Skip to main content

ඩෙංගු වසංගතයට වගකිව යුත්තේ ඩෙංගු මදුරුවා පමණක්ද?

ඩෙංගු වසංගතයට වගකිව යුත්තේ ඩෙංගු මදුරුවා පමණක්ද?

පින්වත් යහලුවනේ අපි පහුගිය කාලෙ පින්කම් රාශියක් සිදුකලා. ඒ පිලිබද විස්තර මෙතනින් බලන්න පුලුවන්.
http://sasuna.blogspot.com/

බුදුදහම ප්‍රචාරය කිරීම පිණිස අපි සංවිධානයක් පිහිටුවා ගත්ත. ඒ සංවිධානෙ නම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම. එහි නිළ පිටුව මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.
https://www.facebook.com/buddhist.foundation

මිතුරනි, මේ ලිපියේ මාතෘකාව සැනින් ඔබ මට දොස් තැබීමට උත්සාහ කරනු ඇත. මදක් ඉවසන්න. ලිපිය සම්පූර්ණයෙන් කියවා ඔබේ නිගමනය සදහන් කරන්න.
මිතුරනි, මෙලොව ජීවය හටගත් දා පටන් විවිධ සත්ව වර්ග පෘථිවිය මත නිර්මාණය විය. ඒ කාලයේ සිට ඒ සතුන් අදදක්වා සිය වර්ගයා බෝකරමින් පැවත එනවා. මොලොව ජීවත්වන සතුන්ගේ වරිග පරම්පරාව ගත්විට අවුරැදු මිලියන ගණණක් බව විද්‍යාවෙන්ම ඔප්පු කර හමාරය. මා කීමට සැරසෙන්නේ මදුරුවාද අද ඊයේ පහල වූ සතකු ‍ෙනාවබෙවයි. ජුරාසිස් පාක් සිනමාපටිය නැරඹූ ඔබට මෙය වඩාත් පැහැදිලිවනු ඇත. එසේනම් අවුරුදු ලක්ෂ ගණනක් ඉපැරණි සතකු මෑතකදී වසංගතයක් වීමට හේතුව කුමක්ද? මෙලොව සිදුවන සෑම විපර්යාසයකට මෙන්ම ඩෙංගු වසංගතයටද වලකිව යුත්තා මිනිසාම නොවේද?
මිනිස් වර්ගයා මෙලොවට පහල වී ගතවී අැති වසරගණන බිලියන ගණනක් වේ. එහෙත් ස්වභාවිකව, පරිසරයට අනුගතව, ජීවත්වූ අතීත මිනිසුන්ට සත්ව වසංගත නිසා බුරුතු පිටින් මියගිය අවස්ථා ඉතිහාසයේ දැකිය නොහැකිය. වසර සිය ගණනකට පෙර ලාදුරු වැනි සත්ව වසංගත නොවන රෝගයන් ලෝකය පුරා පැන නැගුනද පරිසරයට විරැද්ධව කටයුතුකල බටහිර සංස්කෘතිය නිසාවෙනි. අතීත ලාංකීය ජන සමාජයතුල වසංගත පැතිර ගියේ නොගිණිය හැකි තරමිනි. අනෙක් අතින් සත්ව වසංගත පැතිර ගියේ ඉතාම කලාතුරකිනි. ඒ ගොන් කුර රෝගය වැනි ඉතා පහසුවෙන් සිංහල වෙදකමින් සුවකල හැකි රෝගයන්ය.
එසේනම් මෑතකාලීනව ඩෙංගු ආදී රෝගයන් පැන නැගීමට හේතුවක් තිබිය යුතුය. මා කලින් සදහන් කල අයුරින් මදුරුවන් මෙයට වසර මිලියන ගණනකට පෙර පහල වූවානම් ඩෙංගු, මැලේරියා, බරවා ආදී, මදුරුවන්ද ඔවුන් අතර සිටින්නට ඇත. එහෙත් අතීත මුතුන් මිත්තන් ඔවුන්ගෙන් පීඩා ලැබුවේ ඉතා අල්ප වශයෙනි. වර්තමානයේ ඩෙංගු මදුරුවකු ලගින් ගියත් ඩෙංගු හැදෙන තරම් අපට මේ ගැටලුව ඇතිවූයේ කෙසේද? පහත සදහන් හේතු සාධක රැසක් එයට ලබපායි.

01. වර්තමාන මිනිසා ප්‍රතිශක්තිය අතින් ඉතා පහල මට්ටමක සිටීම
ප්‍රතිශක්තිකරණය අතින් මිනිසා අද ඉතා පහල මට්ටමක ඇත. සිරුරට ඇතුලුවන විෂබීජ විනාශ කිරීමේ බලයක් මිනිසාට නැතිතරම්යැයි කීවොත් නිවැරදිය. නොයෙක් විෂ සහිත ආහාරයන්, බීම වර්ග, පරණ වූ හා කල් ඉකුත් වූ ආහාර ගැනීම මෙයට හේතුවයි. බොයිලර් කුකුලකු දවස් හතලිස් පහකින් වැඩීමට කෙතරම් බෙහෙත් ප්‍රමාණයක් ලබාදෙයිදැයි කුකුලු කොටුවකට ගොස් සොයා බලන්න. එසේම වෙලදපලේ ඇති කුකුලු මස් පැකැට්ටුවක කල් ඉකුත්වීමේ දිනයද නිරීක්ෂණය කරන්න. කුකුලාගේ ජීවිත කාලය දින හතලිස් පහකි. උගේ මස් දින අනූවක් ශීතකරණයක තබා ඇත. ඉන්පසුද ඒවා විසිනොකොට මීට්බෝල්ස් සෑදීමට යොදාගනී. එයද තව මාස ගණනකට වලංගු වේ. එසේම 2007 වසරේ කුකුලු ගොවිපලක වැටුප් සහායක ලෙස කටයුතු කල මාහට කුකුලන් රැගෙන යාමට කිරනු ලබන අවස්ථාවක් දැකගතහැකිවිය. එහිදී මා පුදුමයට පත්කල කරුණක් වනුයේ පිළිකා සහිත සතුන්ද අඩුමිලට ගෙන සාමාන්‍ය අයුරින් රැගෙන යාමය. උන්ද සාමාන්‍ය කුකුලන් ලෙසින් වෙළදපලට එනු ඇත. ඉතින් අපට ලෙස රෝග වැලදීම පුදුමයක්ද? කුමන ප්‍රතිශක්තියක්ද?

02. සෞඛ්‍ය ආරක්ෂිත බවින් පිරිහීම
අද වෙලද පලේ ඇත්තේ විෂ සහිත එලවලුය. කාබයිටි යෙදූ පලතුරුය. කෘතිම රසකාරක යෙදූ ආහාරය. ක්ෂණිකව පිසියහැකි විෂ සහිත ව්‍යංජනය. විවිධ පලතුරු වලින් නිපදවන ටොෆි, බීම වර්ග නිපදවන ආයතනයකට ගිහින් බලන්න. ඒම පලතුරු පොත්තක්වත් ඒ ආයතනයේ නැත. කෘතිම රස කාරක මගින් අදාල රස ලබාගෙන ලේබලයේ පමණක් පලතුරු පෙන්වා ඇත. වි‍ෙශ්ෂයෙන් පලතුරු ඉදවීමට කාබයිටි ආදිය යොදා ගනී.ගර්කින් වැනි එළවලු නෙලාගන්නට කලින් දින එම ගෙඩිවලට රසායන ද්‍රව්‍ය ඉසිනු ලැබේ. එවිට කුඩා ඇගිල්ලක් තරම් ඇති ගෙඩි රසායන ද්‍රව්‍ය නිසා විශාල කැකිරිගෙඩි තරමි විශාල වේ. මෙහි කෙතරම් රසායන ද්‍රව්‍ය ප්‍රමාණයක් ඇත්ද? ආප්ප ඉවීමේදී, (පිළිම නිර්මාණය කිරීමට ගන්නා) ප්ලාස්ටර් පැරිස් නම් බදාම වර්ගය කලවම් කිරීමෙන් “ චරස් ” අනුකරණයෙන් කැඩීමට පුලුවන් බව වරක් මට දැනගත හැකිවිය.

03. මත්ද්‍රව්‍ය භාවිතය නිසා ශරීරය දුර්වල වීම
ඉවක් බවක් නැතිව මත්ද්‍රව්‍ය ශරීරයට අතුලු කිරීම නිසා සෞඛ්‍ය අතින් මිනිසා පිරිහී ඇත. රජයේ අනුමත අරක්කු ආදියට අමතරව ගම්මට්ටමින් සකස්කරගන්නා අරක්කුද දක්නට ඇත. ඒවා තකතරම් වෂසහිතද යන්න ඒවාට යොදා ඇති අන්වර්ත නාමයන්ගෙන්ම පැහැදිලි වේ. “ බොකු දිරාස්, ඇතිහිටියා ” ආදිය ඊට උදාහරණයන්ය. මේවා සකස්කිරීමට යොදාගන්නා දිරාගිය කටුකම්බි, සිමෙන්ති, යූරියා, ආදිය නිසා ඉහතනම් යොදා ඇති බව හොදින්ම පැහැදිලි වේ. ඊට අමතරව අද තරැණ සමාජය හෙරොයින්, කංසා, අබින් යන මත්ද්‍රව්‍යයයි න්රිදේශිත දෑ පමණක් නොව ඕඩික්ලෝන්, හිසෙහි ගානි ජෙලි, ආදිය පමණක් නොව පිළිකා රෝගීන්ට ලබා දෙන පෙති වර්ග පවා මත්වීමට යොදාගනී. ඉතින් ප්‍රතිශක්තිකරණයක් ශරීරයේ ඉතිරිවේද?

04.පරිසර දූෂණය
අදවන විට පරිසරව විශාල වශයෙන් දූෂණය වී ඇත. ප්ලාස්ටික් ද්‍රව්‍ය නිසා අදවනවිට පරිසරය දූෂණය වී පහසුවෙන්ම ජලය රදා පැවතීමේ ඉඩකඩ සකස් කර ඇත. ඒවා එකතැන පල්වීමට ඉඩහරින්නේ අද සමාජය අතිධාවන කාරී ආර්ථික රටාවකට හුරුවීම නිසා විය යුතුය.

05. ආධ්‍යාත්මයෙන් පිරිහීම
යහපත අයහපත හෙැද නරක ගැන කිසිදු අවබෝධයක් නොමැතිව කාමයෙහි රාගයෙහි අන්තයටම වැටී සිතැගි පරිදි සිය පහත් ආශාවන් මුදුන්පමුණුවා ගැනීමට වෙරදරන කාමුක සමාජය මගින් මනස අවුල් කර දමා ඇත. එමගින් දූෂිත වන රැධිර ධාතුව ශරීරයේ ප්‍රතිශක්තිය පහත හෙලයි. සියලු ලෙඩරෝගයනට අවස්ථාව සලසයි.

සතෙකුගේ සිරුරින් ලේ උරා බීම ඩේගු මදුරුවාට සහජයෙන් ‍උරුම වූ දෙයකි. අප විනාශ කිරීමට ඌ විෂ රැගෙන එන්නේ නැත‍. ස්වභාව ධර්මය සැමට සලකන්නේ එක සමානවය. ඩෙංගු මදුරුවා විෂ සහිත නම් ඒ විෂ මර්ධනය කලහැකි ප්‍රතිශක්තිකරන ය නම් ඖෂධයද අපට සොබාදහමින්ම ලබාදී ඇත. ඒ ඖෂධය අපවිසින් විනාශකරගෙන ඩෙංගු මදුරුවාට චෝදනා කිරීම කෙතරම් යුක්ති සහගතද? මේ අනුව ඩෙංගු මදුරුවා අහිංසක සතකු බව අපට පැහැදිලිය. අතීතයේද මිනිසුන්ට ඩෙංගු මදුරුවා දෂ්ඨ කරන්නට ඇත. එහෙත් ඉහල ආධ්‍යාත්මික මට්ටමක සිටම, කිරෝගී ශරීරය නිසා ඩෙංගු විෂ මරදාදැමීමට සිරුරට හැකිවන්නට ඇත. අද ඒ තත්වය උඩු යටිකුරු වී ගොසිනි.

කලින් සදහන්කල අයුරින් ඉදිරි කාලයේදී අප තවදුරටත් සෞඛ්‍යයෙන් දුර්වල වනු ඇත. එවිට අපට බලුකෙල මාරාන්තික විය හැකිය. ( දැනට මාරාන්තික වන්නේ පිස්සු බල්ලන්ගේ කෙලය ) හරකුන්ගේ ගොම මාරාන්තික වනු ඇත. කපුටන්ගේ වසුරු මාරාන්තික වනු ඇත. එවිට ඒ සතුන්ද විනාශකර දැමිය යුතුද?
වරක් රජකෙනෙකුන්ට පාදවල දූලි ගෑවී විශාල ගැටලුවක් විය. මෙයට පිලියම ලෙස රජු අනකලේ මුලු රාජ්‍යය පුරාම සම් අතුරන ලෙසය. එවිට බුද්ධිමත් පුරෝහිතවරයා කියා සිටියේ “ රජතුමනි, රාජ්‍යය පුරා සම් අතුරනු වෙනුවට ඔබතුමාගේ දෙපාවලට සම් වලින් ආවරණයක් යොදමු ” යන්නය.
ඒ අයුරින් අපට තර්ජනයක් වන සතුන් මරා දමනු වෙනුවට අප ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරගැනීම පහසු නොවන්නේද? අනික් අතට අධික වියදම් දරම්න් පරිසරයට විෂ මුදාහරිනු වෙනුවට ප්‍රතිශක්තිය ඉහල නංවා ගැනී‍මට ජනතාව දිරිමත් කිරීමෙන් කෙතරම් වාසි සැලසේද?
01. පරිසරයට විෂ මුදාහැරීමක් සිදු නො‍වීම
02. විෂ සහිත එළවලු වෙනුවට නිවසෙහි පිරිසිදු එලවලු වගා කිරීම නිසා ආර්ථික වාසි
සැලසීම.
03.ලෙඩරෝග වැලදීම අවම වන නිසා විදේශයන්ට රසායන ද්‍රව්‍ය, බෙහෙත්, ආදියෙන්
ගලායන මහා ධනස්කන්ධයක් ඉතිරිවීම.
04. මිනිසා ආධ්‍යාත්මිකව දියුණුවන නිසා එය රටට මෙන්ම සමාජයටද වාසිදායක වීම.

මේ අනුව ඩෙංගු රෝග වාහකයා ලෙස ඩෙංගු මදුරුවාට පමණක් ඇගිල්ල දිගු කිරීම කෙතරම් අසාධාරණදැයි ඔබම සිතා බලන්න.

අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවටම සැනසිල්ල උදාවේවා … … …

ලෝවැසි සත්වයාගේ සසර මග යහපත් කරනු පිණිස අපමණ මෙත් සිතින් ශ්‍රද්ධා පෙරදැදිව බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල් වන මා විසින් මේ ලිපිය පලකරන ලදි.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.