Skip to main content

දරුවන් නැති අය මේ ලිපිය කියවන්න …

By December 8, 2015June 13th, 2016සිරි සදහම් ( Dhamma)

හොඳයි යාලුවනේ, අදත් මම ඔයාලට කියන්න යන්නෙ පිළිවෙත් ක්‍රමයක් ගැන. දරුඵල නැති දෙමාපියන් ඉන්නෙ පුදුම වේදනාවකින්නෙ නේද? එයාලට සහනයක් ලබාදෙන්න පු`ථවන්නම් හරිම පිනක් නේද? අනික සමහර යහ`ථවො මගෙන් ඉල්ලීම් කරල තිබුන මේගැන සටහනක් දෙන්න කියල.
බොහෝ දෙනෙක් කියන කාරනයක් තමයි බුදු දහම කියන්නෙ පරලොව සුභ සිද්ධිය සදහා පමණක් තියෙන ආගමක් කියන කාරනය. බුදු දහම තරම් ප්‍රායෝගික දහමක් මේ හිශ්වය තුල හොයන්නනම් ලැඛෙන්නෙ නෑ. බුදු දහම කියන්නෙ තමා තමාට ආලෝකයක් කරගෙන වෙසෙන දහමක් බව ඔබ තේරුම් ගතයුතුයි. මෙතන ” බුදු දහම ප්‍රායෝගික ජීවිතයට” කියල තිබුනට බුදු දහම තියෙන්නෙ දරුවො නැති අයට දරුවො දෙන්න නෙවෙයි. ඒකයි කලින් කිව්වෙ පිලිවෙතක් කියල. ධර්මය රකින්නා ධර්මය විසින් ආරක්ෂා කරනව කියන්නෙ ඒකයි.

මීලගට පලකෙරෙන ලිපියක් තියෙනව වාසනාවන්ත දරුවන් ලබන්නේ කෙසේද කියල. හොඳයි, අපි දැන් මාතෘකාවට බහිමු.

දරුවන් නැති අය දරුවන් ලබන්නේ කෙසේද?
යහලුවනේ, මෙතනදි අපිට ඉතා වැදගත් වෙනව තුන්ලෝකාග්‍ර අමාමෑණී සම්බුදු පියාණන් වහන්සෙගේ අදහස්. මොකද තුන්කල් බලා වදාරණ උන්වහන්සෙ දේශනා කරපු නිසිම දෙයක් වෙනස් උනෙත් නෑ, වෙලත් නෑ, වෙන්නෙත් නෑ. අන්න ඒනිසයි ඒ අදහස් ඉතාම නිවැරදි වෙන්නෙ. දරුවන් නොලැබීමට මූලික හේතුව ලෙස උන්වහන්සෙ දේශනා කරන්නෙ පෙර කරපු අකුසල්. ඊට අමතරව පාරිසරික හේතු, ශාරීරික හේතු ආදියත් බලපානව. උදාහරණයක් විදිහට අධික උෂ්ණ පරිසරයක බර වැඩකරන කාන්තාවකට දරුඵල පිහිටන්නෙ නැති වෙන්න පුලූවන්. ඒව කර්මය විදිහට ගන්න බෑනෙ. නැත්නම් නිතරම කන්න තියෙන්නෙ නුසුදුසු ආහාරනම් ඒව මගින් ශුක්‍ර හෝ ඩිම්බ විනාශ කරනව නම් දරුඵල පිහිටන්නෙ නෑ. වැලිමුව මස්, වගේ කෑම කෑවොත් කළලෙ ගබ්සා වෙනව. ගබ්සාවෙන කෑම තව තියෙනව. ඒවා කියන්න බෑ. අපේ අක්කල ඒව යොදාගනී හිතා මතා ගබ්සා කරගන්න. ඒව දරුඵල බලාපොරොත්තුවන ඔබට දැනගන්න අවශ්‍ය නැත්තෙ ඒ ආහාර බැරිවෙලා කැවෙන්න තරම් සුලභ නෑ. හිතාමතා කෑවොත් මිසක. ඉතින් මම කීව වගේ ඔය සියලූම හේතූන් බලපානව දරු ඵල නැතිවෙන්න. අනික ගර්භාෂයෙ ප්‍රශ්න වගේම පුරුෂයගෙ ගැටලූත් තියෙනව. ගර්භාෂය දරු ඵල පිහිටන්න නුසුදුසුනම් මොන දේ කලත් හරියන්නෙ නෑ. පුරුෂ ශ=ක්‍රාණු ඛෙහෙත් වලින් යථා තත්වයට ගන්න බැරිනම්, ලිංගික හැසිරීමට පුරුෂ අවයවය ප්‍රමාණවත් නැත්නම් මොනදේ කලත් ඵලක් නෑ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද?

හරි. එතකොට අපි දන්නව බටහිර වෛද්‍ය විද්‍යාව වගේම සිංහල වෙදකමේත් තියෙනව දරුඵල ලබන්න ඛෙහෙත් හේත්. ඒ බේත් වර්ග හරි. එතනදි අම්මගෙ පැත්තෙ හරි තාත්තගෙ පැත්තෙ හරි දුර්වල කමක් තියෙනවනම් ඒවට සුදුසු ඛෙහෙත් තියෙනව. දැන් ගැටලූව තියෙන්නෙ ඛෙහෙත් හේත් දීල කරන්න තියෙන සියලූ පරීක්ෂණත් කරල ඒවයිනුත් සමත්වෙලාත් අවසානෙ දරුවෙක් නැති එකයි. අන්න එතකොටයි අපේ ඈයන්ට බෝ ගහ මතක්වෙන්නෙ. දේවාලෙ මතක් වෙන්නෙ. ඉතින් බෝ ගහේ මුල් කුණුවෙනකම් වතුර වක්කරනව. කොළ පේන්නෙ නෑ කොඩි. ඒව කර කර පරණ ජීවන චර්යාවමයි. වැඩක් වෙයිද? ඔන්න එහෙනම් මම කියන්නම් දරුඵල ලබාගන්න ක්‍රමයක්. හැබැයි අර කීව වගේ කරන්න ඕනි පරීක්ෂණ ටික කරල අම්මගෙ තාත්තගෙ ගැටලූවක් නැත්නම් හෝ තියෙන ගැටලූ බේත් වලින් ඉවත් කරලත් දරුවන් නැතිනම් තමයි මේව හරියන්නෙ. එහෙම නැතිව ගර්භාෂය නැති අම්මල මේව කලා කියල දරුවො ලබන්නෙ නෑ.

1. ඉස්සරලම දරුවෙකු ලබාගන්න අවශ්‍ය ඕනෑම කැපකිරීමක් කරන්න අම්මයි තාත්තයි එකිනෙකාට පොරොන්දු වෙන්න ඕනැ. ඔබේ ස්වාමියට හෝ භාර්යාවට නැත්නම් ඔබට උවමනාවක් නැත්නම් වැඩේ කෙරෙන් නෑ.

2. ඔබ සහ ඔබේ සහකරු හෝ සහකාරිය අනිවාර්යයෙන්ම මාංශ භක්ෂණයෙන් වලකින්න ඕනි. අඩුම තරමින් අවුරුදු පහ හයක්. මොකද දරුවන් ලැබුවත් ඒ අයට මස් මාංශ මිශ්‍රිත කුණුලේ කිරිකරල දුන්නත් හො`ද නෑ බොන්න. අනිත් කාරණේ අපි කරන්න යන වැඩේ ( දරුවන් ලැබීම )ට දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය අත්‍යාවශ්‍යයි. සමහරු අහනව උම්මලකඩ බිත්තරවත් එපාද කියල. මම නම් කේක් කන එකවත් අනුමත කරන්නෙ නෑ. ඒකටත් බිත්තර කලවන් නිසා. ( “අනේ ඒවත් නොකා හිටියහැකිද? ” කියල අහන්න නම් එපා. බැරිනම් වැඩේ අතෑරල දාන්න ) සත්ව ආහාරවලින් සුදුසු එළකිරි හෝ එ`ථ කිරි වගේ දියර කිරි පමණයි.

3. බුදුහාමුදුරුවො දේශනා කලේ වරක්, කන්න දෙයක් නැතිව කුරු`ථ බිත්තර කාපු මනුස්සයෙකුට දරු ඵල නැති වුණාලූ. උන්වහන්සෙ නොකිය කියන කථාව තේරුනානෙ. ඔබත් පෙර භවයක සතුන්ගෙ පැටව් මරල, ගැබිනි සතුන්ට හිංසා කරල ඇති. හැබැයි ඔබ වාසනාවන්තයි. ඇයි දන්නවද? දරුවන් නැතත් දරුවන් ලබන්න සුදුසු තත්වයක පසුවන දෙමාපියන් වීම ගැන. සමහර විට ඔබ පෙර භවයක කල අකුසල් ගෙවිල අවසාන කොටස මේ භවයෙදි ගෙවනව වෙන්නත් පුලූවන්. ඒනිසා පොඩි සමාවක් ගන්න පුලූවන් වෙයි. දරුවන් ලබන්න පිළිවෙත් කරන අතරෙ මස් මාංශ අනුභවය කිසිම ඵලක් නැති දෙයක්. හෝද හෝද මඩේ දානව වගේ වැඩක්. ඒවයින් වලකිනව වගේම වලකින්න සහය දක්වන කර්ම කරන්න ඕනි. ඒ කියන්නෙ සතුන්ගෙ පණ ආරක්ෂා කරන්න ඕනි. කොටින්ම මී වසංගතේ කියල වස විස තියන්නවත්, මදුරුවො මකුණො කියල විෂ වර්ග ඉහින්න වත් එපා. හේතුව තමයි අපි කලින් කල වැරදි වලට මේ දරුවන් නැතිව දුක් විඳින්නෙ. අරවගේ පවු ඔබට ඉක්මනින් ප්‍රතිචාර දක්වනව. ඔබේ වැඩේ කඩාකප්පල් කරන්න බලන් ඉන්න අමනුෂ්‍ය බලවේගවලට මේක හොඳ පල්ලමක් වේවි. මදුරුවො මකු=ණො වැඩිනම් සාම්බ්‍රානි හෝ සුවඳ දුම් ස්වල්පයක් අල්ලන්න. උන් මගහැරල යයි. මීයා ඉන්නවනම් වටපිටාව පිරිසිදු කරල දාන්න. උන්ගෙ ගමන් මාර්ග වසා දමන්න. මරන්නම ඕනෙ නෑ.

4. පුංචි ලස්සන බබාලගෙ පිංතූර නිතර පෙනෙන තැන්වල ගසා තබන්න පු`ථවන්නම් හරි වටිනව. මොකද මනසට අරමුණ නිතර මතක් වෙන්න දෙන්න ඕනෙ නිසා.

5. අනවශ්‍ය ආහාර වලින් වලකින්නත් ඕනි. විශේෂයෙන්ම ක්ෂණික ආහාර වගේ දේවල් වලට පුරුදුවෙලා ඔබගේ ලේ විෂ කරගන්න එපා. ඉතාම පිරිසිදු එඵව`ථ හා පළතුරු වර්ග විශේෂයෙන් කෘෂි රසායන වලින් තොර ආහාර ගැනීම වැදගත්. ගොටුකොළ සම්බෝල වගේ දේවල් හරිම වැදගත් ලේ ධාතුව වර්ධනයට. මේවගේ හැකිතරම් ශරීරයට හිතකර ගූණදායි ආහාර ගන්න. ශ=ක්‍ර ධාතුව වගේම ඩිම්බ වලට හානිදායක ආහාර වර්ගනම් ගන්න එපා. වශෛ්ෂයෙන්ම අන්නාසි, තක්කාලි, අච්චාරු වගේ දේවල්’ ගහකට කොච්චර වතුර පොහොර දැම්මත් උඩින් කපනවනම් ගහ හැදෙන්නෙ නෑ වගේ මොන පිළිවෙත් කලත් හරියන්නෙ නෑ මූලික සාධක විනාශ කරල.

හරි දැන් කියපු දේවල් වගේම ඔලූවත් කල්පනා කරල ඔය කියපු පරිසරය ඉස්සරල හදන්න ඕනි. දැන් පහත පිළිවෙත් ටික කරන්න බලමු. මේටික ඉතාම වැදගත්. හැබැයි එහෙම කියල කලින් ඒව අත්හැරියොත් බෑ කියලත් බුද්ධිමත් ඔබ තේරුම් ගන්නම ඕනි.

7 . පළමුවෙන් ඔබේ ආධ්‍යාත්මය පිරිසිදු කරගන්න. ඒකට එක එක ක්‍රම විවිධ පුද්ගලයො ගාව තියෙනව කියල කියනව. උදාහරණ ලෙස යෝගී භාවනා වගේ. ඒත් නියම ක්‍රමය තමයි පංචශීලය ආරක්ෂා කරන එක. “ අනේ ඔච්චර දේවල් කරන්න පුලුවන්ද? ˜ කියල අහන්නත් එපා. මෙච්චර දගලන්න වෙන්නෙ ඔබ පෙර භවයකදි කරපු වරදක් නිසා පත්වෙලා තියෙන තත්වෙන් ගොඩ එන්න. ඒකට සාමාන්‍ය මවුපිය දෙපළක් කරන වැඩ වලට වඩා කැපවීම් කරන්නම වෙනව. බැරිනම් කලින් කීව වගේ අදහස අත්හැරල දාන්න.

8. අනවශ්‍ය ප්‍රශ්නනම් ඔලූවෙ තියාගෙන දගලන්න යන්න එපා. නිතරම බුදුගුණ මෙනෙහි කරන්න. බුදුහාමුදුරුවන්ගෙ ධම්මවිලාසී චරිතය සිත ඉබේම සන්සුන් කරනව. සිතේ මෛත්‍රිය පුරුදු කරන්න. මේ අයුරින් සිත හැමවිටම බුදුකුටියක් බවට පත්කරගන්න. මම කලින් කිව්ව වගේ දෙදෙනාම එකම අරමුණක විය යුතුයි. ඒකියන්නෙ දෙන්නම මේව කරන්න ඕනි. මේ විදිහට ආධ්‍යාත්මික සංහිඳියාව ඇතිකරගන්න. ඉදිරියෙදි කියන්නම් ඒකෙන් ප්‍රයෝජනය ගන්න විධිය.

9. ගෘහ ජීවිතය තුල ලිංගික නිදහස තියෙනව තමයි. හැබැයි සලල්ලාල ජීවිත ගතකරන්න යන්න එපා මේ කාලෙදි නම්. ඒව හිතේ හිරකරන් දුක් විඳින්න යන්නත් එපා. දහමට අවනත වනවිට සිත ඉබේම සංසිෙඳයි. සාමාන්‍ය එකතුවීම් කලාට කමක් නෑ. ඒත් දැන්ම දරුවෙකු ගැන හිතන්න යන්නෙපා. ඉදිරියෙදි මම සුදුසු වෙලාව කියන්නම්…

10. කිසිම සතෙකුට හිංසා කරන්න එපා කියල මම කලින්ම කීව. විශේෂයෙන්ම ගැබ්බර සතුන්ට, පැටව් ලැබූ සතුන්ට, කුඹල් ගෙවල්වලට කිසිදු හානියක් කරන්නනම් එපා. ඒවගේ අය හොය හොයා ගිහින් පිහිට වෙන්න. උන්ට කෑම බීම, අව්වැසි ආවරණ අවශ්‍යනම් ඒ ආවරණය ආදිය ලබාදෙන්න. සතෙකුගෙ පැටියෙකුට උනත් තමන්ගෙ දරුවෙක් කියල හිතාන පු`ථවන් සීමාව ඇතුලෙ සලකන්න. ( පුලූවන් සීමාවෙ කිව්වෙ බලූපැටව් ඇඳේ තියාන සලකන්න බැරි නිසා )

11. පතිවෘත්ත භාවය පණ දෙවෙනිකොට රකින්න ඕනැ කාරණයක්. මෙක පංචශීලයේ තුන්වන ශික්ෂාපදයෙ උච්චතම අවස්ථාව කිව්වොත් නිවැරදි. ඒ කියන්නෙ සිහිනෙන්වත් අන් සැමියෙක් පිළිබඳ හිතන්න එපා. පුරුද්දට හිත ගියත් වහාම සිතිවිලි වෙනස් කරන්න උත්සාහ කරන්න. මේවගෙන් ප්‍රයෝජන ගන්න හැටි ඉස්සරහට මම කියන්නම්.

12. හඳහන බලල අපල තියෙනවනම් සුදුසු යන්ත්‍රයක් වගේ පැළඳගන්න. පු`ථවන්නම් රතන සූත්‍රය වැනි තෙරුවන් ගුණයට අදාල යන්ත්‍රයක් පළඳින්න. ඒවායින් දරුගැබට එල්ලවන අමනුෂ්‍ය බලපෑම් දුරුකරගන්න පුලූවන්. වරක් අම්මකෙනෙකුගෙ සියලූ අවශ්‍යතා යහමින් තිබුනත්, සියලූ පරීක්ෂණවලින් සමත් උනත් දරුගබ් කිහිපයක් ගබ්සා උනා. එකක්වත් පිහිටියෙ නෑ. ඒකට වෛද්‍යවරු කොතරම් පිලිවෙත් කලත් හරිගියෙ නෑ. හේතුව හොයාගත්තෙ හාමුදුරුවන් වහන්සේ කෙනෙක්. මොකක්ද දන්නවද? පළමු දරුව මොකක්හරි ස්වභාවික හේතුවකින් ගබ්සා වෙලා. එතැන් ඉඳල එයාගෙ ආත්මය ආයිත් බඩට එන්න හදනව. නමුත් ඊට වඩා බලගතු ආත්ම අම්මගෙ කුසට එනව. එතකොට මෙයා බඩට රිංගල ඒ කලලය විනාශ කරනව. අම්මට ඒක දැනෙන්නෙ ඇතුලෙ කවුද හූරනව වගේ. ඕක ඇත්ත කථාවක් කැමති කෙනෙක් විශ්වාස කරන්න. ඒ හාමුදුරුවො ගැනත් විස්තර කියන්නම්. කියවගෙන යන්නකො ඔහොම.

ඔන්න කලින් කියපු විදිහට මාස හයහතක් විතර පිළිවෙත් පුරල හොඳ චිත්ත පාරිශ=ද්ධියක් ඇතිකරගන්න. ඇසළ මාසය පිළිසිඳගන්න ඉතාම හොඳ මාසයක්. මොකද දන්නවද? උපත සිදුවන්නෙ වෙසක් මාසෙ නිසා. ඉතාම පුණ්‍යවන්ත දරුවන් බිහිවන්නෙ මේ මාසයෙදි. විශේෂයෙන් අපෙ`්ල්, මැයි, ජුනි කියන්නෙ දරු උපත්වලට සුදුසුම මාස. ඉතින් නිතර යන්න එන්න පහසු පූජනීයත්වයෙන් ඉහළ මට්ටමේ බෝධීන් වහන්සේ නමක් ල`ගට ගිහින් දින හතක් හෝ විසි එකක් බෝධිපූජා පවත්වන්න. ඉතා සිල්වත් හාමුදුරුනමක් හෝ මෙහෙණින් වහන්සේ නමක් හෝ බැරිමනම් ඉතාහොඳින් සිල් ආරක්ෂාකරන උපාසක අම්ම කෙනෙක් ( කිරි අම්මාවරු දානෙට යන ප්‍රධාන කිරිඅම්ම කෙනෙක් ) හරි
හොඳයි.
දැන් අදාල බෝධිපූජා එහෙම කරල අර බෝධි පූජාව කරපු කෙනාට කියල සත්‍යක්‍රියා කරවන්න. “ ඔබ අනන්ත බුදුගුණයට අප්‍රමාණව පූජා පැවැත්තුව, අසවල් දින පටන් කිසිදු ප්‍රාණියෙකුට අබමල් රේණුවක හිංසාවක් පීඩාවක් කලේ නෑ, මේ කාලය තුල අනන්තවත් සතුන් මරණින් නිදහස් කලා, හරකුන්, කකුලන්, එ`ථවන්, පරෙයියන්,ගිරවුන්,…. ආදී සතුන් මෙතරම් ප්‍රමාණක් ඔබේ ශක්තිප්‍රමාණයෙන් නිදහස් කලා, කිරි දෙන අම්මාවරුන්ට පමණක් නොවෙයි, ගැබ්බර අම්මමාවරුන්ට ජාති භේදයක්, කුල භේදයක්, පංති භේදයක්, විතරක් නොවෙයි සතා සීපාවා කියල පවා වෙනසක් නැතිව ඔබ සැමට එකවගෙ සැලකුව. ඔබ යශෝධරාවක් වගෙ පතිවත රැක්ක. විශාකාවක්වගෙ චරිතය ආරක්ෂා කලා, බෝසත් මව්කෙනෙක් වගේ සීලාදී ගුණදම් පිරුව, සියලූ සත්වයන්ට මෛත්‍රී කලා, කිසිදු සතෙකුගෙන් මරණබියෙන් වෙව්ල වෙව්ලා ජීවිතය බිලිදීල ලබාගත් අබමල් රේණුවක් තරම් මස් කැබැල්ලක් ඔබ දැන දැන ආහාරයට ගත්තෙ නෑ. කිසිදු ප්‍රාණියෙකුගෙවත්,
ඔවුන්ගෙ මවු දෙමාපිය, ඥාතියෙකුගෙවත් ඇසට කඳුලක් දුකක් එන දෙයක් ඔබ සිදුකලේ නෑ. බුද්ධාදී මහෝත්තමයන් අනුගමනය කල ශ්‍රේෂඨ ආර්ය ප්‍රතිපදාව ඔබ ඔබේ ස්වාමියා සමග එක් සිත්ව ගතකලා. ඔබ නිවන්මගෙහි වඩින උතුමන් වෙනුවෙන් සංඝ දක්ෂිණා පැවැත්වූවා. දිනපතා බුදුපාමොක් මහ ස`ගපරපුර වෙනුවෙන් දානාදී පිංකම් ඔබේ ශක්තිප්‍රමාණයෙන් පැවැත්වූවා. මෙලොව උත්තරීතරම සු`ගන්ධය වන සිල් සුවඳින් නිති සැරසී සිටිය. ……….. මේ සියල්ල සත්‍යයයි. ඒ සත්‍යය බලෙන් ඔබට බුද්ධ, ධම්ම, සංඝ යන ති්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන්ද, මතු බුදුවන මිත්‍රමෛත්‍රි බෝසත් පියාණන්ගේ අනන්ත කරුණාවෙන්ද, විරූඨ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාෂ්ඨ ආදී නම් වූ සතරවරම් දේවාශීර්වාදයෙන්ද, සක්දෙව්රාජෝත්තමයන් වහන්සේ ප්‍රමුඛ සමන්දේව රාජයන්, දැඩිමුණ්ඩ දේවතාවුන්, විභීෂණාදී අල්පේෂාක්‍ය මහේෂාක්‍ය ආදී දේව මණ්ඩලයන්ගේ ආනුභාවයෙන්ද ව්‍යවහාරයෙහි පවතින්නා වූ විෂ්ණු, කතරගම පත්තිනි ආදී දේව සමූහයාගේ අනුභාවයෙන්ද මා (පූජාව කරනා අය) විසින් රක්නා අනන්තවූ සීලාදී ගුණ ධර්මානුභාවයෙන්ද ඔබගේ සියලූ අදහස් ඉටුවේවා… ඔබ ප්‍රාර්ථනා කරන අයුරින්ම, දිව්‍ය, බ්‍රහ්මාදී ලෝකයන්හි වැඩවෙසෙන අනන්ත පින් ඇති මෙලොව උපදින්නට මවු කුසක් සොයන උතුමන්ට ඔබේ කුස තිඹිරි ගෙයක් වේවා.
මෙලෙස සත්‍යක්‍රියා කිරීමට පෙර ඒවන් පිංකම් සිදුකර තිබීම අනිවාර්යම කාරණයක්. උදාහරණයක් ලෙස ගවයන් නිදහස් කිරීමේ කාරණය සිහිපත් කරන්න පෙර එවන් පිංකම් ඔබ සිදුකර තිබිය යුතුයි. ඔබ කල පිං පිළිබද පූජාව තබන්නා අනිවාරයෙන්ම දැනුවත් කරන්න.

ඒ සමගම එය ඔබද ඒ අයුරින්ම සත්‍යක්‍රියා කරන්න. හැබැයි ඔබ ඔබේ කටයුතු නිසිපරිදි සිදුකර තිබිය යුතුයි. මෙය කියවන විට මා මෙය සිදුකලේ නැතැයි යන්න සිතට දැනුනහොත් සියල්ල හමාරය. සියල්ල නිසිපරිදි සිදුකර ඇත්නම් මේ සත්‍යක්‍රියාවේදී ඔබේ ඇසට කඳු`ථ උනන බවනම් ඒකාන්තයි. සියල්ල නිවැරදිනම් ඔබට පිංඇති පුතණුවෙක් හෝ දුවක් ඔබේ ප්‍රාර්ථනය අනුව ලැබේවි. බොහෝවිට උසස් ලොකවල වැඩවිසූ උතුමන් මනුලොවට වැඩමවීමට පූජනීය ස්ථාන ඇසුරුකරමින් වැඩහිඳී. ඒ උතුමකු හෝ ඔබේ සත්‍යක්‍රියාවට ඇහුම්කන්දී උතුම් ස්ථානයක සිටින උතුමෙකු හෝ අනිවාර්යෙන් ඔබකුසට එනබව නම් සහතිකයි. ඔබ නිරුතුරුවම එකම පූජනීය ස්ථානයකට පමණක් යන්නත් වගබලාගන්න. හැබැයි මා මුලින් කියූ පරිදි ඔබ සියලූ අංගයන්ගෙන් සමන්විතව මවු කෙනෙකු වීමට සුදුසු ශාරීරික ලක්ෂණයන්ගෙන් සමන්විත විය යුතුමයි.
මෙයට අමතරව නිතිපතා නින්දට පෙර පිරිත් කීම, උදෑසන අවදි වීමට පෙර හා රාත්‍රී නින්දට පෙර මෛත්‍රී භාවනාව ආදිය ප්‍රගුණ කිරීම වැනි දෑ ඔබ විසින් සොයා බලා සිදුකරන්න. බුදු දහමේ පිළිවෙත් කරන තරමට ප්‍රථීඵල වැඩියි.

ඉහත පරිදි සත්‍යක්‍රියා කර පත්තිනි දෙවියන්ටද බාරයක් වෙන්න

( මීලගට පලකෙරෙන වාසනාවන්ත දරුවන් ලබන්නේ කෙසේද ලිපියත් කියවන්න )

හොඳයි, ඔබ ඔය සීලාදී ගුණධර්ම අනිවාරයෙන් පුහුණු කරනව කියල පොරොන්දු වෙනවනම් මම ඔබ ස්වාමීන්වහන්සේ නමක් වෙත යොමුකරන්නම්. ඒ ගියත් ලැඛෙන උපදෙස් ඕවම තමා. ඒත් උන්වහන්සෙගෙ සිල් බලෙන් ගොඩදෙනෙක් ප්‍රථීඵල ලබල තියෙනව. ඒව කරන්නෙ ඔබේ සිල් බලයත් සම්බන්ධ කරගෙන. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මට පර්සනල් මැසේජ් එකක් ෆේස්බුක්වලට දාන්න. ඔබට ජයෙන් ජය ලැබේවා.

ඔබට ඒ උත්තම ශ්‍රී සද්ධර්මයේ ශාන්තියම වේවා….

මින් ලබන උතුම් පුණ්‍යස්කන්ධයෝ සම්බුදු සාම සංදේශය ලොව පුරා රැගෙන යාමට අනන්ත ශක්තිය මාහ ලගා කරත්වා. මා පතන බෝධියෙන් නිවන් දැකීමටත් සසර කතරේ අතරමංව නිරා දුක් විදින අසරණයන්ද ඒමග රැගෙන යාමටත් මේ පුණ්‍යස්කන්ධයෝ පාරමිතාවක්ම වේවා. නිරන්තරයෙන් කථාකර මා ශක්තිමත් කරන්නාවූද නොයෙක් ඇණුම් බැනුම් වලින් මා දිරිමත් කරන්නා වූද සියල්ලන්ටම වහ වහා ධර්මය අවබෝධ වේවා… … …

මම සත්වයාගේ හිත සුව කැමති එරන්ද ලක්මාල්ද සිල්වා

Join the discussion 9 Comments

Leave a Reply to ruchira gannile Cancel Reply

error: Content is protected by www.ifbcnet.org.