Skip to main content

දුටුගැමුණු රජු භාවිත කල ආරක්ෂක ගාථා. බුද්ධෝ තිලෝක සරණෝ … – Buddhi thiloka sarano …

0319

 

බුද්ධෝ තිලෝක සරණෝ තේරුම

බුදුසමිදුන්මය තිලොවට සරණේ
ඝනදුර දුරලන දින රද ලෙසිනේ
බුද්ධ රත්නයේ සරණ විනා ලෝ
සුරැකීමට අන් මගක් නැතේ
සරණ පතා මා සමිදුන් වෙත යමී
එසද සිතේ මට බයක් නොවේ …

ධර්මයමයි මේ තිලොවට සරණේ
ඝනදුර දුරලන දින රද ලෙසිනේ
ධම්ම රත්නයේ සරණ විනා ලෝ
සුරැකීමට අන් මගක් නැතේ
සරණ පතා මා සදහම් වෙත යමී
එසද සිතේ මට බයක් නොවේ …

සංඝරත්නයයි තිලොවට සරණේ
ඝනදුර දුරලන දින රද ලෙසිනේ
සංඝ රත්නයේ සරණ විනා ලෝ
සුරැකීමට අන් මගක් නැතේ
සරණ පතා මා මහසග වෙත යමී
එසද සිතේ මට බයක් නොවේ …

 

බුද්ධෝ තිලෝක සරණෙ‍ේ … – Buddhi thiloka sarano …

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.