Skip to main content

කළක් බුදු හිමියන්ගේ උපස්ථායක ධූරයද දැරූ උපවාන මහරහතන් වහන්සේ …

උපවාන මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පුර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද එම බුදුරජාණන් වහන්සේ ගෙන් බණ අසා අනාගතයෙහි රහත් ඵලයට පැමිණ ” සසර කතරින් එතර වන්නෙමි” යි සිතා නොයෙක් ආකාර කුසල් රැස් කළහ. හෙතෙම පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පිරිනිවි පසු උන්වහන්සේගේ ධාතු තැන්පත් කොට සෑදු දැගැබ මත්තෙහි තමාගේ උතුරුසලූව කොඩියක් මෙන් සිටින සේ බැන්දේය. එම කුල පුත්‍රයා එයින් චුතව සසර සැරිසරමින් සිට අපගේ බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි සැවැත් නුවර බ්‍රාහ්මණ කුලයක උපන්නේ ය.

උපවාන නමින් ප්‍රසිද්ධව සිටි හෙතෙම පේතවනාරාම පුජාවේ දී පැහැදී පැවි දි විය. උපදින තෙරුන් වහන්සේ දිවා රාත්‍රි දෙහි යෝනිසෝ මනසිකාරයෙන් යුතුව භාවනා කොට නොබෝ කලකින් විදර්ශනා වඩා රහත් වූ සේක.

 උපවාන තෙරුන් වහන්සේ බොහෝ කාලයක් බුදුරජානන් වහන්සේට උපස්ථාන කළ ස්ක. ඒ අවධියෙහි දිනක් බුදුරජාණන් වහන්සේට වාතාබාධ යක් හට ගත්තේ ය. උපවාන තෙරුන් වහන්සේ එකල තමන් වහන්සේන්ගේ ගිහි කාලයෙහි යහළුවකු වු දේවහිත නම් බමුණා කරා ගොස් බමුණා හමු වුහ. “ තෙරුන් වහන්සේ කුමක් සඳහා පැමිණියෙහිදැ” යි බමුණා ඇසු කල්හි තමන් වහන්සේ පැමිණි කාරණය දන්වා බමුණාගෙන් උණුවතුර අවශ්‍ය බව ප්‍රකාශ කළ සේක. ඒ අසා බමුණා උණුදිය ද, වාතාබාධයට යෝග්‍ය බෙහෙත් ද පිළි ගැන්විය. උන්වහන්සේ ඒ සියල්ල රැගෙන ගොස් බුදුරජාණන් වහන්සේස්ට පුජා කළහ. ඒ බෙහෙතිත් බුදුරජාණන් වහන්සේ සුවපත් වූ සේක.

බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර සල්උයනේ දී පිරිනිවන් පෑමට පෙර මේ උපවාන තෙරුන් වහන්සේ උන්වහන්සේට පවන් සලමින් ළග වැඩි සිටි සේක. පිරිනිවන් පානා මොහොතෙහි එතැනට රැස්වූ දෙවියන්ට උපවාන තෙරුන් නිසා බාධාවක් වන සැටි දැනගත් බුදුරජානන් වහන්සේ මහණ මා ළග නොසිට ඉවත් වන්න යි වදාළ සේක, ආනන්ද තෙරුන්ට එය ප්‍රහේලිකාවක් විය. උන්වහන්සේ ඒ ගැන බුදු රජාණන් වහන්සේගෙන් විමසු කල ඊට හේතු වූ කාරණය උන්වහන්සේ වදාළ සේක. මේ උපවාන මහ රහතන් වහන්සේ අසු මහා ශ්‍රාවක පිරිසට ද අයත් වූ සේක.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.