Skip to main content

කකුසඳ බුද්ධ වංශය ( Kakusanda Buddha Wanshaya )

වෙස්සභූ බුදුරදුන් ට මෑතභාගයේ ද්වීපදොත්තම වූ අප්‍රමේය ගුණ ඇති ළඟාවිය නො හැකි නාමයෙන් කකුසඳ නම් වූ සම්බුදුන් වහන්සේ පහල විය.  සියලු පාරමිතාවන් ගේ කෙළවර ට පැමිණියාහු. භවය නසා මැඳිරිය බිඳ සිංහරාජයකු සෙයින් භවපඤ්ජරය නසා උතුම් සම්බෝධිය ට පැමිණිය හ.

කකුසඳ බුදුරදුන් දම්සක් පවත්වන කල් හි සතලිස්කෙලදහසක් සත්නට පළමු ධර්මාභිසමය විය. අන්තරීක්ෂ අවකාශයේ යමාමහ පෙළහර කොට තිස්කෙලදහසක් දෙව්මිනිසුන් ට ධර්මාවබෝධය කරවීය. නරදෙව් තෙම යක්ෂයාහට සිව්සස් දෙසීමේ දී උන්වහන්සේ ගේ තුන්වන ධර්මාභිසමය ගණනින් අසංඛෙය විය.

කකුසඳ භාග්‍යවතුන් වහන්සේ ට විගතමල වූ සන්හුන් සිත් ඇති තාදී ගුණ ඇති ක්ෂීණාශ්‍රවයන් ගේ එක සන්නිපාතයක් විය. එ කල් හි ආශ්‍රව නමැති සතුරුගණයා ක්ෂය කිරීමෙන් නිවන ට පැමිණි සතලිස්දහසක් රහතුන් ගේ සමාගමය විය.

මම ඒ සමයේ ඛේම නම් වූ ක්ෂත්‍රියයෙක් වෙමි. තථාගතයන් කෙරෙහි ද, බුද්ධපුත්‍රයන් කෙරෙහි ද, අනල්ප වූ දන් දී පාසිවුරු දී අඳුන් ය, වැල්මීකඩ ය, යන උතුම් වූ මේ සියල්ල පිළියෙළ කොට දුනිමි.
කකුසඳ බුදුරදුන් ද, මේ තෙම මේ භාද්‍රකල්පයේ බුදුවන්නේ ය යි විවරණ දුන් හ. ඒ තථාගත තෙම ඒ දිනයෙ හි මනරම් කිඹුල්වත් නුවරින් නික්ම, බුදූවීම ට උත්සාහකොට දුෂ්කර ක්‍රියා ද කොට ඉක්බිති ඒ තථාගත තෙම අජපල් නුගරුක මුලෙ හි හිඳ,  එ හි දී කිරිබත පිළිගෙන නේරංජරාව ට එළඹෙයි.

නැවත ඒ ජිනරාජතෙම නේරංජරා නදී තීරයෙ හි දී කිරිබත වළඳයි. ඉක්බිති බෝධිය කරා එළඹෙයි. මහා යසස් ඇති ගෞතම නරදෙටු තෙම ඊට පසු උතුම් බෝමැඩ පැදකුණු කොට ඇසතු ගස මුල දී බුදුබව අවබෝධ කර ගන්නේ ය.

මොහු ගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නී ය. පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේ ය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේ ය. “කෝලිත” ද, “උපතිස්ස” ද, යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නා හ. “ආනන‍ද”නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන් ට උවටැන් කරන්නේ ය. “ඛෙමා” ද,  “උප්පලවණ්ණා” ද, යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නා හ. ඒ භාග්‍යවත්හු ගේ බෝගස ඇසතු රුකය යි කියනු ලැබේ. යසස් ඇති ඒ ගෞතම බුදුරජහු ගේ ආයුෂය අවුරුදි සියයකි.

අසම වූ,  මහඍෂී වූ ඒ බුදුරදුන් ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ යි බුදුවන බෝසතෙකු යැ යි දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්.   අත්පොලසන් දෙත්.   සතුටින් සිනහසෙත්. ඇඳිලි එක් කර නමස්කාර කරත්.

ඉදින් මේ ලෝහිමියාණන් ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙ හි හෙවත් මතු කාලයෙ හි මුන්වහන්සේ හමුවන්නෙමු. යම් සේ ගඟක් එතර කරන්නා වූ හෙවත් පීනන්නා වූ මිනිස්සු ඉදිරිතොට වැරදී ගියහොත් යට තොට ගෙන මහ ගඟ එතර කරත් ද, එ පරිද්දෙන් ම අපි හැමදෙන මේ කකුසඳ බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙ හි මේ බෝසතුන් හමුවන්නෙමු.

ඒ බුදුන් ගේ බස් අසා සිත පැහැදවීමි. දසපෙරුම්දම් පිරීම මත්තෙහි වතක් ඉටුයෙමි. මහර්ෂී වූ කකුසඳ බුදුරදුන් ගේ නුවර “ඛේමවති” නම් වී ය. පිය තෙම “අග්ගිදත්ත” නම් රජ ය. වැදූ මව “විශාඛා” නම් වූවා ය.

ඒ කකුසඳ බුදුරදුන් අවුරුදූ සාරදාහක් බුදූවන්න ට පෙර ගිහිගෙයි වාසය කළේ ය. “රුචි” ය,  “සුරුචි” ය, “රතිවර්ධන” ය යන උතුම් තුන් ප්‍රාසාද තුනක් වූ හ. මනා ව සරසන ලද පිරිවර අඟනෝ තිස් දහසකි. ප්‍රසිද්ධ වූ බිරිඳ “විරෝචමානා” නම් වූවා ය. පුත් තෙම “උත්තර” නම් වී ය.

පුරුෂොත්තම තෙම සතර පෙර නිමිති දැක රියයානයෙන් මහබිනික්මන් කළේ ය. නො අඩු අටමාසයක්‌ මුළුල්ලේ ප්‍රධන් වීර්යය කළේ ය. බඹහු විසින් අයදනා ලද්දේ මහාවීර වූ මිනිසුන් ට උතුම් වූ වෙස්සභූ නම් ලෝනාහිමිඳු “අරුණ” නම් ආරාමයේ දී දම්සක් පැවැත්වූ සේක. මහාවීර වූ නරෝත්තම වූ ඒ කකුසඳ ලෝකනායකයන් වහන්සේ මහබඹහු විසින් අයදිනා ලද්දේ මිගදාය නම් උයනේ දී දම්සක් පැවැත් වූ හ.

මහර්ෂී වූ වෙස්සභූ බුදුරදුන් ට, “විධුර” ද, “සංජීව” ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූ හ. උපස්ථායක තෙම “බුද්ධිජ” නම් වී ය. “සාමා” ද, “චම්පා” ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූ හ.ඒ භාග්‍යවත්හු ගේ බෝරුක “මහරි” ය යි කියනු ලැබේ. “අච්චුත” ද, “සුමන” ද යන අග්‍රඋපස්ථායකයෝ දෙදෙනෙක් වු හ. “නන්දා” ද, “සුනන්දා” ද යන අග්‍රඋපස්ථායිකාවෝ දෙදෙනෙක් වු හ. ඒ මහාමුනිඳු සතලිස් රියන් උස් වූ හ. හාත්පස දසයොදුන් තැන සිරුරින් රන්වන් පැහැ නික්මිණ.

ඒ මහර්ෂී වූ බුදුන් ට සතලිස්දහසක් අවුරුදු ආයු විය. එතෙක් කල් වැඩසිටිමින් ඒ බුදුහු බොහෝ ජනයා සසරින් එතෙර කරවී ය. ඒ බුදුහු දෙවියන් සහිත ලොව ස්ත්‍රීපුරුෂයන් ට දහම් නමැති අවුණු විදහා සිංහනාද මෙන් අභයනාද කොට ශ්‍රාවකයන් සහිත ව පිරිනිවී සේක.

ඒ බුදුහු අෂ්ඨාංගසමුපෙත ස්වර ඇතිය හ. නිරතුරු සීලාදී ගුණයෙන් යුත් ශ්‍රාවකයුගලාදිය උන්වහන්සේ ට විය. ඒ සියල්ල අතුරුදහන් විය. සියලු සංස්කාරයන් අනිත්‍යය වූවාහු නො වෙත් ද?

ජිනවර වූ ඒ කකුසඳ බුදුහු ඛේමාරාමයෙ හි පිරිනිවී සේක. උන්වහන්සේ ගේ ධාතු සහිත ස්තුපය එ හි ම ගව්වක් උස්කොට බඳවන ලද්දේ ය.

[ඛුද්දක නිකාය, බුද්ධවංශ පාළි, කකුසඳ බුද්ධ වංශය]  

උපුටා ගැනීම -www.thiryak.org

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.