Skip to main content

තනි ගල් කුඤ්ඤයෙන් හිරකල “ අතුඇල පාලම ”

“උඹේ කට අතු ඇළ බොක්කුව වගේ” කියලා    දෙණියාය අකුරැස්ස වගේ පැතිවල පරණ මිනිස්සු අදටත් කියනවා . එහෙම එයාලා කියන්නේ  ඈණුමකට වගේ වැඩියෙන් කට අරින වෙලාවට. තව කෙළවරක් නැතුව මහ හයියෙන් කෑ ගහන  අයටත් එහෙම කියනවා කියලා ඒ පැත්තේ අය කියනවා. එහෙනම් මොකක් මේ කියන අතු ඇළ බෝක්කුව?

ගාල්ල  දෙනියාය පාරේ  36 වන සැතපුම් කනුව අසල ඒ කියන්නේ පිටබැද්දරයි මොරවකයි අතර තියෙන මේ පාලම ඒ පාරේ යන කාටත් මතක හිටින එකක්. මොකද මේ පාලම තියෙන්නේ ලොකු වංගුවක. එක පාර වාහන දෙකක් මාරු වෙන්න බැරි තරම් පටු නිසා මේ පාලමේ එක වාහනයක් එනවා නම් අනික් වාහනේ නවත්තගෙන ඉන්න ඕනේ. මේ නිසා මේ පාලම මේ පාරේ යන කාටත් මතක හිටිනවා.

මේ පාලම ලංකාවේ තියෙන ඉපැරණි පාළම් වලින් එකක්. මේක හදන්න පටං අරං තියෙන්නේ 1871 අවුරුද්දේ.සොළොන් කන්ද සහ බුන් කන්ද  කියන ප්‍රදේශව තේ වතු අයිති කරගෙන හිටපු බ්‍රිතාන්‍ය ජාතික සහෝදරයින් දෙන්නෙක් තමයි මේ අතු ඇළ බෝක්කුව හදන්න  මුල්වෙලා තියෙන්නේ. 1871 නොවැම්බර් 6 වෙනිදා මේ අතුඇළ පාළම හදන්න මුල්ගල තිබ්බා කියලයි කියන්නේ.

ඒ කාලේ හවස පහ හය වගේ වෙනකොට මේ ඇළ දිගේ ඇතුන් සහ අලින් රංචු පිටින් ගමන් කළා කියලයි කියන්නේ මේ නිසා මේ ඇළ මාර්ගය “ඇතුන් ගමන් කළ ඇල”  ” ඇතු ඇල”  වෙලා පස්සේ “අතුඇළ” වුනා කියලයි කියවෙන්නේ.  කොහොම හරි දෙණියාය  මොරවක පැත්තේ තේ වවන්න ආපු සුදු ජාතික සහෝදරයින් දෙන්නට මේ ඇල මාර්ගය උඩින් යන එන එක   හරිම ප්‍රශ්ණයක් මේ නිසා මේ  මේ ඇළ මාර්ගය උඩින් පාළමක් දාන්න කල්පනා කරලා.

මේ විදිහට පාලම හදන්න භාර දීලා තියෙන්නේ ඒ කාලේ සුද්දෝ එක්ක හරි හරියට පාලම් පාරවල් හදපු හරමානිස් කියලා  බාස් උන්නැහේ  කෙනෙකුට. මේ පාලමේ කම්කරු වැඩට ඉන්දියාවෙන්  මිනිස්සු ගෙන්නුවා කියලා කියනවා. කොහොම හරි හරමානිස් බාස් ආරුක්කු දාලා මීට වැඩිය උසින් අඩුවට මුලින්ම පාලම හදලා. හදලා ඉවර කරලා ඒක විවෘත කරන්න කලින් අර ඇත් රංචුව ඇවිල්ල අර පාලම කඩලා දාලා. පස්සේ ආයෙත් ටික දවසකින් හරමානිස් බාස් මේ පාලම හදලා තියෙනවා  ඒ පාරත් අලි ඇත්තු ටික මේ පාලමට වැඩේ දීලා. පස්සේ මේ  ගැන හිතපු සුද්දා සැලසුමේ තිබුණ ගාණට වඩා අඩි ගාණක් උසින් මේ පාළම හදන්න ක්යලා උපදෙස් දීලා මේ  නිසා තමයි අඩි 60 ක් විතර උසට අඩි 60 ක් විතර පළලට  ආරුක්කු දාලා මේ පාලම හදලා තියෙන්නේ.ඒ කියන්නේ අලි ඇත්තුන්ට යටින් යන්න පුළුවන් උසට එයාලට එතන පාලමක් තියෙනවා කියලා නොදැනෙන ගානට මේ පාළම හදපු නිසා ඊට පස්සේ කරදරයක් වෙලා නෑ.    මේක මේ විදිහට උස් කරලා හදලා විවෘත කරලා තියෙන්නේ 1873 දි කියලයි කියන්නේ.

කොහොම හරි මේ පාලම විවෘත කරලා ඒකේ මුලින් ගිහින් තියෙන්නේ අර සුද්දො දෙන්නයි හරමානිස් බාසුයි කියලයි කියන්නේ. ඊට පස්සේ හරක් බැඳපු කරත්ත පේළියක් මේ පාළමෙන් ගියා කියලයි කියන්නේ.එදා තරමටම මේ පාළම අදටත් පටුයි.හරමානිස් බාස්  හදපු පාලමේ තව විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ඒ පැත්‍තේ ගැමියෝ කියන විදිහට මේ අතුඇල පාලම හදන්න සිමෙන්ති හරි ඒ හා සමාන වෙනත් දෙයක් පාවිච්චි කරලා නෑ. ගල් එකින් එකට  අහුරලා හදලා තියෙන මේ  පාළම් මුළු ශක්තිය ඔක්කොම  එක ගල් කූඥ්ඤයකින් රඳවලා තියෙනවා කියලයි ඒ කිට්ටුව ඉන්න පැරණි මිනිස්සු කියන්නේ.මේ ගල් කූඥ්ඤය ගලවපු ගමන් මේ ගල් පාලමම කැඩිලා වැටෙන විදිහට තමයි මේ පාළම හදලා තියෙනවා කියලා කියන්නේ. හැබැයි ගොඩාක් පස්සේ කාලෙක මේකේ වටිනාකම නොදන්න අයගේ උපදෙස් අනුව මේ පාළමට සිමෙන්ති යොදලා ශක්තිමත් කරලා  තියෙනවා. මේ නිසා අර ගල් කූඥ්ඤයේ තවදුරටත් වටිනකමක් නෑ කියලයි කියන්නේ. මේ කොහොම වුනත් 88 – 89 වගේ දකුනේ සිවිල් යුද්දේ තිබුණ කාලේ ඇතැම් අවිගත්ත කණ්ඩායම් දෙණියාය හොඳ ආරක්ෂිත තැනක් කර ගන්න මේ පාලම කඩා දාන්න තීරණය කරලා.ඒත් එයාලට මේ ගල් කූඥ්ඤය හොයාගන්න බැරි වෙලා.මේ නිසා අදටත්  ලස්සන අතීත කථා එක්ක මේ පාළම තියෙනවා.ඔබ තවමත් පරක්කු නෑ ගිහිං බලන්නම වටින තැනක් මේ .

 උපුටාගැනීමකි …

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.