Skip to main content

පින්වන්ත පෙම්වන්තියක් වන්න

ආයුබෝවන් යාලුවනේ. ඉතිං මොනවද අලුත් තොරතුරු. ඉතින් අපි ශාසනික වැඩ කිහිපයක්ම කරපු බව ගොඩදෙනෙක් දන්නව නෙව. මේ තියෙන්නෙ ලින්ක් එක අපේ බ්ලොග් එකේ. නිකන් ඉන්න වලොවක පොඩ්ඩක් බලන්න. අපිත් එක්ක එකතු වෙන්නත් ආරාධනා කරනව.
හොදයි.. අද අපි කථාකරන්නෙ ඉතාම වැදගත් මාතෘකාවක් පිලිබඳවයි. ඒ තමයි “පිංවන්ත පෙම්වන්තියක් ” වන්නේ කෙසේද කියන එක. පිංවන්ත පෙම්වන්තියක් වන්න ඔබත් කැමති ඇති. ( කලබල වෙන්න එපා. ඉදිරියෙදි පෙම්වන්තයන් ගැනත් කථා කරමු ) මෙතනදි අදහස් කරන්නෙ පෙම්වතාගෙ ආදරය උපරිම ලබන, හොඳ යාන වාහන අරගෙන දෙමාපියන්ගෙ ආශිර්වාදය ඇතුව විවාහ වෙන්න පුලූවන් වාසනාවක් ගැන නම් නෙවෙයි. ඔබ ලබන ප්‍රේමය, ඔබ ගතකරන පශ්චාත් ප්‍රේම කාලය නැතිනම් විවාහ ජීවිතයත් සාරථක වන විදිහට විඳින්නෙ කොහොමද කියන කාරණයයි අපිි කථා කරන්න යන්නෙ. හොඳයි ඇත්තටම පිවන්ත පෙම්වන්තියක් කියන්නෙ කවුද? පෙම්වන්තියක් හා පින්වන්ත පෙම් වන්තියක් අතර ඇති වෙනස මොකක්ද කියල පොඩ්ඩක් හොයල බලමු. රූපයේ පින්තූර ටික බලන්නකෝ … … …
හොදයි මේව බලනකොට ඔබට මොකක්ද හිතෙන්නෙ. ඇත්තටම කණගාටුදායක තත්වයක් අද සමාජය තුල නිර්මාණය වෙලා තියෙන්නෙ. ආදරය, ප්‍රේමය වගේ දේවල් ඉතාම සුන්දර දේවල් හැටියටයි සලකන්නෙ. ස්ත්‍රියක් හා පුරුෂයෙක් අතර පවතින්නා වූ ආත්මීය බැඳීමක් ලෙස ප්‍රේමය නැතිනම් ආදරය හඳුන්වන්න පුලූවන්. අපි සාමාන්‍යයෙන් පෙම්වන්තියන් කියන්නෙ විවාහ නොවූ අයට පමණයි. එහෙත් සත්‍යයනම් විවාහ වූ අයත් පෙම් වන්තියො. මොකද එයාල තමන්ගෙ සැමියට ආදරය කරනව, ප්‍රේම කරනව.

එහෙමනම් විවාහ වූ හෝ නොවූ කියන කිසිදු භේදයකින් තොරව සියලූ දෙනාට පෙම් වන්තියන් වන්න පුලූවන්. අනිත් අතට විවාහ නොවුනත් බොරුවට ප්‍රේම කරමින් පිරිමින් රවටන අයට පෙම් වන්තියො කියන්න බෑනෙ. එහෙනම් පෙම්වන්තියක් තක්සේරු කල යුත්තෙ විවාහයෙන් නොව සැබෑ ප්‍රේමයෙන් නේද? එහෙත් ඉහත ප්‍රවෘත්ති බලනකොට මම කලින් කීව ආත්මීය බැදීම මොනතරම් දුරට යථාර්ථයක් වෙලා තියෙනවද කියල ඔබම කල්පනා කරල බලන්නකො. තමන්ගෙ අනියම් පෙම්වතා සමග තමන්ගෙ සැමිය මරාදමන්න, නැත්නම් සැමිය නැතිවෙලාවට අනියම් පෙම්වතා සමග “නිල් චිත්‍රපටි ”බලන්න, ඒත් නැත්නම් පෙම්වතාගෙන් පුලූවන්තරම් දේ අරන් පසුව ඔහු අතහැරල දාන්න පුලූවන් අයට පෙම්වන්තියන් කියල කියන්න පුලූවන්ද? මම දන්න කාන්තාවක් තමන්ගෙ අනියම් පුරුෂය එක්ක එකතුවෙලා ස්වාමිපුරුෂය වාහනයකට යටකරල මරල දැම්ම. මරන මොහොතෙ වතුර ඉල්ලනකොට මේ ගෑණි අර මනුස්සයගෙ කටට මුත්‍රා කරලා. මොනතරම් තිරිසන් වැඩක්ද?
මේ සියලල්ලටම මුල වෙලා තියෙන්නෙ මොකක්ද? අධික කාමය සිත්වල ඇතිවීම. තමන්ගෙ සැමියට හෝ පෙම්වතාට වඩා, දරුවන්ට වඩා, ජීවිතයක වටිනාකමට වඩා මිනිත්තු කිහිපයක කම්සැපය ලොකුවෙලා මේ ගැහැනු මුලූ සංසාර ගමනම විනාශ කරගන්නව. ඒ විතරක්ද තමන්ගෙ දරුවන් අතරමං කරල, ජීවිත පවා නැතිවෙන තත්වයන්ට පත්වෙනව. මම කලින් ලිපිවල සඳහන් කලා නේද මිනිසත් භවය ලබන්න කොතරම් අමාරුද කියල. අර වියසිදුරෙන් කණ කැස්බෑව අහස බලන කථාව. ඉතින් ඒතරම් අමාරුවෙන් ලබාගත් මේ උත්තරීතර මනුෂ්‍ය ජීවිතයත් නැතිකරගෙන අසරණ දරු පැටව් ටිකත් නැතිකරල, නැත්නම් තමන්ගෙ පෙම්වතාගෙ ජීවිතයත් විනාශ කරන්න අද ගැහැණිය යොමුවෙලා. හොඳයි අපි බලමු පින්වන්ත පෙම්වන්තියක් වන්නෙ කොහොමද, එයින් ඔබ ලබන ප්‍රයෝජන මොනවද කියන එක. මේ සඳහා පාදක කරගැනීමට ඇති එකම මාර්ගය අති උතුම් ආර්ය ශ්‍රී සද්ධර්මයයි. බුදුරජාණන් වහන්සෙ ධර්මය දේශනාකලේ නිවන් දකින අයට පමණක් නෙවෙයි. වාසනාවන්න්ත මෙළොව ජීවිතයක්, වාසනාවන්ත පවුල් ජීවිතයක්, වාසනා වන්ත සැඳෑ සමයක් ගතකරන හැටි පැහැදිලිවම බුදු දහම තුල දක්වල තියනව. අපි මේ පිළිබඳව මදක් හොයල බලමු. බුදුදහම තුල ප්‍රේමය, ආදරය, කරුණාව කියන වචන නිතර භාවිතා වෙනවනෙ. ඒ අතරින් ස්ත්‍රිය හා පුරුෂයා අතර ඇතිවන ප්‍රේමය පිළිබඳව බුදුහිමියන් විශේෂයෙන්ම කථා කරල තියෙනව. හොඳයි මම ඔඛෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්. ඔබ ඔබේ පෙම්වතාට ආදරය කරන්නේ ඇයි ? හොඳින් හිතල බලන්න. මම කියන්නද උත්තරය. උත්තරය ඔබතුල හටගත් කාමය නිසා නේද? හරි හරි. මම දන්නව ඔබ මගේ අදහසට විරුද්ධ බව.

ඔබ කියයි ඔබ ඔහුට දක්වන්නෙ අවංක ආදරයක් කියල, ඔබ ඔහු කෙරේ දක්වන්නෙ සඳ එළිය තරම් පිවිතුරු ප්‍රේමයක් කියල. ඒ ඔබට හිතෙන හැටිනෙ. මම ඔප්පු කරන්නම් ඒක බොරුවක් කියල. හරි මට කියන්න ඔබ ඔහුගෙ කැමති මොනවටද කියල. ඔබ කැමතියි නේද ඔහුගේ රූපය දකින්න. ඔහු සමග කථා බහ කරන්නට, ඊලගට ඔහුගේ ගන්ධය විඳින්නට. (“අනේ ගන්ධයට නම් කැමැත්තක් නෑ ” කියන්න එපා. මොකද ඔබට නොතේරුනාට ඔබ ඒ ගන්ධය ඔබටත් හොරා විඳිනව. බුදුහිමියන් ඒවෙනුවෙන්ම සූත්‍ර දෙකක් දේශනා කරල තියෙනව ස්ත්‍රී ගන්ධ සූත්‍රය හා පුරිස ගන්ධ සූත්‍රය කියල. එහිදී උන්වහන්සේ දේශනා කරනව පුරුෂයාට ස්ත්‍රී ගන්ධයත්, ස්ත්‍රීයට පුරුෂ ගන්ධයත් තරම් ප්‍රීය වන්නා වූ අන් කිසිදු ගන්ධයක් මම නොදනිමි කියල. ) එතකොට ඔහුගේ රසය විඳින්න. ( ඒගැන මම කියන්න යන්නෙ නෑ. ඔබ හිතාගන්න. ) ඊලගට ඔහුගේ ස්පර්ශය විඳින්න. ඊලගට ඔහු හිතන විධියට ඔබ කැමතියි. මම හරි නේද? ඔව්. එතකොට බලන්න 01.රූප, 02.ශබ්ද, 03.ගන්ධ, 04.රස, 05.ස්පර්ශ, 06. ධම්ම ( සිතිවිලි ) කියන ඔහුගේ මේ කාරණා හයෙන් ඔබ තෘප්තිමත් වෙන්න කැමතියි නේද? ඉතින් ඔබ විඳින්නෙ කාමය නෙවෙයිද? අන්න ඒනිසයි බුදුහිමියන් දේශනා කලේ ගිහි ජීවිතය සැපවත් වෙන්න ඔබ සහ ඔහු අතර ඔය කියන කාරණා හය ගැලපෙන්න ඕනි. ඒ නිසාමයි කීවෙ නාට්‍යාංගනාවකට ගැලපෙන්නෙ ඇයව තේරුම් ගත් පුද්ගලයෙක් කියල. මම හිතනව ඔබ මා සමග එක`ග උනයි කියල. ඔය පොරොන්දම් බලනව කියන්නෙත් ඒකම තමයි
එතකොට සැමවිටම බුදුදහමින් අනුබල දෙන්නෙ දෙදෙනා ගතරකන ජීවිතය තුල අනිකාට ගැලපෙන විදිහට ජීවිතය ගතකරන්න ඔබ උත්සාහ කරන්න කියල. හැබැයි ඔබට යන්න පුලූවන් සීමාව තුල. ඒ කියන්නෙ පෙම්වතා අරක්කු බොන නිසා ඔහුට ගැලපෙන විදිහට ඉන්න ඔබත් අරක්කු බොන්න පටන් ගන්න කියල නෙවෙයි. ඔහුගේ යහපත් මාර්ගය තුල ඔබට පුලූවන් උපරිම කැපකිරීම කරන්න කියන එකයි. බුදුදහමට අනුව ප්‍රේමය පිළිබඳ වැදගත් අවස්ථා බොහොමයක්ම තියෙනව.
යම් පුද්ගලයෙක් තව කෙනෙකුට මනාප වේද, මනාප බසින් කථා කරයිද එතන මානව ප්‍රේමය උපදීන බව අංගුත්තර නිකායේ ප්‍රේම දෝෂ සූත්‍රයේ සඳහන් වෙනව. යම් පුරුෂයෙකුට ස්ත්‍රී රූපය, ස්ත්‍රී ස්පර්ශය, ස්ත්‍රී ගන්ධය තරම් වෙන කිසිදු රූපයක්, ස්පර්ෂයක්, ගන්ධයක් නැතිබව සඳහන් වෙනව.
( බුදුහිමියන් මේව දේශනා කලේ සාමාන්‍ය මිනිස්සුන්ටයි. සමලිංගිකයන් වැනි මානසික ලෙඩුන්ට නොවන බව තරයේම සිහි තබාගැනීම වැදගත් ). ඊලගට ස්ත්‍රී බන්ධන පුරුෂ බන්ධන සූත්‍රය ප්‍රේමය පිළිබඳ වැදගත් සටහනක් තබපු සූත්‍රයක්. මෙම සූත්‍රයේ සඳහන් වෙනව ප්‍රේමයක් ගොඩ නගා ගන්නා අයකු විසින් සැලකිලිමත් විය යුතු කරුණු අටක් ගැන.
01.රූපේන :- රූපය ස්ත්‍රීන් හා පුරුෂයන් වහාම බන්ධනයට ලක් කරන කරුණක්. නමුත් රූපයට මුලා නොවිය යුතුයි. ප්‍රේමය සෞන්ධර්යාත්මක දෙයක් නම් එහිදී රූප සෞන්ධර්යයට ඇලෙනවානම් එතැන ඇතිවන්නේ රාගික සිතිවිලල්ක්. රූපය වෙනස්වන දෙයක් නිසාත්, එය සදාකාලික නොවන දෙයක් වන නිසාත්, රූපය ප්‍රේමයට හේතුවන මූලික සාධකයක් කර නොගත යුතු බවයි මින් පැහැදිලි කරන්නේ. ඔබේ රූපය නිසා ඔහු ඔබකෙරේ ඇලූනොත් යම් හේතුවකින් ඔබ අවලස්සන වූ දාට ඔහු ඔබව හැර යාවි.

02.භණතේන :- ඒ කියන්නෙ කථාව. සමහර කෙනෙකුගේ කථාව ( ස්ත්‍රියක් පුරුෂයෙකුට හෝ පුරුෂයෙක් ස්ත්‍රියට ) බන්ධනය කිරීම සිද්ධවෙනව. කථාව තුල බොහෝ විට මුළාවට පත්වන කරුණු තිබිය හැකියි. සාවද්‍ය දේ තිබිය හැකියි. ව්‍යාජ දේවල් මවා පෑ හැකියි. ලස්සන වදන් වලින් මුළා කල හැකියි. ඒ නිසයි ප්‍රේමයෙදි වචනයට මුළා නොවිය යුත්තෙ.

03. හසිථේන :- මෙයින් කියැවෙන්නෙ සිනහවයි. ස්ත්‍රීන් හා පුරුෂයන් සිනහවට ආකර්ෂණය වෙනව. ඉතා දුෂ්ඨයෙකුගේ සිනහවකට උනත් ඔබ ආකර්ෂණය වෙන්න පුලූවන්. ඒ නිසා සිනහවට මුලාවී ප්‍රේමයට මුල පිරීම විනාශයට හේතුවක් වන්න පුලූවන්.

04. ගිතේන :- ගිතේන යනු කටහ`ඩයි. (කලින් කීවෙ කථාව ගැන. දෙක පටලව ගන්න එපා )කෙනෙකුගේ කටහඩත් ඔබව ආකර්ෂණය කරන්න පුලූවන්. අනෙක් කරුණුවගේම ඒය ඔබේ විනාශයට හේතුවෙන්න පුලූවන්.

05.රෝදන්තේන :- කඳුථ වලට මුළා උනත් වෙන්නෙ ඔය කාරණාවමයි. එයිනුත් ප්‍රවේසම් වන්න. අවසානය දුකක් වන්න පුලූවන්.

06. ආකප්පේන :- ආකල්පයි මෙයින් අදහස් වෙන්නෙ. විලාසිතා පිලිවෙළ, ගමන් කරන පිළිවෙළ, හිසකෙස් කපන පිළිවෙළ, හිතන පතන පිළිවෙලට ආකර්ෂණය උනොත් ඔබව විනාශ වේවි. එයින්ද මුළාවට පත් වෙන්න එපා.

07. වනභංගේන :- ඒ කියන්නෙ ප්‍රිය මනාප ආහාර ආදිය දීල ඔබව ආකර්ෂණය කරගන්න හදාවි.ඒවට ලොල් උනත් විනාශයම තමයි.

08.ඵස්සේන :- මේ කියන්නෙ ස්පර්ෂයයි. මේ ගැනනම් ගැහැණු ළමයින්ට කියන්න ඕනෙත් නැතිවෙයි. ඒත් ස්පර්ෂයට වශී වෙලා ජීවිතේම විනාශ කරගන්න යන්නනම් එපා.

බලන්න බුදුහිමියන්ගේ අනන්ත වූ ප්‍රඥාවෙ තරම. ඉතින් මොන රට හරක්ද කියන්නෙ බුදු දහම පරලොව සුගතියට පමණක් සීමාවුන ධර්මයක් කියල. අනික වෙන මොන ආගමේද මේ තරමට සහසුද්දෙන් මේව විස්තර කරල තිියෙන්නෙ. ඊලගට වැදගත් වන සූත්‍රයක් තමයි අංගුත්තර නිකායේ අට්ඨපන්නාසකයට අයත් නකුලමාතු මනාපකායික සූත්‍රය. කවුද මේ නකුල මාතා නකුල පීතා කියන්නෙ.භග්ග ජනපදයෙහි සුසංසුමාරගිර ප්‍රදේශයේ ජීවත් වූ අඹු සැමි යුවලක් මේ දෙන්න. මේ අය ඉතාම හොඳ යුගදිවියක් ගතකල දෙන්නෙක්. බුදුපියාණන් වහන්සේ නකුල මාතා හා නකුල පිතා යුවලට ඔවුන්ගේ විවාහ ජීවිතවල සාර්ථකත්වය ගැන මහත්සේ ප්‍රශසංසා කර තියෙනව. ඒනිසාම ඔවුන් ‍“පරම විස්සාසිකා ” යන ගෞරවාභිධානය බුදුපියාණන් අතින් ලදහ. එහි තේරුම “ඉතා කුලූපග පෙම්වත්තු ”යන්නයි. ඔවුන් කෙතරම් එකිනෙකාට ප්‍රේම කරනවාද යත් මතු භවයන්හිදිත් එකිනෙකා හමුවන්නට පතන බව ප්‍රකාශ කලහ. ලොව්තුරා බුදුකෙනෙකුගෙන් මෙවන් ගෞරවයක් ලැබීම ඉතාම දුර්ලභ වන අතර එය කල්ප ලක්ෂ ගණනක පැතුමක්ද වේ. බුදුහිමියන් වහන්සේ මේ දෙන්නටයි නකුලමාතු මනාපකායික සූත්‍රය. දේශනා කලේ. බුදුහිමියන් නකුල මාතාව අමතා මාතාවනි ධර්ම අටකින් යුත් ස්ත්‍රිය මරණින් මතු මනාපකායික දෙවියන් අතර ඒ කියන්නෙ නිම්මානරතී දිව්‍ය ලෝකෙ උපදින බව සඳහන් කලා. මොනවද මේ ධර්ම අට ?
01. අර්ථය කැමති වූ යහපත කැමති වූ අනුකම්පක වූ මව්පියන් විසින් අනුතම්පාව උපදවා සිය දියණියන් යම් පුරුෂයෙකුට විවාහ කර දෙයි. ඇය විවාහ වූ පසු (පුබ්බුටිඨායිනි ) තම ස්වාමි පුරුෂයාට පෙර නරගිටියි. ( පච්ඡානිපාතිනි ) ස්වාමිපුරුෂයා නිදාගත් පසුව නිදයි. ( මනාපචාරිනී ) මනාප හැසිරීම්වලින් යුක්ත වෙයි. ( ප්‍රියවාදිනී ) ප්‍රිය වචන කථා කරයි, තම ස්වාමියා කෙරෙහා මෙවැනි ප්‍රිය මනාප පැවැත්මකින් යුතු වීම භාර්යාවකට මනාපකායික දෙවියන් අතර ඉපදීමට හේතුවන පළමු කරුණ වේ.

02. යහපත් බිරිඳ ස්වාමියාගේ මවට පියාට ඔහු ගරුකරන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සත්කාර කරයි. ගරුකරයි. බුහුමන් කරයි. පුදයි. ආගන්තුකයන්ට අසුන් පනවයි, පැන්දී සත්කාරකරයි. මෙය දෙවන කරුණයි.

03. සැමියාගේ කර්මාන්තයන්හි දක්ෂ වී උපායපරීක්ෂවෙන් කටයුතු කිරීම හා මනා සංවිධානය තුන්වන ගුණාංගයයි.

04.සැමියාගේ කම්කරුවන්, දාසයන්, පණිවිඩකරුවන් කල නොකල වැඩ දැන කටයුතු කිරීම, ඔවුන්ගේ ශක්තිප්‍රමාණය අනුව කටයුතු ඛෙදාදීම, අනුභවකලයුතු දෑ නිසි අයුරින් ඛෙදා දීම සිදුකරයි. මෙය හතරවන කරුණයි.

05. සැමියා උපයන ධනය සොරකම් නොකොට මනාව ආරක්ෂා කිරීම පස්වන කරුණයි.

06.උපයන ධනය අනවශ්‍ය මාතෘකාවන් යොදා වියදම් නොකර පවුලේ යහපතට යෙදවිය යුතුයි.
07. පස්පවින් වැලකීම සත්වන කරුණයි
08.ත්‍යාගවන්තියක වීම අටවන කරුණයි. ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට දානාදී පිංකම් කිරීම අටවන කරුණයි.

මේ කරුණ අටෙන් යුතු ස්ත්‍රිය මරණින් මතු මනාපකායික දෙවියන් අතර උපදිනබව බුදුහිමි වදාල.

යහපත් පෙම්වතියක් පිළිබඳ ලොව ඇති අතිවිශිෂ්ඨතම උදාහරණය සිද්ධාර්ථ යශෝදරා ප්‍රේමයයි. දීපංකර බුදු හිමියන්ගෙන් සුමේධ තාපසයා ලෙසින් නියත විවරණ ලබද්දී සුජාතාවෝ ඒ උතුමන්ගේ බිරිඳ වීමට ප්‍රාර්ථනා කලා. එතැන් පටන් සංසාරය පුරාම මේ දෙදෙනා අඹුසැමියන් ලෙසින් හමුවුණා. එය කෙතරම් සමීප බැඳීමක්ද යත් කලන්දක ජාතකයේ ලෙහෙණකුව උපන් බෝ සතාණන්ගේ ලෙහෙණිය ලෙස උපත ලද යශෝධරාවෝ සිය දරුවන් මුහුදට වැටුණු කල ස්වාමියා හා එක්ව මුහුද ඉස හෝ දරුවන් බේරාගන්නට සැරසුණ කථාව ඔබ අසා ඇති. ලොව ඇති අති ශ්‍රේෂ්ඨතම ප්‍රේම පුරාවෘත්තයද මේ සිදුහත් යශෝධරා ප්‍රේමයයි. ස්වාමියාගේ ශ්‍රේෂ්ඨ අරමුණ වෙනුවෙන් ජීවිතය පවා පුදකල එමෙන්ම පතිවෘත්තාව දිවි දෙවෙනිකොට ආරක්ෂාකල උත්තමාවියක් යශෝධරාව. බුදුවන ආත්මයේදී පවා ඇය සිද්ධාර්ථයන් පසුපස සෙවනැල්ලක් මෙන් නැගී සිටියා. අභිණිෂ්ක්‍රමණය කරන අවස්ථාවේදී යශෝධරාවට හොරෙන් ගියාය කියන කථාව අමූලික බොරුවක්. අරිය පර්යේෂණ සූත්‍රයේ බුද්ධ වචනයෙන්ම දක්වා තිඛෙනවා “නොකැමති වූ දෙමාපියන් හ`ඩ හ`ඩා සිටිද්දී ගිහිගෙයින් නික්ම උනා ”කියල. එතකොට මේ අවස්ථාවට සියල්ල සූදානම් කරදුන්නේ යශෝධරාව බවයි පිළිගන්නා වූ මතය. බෝසතුන් ගිහිගෙයින් නික්ම යාමට ප්‍රථම යශෝධරාව දුක් වූ ආකාරය පැරණි කවියන් මෙසේ දක්වා තිබේ.

සාගර ජලය මදි හැඩුවා මා හින්දා
කීකරු ලද ලියක් මේ ලොව තුල ඇත්දා
වෙන්කර අදම යන්නේ බුදු බව හින්දා
සුන්කර කෙලෙස් දුරුකර එක සිත් පැහැදා
බලන්න උදාර අරමුණක් වෙනුවෙන් යන ස්වාමියාට සිය පුද්ගලික ලාභය නොසලකා ඉඩදුන් ආකාරය. ස්වාමියා හිස මුඩුකල බව අසා ඇයද හිස මුඩුකලා, කහවත් දරන බව අසා කහවත් දැරුවා, කටුක ආහාර වළඳන බව අසා කටුක ආහාර වරළඳුව, පාවහන් ඉවත් කලා. කියන මැසිවිල්ල හිමිහට නොඇසේවා රන්කඳ මහිමි මට සිහිනෙන් නොපෙනේවා කම්රස විීමක් නැක මම දිව්රනවා වෙන්කර ගියත් මම සීලෙහි පිහිටනවා. මේ ඇයගේ උදාරතර සිතිවිල්ලක්. බලන්න ඇයගේ පති භක්තිය කෙතරම්ද කියල. කැලේ තිඛෙන කොයි දේවත් රස වේවා මලවට බමරු මෙන් පිරිවර ඇතිවේවා අව්වේ තිඛෙන රැස්මාලා අඩුවේවා ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා සිය ස්වාමියාගේ ශ්‍රේෂ්ඨතම අරමුණ මුදුන් පත්කිරීමට සිය ආත්මය පවා කැපකල උත්රීතර උදාරතර කාන්තාවක් ලෙස යශෝධරාව හඳුන්වන්න පුලූවන්. බලන්න කෙතරම් නිර්මල ප්‍රේමයක්ද කියන එක. ඒ විතරක්ද? අනන්ත සංසාරයේ විවිධ ආත්මයන් ලබා සිය සැමියාගේ ජීවිතය වෙනුවෙන් හෝ පතිවෘත්තාව වෙනුවෙන් ජීවිතය පවා කැපකලා. සඳකිඳුරු ජාතකය සොයා බලන්න. මම නම් හිතන්නෙ පෙම්වතුන්ගෙ අත්පොතක් වගේ පාවිච්චි කකරන්න ඕනෙ ජාතකයක් මේ සඳ කිඳුරු ජාතකය. උම්මග්ග ජාතකය කිවවල බලන්න. අමරාදේවිය මොනතරම් බුද්ධිමත්ද කියල. මහඖෂධ පණ්ඩිතයන් බිරිඳක් සොයාගෙන යන අවස්ථාව බලන්න. අමරාදේවිය හමු උනහම කොහෙද යන්නෙ ඇහුව. මෙකක්ද පිළිතුර. එක දෙක කරන තැනට කෑම ගෙනයනව කීව. ඒ කොහෙද කුඹුර. වී ඇටයක් ඉස්සාම තව ලැඛෙනතැන නිසා. අපහු එනවද ඇහුව අදම. ආවොත් එන්නෑ නාවොත් නාවොත් එනව කීව. ඒ ගංවතුර ගැන කීවෙ. බුද්ධිමත්්්්්්් බව තේරුම් ගත්ත. කොහොම හරි දවසක ගෙදර ගියා. හාල් හුණ්ඩුවක් දීල කීව කැඳත් හදන්න, කැවුණුත් හදන්න, කොකිසුත් හදන්න, බතුත් උයන්න, ….. ආදී කෑම ගෙඩක් හදන්න. මම අහවල් දවසට එනව කියල. ඒ අරපිරිමැස්ම කොහොමද කියල බලන්න. ගෙදර ගිය දවසෙ ඉවසීම බැලූව. අර සියලූ ආහාර කාල බලල තූ කියල අහක දමල සියල්ල එකට කලවං කරල ඔලූවෙ හැලූව. අව්වෙ ඉන්න කීව හිටිය. හෙවනෙ ඉන්න කීව හිටිය. ඉන්පස්සෙ තමයි බිරිඳ විදිහට ගත්තෙ. එතැන් පටන් රාජ සැප ලැබුන. ඔබ මේ තත්වයට මුහුණ දුන්නොත් මොකද වෙන්නෙ? මේවයින් තමයි අපි පාඩම් ඉගෙන ගන්න ඕනි. ඔබ ඔබේ පෙම්වතාටත් ඔබේ පෙම්වතා ඔබටත් දක්වන්නේ කවර ආදරයක්ද කියා ඔබම තීරණය කරගන්න. මා කලින් පලකල විවාහය අපායට යන මාර්ගයක් වේද කියන ලිපියත් කියවල බලන්න ඒ අතරම. ප්‍රේමයේ තියෙන සුන්දරබව අද බොහෝ පෙම්වතුන් අතරින් පලාගිහින්. ඒ සියලූදෙනා අතර රාගයට කාමයට මුල්තැන හිමිවෙලා. බලන්න නවීන පෙම්වන්තයින් හැසිරෙන විධිය. ඇඳුම් අඳින විධිය. මේකද ආදරේ කියන්නෙ. එයාල හිතන් ඉන්නෙ මේ ලෝකෙ ඉන්නෙ එයාල විතරයි කියල. අම්මෙකුට දරුවෙක් එක්ක පාරෙ බැහැල යන්න බැරි විදිහට හැසිරෙන එකද ප්‍රේමය කියන්නෙ. දෙනෝදාහක් බලන් ඉද්දි අග පස`ග අතගාන එකද ප්‍රේමය කියන්නෙ. ලිංගික චර්යා එළිපිටම කරන අවස්ථා ප්‍රසිද්ධ ස්ථාන වල ඕනැතරම් දකින්න පුලූවන්. මමනම් වැඩිය එළිපහළියට යනකෙනෙක් නෙවෙයි. හැබැයි ඇස්වලින් දකිනවට වඩා හෙඳින්ම මම ඒව දන්නව. අත්තටම සමහරු මේව තලූ මර මර රසකරනව. වසර දහස් ගණනක් පැරණි ඉතිහාසයක් ඇති සිංහලයට ගහපු හෙණේ මොකක්ද කියලයි මටනම් දුක.

අනිත් අතින් ඔබ අදින ඇදුම බලන්න. කලිසම හෝ සාය ඇඳීම ඒ ඒ අයගෙ කැමැත්ත වෙන්න පුලූවන්. ඒත් දයාබර නංගියේ ඔබේ සිරුරේ තියෙන නහරවල් පවා කලිසමට පිටින් පේන්න අඳින්න තරම් තියෙන අවශ්‍යතාවය මොකක්ද? සිරුර පෙනෙන තරම් කුඩා සායවල් අදින්න තියෙන අවශ්‍ය තාවය කුමක්ද? ඔබේ හදවතට තට්ටු කරන්න. හදවතේ ගැඹුරටම යන්න. මේකට මූලික හේතුව ඔබට පෙනේවි. ඒ තමයි අනික් අය විශේශයෙන්ම පිරිමි අය තමා දෙසට ආකර්ෂණය කර ගැනීම. එහෙම නේද? ඔබ කොතරම් නෑ කිව්වත් ඇත්ත කථාව ඕකයි. ඇත්තටම මෙය මානසික ලෙඩක් බවත් අද වෛද්‍යවරු පවසනව. ඒකට කියන්නෙ ප්‍රදර්ශන කාමය කියල. මිතුරියනේ යමෙකුගේ සිතේ රගය, ද්වෙශය , මෝහය ඇති කර ගැනීම මෙන්ම ඇති කරවීමද මහත් පවකි. මහා ප්‍රජාපතී ගෝතමිය පිරිණිවන් පාන අවස්ථාවේ බුදුහිමියන්ගේ ඉල්ලීම මත අහසට පැන නැගී ප්‍රාතිහාර්ය පෑව. ඒත් අහසට පැන නැග්ගේ අසුන් ගෙන සිටි ආසනයත්් සමගයි. මන්ද උඩ බැලීමේදී අන් අයගේ සිත්වල කාමයක් ඇතිවේය කියන බිය නිසා. එහෙත් අද? යෙහෙලියනේ ඔබ නුසුදුසු ඇඳුමක් ඇඳීමේදී අන් අයට වඩා ඔබවෙත පිරිමින් ආකර්ෂණය වෙනවා සැබවි. ඒ ඔබේ ලස්සන නිසා නොවේ. ලිංගික ආශාවන් සන්තර්පණය කර ගැනීමටය. මගේ මිතුරන් සමග සිටින විට ඔවුන්ගේ අදහස් මට හොඳින් දැනේ. ( මමද ඔබට ආසන්න වයසක පසුවන නිසා මේ සම්බන්ධව කථාබහ කිරීම පහසු වී ඇත. ) හොඳින් දැනගන්න. බොහෝ දෙනා පවසන කථාවක් මම කියන්නම්. ‍“මේකි දා ගත්තනම් මාර ෆන් එකක් ගන්න තිබුණා ” වගේ වචන මගේ කණට ඇසුණු වාර අනන්තය. දැන් ඔබට වැටහෙනවාද. ඔවුන් ඔබට කිට්ටු වන්නේ ඔවුන්ගේ ලිංගික ආශාවන් සන්තෘප්ත කර ගැනීමටය. එහෙත් ඔබ සාරියක් වැනි වැදගත් ඇඳුමක් ඇඳීමේදී පිරිමින්ගේ ආකර්ෂණය අඩු උවද ඔබ කෙරේ ජනිත වන්නේ ගෞරවාන්විත හැගීමකි. ඔවුන් ඔබට අවංකව චේතනාවෙනුයි උදව් උපකාර කිරීමට පැමිණෙන්නේ. අද සිදුවන ස්ත්‍රී දූෂණ, කාන්තා අපචාරයන්ට වැඩිපුරම කාන්තා ඔබේ නුසුදුසු හැසිරීම් රටාවත් බලපාන බව බව අමතක කරන්න එපා.

මා ඔබට සුවිශේෂ කාරණයක් කියන්නම්. වරක් භාවනා යෝගී ස්වාමීන් වහන්සේ නමක් ඉදිරියේ ප්‍රේතියක් පෙනී හිටිය. ඇගේ මුහුණ කුණුවී සැරව ගලමින් වේදනා විඳිමින් සිටිය. ස්වාමීන් වහන්සේ ඇගෙන් ඊට හේතුව විමසුව. ඇය වයස අවුරුදු හතලිස් ගණනක් ගතවී තිබියදී නවීන ආලේපන ක්‍රම මගින් අඩුවයසක් ඇති පෙනුමක් ලබාගත්තා. ඇයගේ ලාමක පෙනුම මගින් පිරිමින් ආකර්ශණය කර ඔවුන්ගේ හැගීම් උත්තේජනය කලා. අවසානයේ මරණින් මතු ඇයට ලැබුණු ප්‍රතිඵලය ඔබටත් පාඩමක්. හොඳින් මතක තියාගන්න. ඔබේ පෙම්වතා මෙවැනි ඇඳුම් සඳහා ඔබව පොළඹාවි. එහෙත් අවසානය බොහොම භයානක වෙන්න පුලූවන්. අර මම කලින් සඳහන්කල ස්ත්‍රී බන්ධන පුරුෂ බන්ධන සූත්‍රයේ සඳහන් කලා වගේ ඔබේ අ`ග පස`ග බලා සතුටු වන ඔහු ඒවා වෙනස්වන විට ඔබ හැරයාවි. වෙන්ත් කාන්තාවන්ගේ පහස ලබාවි. එදාට ඔබට වෙන්නේ සුසුම් ලමින් ජීවත් වෙන්න. එහෙනම් ඔබ මතක තබා ගතයුතු වැදගත්ම කාරණය රාගය මත පදනම් වූ ආදරය පවතින්නේ ඉතාම කෙටි කාලයක්. එය අවසන් වන්නේ දුකින්. ඔබ පිංවන්තියක් නොව පව්කාරියක් කිරීමට රාගයට පුලූවන්. දැන් ඔබ කැමතියි නේද පිංවන්ත පෙම් වන්තියක් වන්න. හරි ඉහත කරුණු නැවත කියවා අවබෝධ කරගෙන පහත කරුණුත් පිළිපදින්න. ඔබට ජීවිතේ වරදින්නෙ නම් නෑ.

01. පළවෙනිම කාරණය ( ඔබ විවාහ වී නැත්නම් ) ඔබේ පෙම්වතා ඔබට කෙතරම් දුරට ගැලපෙනවාදැයි සිතන්න. ඔහු බේබද්දෙක්නම්, සිගරට් උගුඩුවෙක්නම්, අධාර්මිකයෙක්නම්, දහමට යොමු නොවූවෙක්නම් ඔහු ඔබේ ජීවිතය පමණක් නොවේ. ඔබේ සංසාර ගමනම විනාශ කරල දමාවි. ඔහු ඔබ නැතිව සියදිවි නසාගන්නට උත්සාහ කලත් ඔහු ඔබට නුසුදුසු නම් ඔබේ සංසාර ගමන කෙටිකරගනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් ඔහු අතහැරල දාන්න. පැහැදිලි කරල නිවැරදි මගට ගන්න පුලූවන්නම් හොඳයි. එහෙම නැතිව ජීවිත කාලෙම දුක් විඳල ඔබේ දරුවන්ටත් ඒදුක විඳින්න දීල අවසානයේ දරුවන් අතින් තාත්ත මැරෙන්න දෙනවට වඩා, එතනින් පස්සෙ ඔබත් නොවිඳිනා දුක් විඳල අවසානෙ සතර අපාගතවෙනවට වඩා, ඔබේ අම්මල තාත්තලට පවා මහ දුකක් දෙනවට වඩා, සියලූ දෙනාගේ යහපත තකා ඔහු අතෑරල දාන්න.

02.නිතරම තමන්ට සුදුසු ඇඳුම් අඳින්න. ඇඳුම ඔබේ චරිතයේ කැඩපතක් බව සිහි තබාගන්න. ඔබ සුදුසු ඇඳුමින් සැරසුන විට සියල්ලන් ඔබ දෙස බලන්නේ ගෞරවය මුසු හැගීමකින්. නැතිනම් කෙටිකාලීන පාපතර තෘප්තියකට ගොස් ඔබේ ජීවිතයම විනාශ කරන්න ඔබේ ඇඳුම සමත් වේවි.
03. නිරන්තරවම ධර්මයට නැඹුරුවන්න. ඔබේ පෙම්වතා ඔබට නිරන්තරයෙන් ආදරය කරාවි. ඔබට සිතින් වන්දනා කරාවි. එය කාමුක ආදරයට වඩා ඉතා ශක්තිමත් බැඳීමක් වනවාට සැකනැහැ. අනික මස් මාංශ භක්ෂණය ඔබේ ජීවිතයෙන් ඈතට පන්නා දමන්න. එය ඔබේ දෙලොවම යහපත් කරාවි.

04.විශාඛාව, බන්ධුල මල්ලිකාව, විහාර මහාද්විය ආදී කාන්තාවන්ගේ උදාර චරිත ඔබේ ජීවිතයට එක්කරගන්න. විශාකාවට පියාණන්ගෙන් ලද අවවාද, බුදුහිමියන් විවාහ අපේක්ෂක කාන්තාවන්ට දුන් අවවාද ආදිය මගෙ කලින් ලිපිවල ඇති. කියවල බලන්න. පුහු ආටෝපයෙන් ඔබේ ජීවිතය විනාශකරගන්න එපා.

05. ලොව අන් කිසිදු ජාතියකට වඩා සිංහල ඔබ වාසනාවන්ත කාන්තාවක් බව මතක තබාගන්න. රාවණ පරපුරේ සිට උත්තම ජාතියක් බිහිකල මවුවරු ඔබයි. දුටුගැමුණු පරපුර බිහිවූයේ ඔඛෙන්. කුඩාපෙළ, වාරියපොළ ස`ග පරපුර බිහිවූයේ ඔඛෙන් බව මතක තබාගන්න. ඒ උත්තම ජාතියේ අනාගතය බාර ඔබට බව අමතක කරන්න එපා.

06. ලෝකය පවතින්නේ මවගේ කිරිවලිනුත් හිරුගේ රුස්වලිනුත් බව අමතක කරන්න එපා. ලෝකය පවතින්නේ ඔබේ අතේයි. ඒනිසාමයි කියන්නෙ තොටිල්ල පදවන අතට ලෝකය ගමන් කරනව කියල.

07.ඔබ කාමයෙන් අන්ධ උනොත් ඔබේ දරු පරපුර ගැන හිතන්න දෙයක් නෑ. ගහේ කටු උල්කල මනාද කියන්නෙ නිකමට නෙවෙයිනෙ නේද? ඔබ ගුණගරුක නොවුනොත් අන්තිමට යන්න මහලූ මඩමකුත් දැන්මම හොයාගන්න.

මෙවන් උදාරතර අයුරින් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න උත්හාහ කරන්න. ඔබ යන තැන ඔබට කිරි උතුරාවි. නැන්ද මාම ඔබට දූවරන්ට මෙන් සලකාවි. මරණින් මතු දේව ආත්මයන්ම ඔබට හිමිවේවි.
තීරණය ඔබ අතේ… …

ඔබ මේ ලිපියෙන් යම් තරමකින් හො ධර්මය පිලිබද වැටහීමක් ලැබුවානම් ඒ පින් බෙලෙන් මා බලාපොරොත්තුවන ලෝක ශාසනික කටයුතු තව දුරටත් සිදු කිරිමට අප්‍රමාණ ශක්තිය ලැබේවා. ලෝ පුරා සදහම් වැසි වස්සවමින් නොමග ගිය මිනිසුන් සුමගට යොමු කිරීමට අවශය සියලු ශක්තිය මෙන්ම පහසුකම්ද ලැබේවා. කෙලවර මා පතන බෝධියෙන් නිවන් දකිමින් අසරන ලෝ සතුන් දුකින් මුදවාලන්නට මේ පින් පාරමිතාවක්ම වේවා.

මීට සත්වයාගේ හිතසුව කැමති එරන්දද සිල්වා

Join the discussion 2 Comments

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.