Skip to main content

පිරිතේ බලමහිමය සියැසින් දැකගන්න …

ධ්‍යාන ලාභී භික්ෂූන් වහන්සේලා අප අතර කෙ‍ාතෙකුත් සිටිති. මේ ලෝකයේ රහතුන්ද වැඩවෙසෙති.  බුදුරදුන් පෙන්වා දෙනුයේ යම් ශාසනික ආර්ය අෂ්ටාංගික මාර්ගය නොමැති නම් එහි පළමු වන ශ්‍රමණයා ද, දෙවැනි ශ්‍රමණයාද, තුන්වැනි හතරවැනි ශ්‍රමණයන් ද නොමැති බවයි. මෙහි පළමු ශ්‍රමණයා යනු රහතන් වහන්සේ ය. දෙවැනි ශ්‍රමණයා යනු අනාගාමි ආර්යයන් වහන්සේ ය. තුන්වැනි හතරවෙනි ශ්‍රමණයන් යනු සකෘදාගාමි හා සෝවාන් ආර්ය ශ්‍රමණයන්ය. බුදු සසුන තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇති හෙයින් මෙහි ශ්‍රමණයන් හතර දෙනාම වෙති. එහිදී පෙන්වා දෙනුයේ “ඉමේච සුභද්ද භික්ඛු සම්මා විහරෙයියුං න සුඤ්ඤො ලෝකො අරහත්තේහි අස්ස” භික්ෂූන් මනාකොට වාසය කරයි නම් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන වගයි.

මෙවන් අරි අටගි මගේ ගමන් කරනා පින්වත් භික්ෂූන් වහන්සේලා අදත් අප සමජයේ වැඩ සිටින බවට හොදම උදාහරණයක් මේ වීඩියෝ පටයෙන් දැක්වේ. තමන් වහන්සේගේ සිල් බලයෙන්ද,  පිරිත් බලයෙන්ද පිරිත් පැන් චලනය කරනා ආකාරය මේ වීඩියෝව මනාව පෙන්නමු කරයි.

https://www.youtube.com/watch?v=qgAdJYSzNfk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.