Skip to main content

ඒඩිස් පාලනයට හොදම මග බුදුදහමයි.

Acquired immune deficiency syndrome හෝ acquired immunodeficiency syndrome (AIDS) නැතිනම් ඒඩ්ස් යන්න අපට නුහුරු වචනයක් නොවේ.
සැම වසරකම දෙසැම්බර් 1 වනදා සැමරෙන ලෝක ඒඩ්ස් දිනය දිනය, එච්.අයි.වී ආසාදනය පැතිරීම නිසා ඇතිවන ඒඩ්ස් වසංගතය පිළිබඳ දැනුවත්කිරීම නැංවීමට කැපකර ඇත.
ලෝක ඒඩ්ස් දිනයක් පිළිබඳ අදහස 1987 අගෝස්තු මාසයේදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒඩ්ස් පිළිබඳ ගෝලීය වැඩසටහනෙහි මහජන තොරතුරු නිලධාරින් දෙදෙනෙකු වූ ජේම්ස් ඩබ්. බන් හා තෝමස් නෙට්ටර් වෙත පහළ විය. බන් සහ නෙට්ටර් විසින් මෙම ඔවුන්ගේ අදහස, ඒඩ්ස් පිළිබඳ ගෝලීය වැඩසටහනෙහි අධ්‍යක්ෂක ආචාර්යය ජොනතන් මාන් වෙත ඉදිරිපත් කළහ. මෙම සංකල්පය ආචාර්යය මාන් ගේ සිත් ගත් අතර, එය ඔහු විසින් අනුමත කරනු ලදුව, ලෝක ඒඩ්ස් දිනය පළමුවෙන් සමරන දිනය 1988 දෙසැම්බර් 1 වන දිනය විය යුතුය යන නිර්දේශයටද එකඟ විය. මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාව වන්නේ “ ශූන්‍යය කිරීම”යි. ඒඩ්ස් ලොවින් තුරන්කර දැමීම මෙහි අරමුණයි.
මුල්ම ඒඩ්ස් ‍රෝගියා හමුවී ඇත්තේ 1981 වර්ෂයේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. අරම්භක කාල සිමාවේදි මෙම රෝගය සමලිංගික සේවනයේ යෙදෙන පිරිමින් අතර ප්‍රචලිතව පැවතුනද පසුව සමලිංගික හා විෂමලිංගික යන දේපාර්ශව තුළම පැතිරියන රෝගයක් බවට පත්විය. අපිකාණු කොළ වඳුරා මඟින් ඒඩ්ස් රෝග කාරකය මිනිසාට සම්ප්‍රේෂණය වන්නට ඇතැයි ද මතයක් පවති.
මේ වන විට ලොව පුරා එච්.අයි.වී. ආසාදිතයින් මිලියන 34ක් වාර්තා වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන අයුරු කලින් දැකුවීමි. මින් වැඩි ම පිරිසක් වාර්තාවනුයේ දකුණු අප්‍රිකාවෙන් වන අතර, ඊළඟට වැඩි ම ඒඩ්‍ස් රෝගීන් පිරිසක් වාර්තාවනුයේ ඉන්දියාවෙනි. ඒඩ්ස් රෝගයේ විශේෂ ව්‍යාප්තියක් පෙන්වන්නේ දකුණු අප්‍රිකාව වැනි ඉතාමත් දිළිඳු රටවලයි. මීට ප්‍රධාන හේතුවක් වන්නේ ක්‍රමවත් ලිංගික අධ්‍යාපනයක් මෙන් ම සෞඛය පහසුකම් වත් ඒ රටවල නොමැති වීමයි. එමෙන් ම ඒ රටවල එම රෝගීන් ගත කරන්නේ ඉතාමත් ශෝක ජනක ජීවිතයකි.

1981 සහ 2007 අතරතුර මිලියන 25 කට අධික ජනකායක් ඒඩ්ස් රෝගයට ගොදුරු වී මිය ගොස් ඇති අතර, 2007 වන විට ලොවපුරා ඇස්තමේන්තුගත මිලියන 33.2 ජනයා එච්.අයි.වී වැළැඳී ජිවත්වෙති.
1981 සිට 2006 දක්වා කාලයේදී මිලියන 25ක ජනතාවක් ඒඩ්ස් නිසා මිය ගොස් ඇති අතර, ඇස්තමේන්තුගත මිලියන 33.2ක ජනතාවක් 2007 වන විට එච්.අයි.වී. ආසාදිතයන් බවට පත් වී ඇත. එම නිසා මෙම රෝගය ලොව දරුණු ම වසංගතයක් ලෙස සැලකෙන අතර, දියුණු කරන ලද ප්‍රති රෙට්‍රෝ වෛරස ප්‍රතිකර්ම සහ සුවිශේෂී ප්‍රතිකර්ම තිබුණ ද 2007 වසර තුළ ඒඩ්ස් රෝගයෙන් මිලියන 2ක ජනතාවක් මිය ගොස් ඇති අතර, මොවුන්ගෙන් 270,000ක් කුඩා ළමුන් වේ .
ශ්‍රී ලංකාවේ ප්‍රථම එච්. අයි. වී. ඒඩ්ස්‌ වයිරසය ශරීරගත වූ තැනැත්තා 1987 වර්ෂයේ දී සොයා ගැනීමෙන් පසු මොවුන්ගෙන් ඒඩ්ස්‌ රෝගය 362දෙනෙකුට වැළඳී ඇති අතර, මින් 246 දෙනෙකු මිය ගොස් ඇත .

ලංකාවේ පළමු ඒඩ්ස් රෝගියා වාර්ථාවී ඇත්තේ 1986 දිය. ඔහු විදේශිකයකි. 1987 දී පළමු ශ්‍රි ලංකීක ඒඩ්ස් රෝගිය හමුවිය. පසුගිය වසරේ දිවයිනෙන් එච්.අයි.වී. වයිරසය ආසාධිතයන් 1429 දෙනෙකු වාර්තා වී ඇත. ලංකාව තුළ HIVආසාදිතයන් තිස් දාහක් පමණ පසුගිය වසරේ සිටි බව අනුමාන කරණු ලැබීය. කැගල්ල දිස්ත්‍රික්කය තුළ මුල්ම ඒඩ්ස් රෝගිය වාර්ථා වුයේ 2000 දිය. දිස්ත්‍රික්කය තුළ HIV ආසාදිතයන් 250 පමණ ඇතැයි අනුමාන කළ හැක.

පසුගිය වසරේ සංඛ්‍යාලේකණ අනුව ඒඩ්ස් රෝගය වැළඳී ඇති ශ්‍රී ලාංකික කාන්තාවන් සංඛ්‍යාව 114ක්වන අතර පිරිමින් සංඛ්‍යාව 248දෙනෙකු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිංගාශ්‍රිත හා ඒඩ්ස් රෝග මර්දන ඒකකය සඳහන් කළේය.

එච්.අයි.වී. ආසාධිත දරුවන්ගේ සංඛ්‍යාව විට 52 වන අතර එම දරුවන්ගේ මවගෙන් වයිරසය දරුවන්ට සම්ප්‍රේෂණය වී තිබේ. එම දරුවන්ගේ මවුවරුන්ගෙන් සියයට 90කට ම එච්.අයි.වී. වයිරසය ශරීරගත වී ඇත්තේ තම ස්වාමි පුරුෂයින්ගෙන් බව ලිංගාශ්‍රිත හා ඒඩ්ස් රෝග මර්දන ඒකකය පෙන්වා දෙයි.
මීට අමතර ව එච්.අයි.වී. ආසාදිත වයස අවුරුදු 15ට වැඩි අයගේ ඇස්තමේන්තුගත සංඛ්‍යාව 3,000කි. මේවසරේ මේ ඉලක්කම් ගිහිප ගුණයකින් වැඩිව ඇතැයි අපේක්ෂා කල හැකිය.

මේ අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී බව HIV ඒඩ්ස් මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නිමල් එදිරිසිංහ මහතා පවසා සිටියේ HIV ඒඩ්ස් රෝගය රට පුරා පැතිර යාමේ බරපතල අවදානමක් මතු ව ඇති බවයි. HIV ඒඩ්ස් මර්දනය සඳහා ගෝලීය අරමුදල මගින් ලබාදී ඇති මුදල් මුදාහැරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙකු විසින් අත්හිටුවා ඇති බවත් එම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත් කරුණු අනාවරණය වනවා.
මේ හේතුවෙන් ඒඩ්ස් මර්දන කටයුතු සඳහා කරනු ලබන දැනුවත් කිරීම් සහ පරීක්ෂණ මුළුමනින් ඇණහිට රෝගය රට පුරා වසංගතයක් ලෙස පැතිර යාමට හේතු වී ඇති බව ද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.
පුද්ගලයන් රෝගී වන්නේ වෛරස් බැක්ටිරියා හා දිලිරවල ක්‍රියාකාරිත්වයට හසුවිම හේතුවෙනි.එච්.අයි.වී. ඒඩ්ස් සදහා තවමත් ඹෟෂධ නිපදවිම අනෙක් එවාට වඩා දුෂ්කරවී ඇත.මෙයට ප්‍රධානම හේතුව එච්.අයි.වී. වෛරසය ශරිරය තුළම සිටින ප්‍රෝටිනයක් විමයි.ශරිරය තුළම සිටින ප්‍රෝටිනයක් විම නිසා මෙය බිදිම අපහසුය. වෛරසය ප්‍රෝටිනයක් ලෙස තිබිම හේතුවෙන් එය බිදිදැමිමට අසමත් වු අවස්ථා 4ක් තවමත් තාක්‍ෂණයෙන් හා විද්‍යාවෙන් දියුණු වර්තමාන ලෝකයේ ඇත.

1. HIV වෛරසය
2. H5N1 කුරුලු උණ වෛරසය
3. හෙපටයිට්‍ B
4. සෙම්ප්‍රතිශ්‍යා වෛරස

X5 කුරුලු උණ වෛරසය ශරිර ගතවිම නිසා කුරුලු උණෙන් පුද්ගලයන් මිය ගියත් සෙම්ප්‍රතිශ්‍යාව වෛරසය නිසා වැළදෙන සෙම්ප්‍රතිශ්‍යාව මගින් පුද්ගලයන් මිය යන්නේ නැත.
නමුත් HIV වෛරසය ශරිර ගතවි ඇති පුද්ගලයකුට සෙම්ප්‍රතිශ්‍යාව වෛරසය ශරිර ගතවිම මියයාමට හේතුවකි. එනම් HIV වෛරසය ශරිර ගත වු විට පුද්ගල ශරිරයේ ස්වාභාවික ප්‍රතිශක්තිකරණය බිද වැටිම හා දුර්වලවිමයි.

එඩ්ස් රෝගය පිලිබඳ HIV වෛරසය මගින් ආසාදනය පත්වු විට මිනිස් සිරුරේ ප්‍රතිශක්ති ප්‍රද්ධතියේ කොටස් විනාශ වී යයි.සාමාන්‍ය පුද්ගයයකුට තම ප්‍රතිශක්ති පද්ධතිය මඟින් විශ බීජ ආසාදන හා සමහර පිළිකා වැනි රෝග වලට ඔරොත්තු දීමේ හැකියාවක් ඇත.නමුත් HIVආසාදිතයෙකුට රෝග වල‍ට ඔරොත්තු දීමෙ හැකියාව නැතිව යාම නිසා පහසුවෙන් එවැනි රෝග වලට ගොදුරු වි ඉක්මනින්ම මරණයට පවා පත් විය හැකිය.HIVවෛරසය ශරීරයට ඇතුල් වූ පසු සිදුවන්නේ සිරුරට ඇතුළු වන වෛරය රුධිරයේ ඇති සුදු රුධිරාණුවක් වන ලිමිපෙ‍ාසයිට හා සමිබන්ධ වේ.සුදු රුධිරාණු යනු සිරුරට ඇතුළු වන බාහිර රෝග කාරක විෂබීජයන්ගෙන් සිරුර ආරක්ෂා කරනු ලබන සෛල කොටසකි.වෛරසය සෛලයේ ජානමය කොටසට ඇතුළු වී සෑ‍ෙහ‍න කාළයක් ජීවත් වේ.එසේම සෛලයේ ජාන මගින් තම වෛරසය බෝකරයි.අලුතින් සෑදෙන වෛරසය මගින් නැවත නැවතත් අලුත් ලිමිපොසයිටි සෛල ග්‍රහනයට මෙලෙස ආරක්ෂක ලිමිපොසයිටි සෛල ක්‍රමයෙන් අඩු වීම නිසා ප්‍රතිශක්ති පද්ධතිය බිද වැටෙයි.

එඩ්ස් රෝගය පිලිබඳ HIV වෛරසය මගින් ආසාදනය පත්වු විට මිනිස් සිරුරේ ප්‍රතිශක්ති ප්‍රද්ධතියේ කොටස් විනාශ වී යයි.සාමාන්‍ය පුද්ගයයකුට තම ප්‍රතිශක්ති පද්ධතිය මඟින් විශ බීජ ආසාදන හා සමහර පිළිකා වැනි රෝග වලට ඔරොත්තු දීමේ හැකියාවක් ඇත.නමුත් HIVආසාදිතයෙකුට රෝග වල‍ට ඔරොත්තු දීමෙ හැකියාව නැතිව යාම නිසා පහසුවෙන් එවැනි රෝග වලට ගොදුරු වි ඉක්මනින්ම මරණයට පවා පත් විය හැකිය.HIVවෛරසය ශරීරයට ඇතුල් වූ පසු සිදුවන්නේ සිරුරට ඇතුළු වන වෛරය රුධිරයේ ඇති සුදු රුධිරාණුවක් වන ලිමිපෙ‍ාසයිට හා සමිබන්ධ වේ.සුදු රුධිරාණු යනු සිරුරට ඇතුළු වන බාහිර රෝග කාරක විෂබීජයන්ගෙන් සිරුර ආරක්ෂා කරනු ලබන සෛල කොටසකි.වෛරසය සෛලයේ ජානමය කොටසට ඇතුළු වී සෑහේන කාළයක් ජීවත් වේ.එසේම සෛලයේ ජාන මගින් තම වෛරසය බෝකරයි.අලුතින් සෑදෙන වෛරසය මගින් නැවත නැවතත් අලුත් ලිමිපොසයිටි සෛල ග්‍රහනයට මෙලෙස ආරක්ෂක ලිමිපොසයිටි සෛල ක්‍රමයෙන් අඩු වීම නිසා ප්‍රතිශක්ති පද්ධතිය බිද වැටෙයි.

විෂබීජ ශරීර ගත වූවෙකු සමග ලිංගික සබදතා පැවැත්වීමෙන් යෝනි මාර්ගික ගුද මාර්ගික හෝ මුඛ මාර්ගික ලිංගික සබදතා මගින් සිදුවන තරළ හුවමාරුවේදි රෝගය පැතිරේ.ආසාදිත පුද්ගළයෙකු සමග ලිංගික සබදතා පැවැත්විම මෙම රෝගය වැඩි වශයෙන්ම බෝකරනු ලබන ක්‍රමයකි. විෂබීජ අන්තර්ගත රුධිරය ශරීර ගත වීම මගින් වකුගඩු වැනි පටක බද්ධ කිරිම මගින්. ගර්භනි කාළය තුළදී ප්‍රසුතියේදී හෝ ඉපදීමට පසු කිරිදෙන කාළයේදී විෂබීජ ශරීර ගත වූ මවගෙන්ද දරැවාට රෝගය බෝවිය හැකිය.ඉහත සදහන් ක්‍රම 03 හැරෙන්නට වෙනත් ක්‍රම මගින් මෙම රෝගය බෝවන්නේ නැත.

එමෙන්ම උක්‌ත පැවසූ ක්‍රම තුනට අමතරව ද එච්.අයි.වී. ආසාදනය වන තවත් ක්‍රම කිහිපයක්‌ ගැන සමාජයේ විවිධ මත පවතී. ‘සැලුන්’ එකක්‌ තුළදී එච්.අයි.වී. ආසාදිතයකුගේ රැවුල කැපීමට පාවිච්චි කළ රේසර් තලයම වෙනත් කෙනකුගේ රැවුල කැපීමට පාවිව්චි කළ විට ඒ රේසර් තලයේ ලේ තැවරී තිබුණහොත් ඒ පුද්ගලයාට ද එච්.අයි.වී. ආසාදනය වීමට ඉඩ ඇතැයි සමාජයේ මිනිස්‌සු තුළ යම් බියක්‌ පවතී. එය මිථ්‍යා මතයක්‌ පමණි. එච්.අයි.වී. වෛරසය කෙනකුගේ ශරීරයකට ඇතුළු වීමට නම් ඒ පුද්ගලයාගේ සිරුර තුළට රුධිරය යම් ප්‍රමාණයක්‌ ඇතුළු විය යුතුය. එවැනි රුධිර ප්‍රමාණයක්‌ රේසර් තලයකින් සිරුරකට ඇතුළු වන්නේ නැත. ජනතාව බිය විය යුත්තේ වසංගතයක්‌ සේ පැතිර යන ඩෙංගු වැනි රෝග සඳහාය. එච්.අයි.වී ආසාදනය සඳහා බිය විය යුත්තේ අනාරක්‍ෂිත ලිංගික සම්බන්ධතාවක්‌ ඇති කරගෙන තිබෙනවා නම් පමණි.

එච්.අයි.වී. ලොව පුරා අධි වේගයෙන් පැතිර යමින් තිබෙන මෙවැනි යුගයක මෙරටද එච්.අයි.වී. රෝගයෙන් පෙළෙන නොදරුවන් ඇතුළු නව යෞවනයන් සහ වැඩිහිටියන් හාරදහස්‌ පන්සියයකට ආසන්න පිරිසක්‌ වෙසෙති. එමෙන්ම අලුත්ම සංඛ්‍යාලේඛණ අනුව සෑම මාස තුනකටම දහසයකට ආසන්න එච්.අයි.වී. ආසාදිතයන් පිරිසක්‌ මෙරට එච්.අයි.වී රෝගීන් අතරට අලුතින් එකතු වේ. අප සමාජයට හොර රහසේ වසරින් වසර එච්.අයි.වී. රෝගීන් සංඛ්‍යාව වැඩි වුවද එච්.අයි.වී නිවාරණය සඳහා සමාජය දැනුවත් කිරීමට තවමත් නිසි වැඩපිළිවෙළක්‌ නැත. එච්.අයි.වී ආසාදනය පිළිබඳ නොදැනුවත් බව හෙයින්ද ලෝක අපවාදයෙන් වහං වී සිටීමට තමන් එච්.අයි.වී. ආසාදිතයකු වූ බව දැන දැනත් වෛද්‍ය ප්‍රතිකාර නොගෙන සිටින අයද අප අතර සිටින්නට පුළුවනි. එවැනි සිද්ධිවලට ප්‍රධානම හේතුව එච්.අයි.වී. පිළිබඳ සමාජයේ ඇති නොදැනුවත් බවය.

එච්.අයි.වී. අධි අවදානම් කණ්‌ඩායම් යනුවෙන් හඳුන්වන්නේ වාණිජ ලිංගික වෘත්තියේ යෙදෙන්නන්, පිරිමින් සමග ලිංගිකව හැසිරෙන පිරිමින්, මේ පුද්ගලයන් සමාජයේ ඕනෑතරම් සිටිති. මෙය සම ලිංගික චර්යා රටාවක්‌ වුවද මොවුන් සම ලිංගිකයන් නොවෙති. නමුදු මේ පිරිමින් – පිරිමින් අතර ගුද මාර්ගයේ කෙරෙන සංසර්ගයේදී කාන්තාවක්‌ සමග ලිංගික සංසර්ගයේදී එච්.අයි.වී. ආසාදනය වීමට ඇති අවදානමට වඩා වැඩි අවදානමක්‌ තිබේ. මෙහිදී ගැටලුව වී ඇත්තේ චර්යා රටාවේය.

මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්( මෙහිදී මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් යනුවෙන් හඳුන්වන්නේ මත්ද්‍රව්‍ය ශිරාගත කරගන්නා පුද්ගලයන්ය. නමුදු මෙරට මත්ද්‍රව්‍ය ශිරාගත කරගන්නන් සිටින්නේ අවම මට්‌ටමක බව සැබෑය. එහෙත් මේ මත්ලෝලීන් ද මත්ද්‍රව්‍ය ශිරාගත කරගන්නා තත්ත්වයට පත්වීමට ඉඩ ඇති බැවින් ද මොවුන් අධි අවදානම් කොටසක්‌ හැටියට සලකා තිබේ. මේ කණ්‌ඩායම් ත්‍රිත්වයේම පුද්ගලයන් බන්ධනාගාර රැඳවියන් සේ මෙරට බන්ධනාගාර තුළ සිටිති. ඒ නිසාම බන්ධනාගාර රැඳවියන් ද අධි අවදානම් කණ්‌ඩායමක්‌ ලෙස හඳුන්වමින් එච්.අයි.වී. නිවාරණ විශේෂ වැඩමුළු බන්ධනාගාර තුළ පවත්වාගෙන යනු ලැබේ. එමෙන්ම වෙරළ මඟ පෙන්වන්නන් (beach boys) එච්.අයි.වී. අධි අවදානම් කොටසක්‌ හැටියට හඳුන්වනු ලැබේ. එසේ නම් මේ අධි අවදානම් පිරිසට බාහිරින් වුවද යමෙකුට එච්.අයි.වී ආසාදනය වීමට ඉඩ තිබේ. මන්ද මෙරටින් හඳුනාගෙන සිටින එච්.අයි.වී ආසාදිතයන් අතර බොහෝ දෙනා ජීවිතයේ කිසිම දිනක පිටරටකට නොගිය, සංචාරකයකු සමග කිසිදු සම්බන්ධතාවක්‌ පවත්වා නොතිබූ පුද්ගලයන්ය. එහෙයින්ම එච්.අයි.වී යනු දැන් මෙරට සෑම අස්‌සක්‌ මුල්ලක්‌ නෑරම පැතිර ඇති වෛරසයක්‌ බව ද නොකිවමානය. ඒ නිසාම මුළු මහත් සමාජයම එච්.අයි.වී ආසාදනය පිළිබඳ පුළුල්ව දැනුවත් කිරීම රජයේ වගකීමක්‌ බව ද අපි මතක්‌ කර සිටිමු.

කාන්තා ලිංගික ශ්‍රමිකයන් තම ශරීරය අන් කෙනකුට විකුණනුයේ යම්කිසි ලාබ ප්‍රයෝජනයකට මිස ආත්ම තෘප්තිය සඳහා නොවේ. නමුත් සමහර පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින් ආත්ම තෘප්තියක් ලබන ගමන්ම ලාභ ප්‍රයෝජන වෙනුවෙන් අවදානම් ලිංගික හැසිරීම්වල යෙදේ. ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය කරන ලද සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාව තුළ කාන්තා ලිංගික ශ්‍රමිකයන් 40,000කට වඩා, පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින් 35,000කට වඩා සිටින බවට තහවුරු කර ඇත. නමුත් මෙම දත්තයන් නිවැරැදි දත්තයන් ලෙස සැලකීමට නොහැකිය.

එච්.අයි.වී ආසාදිතයන් ද මිනිසුන්ය. දෛවයෙන්, සදාචාරයෙන් සහ ලෝක අපවාදයෙන් බැට කෑ අසරණ මිනිසුන්ය. මේ මිනිසුන්ව සමාජයෙන් කොන් නොකළ යුතුය. මොවුන්ට ද සමාජය තුළ ඔවුන්ගේ දෛනික කටයුතු කරගෙන යැමට ඉඩ ලබාදිය යුතුය. සමාජය විසින් එච්.අයි.වී ආසාදිතයන්ව කොන් කරන නිසාම ඔවුන් එච්.අයි.වී ආසාදිතයන් කියා දැන සිටියද ප්‍රතිකාර ලබාගැනීමට ඉදිරිපත් නොවේ. සමාජයට රෝගය වසන් කරගෙන සිටීමට ප්‍රයත්න දරයි. ඉන් මෙය ව්‍යාප්ත වන අවදානම ඉහල යා හැකිය.
්‍ර

ඒඩ්ස් රෝගියකු හා බැදි පැවතියයුතු අයිතිවාසිකම්

1. ජිවත් විමට ඇති අයිතිවාසිකම.
2. නීතීය ඉදිරියේ සමාන ආරක්‍ෂාව හා වෙනසකට භාඡනය නොවිමේ අයිතිවාසිකම.
3. නිදහස හා පුද්ගලයකුගේ ආරක්‍ෂාව.
4. නිදහසේ ගමන් කිරිමට ඇති අයිතිවාසිකම.
5. රහස්‍යය භාවය පිළිබද අයිතිවාසිකම.
6. වැඩ කිරිමට ඇති අයිතිවාසිකම.
7. විවාහ විමට හා විවාහ ජිවිතයක් ගත කිරිමට ඇති අයිතිවාසිකම.
8. ආශ්‍රය කිරිමට ඇති අයිතිවාසිකම.
9. අධ්‍යාපනයට ඇති අයිතිවාසිකම.
10. ප්‍රමානවත් ජිවන තත්වයක් ගත කිරිමට ඇති අයිතිවාසිකම.
11. සමාජ ආරක්‍ෂාව ,පහසුකම් සහ සුබ සාධනයන් සදහා ඇති අයිතිවාසිකම.
12. විද්‍යාත්මක වර්ධනයන් සහ එහි වාසිය බෙදා ගැනිමට ඇති අයිතිවාසිකම.
13. පොදු සංස්කෘතික ජිවිතයකට අනුගතවිමේ අයිතිවාසිකම.
14. වධහිංසාව ,කෲර අමානුෂික සහ අවමන් සහගත සැලකිලි වලින් නිදහස් විම සහ දඬුවම් වලින් තොරවිමේ අයිතිවාසිකම.

එච්.අයි.වී. ආසාදිතයකු ඔබට බලෙන් එච්.අයි.වී. ආසාදනය කිරීමට පෙළඹෙන්නේ නැත. එමෙන්ම කෙනකුට එච්.අයි.වී. ආසාදනය වූයේ නොදැනුවත්කම නිසා යෑයි පැවසීමට නොහැකිය. ඔබගේ ආරක්‍ෂාව ඔබ සපයා ගත යුතුය. එච්.අයි.වී ආසාදිතයකු සමග වුවද ආරක්‍ෂා සහිතව ලිංගික සංසර්ගයේ යෙදෙන්නේ නම් ගැටලුවක්‌ නැත. එහෙත් අෙන්‍යාන්‍ය විශ්වාසයෙන් යුතු එක්‌ සහකරුවකු සහ සහකාරියක්‌ පමණක්‌ සමග ලිංගික චාර්යාවේ යෙදෙන්නේ නම් එය ඔබගේ පවුලේ සෞඛ්‍යයට ඉතාම වැදගත්ය. මන්ද අනාරක්‍ෂිතයකු සමග ලිංගික ඇසුරක්‌ පවත්වන පුද්ගලයකු තම විවාහක බිරිඳ හෝ ස්‌වාමිපුරුෂයා සමගද ලිංගිකව එක්‌ වේ. එවිට ඔබට වැළඳී ඇති ලිංගික රෝගය ඔබේ සහකාරියට හෝ සහකරුටද ආසාදනය වීමට ඉඩ තිබේ. ඉනිදු නොනැවතී තම දරුවන්ට ද ආසාදනය විය හැකිය. එවිට ඔබ පමණක්‌ නොව ඔබගේ කැදැල්ල ද අවුල් ජාලාවක්‌ වනවා නිසැකය. ලිංගික ජීවිතයේදී තමන්ගේ ආරක්‍ෂාව තමන්ම සලසා ගන්නේ නම් තමන්ගේ සුවතාව පමණක්‌ නොව තම පවුලේ විශ්වාසය ද බිඳුවක්‌ හෝ පළුදු නොවනු ඇත.

යහලුවනේ මේ දැක්වුවෙ ඒඩ්ස් රෝගය හා එය වලක්වා භෙ!තිකව ගැනීම පිලිබදවයි.

බුද්ධ දේශනාව අනුව කාම මිත්‍යාචාරය පරපතල අකුසලයක්. සාමාන්‍යයෙන් මිනිසත්කමත් තිරිසනාත් අතර ලොකු වෙවනසක් තියෙනවනෙ. මට හිතෙන්නෙ පංචශීලයත් මිනිසා හා තිරිසනා අතර ඇතිකරන වෙනසක් බවයි. පංචශීලය කියන්නෙ ආගමික අංගයකම නෙවෙයි. ශිෂ්ඨ සමාජයක් අනිවාර්යෙන්ම පිලිපැදිය යුතු අංග පහක්. ඒවා අතරින් අපේ මේ කථාවට අදාල වන තුන්වන ශ්ෂාපදය මදක් සලකා බලමු.

කාම මිථ්‍යාචාරය (කාමයන්හි වරදවා හැසිරීම) සිදුවන අයුරු පිලිබද පැහැදිලි විග්‍රහයක් බුදුදහම තුල දක්වල තියෙනව.

1 කාම වස්තුවක් වීම (ස්ත්‍රී /පුරුෂ)
2. වරදවා හැසිරීමේ චේතනාව
3. වරදවා හැසිරීමේ උත්සාහය
4. ආස්වාදය ඉවසීම හෙවත් සේවනය

කාමයන්හි වරදවා හැසිරීමට මෙම කරුණු සම්පූර්ණ විය යුතුය..

කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම නිසා සතුරුබිය නැතිවීම, බොහෝ දෙනාට පි‍්‍රයමනාප වීම, අපායභය සන්සිඳීම, ස්ත්‍රිභාවය හෝ නපුංසකභාවයට පත් නොවීම, සමාජයෙහි නො පසු බෑම, පිරිපුන් ඉන්ද්‍රියයන් ඇතිවීම ස්ත්‍රීපුරුෂයන්ට ඔවුනොවුන් පි‍්‍රය වීම යනාදි ආනිසංස ලැබිය හැකි බව පෙනේ.

පින්වත් යාලුවනේ අද කාමය නිසා අපේ අසරණ ජීවිත මොනතරම් නම් මේ අයුරින් විනාශ වෙනවද බලන්න. බුදුහිමියන් පැහැදිලිවම දේශනා කල‍ානේද කාමය වරදවා හැසිරෙන්නා විනාශ වෙලා යන බව. බුදුහිමියන් ශ්‍රාවකයන්ට හැමවිටම දේශනා කලේ රාගෙයෙන් සිත රැකගන්නා ලෙසයි.

යථා අගාරං දුච්ඡන්තං
වුට්ඨි සමතිවිඣති
එවං අභාවිතං චිත්තං
රාගො සමතිවිඣති

හොදින් සෙවිලි නොකල ගෙයක් වැස්සෙන් තෙමෙන්නාක් මෙන් භාවනාවට හුරු නොකල සිත රාගයෙන් තෙත් වේ. ( ධම්මපදය )

වැරදි කාමචේතනා නිසා අපා දුක්විදින පුද්ගලයන් ගැන කියවෙන අවස්ථා බුදුදහම තුල පැහැදිලිව දක්වා ඇත. විශේෂයෙන්ම පරේතවස්තුව වැනි තැන්වල මේ පිලිබද ඔබට හොදින් අධ්‍යනය කල හැකි තැන්ය. විශේෂයෙන්ම විශාල අණ්ඩකෝෂයන් කරමත තබාගෙන තැන්තැන්වල යන අමනුෂ්‍ය ආත්ම ඕනෑතරම් ඔබට කියවන්නට ලැබේවි.

කාමයෙන් මත්වූ පුද්ගලයා ගිණිගන්නා දරකැබැල්ලක් මෙන් බව බුදුහිමියන් දේශනා කලසේක. වරක් බුදුහිමියන් කාමය දුරලූ තැනැත්තා ශේකායෙන් මිදෙන බව මෙසේ දැක්වූ සේක.

කාමතෝ ජායතී සෝකෝ
කාමතෝ ජායතී භයං
කාමතෝ විප්පමුත්තස්ස
නත්ථි සෝකෝ කුතෝ භයං

වස්තුකාම ක්ලේශකාම දෙකින් ශෝකය උපදී. ඒ කාමයෙන් ම බිය උපදී. කාමයෙන් වෙන් වූවහුට ශෝකයෙක් නැත. එවිට බියක් කොයින් ද? ( ධම්මපදය )

අතීතයේ සිට සිංහල රාජධානි පවා මේ කාමය නිසා විනාශ වී ඇති අයුරු අපේ ඉතිහාසය පිරික්සීමෙන් බලාගන්න. සිංහල රාජාවලියෙහි මහනුවර අවධිය යනු සමස්‌ත සමාජයේම පරිහානිය සලකුණු කළ යුගයක්‌ විය. බොහෝ ඉංග්‍රීසි ලේඛකයන්ගේ වාර්තාවලට අනුව විවාහය සරල සංස්‌කාරකයක්‌ වූ අතර මිත්‍යාචාරය සුලබ දෙයක්‌ විය. කිට්‌ටුවන්ත මිත්‍රයකු හෝ වැදගතෙකු රැයක්‌ නවාතැන් ගතහොත් සිය බිරිය හෝ දියණිය එසේත් නැත්නම් වෙනත් තරුණියක ආගන්තුකයා සමඟ නිදා ගැනීමට කාමරයට යෑවීමට ගෙහිමියා වගබලා ගනු ලබයි. උඩරට පැවැති මෙම මිත්‍යාචාරය හඳුන්වන ලද්දේ නවාතැන් හිරය යන නමිනි. මෙය බොහෝ විට සිදුව ඇත්තේ රජයේ උසස්‌ තනතුරුධාරී නිලමේ – ආරච්චි වැනි උදවිය සතුටු කර ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ අරමුණින් විය. ඉන් ප්‍රකට වන්නේ සමාජය දරුණු ලෙස පරිහානියට පත්ව පැවැති බවකි. අදත් ‍බස්නාහිර පළාත ඇතුලුව දිවයිනේ සෑම තැනකම මෙවන් කාම අපචාර මත ඒඩ්ස් ව්‍යාප්ත වෙනිමන් පවතී. මිනිසා ධර්මයෙන් ඈත්වන විට මාරයා ඒ අඩුව පුරවයි. එසේ හෙයින් නිරන්තර දහමට යොමුවීමට උත්සාහගත යුතුය.

යහලුවනේ මේ ලිපියේ අරමුණ වූයේ ඒඩ්ස් රෝගය පිලිබදව දැනුවත් කිරීම නිසා ධර්මය ගැන වැඩිපුර සදහන් කලේ නෑ. ඉදිරියේදී ශීලය ලිලිපද විස්තරාත්මක ලිපි ඉදිරිපත් කෙරේන නිසා ධර්මය පිලිබද කරුනු පසුව වැඩිදුර ඉදිරිපත් කරන්නම්. කරුණු තේරුම් කරගනිමින් මේ අයුරින් කාමයෙන් මිදී යහපත් ජීවිතයක් ගතකිරීම මෙවැනි ඒඩ්ස් ආදී රෝගයන් පාලනයට එකම පිලියම වේ. ඒ සදහා ඔබට ශක්තිය වාසනාව ලැබේවා. අනන්ත බුදුගුණ බලයෙන් තුන් ලොවම සැනසේවා.

මම සත්වයාගේ හිතසුව කැමති එරන්ද ලක්මාල්ද සිල්වා

( විකිපීඩියා ඇතුලු වෙබ් අඩවි කිහිපයක් ඇසුරින් මෙම ලිපිය සකසන ලද බව කරුණාවෙන් සලකන්න )

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.