනිෂද් ග්‍රන්ථවලද දැක්‌වෙන්නේ එම කාරණයයි. බුදුදහම ද සත්ත්වයාගේ නිර්මාණය විග්‍රහ කරන්නේ නාම – රූප පදනම් කරගෙනයි. ස්‌කන්ධ, ආයතන ආදිය පිළිබඳ ගැඹුරු විස්‌තරය ද එයට ඇතුළත්. අපිට මෙයින් පැහැදිලිවෙන තව කරුණක් තියෙනව. ඉන්දියාවෙ තිබුන ඒ ආගම්වලටත් වඩා පහත් දැනුමක් මතයි වර්ථමානයේ අනික් ආගම් ගොඩනැගිල තියෙන්නෙ. මොකද ඒ ආගම් තාම නිර්මාණවාදය විශ්වාස කරන නිසයි.

 අපිට තුන්පිටකය පුරාම කර්මය හා පුනර්භවය පිලිබද යම් යම් තොරතුරු ලබාදීල තියෙනව. මේ ජීවිතය හටගන්නේ කෙසේද? එය නිර්මාණය කළේ කවුද? යන ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක්‌ සංයුත්ත නිකායේ සේලා සූත්‍රයෙහි දැක්‌වෙනව. එම ප්‍රශ්නයට පිළිතුරු සපයන සේලා භික්‌ෂුණිය මෙම ජීවිතය තමන් විසින් නිර්මාණය කර ගන්නා ලද දෙයක්‌ නොවේ. අනුන් විසින් සාදන ලද්දක්‌ ද නොවේ, එය හේතු මුල්කරගෙන හටගත්තක්, හේතු බිඳීමෙන් නැතිවන්නකි යනුවෙන් පවසනව. මිනිස්‌ ජීවිතය දේව නිර්මාණයකි යන අදහස ඒ අනුව බුදුදහමෙන් ප්‍රතික්‌ෂේප කරල තියෙනව. තුරු ලතාවන්ගේ හට ගැනීම පිළිබඳ බෞද්ධ මතය ද සේලා සූත්‍රයෙහි දැක්‌වෙයි. කෙතක වපුරන ලද බීජ පොළොවෙහි සාරය ද, ජලය ද උරා ගෙන අංකුරයක්‌ බවට පත්වන බව සේලා භික්‌ෂූණිය පවසයි. බීජයක්‌ තිබුණ පමණින් එය පැළයක්‌ බවට පත්වන්නේ නෑ. ඒ සඳහා පොළවේ පස්‌ සහ ජලය වුවමනා වෙනව. එම හේතු එක්‌වීමෙන් බීජය වැඩෙනව. ලෝකයේ සෑම දෙයක්‌ම හටගන්නේ මෙම හේතුඵල න්‍යායට අනුවයි. යමක්‌ හටගන්නේ ඒ සඳහා බලාපන මූලික හේතු එක්‌තැන් වීමෙන්. එම හේතු නොමැති විට ඵලය හටගැනීමක්‌ සිදු නොවෙයි. දරු උපතකට මෙන්ම තුරු ලතා ආදිය හටගැනීමට පදනම් වන මෙම හේතුඵල න්‍යාය හෙවත් පටිච්ච සමුප්පාදය බුදුදහමේ සඳහන් ගැඹුරු ඉගැන්වීම්වලින් එකකි. මවුකුස තුළ නාමරූප (පටිසන්ධි විඤ්Æණය සහ භෞතික ශරීරය) අංකුරය හටගන්නා අයුරු මහායාන ආර්ය ශාලිස්‌තම්යක සූත්‍රය විස්‌තර කරනනේ මේ විදිහට. මවුකුසේ පිළිසිඳ ගන්නා නාමරූප අංකුරය තමන් විසින් කරන ලද්දක්‌ නොවෙයි. අනුන් විසින් කරන ලද්දක්‌ ද නොවේ. තමන් හා අනුන් විසින් කරන ලද්දක්‌ ද නොවේ. මැවුම්කරුවකු විසින් කරන ලද්දක්‌ ද නොවේ. කාලය සමග පරිණාමය වූවක්‌ ද නොවේ. ප්‍රකෘතියෙන් හටගත් දෙයක්‌ද නොවේ. එක හේතුවකින් පමණක්‌ ඇතිවූවක්‌ ද නොවේ. හේතුවකින් තොරව ඇතිවූවක්‌ද නොවේ. මවුකුස තුළ නාමරූප අංකුරය උපදින්නේ විකල නොවූ හේතූන් රාශියක්‌ එක්‌වීමෙන්.

දීඝ නිකායේ සෝණදණ්‌ඩ සූත්‍රයේ දැක්‌වෙන අන්දමට මේ සිරුර මවුපියන්ගේ එක්‌වීමෙන් හා සතර මහා භූතවලින් හට ගත්තක්. ඒවා දරු උපතකට බලපාන භෞතික හේතු වශයෙන් දැක්‌විය හැක. ඒ අනුව මවුකුසක දරුවකු හට ගැනීම සඳහා මවුපියන්ගේ ලිංගික සබඳතාවයත්, පඨවි (තද ගතිය), ආපෝ (ජලය මෙන් වැගිරෙන දේවල්) තේජෝ (උණසුම), වායෝ (වාතය) යන සතර මහා භූතයන්ගේ එක්‌වීමත් බලපානව. දරු උපතකට පාදක වන ප්‍රධාන කාරණා තුනක්‌ මජCධිම නිකායේ මහා තණ්‌හා සංඛය සූත්‍රයෙහි සඳහන් වෙයි.

1 මවුපිය දෙදෙනාගේ එක්‌වීම
2 දරු ගැබක්‌ හටගැනීමට සුදුසු ශාරීරික තත්ත්වයක්‌ මවු කුසෙහි තිබීම
3 උපතක්‌ බලාපොරොත්තු වන ගන්ධබ්බයකු එළඹ සිටීම

යන මූලික කරුණු සම්පූර්ණ වූ විට දරු ගැබක්‌ ඇතිවෙනව. මවුකුසයේ සකස්‌ වීම ගැන මහා තණ්‌හා සංඛය සූත්‍ර අටුවාවත් විවරණයක්‌ ඉදිරිපත් කර තියෙනවනෙ. මවගේ කුසයෙහි දරුවකු පිළිසිඳ ගන්නා අවකාශයෙහි ලොකු ලේ ගඩුවක්‌ සැදී බිඳී වැගිරෙයි. මවුපියන්ගේ එක්‌වීමෙන් සත්දිනක්‌ ගතවන තුරු පිරිසිදු වූ අවකාශයෙහි දරුවකු පිළිසිඳ ගැනීමට ඉඩ තිබේ. එම කාලය තුළ මවගේ අත ඇල්ලීම, හිස හා සිරුර පිරිමැදීම වැනි දෙයකින් වූවද දරුවකු පිළිසිඳ ගන්නා බව අට්‌ඨ කතාවෙහි සඳහන් වෙනව. දරු උපතක්‌ පතන සැමියා බිරිඳ කෙරෙහි ආදරය දැක්‌වීම වැදගත් බව මෙයින් පේනව නේද? යාලුවනේ එක් අවස්ථාවක ආනන්ද හාමුදුරුවො රජගෙදර බණ කියන්න ගිහින් පැහැදුනු දේවියන්ට දරු සම්පත් ලැබීමේදී අනද හිමියන්ගේ මුහුණුවරට සමාන අයුරින් දරුවන් ලැබුන කියල කියනව නේද? පව්කාර අදහස් හිතන්න එපා. සෝවාන්වෙලා හිටපු ආන හාමුදුරුවො වැරදි කරන කෙනෙක් නෙවෙයි. මේව විදශාත්මක පර්යේෂණ වලින් නුදුටු දේවල්.

උපතක්‌ අපේක්‌ෂා කරන ගන්ධබ්බ යන වචනයෙන් අදහස්‌ වන්නේ ප්‍රතිසන්ධි විඥනයයි. සර්වාස්‌තිවාදී බෞද්ධ සම්ප්‍රදායට අයත් අභිධර්ම කෝෂයේ ගන්ධර්ව යන වචනයට අන්තරාභවිකයා යන අර්ථය දී ඇත. මරණය සිදු වූ පසු නැවත මවුකුසයක පිළිසිඳ ගන්නා තුරු භවයෙහි සැරිසරන විඥන ශක්‌තිය එයින් අදහස්‌ කෙරේ. එය ආත්මයට වෙනස්‌ වූවකි. කරණියමෙත්ත සූත්‍රයේ සම්භවේසී යනුවෙන් දැක්‌වෙන්නේ සත්ත්වයකුගේ ගන්ධබ්බ අවස්‌ථාවයි. උපතක්‌ බලාපොරොත්තුවෙන් සිටින ගන්ධබ්බයා කෙරෙහි ද මෛත්‍රිය පතුරුවන ලෙස එම සූත්‍රයේ උපදෙස්‌ දී ඇත. ඒ අනුව සලකන විට මිනිස්‌ කළලයක්‌ ගබ්සාවට ලක්‌කිරීම බුදුදහමට පටහැනි ක්‍රියාවක්.

සංයුත්ත නිකායේ ඉන්දක සූත්‍රයෙන් හා එහි අටුවාවෙන් ද දරු ගැබක වර්ධනය පිළිබඳ විස්‌තර දැනගත හැක. මේ සිරුර ලැබෙන්නේ කෙසේද? ඇට සහ අක්‌මාව පැමිණෙන්නේ කොහින් ද? මවුකුස ලැග ගන්නේ කෙසේද යනුවෙන් ඉන්දක අසන ප්‍රශ්නවලට බුදුහිමියෝ පිළිතුරු දෙති. පළමුව කළල රූපය හටගනියි. එය සිදුවන්නේ කම්ම, චිත්ත, සෘතු, ආහාර යන කරුණු හේතුවෙන්. කළලයෙන් අබ්බුදය හටගනියි. (එය මස්‌ සේදූ ජලය බඳුය.) තුන්වන සතියෙහි අබ්බුදය පේසි අවස්‌ථාවට පත්වෙයි. සිව්වන සතියේ දී තද ස්‌වරූපයට පත්වන කළලය ඝන නමින් හැඳින්වෙනව. අනතුරුව අත් පා සහ හිස හටගන්නා තැන් උස්‌ව (ගැටිති මෙන්) වැඩෙයි. සති එකොළහකට පසු චක්‌බු, සෝත, ඝාණ ජිව් හා පහළ වෙයි. මව ගන්නා ආහාරයන්ගේ රස ඕජාව පෙකණිය මගින් දරුවා උරාගනියි. මුල්වලින් ගන්නා රසෝජාවෙන් ගසක්‌ වැඩෙන්නා සේ මවුකුසෙහි සිටින දරුවාගේ රූප කලාප වැඩෙයි. ඒ හටගන්නා රූප කලාපයක්‌ පවතින්නේ ඉතා කෙටි කාලයකි. නමුත් ඒවා නැවත වැඩෙන්නේ කලාප වශයෙන් තෙගුණ වෙමිනි. ඒ අනුව සත්වන මාසය වන විට බිළිඳු සිරුරේ සියලුම අංග සම්පූර්ණ වෙයි. එබැවින් සත් මසින් දරු උපත් සිදුවිය හැක. මවුකුසේ මුලින්ම හටගන්නා කළලය ගිතෙල් බඳුනක බහා ගත් එළුලොමක්‌ යටිකුරු කළ විට වැගිරෙන තෙල් බිඳක්‌ පමණ වෙයි. දරුවකුගේ ස්‌ත්‍රි, පුරුෂ භාවය තීරණය වන්නේ දරු ගැබ ඇතිවන අවස්‌ථාවේදීය. බලන්න යාලුවනේ විද්‍යාවට හසුනොවන දේවල් නේද මේව. හසුවූ දෙයක් තියෙනවනම් එය බුද්ධ වචනය ඉක්මවා යන්‍නෙ නෑ.

දරු ගැබක්‌ ඇති නොවීමට හෙවත් වඳ බවට බලපාන හේතු කීපයක්‌ සමන්තපාසාදිකා විනය අටුවාවේ දැක්‌වෙන්නේ මේ අයුරින්. දරු ගැබ් හටනොගන්නා ස්‌ත්‍රියක්‌ නොමැත. දරු ගැබ රඳවා ගත නොහැකි ස්‌ත්‍රිය වඳ ස්‌ත්‍රියක්‌ ලෙස හැඳින්වෙයි. සෘතුභාවයට පත් ස්‌ත්‍රි කුසෙහි පිළිසිඳ ගැනීම සිදුවන නමුත් කළලය රඳන්නේ නැත. වඳ ස්‌ත්‍රියක ලෙස හැඳින්වෙන නැතැත්තියගේ ගැබෙහි මඳ වූ කුසලයකින් පිළිසිඳ ගන්නා තැනැත්තා අකුසල විපාකයන්ට මුහුණ දෙයි. එයින් පීඩාවට පත්වන ඔහු වැනසෙයි.
( මෙතනදි කෙනෙක් කියන්න පුලුවන් මේක බොරුවක්. එහෙම නැති අය ඉන්නව කියල. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුවනම් මේක බොරු වෙන්න පුලුවන්. ඒත් මතක තියාගන්න සත්වයන් උපදින විදි හතර ඒ කියන්නේ අභ්ඩජ, ජලාබුජ, සංසේචජ, ඕපපාතික කියන හතරත් වෛද්‍ය විද්‍යාවට අහුවෙලා නෑ හරියටම. උදාහරණ විදියට දෙවියන් පහලවෙන්නෙ ඕපපාතිකව. වෛද්‍ය විද්‍යාව ඒව දකින්නෙ නෑ. එහෙනම් බුදු වදන බොරු කියන්න කාටවත් බෑ )

පිළිසිඳ ගැනීමක්‌ සිදුවූවත් දරු ගැබ රදා¹ නොපැවැතීමට හේතුවන කරුණු දෙකක්‌ ඇත. එය සිදුවන්නේ වාතය නිසා හෝ ප්‍රාණීන් නිසාය. වාතයෙන් ගැබ වියළී කළලය අතුරුදන් වෙයි. ප්‍රාණීහු කළලය කා දමති. වාතයෙන් හෝ ප්‍රාණින්ගෙන් සිදුවන කළල විනාශය වැළැක්‌වීමට බෙහෙත් කළ යුතුය. එවිට දරුගැබ පිහිටන බව සමන්තපාසාදිකාවේ සඳහන් වෙයි.
යාලුවනේ මම මෙතනදි පොඩි කථාවක් කියන්නම්. වරක් පින්වත් ස්වාමීන්වහන්සේ කෙනෙක් හමුවන්න ආව ගැහැණු කෙනෙක්. එයාගෙ පළමු දරුව ගබ්සා වෙලා. එතනින් පස්සෙ කුසට එන දරුවන් දැඩි වේදනවාවක් එක්ක ගබ්සාවෙනව. ඇතුල හූරනව වගේ දැනෙනවලු. පස්සෙ හාමුදුරුවන් වහන්සේ මේ ගැන හොයා බැලුව. මොකක්ද කාරනේ. පළමු දරුව ස්වභාවික හේතුවක් මත ගබ්සා වෙලා. එය අමනුෂ්‍යයෙක් වෙලා ඉපදිල. මෙයා ඉරිසියයි වෙන දරැවෙක් කුසට එනවට. කුසට ආවගමන් හූරල දානවලු. බලන්න මේ කථාව බුදු දහමට මොනතරම් එකග වෙනවද කියල.
අණ්‌ඩජ, ජලාබුජ, සංසේදජ හා ඕපපාතික වශයෙන් සත්ත්වයන් උපත ලබන ස්‌ථාන හතරක්‌ ගැන මජ්ධිම නිකායේ මහා සීහනාද සූත්‍රයේ දක්‌වා තියෙනව. මිනිසුන් උපදින්නේ ගර්භාෂය මුල්කරගත් ජලාබුජ සත්ත්වයකු වශයෙනි. නමුත් සුවිශේෂ සිදුවීම් කීපයක්‌ පිළිබඳ නිදසුන් ත්‍රිපිටකයේ ඇත.

දරුවකුගේ උපතට බලපාන භෞතික සාධක සම්බන්ධයෙන් ආගම්වලට මෙන්ම විද්‍යාවට ද එතරම් ගැටලුවක්‌ නොමැත. නමුත් මවුකුසේ සිටින දරුවකුට ජීව ශක්‌තිය හෙවත් ප්‍රාණය ලැබෙන්නේ කෙසේද යන ප්‍රශ්නයට එමගින් පැහැදිලි පිළිතුරක්‌ ලැබෙන්නේ නැත. බොහෝ ආගම් ඒ සඳහා මැවුම්කරුවකුගේ පිහිට ලබාගනියි. ඒ අනුව ප්‍රාණය පිඹීම මැවුම්කරු විසින් සිදුකරනු ලබන්නකි. එහෙත් ගන්ධබ්බ හා ප්‍රතිසන්ධි විඥනය සංකල්පය ඔස්‌සේ බුදුදහම එම ප්‍රශ්නයට පිළිතුරු සපයයි. උපත ලබන්නට බලාපොරොත්තු වන ගන්ධබ්බයා යනුවෙන් දැක්‌වෙන්නේ උත්පත්ති විඥනයයි. එය භෞතික තත්ත්වය ඉක්‌ම වූ අරූපී දෙයකි. තෛතරීය ආරණ්‍යයක වැනි හින්දු වේදාන්ත ග්‍රන්ථයන්හිද ගන්ධර්ව යන වචනයෙන් දරු ගැබට ඇතුළුවන ජීව ශක්‌තිය හඳුන්වා තියෙනව. එහෙත් එයින් කියෑවෙන්නේ ජීවිතයෙන් ජීවිතයට නොවෙනස්‌ව ගමන් කරන ආත්මයකි. පුනරුත්පත්තිය යනු දිරාපත් නිවස වෙනුවට නව නිවසක්‌ සකස්‌ කර ගැනීමකි. දිරාපත් ඇඳුම ඉවත් කර අලුත් ඇඳුමක්‌ අදින්නාක්‌ මෙන් ආත්මය දිරාපත් සිරුර අත්හැර අලුත් සිරුරක්‌ සොයාගැනීමකි. ජීවිතයෙන් ජීවිතයට නොවෙනස්‌ව යන ආත්මයක්‌ ඇත යන වෛදික ඉගැන්වීම් බුදුදහම පිළිගන්නේ නැත.

සිදුහත් බෝසතුන් බුදුබවට පත්වීමෙන් පසු දෙසූ “අනේක ජාති සංසාරං” යනාදී උදන් වැකියෙන් කියෑවෙන අන්දමට ජීවිතය නමැති නිවෙස ඉදිකරනු ලබන්නේ තණ්‌හා නමැති ගෙවල් සාදන්නා විසින්. බුද්ධඝෝෂ ආචාර්යයන් විශුද්ධි මාර්ගය පොතේ දක්‌වන අන්දමට දරු උපතක්‌ ඇතිවීමට කර්මය, විඤ්Æණය හා තණ්‌හාව මුල්වෙයි. කර්මය කුඹුර යි. විඤ්Æණය බීජය යි. තණ්‌හාව ජලයයි. මෙම කාරණZය මහායාන සම්ප්‍රදායට අයත් ආර්ය ශාලිස්‌තම්භක සූත්‍රයේ තවත් විස්‌තරාත්මකව සඳහන් වෙනව. කර්මය නමැති කුඹුරේ විඤ්Æණ නමැති බීජය වපුරණු ලබන්නේ අවිද්‍යාව විසිනි. මේ පැහැදිලි කිරීම්වලින් පෙනෙන්නේ භෞතික ස්‌වභාවය ඉක්‌ම වූ නවීන විද්‍යාවට හසුනොවන කරුණු ද දරු උපතකට බලපාන බවයි.

මවුකුසෙහි කළලය හටගන්නා ආකාරය පිළිබඳ ඉස්‌ලාම් ආගමිකයන්ගේ අල් කුරාණයේ කරුණු ඉදිරිපත් කර ඇත්තේ මෙසේය. අපි මැටිවල සාරයෙන් මිනිසා මැවීමු. ඉන්පසුව අපි ඔහු කිසියම් ස්‌ථානයකට ස්‌ථිරව හා තදින් සවි වූ බිඳුවක්‌ කළෙමු. පසුව අපි එම බිඳුව අලකා(Alaqah) බවට පත් කළෙමු. ඉන්පසු අපි “අලකා” මුද්ගා (Mudghah) බවට පත්කළෙමු. (අල් කුරානය 23) මෙහි “අලකා” යන වචනයෙන් 1 කූඩැල්ලා aleach….. 2 එල්ලෙන බීජයක්‌ drop of seed රුධිර කැටිය Colt blood යන අර්ථ දෙයි. මවුකුසේ මුලින්ම ඇතිවන කළලය කූඩැල්ලා වැනිය. එය ගැබ තුළ ඇලී පරපෝෂිත කූඩැල්ලකු මෙන් මවගේ රුධිරයෙන් යෑපෙන බව එයින් අදහස්‌ කෙරේ. ඝන ලේ කැටියක ස්‌වරූපයෙන් සැදුන කළලය බීජයක්‌ ලෙසින් එල්ලී පවතියි. ඒ අනුව කළලයේ මුල් අවස්‌ථාව හැඳින්වෙන “අලකා” යන්නට යොදන තේරුම් තුනම ගැලපෙයි. අල් කුරානයේ දැක්‌වෙන “මුද්ගා” (Mudghah) යන අරාබි වචනයේ තේරුම් හපන ලද ද්‍රව්‍ය යන්නයි. ලේ කැටියක්‌ මෙන් තිබුණ කළලයේ වර්ධනය එයින් දැක්‌වෙයි. එහි ඇත්තේ මස්‌ වැදැල්ලක “Lump of Flesh” ස්‌වරූපයකි. දත්වලින් සපන ලද චුයින්ගමයක්‌ පිටතට ගෙන බැලුවොත් කොඳු නාරටියක හැඩයට දත් පෙළ වැඳී ඇති අයුරු දැකිය හැක. මුද්ගා අවස්‌ථාවේ කළලය ද එබඳුය. කුරානයේ එන මෙම විස්‌තරය අගයමින් ටොරොන්ටෝ සරසවියේ මහාචාර්ය කිත් එල්. මුවර් මානවයාගේ වර්ධනය The developing human නමින් ශාස්‌ත්‍රීය ලේඛනයක්‌ ඉදිරිපත් කරල තියෙනව. යාලුවනේ ඉන්දක සූත්‍රයේ කියවෙ දේ මේහා සමානයි නේද? පළමුව ඇති උනේ බුදු දහම නම් ඉස්ලාම් ලෝකයේ සැගවුන බුදුසසුන කියන්නෙ බොරුවක් නෙවෙයි. මොකද දෙවියන් වහන්සේ මවනවනම් ඔයතරමි කර කර ඉන්න දෙයක් නෑනෙ නේද?

මවුකුසක හටගත් කළලය හඳුන්වන්නට නවීන විද්‍යාව යොදන්නේ ඉදිමුම යන අදහස දෙන ලතින් වචනයක්. මුල් සති කීපය තුළ කළලයේ ශෛල දෙගුණ සිව් ගුණ වශයෙන් බෙදෙමින් වර්ධනය වන බව කළල විද්‍යාව පෙන්වා දෙනව. පුරුෂ ජන්මානු සහ ස්‌ත්‍රි ආර්තවානු මැද පියවි ඇසට නොපෙනෙන නියුක්‌ලිස්‌ නමින් හැඳින්වෙන නූලක්‌ වැනි දෙයක්‌ පවතියනවලු. ඒ ඇතුළත තිබෙන වර්ණදේහ සෑදී තිබෙන්නේ පබළු වැලක්‌ මෙන් බැඳුණ ජාන එක්‌වීමෙනි. මෙම ජානවල තිබෙන දෙමවුපියන්ගේ පරම්පරානුගත ගති ලක්‌ෂණ දරු කළලයට එක්‌වි වෙයි. ඒ අනුව මවුපිය දෙපාර්ශ්වයට ම අයත් ජානවල ගති ලක්‌ෂණ දරුවකු තුළ පිහිටයි. පරම්පරා දෙකක්‌ යනු විශාල ජන කොටසකගේ ජාන එකතුවකි. ඒ නිසා දෙමවුපියන් තුළ නොපෙනෙන පරම්පරාගත විවිධ ගති ලක්‌ෂණ සහිත ජානයන්ය. ඒ හේතුවෙන් උපදින දරුවන්ගේ කායික දුබලතා ඇතිවන බව විද්‍යාවෙන් සොයාගෙන තියෙනව. ඒ නිසා සමීප ඥතීන් අතර විවාහයට වෛද්‍ය විද්‍යාව අනුබල නොදෙයි. රුබෙල්ලා එන්නත ලබාදෙන්නේ ජාන මගිනි. ගලා එන ආබාධිත තත්ත්වයන් වැළැක්‌වීමටය.

බුදුදහමේ දැක්‌වෙන රූප කලාප පරිණාමය නවීන විද්‍යාව සඳහන් කරන කළලයේ ශෛල බෙදී යැමට සමානය. බුදුදහම සඳහන් කරන අන්දමට පටිසන්ධි විඤ්Æනය සමග බැඳුණු කර්ම ශක්‌තිය මවුකුසේ හටගන්නා කළලයට සම්බන්ධ වෙයි. ඇතැම් ශාරීරික දුබලතා ඇතිවන්නේ ඒවායේ බලපෑමෙනි. එහෙත් බුදුදහම මවුකුසේ සිටින දරුවකුගේ සියලු සකස්‌වීම් කර්මය ට හෝ විඤ්Æණ ශක්‌තියට පවරන්නේ නැහැ. අඹ ඇටයකින් අඹ පැළයක්‌ම හටගැනීම , මවුකුසකින් මිනිස්‌ දරුවකුම බිහිවීම වැනි කරුණු නියාම ධර්මයන්ට අනුකූලව සිදුවන බව බුදුදහමේ විස්‌තරය කර තියෙනව. බුදුදහම බීජ නියාමය මගින් පෙන්වා දෙන්නේ ජානවල ක්‍රියාකාරිත්වය යි. ආරය වශයෙන් හැඳින්වෙන්නේ පරම්පරාවෙන් පිහිටන ගති ලක්‌ෂණයන්ය. ඒවා පැවැතෙන්නේ ජාන මගිනි. පුද්ගලයකු රහත් බවට පත්වූවන් කායික වශයෙන් ආරයෙන් පැවතෙන ගති සිරිත් ඔහු තුළ ඉතිරි වන්නට පුළුවන. ඇතැම් විට පෙර භවයට සම්බන්ධ ගති ලක්‌ෂණද පෙර පුරුදු වශයෙන් පවතිනව. බුදුදහමේ දක්‌වෙන පාරමිතා පිරීම වැදගත් වන්නේ සසරේ ඉදිරි ජීවිතවල ගුණ යහපත් පුද්ගලයකු වීමට ඒවා බලපාන බැවිනි. වාසනා ගුණය කියල දෙයක් ඔයාල හල ඇති. ඔය එක් එක් එහතන් වහන්සේලාගේ වාසනා ගුණය නිසයි එක් එක් රහතන් වහන්සේලාගේ සසර පුරුදු ඒ විදිහටම පවතින්නෙ. බුදුවරයෙකුට පමණයි වාසනා ගුණ නොපිහිටන්නෙ. ඒ කියන්නෙ සසරෙ පුරුදු බුදුවන භවයෙදි ඇතිවන්නෙ නෑ.

නවීන විද්‍යාව දරු උපත ගැන සියලු දේ විස්‌තර කරන්නේ භෞතික හේතු සාධක පදනම් කරගෙනයි. දරු උපතකට බලපාන කර්ම ශක්‌තිය හා පටිසන්ධි විඤ්Æණය වැනි ආගමික ඉගැන්වීම් නවීන විද්‍යාව පිළිගන්නේ නැ.

මවුපිය පරපුරේ තිබෙන කායික හා මානසික ගති ලක්‌ෂණ රෝගාබාධ ජාන මගින් දරුවන්ට උරුම වන බව පිළිගත හැකියි. නමුත් මවුකුසයෙන් බිහි වූ පසු පරිසරයෙන් දරුවකුට උරුම වන දේවල් සහජ හැකියාවන් වශයෙන් ඇතැම් දරුවන්ගෙන් මතුවන්නේ කෙසේද? යන්නට පිළිගත හැකි පිළිතුරක්‌ නවීන විද්‍යාවෙන් සපයා නැහැ. එපමණක්‌ නොව පුනර්භවය, කර්ම සිද්ධාන්තය හා පටිසන්ධි විඥනය නොපිළිගන්නා ආගම්වලට ද එයට පිළිතුරු දීමට නොහැකියි. ඔස්‌ටියෝපොරසිස්‌ රෝගය ගැන විශ්වවිද්‍යාලයන්හි වෛද්‍යවරුන්ට දේශන පවත්වන හය හැවිරිදි මෙක්‌සිකානු දරුවකු ගැන 2005 අප්‍රේල් මස වාර්තා විය. කිසිම අකුරක්‌ නොවරදවා සතිපට්‌ඨාන, ධම්මචක්‌කපවත්තන වැනි සූත්‍ර කටපාඩමින් කියූ ධම්මරුවන් නම් දරුවෙක්‌ මහනුවර සිටිය. තමා බුද්ධඝෝෂ අටුවාචාරින් සමග පැමිණි මුදිතඝෝෂ භික්‌ෂුව බව ඔහු පැවසුවේ තුන්හැවිරිදි වියේදී ය. පූර්ව ජන්මයන් පිළිබඳව පර්යේෂණ පවත්වන ඉයන් ස්‌ටීවන්සන් මහාචාර්යවරයා ද මෙම දරුවා හමුවීමට පැමිණියා. කිසිදු පෙරහුරුවක්‌ නොමැතිව ගී තනුවලට අනුව සංගීත භාණ්‌ඩ වාදනය කරන, උපත ලබා කෙටි කලකින් විදේශීය භාෂාවන් කතා කරන බිළිඳු දරුවන් ගැන ද අසන්නට ලැබෙනව. දරුවකුට මෙවැනි හැකියාවන් ලැබෙන්නේ කෙසේද එය සිදුවන අන්දම විග්‍රහ කළ හැක්‌කේ මිනිසාගේ සාංසාරික පැවැත්ම හා කර්මය පිළිගන්නා දහමකට පමණි.

ඉතින් යාලුවනේ මේ අනුව බලනකොට දරු උපත කියන්නෙ මහා රහස් කන්දරාවක් සැගවුන දෙයක්. ඔය බොහෝ දේවවාදී ආගම්වල කියන විදිහට ජීවය පිඹීමක් නෙවෙයි නේද? අපිට මේ දරු උපත පිලිබද යම් යම් සිද්ධාන්ත වෙනස්කරගන්න පුලුවන්. ඒකියන්නෙ විඤ්ඤාණය කලලය හා සම්බන්ධ වෙන වෙලාවට පින්කාර අරත්තන් ඒ හා සම්බන්ධ කරගන්න පුලුවන්. හැබැයි මස්මාංශ කරන මස්වැද්දන්ටනම් ඒවට හිතන්නත් ඉඩක් නෑ. වාසනාවන්ත දරුවන් ලබන ආකාරය ගැන මම ලිපි පලකරල තියෙනව යාලත් කියවල බලන්න යාලුවනේ. අනන්ත බුදුගුණ බලෙන් ඔබට යහපත උදාවේවා … … ..

( මහනුවර අස්‌ගිරි මහා විහාරවාසී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්ගේ ලිපියක් ඇසුරින් මේ ලිපිය පලකලෙමි. )

මින් ලබන උතුම් පුණ්‍යස්කන්ධයෝ සම්බුදු සාම සංදේශය ලොව පුරා රැගෙන යාමට අනන්ත ශක්තිය මාහට ලගා කරත්වා. මා පතන බෝධියෙන් නිවන් දැකීමටත් සසර කතරේ අතරමංව නිරා දුක් විදින අසරණයන්ද ඒමග රැගෙන යාමටත් මේ පුණ්‍යස්කන්ධයෝ පාරමිතාවක්ම වේවා. නිරන්තරයෙන් මා දිරිමත් කරන්නාවූද නොයෙක් ඇණුම් බැනුම් වලින් සංග්‍රහ කරමින් මා දිරිමත් කරන්නා වූද සියල්ලන්ටම වහ
වහා ධර්මය අවබෝධ වේවා… … …

Leave a Reply to Charitha prasade Cancel Reply

error: Content is protected by www.ifbcnet.org.