Skip to main content

පිරිත් සිංහල කිරීමේ අනුසස් … … …

පරිත්ත යන ශබ්දය සිංහලට නැගුනේ පිරිත් යනුවෙනි. එහි තේරුම සියලු සත්වයන්ට වන උවදුරු වැලැක්වීම යන්නයි. පිරිතේ අරමුණ එක්කෝ සත්‍ය ක්‍රියාවකි. නැතිනම් ආඥාවක් පැතිරවීමකි. පිරිත් දේශනා ඇතුලත් වන්නේ සූත්‍ර පිටකයටයි. පිරිත් භාෂිත පිරිත්, අනුදැන වදාළ පිරිත් හා පසුකාලීනව සකස්කල පිරිත් වශවයන් කොටස්වලට බෙදෙනව. විශේෂයෙන් ඔය ජය පිරිත එහෙම පසුකාලීන මහ රහතන් වහන්සේලා සකස්කල පිරිත් විදිහට ගන්න පුලුවන්. පිරිතක් කියන විට අනුගමනය කලයුතු චාරිත්‍ර ගණනාවක් තියෙනව. ඒත් එක්ක විවිධ සංස්කෘතික අංගත් අද පිරිතට එකතුවෙලා තියෙනව. කොහොම නමුත් පිරිත බුද්ධ භාෂිත වෙන්නම ඕනි.
පිරිතකින් නියම ඵල ලබන්න ඒක අත්‍යාවශ්‍යයි. ඒ විතරක් නොවෙයි නිසි ස්වරය, සජ්ජායන වේගය විතරක් නෙවෙයි පිරිත හදල තියෙන්නෙ නිසි ගණ පිහිටීම් වලට අණුවයි. එය බුදුනුවණින් දැන වදාල දේවල්. ඒකයි පිරිතක් සිංහලට පරිවර්තන කරද්දි ඒ විදිහටම කරන්න බැරි. අනික පිරිතේ එන බුද්ධ භාෂිත ස්වරය උච්චාරණය වෙන්නෙ ස්වර තුනක් උද්වීපනය වෙන විදිහටයි. හතරක් උනොත් එය රාගය උත්තේජනයට හේතු වෙනව.
යාලුවනේ අවශ්‍ය තැන්වල නිසි ස්වරය එන එක ඉතාම වැදගත්. ඔය ආටානාටිය සූත්‍රය වගේ සූත්‍ර අහල බලන්න. හාමුදුරුවරු ඒව දේශනා කරන්නෙ ඉතාම ශබ්ද නගල. බලසම්පන්න ස්වර පිටවෙන්න ඕනි. මොකද අමනුෂ්‍යයන්ට එහෙම ශබ්ද තමයි තදින් කාවදින්නෙ. ඔය නැළවිලි ගී කියල හරියන්නෙ නෑ අමනුෂ්‍යයන්ට.
ඔයාල උපන්දා ඉදල පිරිත් අහනව ඇතිනෙ. ඔයාල යන යන තැන එකම පිරිත ඇහෙනවත් ඇති. විශේෂයෙන් ඉතිපිසෝ ගාථාව, එතකොට තුන් සූත්‍රය ඉහේ කෙස් ගාණට කියවලත් ඇති. හැබැයි කවදාවත් පිරිත් අහල ඇති උනාද? පිරිත් එපා උනාද? අන්න ඒක තමයි කියන්නෙ නිසි ගණ පිහිටීම් කියල. අනිත් කාරනේ තමයි යාලුවො දැකල ඇති පිරිත් අවසන් වෙනකොට පිරිත් කලේ උතුරනව. දැකල නැත්නම් පන්සලේ හාමුදුරුවන්ගෙන් අහන්න. මම මගෙ ඇස්දෙකින් දැකල තියෙනව පිරිත් කලේ උතුරනව. ඔය සිංහල පිරිත් කියල කලේ උතුරපු තැනක් මට පෙන්යවන්න. යාලුවනේ බුදු දහම කියන්නෙ බුදු දහමට මිසක් අච්චාරුවක් නෙවෙයි. වසර 2500ක් තිස්සෙ රැකගෙන ආපු මේ පිරිත් ටිකේ අඩුපාඩු පේන්නෙ දැන්නෙ. මේ සියල්ල බුදු හාමුදුරුවො කීවෙ ශාසන අතුරැදන් වීමට හේතුවෙන දේවල් කියල. ඔලුවක් තියෙන්නෙ කල්පනා කරන්න මිසක් කාගෙවත් පදේට නටන්න නෙවෙයි. තේරැම ඕනිනම් පාඩම් කරගෙන පිරිත් අහන්න. කම්මැලිකමට ඒක සිංහලෙන් අහන්න යනව කියන්නෙ ඔබත් ශාසනේ කාල දමන කද පණුවෙක් වෙනව කියන එකයි.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.