Skip to main content

ග්‍රහයො බලපෑම් කරනවානම් මේ ලිපිය කියවන්න … … …

හොඳයි යාලූවනේ, අපි එදිදො ජීවිතයේදි වැදගත්වන ගැටලූනෙ කථාකරමින් ඉන්නෙ. හොඳයි අද මම කථාකරන්න යන්නෙ ඔබට බලපෑම් කරන ග්‍රයයො පිළිබඳව. සමහරුන්ට නම් ග්‍රහයො කීවොත් අම්ම අප්පවත් මතක නෑ. බුදු හාමුදුරුවන්ට තියන්න තියෙන බුද්ධ පූජාවත් හෙනහුරාට තියයි.

පහුගිය කාලෙ ග්‍රහ මාරුවක් වෙනව කියල ඇමතිවරු ජනාධිපතිතුමාටත් කථාකලේ නෑලූ මාරුව වෙන වෙලාවෙ. රටේ අනාගතය වෙනුවෙන් අපිව නියෝජනය කරන ඉහළ බුද්ධිමට්ටම්වල ඇතැයි විශ්වාස කරන ඇත්තො ඔහොම වැඩකරන එකනම් හරිම කණගාටුදායක කාරණයක්
. හොඳයි, අපි පොඩ්ඩක් බලමු මේ ගිරහයො (ග්‍රහයො) මොකද මෙච්චර අපට බලපෑම් කරන්නෙ කියල. හොඳ හෝ නරක අයුරින් අප එක් එක්කෙනා හොය හොයා වෙන වෙනම ඇක්ෂන් ගන්න තරම් එයාලට පුලූවන් වෙන්නෙ කොහොමද? ඇත්තටමෙ මේ ග්‍රහයො ඇක්ෂන් ගන්න විධිය ගැන කියන්න කැටලොග් එකක් අපි ගොඩ දෙනෙකුට තියෙනව. ඒක තමයි හඳහන කියන්නෙ. අපි ජන්ම පත්‍රය කියලත් කියනවනෙ මේ හඳහනට. සමහර ඊනියා ජ්‍යෝතීර්වේදියො හාල්හුණ්ඩුව ගන්නත් ජ්‍යෝතීර් විද්‍යාව යොදාගත්තත් සත්‍ය වශයෙන්ම ජ්‍යෝතිෂ්‍යය කියන්නෙ බොහොම පූජනීය ශාස්ත්‍රයක්. බෝසතාණන් වහන්සෙ මවු කුස පිළිසිඳගැනීමට පෙර පටන් බුදුුවීම දක්වා ජෝතිෂ්‍යයෙන් කලින්ම දකින්න තරම් දක්ෂ ආචාර්යවරු හිටිය. හැබැයි ඉතින් කොතනකවත් සදහන් වෙන්නෙ නෑ බුදු උනාට පස්සෙ බුදුහිමියන්ට ශාස්ත්‍ර කිව්ව ජෝතිර්වේදියෙක් ගැන. ඒ විතරක් නෙවෙයි. වණ්ණුපථ ජාතකයේ සඳහන් වෙනව නැකැත් තරු භාවිතයෙන් කාන්තාරයේ මාර්ගය සොයාගත් හැටි.

දැන් බලන්නකො ඔය මායාවරු කියන අය ලෝක විනාශය ගැන කලින්ම කිව්වලූ. ඒක සිදු නොවුනත් ඒ අයට ග්‍රහ තාරකා ගැන ඉහළම දැනීමක් තිබිල තියෙනව. මේ කරුණු බලද්දි ජෝතිෂ්‍යය කියන්නෙ හරිම නිවරද ශාස්ත්‍රයක්. ඒත් වැරැද්ද තියෙන්නෙ අපේ මිනිස්සුන්ගෙ. නෙලාගෙන කන්න තියෙන දේ සූරගෙන කන්න යන එකයි වැරැද්ද. හයියෙන් කිඹුහුමක් ගියත් හඳහන අරන් දුවන එක හරිම වැරදියි. හොඳයි, අපි දැන් ටිකක් විග්‍රහකරල බලමු ඇත්තටම ජ්‍යෝතීර් විද්‍යාව අපේ ජීවිතයට වැදගත් වන්නෙ කොහොමද කියල. මම කලින්ම කිව්වනෙ අර ග්‍රහයො වැඩකරන ආකාරය ගැන කැටලොග් එකක් තියෙනව කියල. ඒ කියන්නෙ ජන්ම පත්‍රය. ජන්ම පත්‍රයට කියන් තව නමක් විදිහට පිං පව් පොත කියලත් කියන්න පුලූවන්. ඇයි ඒ ? අපි පෙර භවයන්හිදී සිදුකල පිං පව් අනුව හඳහනෙ බොහොමයක් ග්‍රහ පිහිටීම් සකස් වෙන්නෙ. මෙතනදි ඔයාලට පේනව නේද අපි මොනතරම් මෝඩ වෙනවද කියල. අපි හිතන්නෙ ග්‍රහයො අපට කරදරකරනව කියල. මට ඇහිල තියෙනව සමහරු ග්‍රහයන්ට අමුතිත්ත කුණුහරපයෙන් බනිනව. ඒකෙන් වෙන්නෙ තමන් තවත් දුකට පත්වීම පමනයි. එතකොට අපි කලින් කල හොඳ හෝ නරක ලැඛෙන විදිහට සුදුසු වෙලාවක තමයි අපි උපත ලබන්නෙ. ඒ කියන්නෙ අපි උපන් වෙලාවට ග්‍රහයො සකස් වෙන්නෙ නෑ. ග්‍රහයො සකස්වෙච්ච වෙලාවකයි අපේ උපත සිදුවන්නෙ. ග්‍රහයන් නිසා යම් යම් නරක කිරණ එල්ලවෙන අවස්ථා තියෙනව. ඔය සද එහෙම මිනිස් මනසට බලපෑම් කරනව කියල අද පිලිගන්නව. බලන්න කර්මය අපට පන්න පන්න පහර දෙනහැටි. මේක මේ විදිහට හිතන්නකො. උසාවිය නියෝගයක් කරනව පොලිසියට කාගෙහරි උද්ඝෝෂණයක් නවත්වන්න කියල. ඉතින් අපි පොලිසිට බැණල වැඩක් තියෙනවද? පොලිසිය ක්‍රියාත්මක කරන්නෙ ඉහලින් ආපු ඕඩරය. අන්න ඒවගේ තමයි ග්‍රහයොත්.

හැබැයි එයාලත් තමන් ඒ ඒ වෙලාවට ඒ ඒ කිරණ නිකුත් කරණව පමණයි. අදාල වෙලාවට උපන් අයට ඒව ලැඛෙන්නෙ ඒ ඒ විදිහට. මේක පොඩ්ඩක් බුද්ධියෙන් තේරුම්ගන්න. මෙහෙමත් හිතන්නකො. දුම්රියක් එනතුරු අපි වේදිකාවෙ එක තැනක ඉන්නව. අපි හිතන් ඉන්නෙ අපි ඉන්න තැනට එන මැදිරියට අපි නගින්නෙ කියල. ඔන්න දුමිරය ඇවිත් නවත්වනව. සමහර විට පරණ මැදිරියක් හරි අලූත් මැදිරියක් හරි අපි ලග නවතියි. ඒක අපට හරියටම කියන්න බෑනෙ. ඒත් ඒකට දුමිරිය පලි නෑනෙ. නේද? ඒක අපේ වෙලාව. දැන් ටිකක් හරි තේරෙන්න ඇති නේද? ආයිත් කියන්නම් ඔබ කල කුසල හෝ අකුසලය අනුව ඊට සුදුසු ග්‍රහ පිහිටීමට අනුව ඔබ උපදින වෙලාව සකස්වෙනව. ඒක වෙන්නෙ කර්මය අනුව. තවත් හේතුවක් තියෙනව. ඒ කියන්නෙ ඔබට යම් කර්මයක් පඩිසන් දෙනකොට ඒකට සුදුසු අයුරින් ග්‍රහ පිහිටීම් සකස්වෙලා තිබීම. උදාහරණයක් විදිහට නැවක යන ඔබ අතේ තියන මාලිමාවක දිශා වෙනසවීමක් පෙන්වීමක් ගැන හිතන්න. නැව හැරුනු නිසා ඒ බව මලිමාවෙ පෙන්නුව මිසක මාලිමාව වෙනස් උන නිසා නැව හැරුනෙ නෑනෙ. අන්න ඒ වගේ කර්මය පඩිසන් දෙනකොට ඊට හරියන ග්‍රහ පිහිටම් සිදුවෙනව. දැන් ඔබට ගැටලූවක් මතුවෙයි එකම වෙලාවෙ දෙන්නෙක් උපන්නොත් එකම විදිහට ඒ දෙන්නගෙ ජීවිතේ ගතවෙනවද කියල. පිළිතුර හරිම සරළයි. නැහැ කියන එක තමයි උත්තරේ. ඇයි ? එක අම්මකෙනෙකුගෙ කුසින් දෙන්නෙක් එකම වෙලාවට බිහිවෙන්න බෑනෙ. ඒක එකක්. එතකොට අම්මල දෙන්නෙකුට එකම වෙලාවට ඉපදුනොත් කියන එකනෙ ඔබේ ඊලග ගැටලූව. ඒත් උත්තරේ නැහැ කියන එකමයි. ඇයි ඒ. දරුවගෙ ජීවන චක්‍රය පිහිටන්නෙ ග්‍රහයන් මත විතරක් නොවේ.

තව සාධක මත වෙනස් වෙනව. ඒ කියන්නෙ? ඔව්. උපදින කාලය, උපදින රට, උපදින පළාත, උපදින කුළය, උපදින මවුපියන්ගෙ කුසල් බලය ආදිය උදාහරණ වෙනව. දැන් ඔබට නැගුන සිතිවිල්ලට මම එකගයි. ඒ කියන්නෙ බොධිසත්වයො පස්මහ බැලූම් බැලූවෙ ඒනිසා තමයි. එකම වෙලාවෙ ඉපදුනත් අම්මගෙයි තාත්තගෙයි රුධිර ජාන නොගැලපීම් උනොත්, ඒ කියන්නෙ නෑන මස්සිනා කසාද බැඳල තියෙනව නම් ඒ දරුවට විකෘතිවීම් ඇතිවෙන්න පුලූවන්. හැබැයි ආසන්න වෙලාවට උපන් ආසන්න බැඳීම් ඇතිවෙන්න පුලූවන්. ඔයාල දන්නව ඇති සමහර නිවුන් දරුවන් අතර පුදුම බැඳීමක් තියෙන බව. ඔවුන්ට එකිනෙකා නොදැක ඉන්න බැරිතරම් ඒ බැඳීම් හරිම සංකීර්ණයි. ඒවත් ඉතින් සසරෙ පතාගෙන එන දේවල්වලට අනුව සිදුවන ග්‍රහ පිහිටීම්. මේකට හොදම උදාහරනයක් කියන්නම්. ඉස්සර තමන්ගෙ දූව ඈත පලාතකට බන්දල දෙනකොට අම්මල තාත්තල කරන විශේෂ දෙයක් තියෙනවලු. මේකක් දන්නවදරෑ එකම ගසක එක ලග පැලවුන ගස් පැල දෙකකින් එකක් දූට ගලෝල දෙනව හදාගන්න කියල. දැන් ඒගසත් මේ ගසත් තැන් දෙකක හැදෙනව. සමහර විට කිලෝමීටර් සිය ගණනක් ඈතින් වෙන්න පුලුවන්. දැන් හදිස්සි කරදරයකදි අම්ම ගිහින් තමන්ගෙ වත්තෙ තියෙන පැලයට මේ කාරනේ කියනව. එතකොට අර හැතැප්ම සියගණනක් ඈතින් තියෙන පැලය ඒ දේට ප්‍රගිචාර දක්වනවලු. අපි කියමු මෙහෙ මල‍ගෙයක් කියල. එතකොට අර ගහේ කොළ මැලවෙනවලු. මේක සත්‍ය කථාවක්. ඉතින් අර නිවුන් දරුවොන්ගෙ කතාව වගේ තමා. ඒ අයත් දුර හිටියට ප්‍රතිචාර දක්වනවනෙ.
හොදයි. ග්‍රහපිහිටීම් ගැනනෙ කිව්වෙ. එතකොට ඔබ සසරෙ සතුන් ඝාතනය කරල තියෙනවනම් ඔබට පිහිටන්නෙ අඩු ආයුෂ ප්‍රමාණක් තියෙන ග්‍ර්‍රහ පිහිටීමක්. ඒ කියන්නෙ අඩුවෙන් ආයුෂ පිහිටන ග්‍රහ පිහිටීමක් බලල කර්මය ඔබව ඒ වෙලාවෙ උපද්දවනව. දැන් තේරුනා නේද? හැබැයි සමහර වෙලාවට මේව වෙනස් කරන්න පුලූවන් අවස්ථා තියෙනව. ඉදිරියෙදි ඒව කියන්නම්. මම දැන් මෙච්චරවෙලා පැහැදිලි කල දේ තමයි ජෝතිෂ්‍යය සත්‍යක් බවටත් එයින් කියවෙන ග්‍රහ පිහිටීම් ඔබේ කර්මය අනුව සිදුවන බවත්. ඉතින් මේ කියන ග්‍රහ පිහිටීම් වලට වහල් වෙලා ජීවිතේ විනාශ කරගැනීම බොරු වැඩක් මේ ග්‍රහ පීඩාවලින් බේරෙන්න ක්‍රමය මම දැන් කියන්නම්.

මම කලින් කිව්වනෙ ඔබ ඉපදිලා තියෙන්නෙ ග්‍රහ පිහිටීම් ඇතිවූ වෙලාවට කියල. ඒ වගෙ දේවල් වෙනස් කරන්න බැහැනෙ. ඒ කියන්නෙ ඔබ උපන් වෙලාව වෙනස් කරන්න බෑනෙ. ඒත් කරන්න දෙයක් තියෙනව. ග්‍රහ කිරන වලින් එල්ලවන බලපෑම් වලට ප්‍රති විරුද්ධ බලයක් නිර්මාණය කිරීම. ඒ කියන්නෙ? ඔව් ඒකියන්නෙ මේ වගේ දෙයක්. ඔබට කවුරුහරි පොල්ලකින් ගහනකොට ඔබ තවපොල්ලකින් ඒක වැලැක්උවහොත් … … ඔව් එකට කරන්න තියෙන්නෙ මොනවගේ දෙයක්ද?

01. පළමු කාරනය දැඩි ආත්ම ශක්තියක් ඇතිකර ගන්න මම මේ එල්ලවන කර්ම බළපෑම්වලට නොබියව මුහුණ දෙන බවත්, ඒවෙනුවෙන් අවශ්‍ය කැපකිරීම් කරනව කියලත්, ජීවිතය පසුබසින්නට ඉඩ නොදෙන බවටත්. ඔබ සූදානම්ද? බැහැයි කියල හිතෙනවනම් ලිපිය කියවන එක පැත්තකට දාල නාල කාල ඔලූවෙ ඉඳන් පොරවගෙන නිදාගන්න. ඔව් සූදානම් ඔබට මම කියන ගමන්මගෙහි යන්න ඉතාම පහසුයි. මොකද ඔබට ඕනෑම කැපකිරීමක් කරන්න පුලූවන් නිසා. ඔබ ඔබේ කර්මයට එරෙහිව යන්නෙක් නිසා. ඔව් ඇත්තටම ඔබ විරුවෙක් නිසා.

02. පළමුවෙන්ම පංචශීලය රැකීම නම් අනිවාර්ය දෙයක් ලෙස සලකන්න. මුලින් පොඩ්ඩක් අමාරුවෙයි. ඒත් ඔබවගේ අධිෂ්ඨානයෙන් ඉදිරියට යන විරුවෙකුට ඒක සුලූදෙයක්. අනික පුරුද්දට වගේ මදුරුවෙක් මැරෙන්න පුලූවන්. බොරුවක් කියවෙන්නත් පුලූවන්. ඒව ගණන්ගන්න එපා.
මම නිතර කියන දෙයක් තමයි පංසිල් කියන්නෙ නිතර කැඩෙන්න ඉඩ ප්‍රස්ථාව ඇති එහෙත් නොකැඩිය යුතු සමාජ ප්‍රතිපත්තියක්. මම පිළිගන්නව අද සමාජය ඔබට මේකට බාධා කරන විත්තිය. ඒත් ඔබේ අධිෂ්ඨානයක් තියෙව ශීලය රකින බවට. සිල් පද හිතාමතා කඩන්න එපා. මම නම් බැරිවීමකින් කැඩුනොත් එවලෙම ඊට අදාල ශිකෂා පදය සිතින් හෝ කියල දමාදන් වෙනව. අනික ඔබ සිල් රකින බව සමාජය දැනගන්න අවශ්‍ය නෑ.

03. අපි නොහිතුවට යම් අමනුෂ්‍ය බලවේ. අප වටා සැරිසරනව. ඒ අය අපේම ඥාතීන් වෙන්න පුලූවන්. එයාල අපේ සිරුරට සම්බන්ධ වෙන්නෙ ඒ අය කැමති අපේ දුර්වලකම් අපි ලග තියෙන විටයි. ඔබ පංසිල් රැක්කත් ඒ දුර්වලකම් තියෙන්න පුලූවන්. මොනවගේ දේවල්ද? කුණු මස්මාලූ එයාලට හොඳ රස බොජුන්. ඉස්සර අම්මල අපට කීව පුලූටුජාති කාල රෑට එළියට යන්නඑපා කියල. අද මැදියම වෙනකම් මස් පුච්ච පුච්ච කකා අපි නටන නාඩගම් තමයි මේ හෙන වදින්න මුල. ඒ නිසා ඔය කුණු මස් මාලූ කාල පිරිසුදුබව නැතිකරගන්න එපා. අනික අපි නොහිතුවට වද දීල මරන ඒ සත්තුන්ගෙ ආත්ම ඒ මස් ව්‍යංජන වටා කැරකෙනව. ඒබව මම හොදින්ම දන්න නිසයි මේ කියන්නෙ.
04. ඉතාම සිල්වත් වෙද මහත්තයෙකුට කියල රතනයන්ත්‍රය පළඳගන්න බලන්න. රතන සූත්‍රය කියන්නෙ කෝටිලක්ෂයක් සක්වලවල්වල බුද්ධ ආඥාව පතුරවපු ස්‍රත්‍රයක්. ඒ කියන්නෙ චක්‍රාවාට කෝටි ලක්ෂයක් බුදුහිමියන්ගෙ අණසකට යටත්කලා මේ සූත්‍රයෙන්. හැබැයි නියම පිළිවෙත් පුරන කෙනෙක් වෙන්න ඕනි වෙදමහත්තය. හොඳට වැඩේ කරනවද කියල බලන්න පොඩි ඉ`ගියක් දෙන්නම්. අලූතින් හදල ගොම ගාල, උඩුවියන් බැඳල දවස් හතක් කිරි හොදියි බතුයි කකා මේ යන්ත්‍රය ජීවහ් කරන්නෙ. රත්තරන් සුරයක් පාවිච්චි කරන්නෙ. ඒ යන්ත්‍රය කොයිතරම් බලගතුද කියල ජීවන්කරනකොට වෙන හාස්කම් වලින් ඔයාලම බලාගන්න.
දැන් ඉතින් භෞතිකවාදෘ පණ්ඩිතයො තර්ක කරන්න පටන් ගනී. යන්ත්‍ර දාන එක බොරුවක්ල බුදුබණ තියෙන්නෙ පිලිපදින්නයි අරකයි මේකයි කියල. එතකොට රතන සූත්‍රයෙන් පැන් පිරිත්කරල බුදු හාමුදුරුවො ආනන්ද හාමුදුරුවන්ට දුන්නෙ ඇයි කියල අහනකොට එයාලට දත් පූට්ටුවෙනව. නමෝ බුද්ධාය කියල මාරුවෙනව. දැන් අර රතනමාලී යන්ත්‍රය ගැන එහෙම අහල ඇතිනෙව. මේ ලිපි ලියවෙන්නෙ සාමාන්‍ය යාලුවන්ට. අති පණ්ඩිතයන්ටනම් නෙවෙයි.

05. හදවත නිතර බුදුකුටියක් වගේ පිරිසිදුව තබාගන්න. නිතර බුදුගුණ වඩන්න. මොනම දේකටවත් සැලෙන්න එපා. ඔබට දුකක් කරදර එන්න පුලූවන්. දුක් ඔබට විතරක් නොවෙයි. මුහුදෙ වැලිකැට ගණනට සමාන තරම් චක්‍රාවාට ගණනක තරම් විශාල ප්‍රදේශයක තමන්වහන්සෙගෙ අණසක පතුරවපු, විශ්වයේ කොතැනකවත් තමන් වහන්සෙට සමාන කෙනෙක් නොදුටු තුන්ලෝකාග්‍ර අමාමෑණී මගේ බුදුපියාණන්වහන්සෙටත් කරදර බාධක ආවනම්, මේ අපිවගෙ පෘතග්ජනයින්ට කුමන කථාද? අටලෝදහම ගැන හිතල ඕව අල්ල දාන්න. ප්‍රශ්න එනකොට බුදුගුණ හදවතින්ම සිහිකරන්න. විසඳුම් ඉබේටම ලැඛෙනව. සත්තයි මේ ඇත්තමයි කියන්නෙ. 06. වරක් මාරක අපලයක් තිබුණු දරුවෙකුට බුදුහාමුදුරුවො දීර්ඝායුෂ නොපත දෙමාපියන්ට විතරක් දීර්ඝායුෂ පැතුව. එවලෙ හේතුව දැනගත්ත දෙමාපියො බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටිය දරුව බේරල දෙන්න කියල. දරුව මැරෙන්න දවස් හතකට කලින් ඉඳල ගෙදර මිදුලෙ දින හතක පිරිත් පිංකමක් පැවැත්තුව. සත්වන දවසෙ බුදු පියාණන් වහන්සෙත් පිරිත් මණ්ඩපයට වැඩල පිරිත් දේශනා කලා. එදින මාරය පැමිණිය දරුව අරන් යන්න. දවස් හතක් තිස්සෙ ගොඩනැගුණු පිරිත් ශක්තියයි, බුදුහිමියන් ප්‍රමුඛ මහ සගරුවන අතරෙ දරව සිටීමයි නිසා මාරයට එතැනට කිට්ටුවෙන්න බැරිවෙලා. ඒකෙන් දරුව බේරුනාලූ. පේනව නේද බුදුගුණ බලය අපමණයි කියල. බුදුබණ තියෙන්නෙ පිලිපදින්න විතරයි කියන ඇත්තන්ට මේ කථාවත් හොද පිලිතුරක්.

06. නිතර නුවණ මෙහෙයවල වැඩ කරන්න. ඔබේ නොසැලකිල්ලට අතක් පයක් තුවාල උන දවසට ගිහින් හඳහන බලන්න. නරක ග්‍රහ පිහිටීමක් තියෙව අනිවාර්යයෙන්. ඉතින් ඒකට පලි ග්‍රහය නොවෙයි. ඔබේ නොසැලකිල්ල. සිහිබුද්ධිය කියන්නෙ හැමවිටම ලග තියාගන්න වටිනා ආභරණයක්.

07. හැම පෝයකටම සිල් ගන්න උත්සාහ කරන්න. ලෝකෙට පේන්නනම් නොවෙයි. හදවතින්ම. නිති පන්සිල් රකින, පොහොය අටසිල් රකින උතුමන් ගැන අප ආශ්‍රිතව වැඩවසන දෙවියන්ගෙන් තොරතුරු අරන් සතර වරම් දෙවියොයි සක්දෙවියො ප්‍රමුඛ මහානුභාව සම්පන්න දෙවියො පෝය දාට දේව සභාවෙදි රැස්වෙලා කථාකරනවලූ. ඒ ඇත්තන් නිතර ආරක්ෂා කරනවලූ. සක්දෙවියො පෝයදවසට දෙව්ලොවින් ගවු තුනක් පහලට බැහැල ඒ උතුමන්ට නමස්කාර කරනවලූ. මේව සුරංගනා කථා කියල හිතන බකපණ්ඩිතයො ඕන දෙයක් හිතාගත්තාවේ. හැබැයි බුද්ධ දේශනා කියවල බලන අයට මේව දැකගන්න තියෙනව ඕනතරම්.

වරක් එක්තරා සංඝයා වහන්සෙ කෙනෙක් බුදුහාමුදුරුවන්ගෙන් උදේ වරුවෙ ඇහුවලූ රාහු කාලය විශ්වාස කරනවද කියල. බුදුහාමුදුරුවො නිශ්ශබ්දව හිටියලූ. දවලූත් අහල. ඒත් නිශ්ශබ්දයි. හවසත් අහල. එවලෙ කීවලූ රෑට කියන්නම් කියල.
රෑවෙලා බුචුහාමුදුරුවො එළියට වැඩල අරභික්ෂුවට කථාකරල තරුවක් පෙන්නල ඇහුවලූ අතන තරුවක් පේනවද කියල. එහෙමයි කිව්වලූ. දැන් ඇත්තටම එතන තරුවක් තියෙනවද ඇහුවලූ. පේන හැටියටනම් තියෙනව කිව්වලූ. ” පිංවත් මහණ, ඔය තරුව පිපිරිල විනාශ වෙලා දැන් අවුරුදු තුනකටත් වැඩියි. එහෙත් ඒ ආලෝකය තාම අපට ලැඛෙනව. ඉතින් ග්‍රහ තරු ගැන කුමන විශ්වාසද?” කියල ඇහුවලූ
තව වරක් බුදුහාමුදුුරුවො දේශනා කලේ

” අත්ථෝ අත්තස්ස නක්ඛත්තං – කිං කරිස්සති තාරකා ”

කියලයි. ඒ කියන්නෙ තමන්ගෙ නැකත තමන්මයි. ග්‍රහ තාරකා කුමක් කරන්නද කියල. දැන්වත් ඔය විකාර ග්‍රහ පූජා නවත්වන්න. ඕනිනම් ඕවට අධිපති දෙවියන්ට පින් දෙන්න. මොකද ඔය රාහු අසුරය ගැන එහෙම බුදුබණේ සදහන් වෙනවනෙ. නිතර පිංකම් කරල ගුණදහම් පුරණ අයට සිදුවන විපත් අඩුයි. ඒ විපත් ස්වභාව දහමින් වලක්වනව. හිතාමතා විපත් කරන අයට ස්වභාව දහමින් දඩුවම් දෙනව. සත්තයි මේ කරණු මම සහතික කරනව. ඒ උතුම් ධර්මයෙහි හැසිරෙන්න ඔබත් අද අදම සිතට ගන්න.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.