Skip to main content

එදා උණු තෙල් කටාරමකද මෙදා උණු වතුර හැලියකද දඩුවම් ලැබූ කැළණි තිස්ස මහ රහතන් වහන්සේ …

කැලණිතිස්ස රජතුමාගේ මළවුවන් වන උත්තිය කුමරු රජ මෙහෙසිය සමඟ සදාචාරාත්මක නොවූ ආදර සබඳතාවකින් පසුවිය. මේ තහනම් ආදරය සැලවූ රජතුමා උත්තිය කුමරු සිරභාරයට ගත යුතු බවට අණ දුන්නේය.

ඒ බව ආරංචි වූ උත්තිය කුමාරයා රසහිගතව මාලිගාවෙන් පැනගොස් දුර බැහැර ප්‍රදේශයක සැඟවිණ. උත්තිය කුමරු තම ආදරවන්තිය නොදැකීමෙන් බලවත් ශෝකයට පත්වී අවසානයේදී තමාගේ දුක දන්වමින් තල් පතක් ලියා, මහණ වෙස් ගැන්වූ තරුණයකු අත කුමරිය වෙතට ලැබීම සඳහා රජමැදුර වෙත යැවීය.

එදින රජ මැදුරේ දානයකි. භික්ෂුන් වහන්සේලා දනට වඩින අවස්ථාවෙහි පසුපසින් ගොස් මේ චීවරධාරියා ද දන් වළදා සෙත් පතා පුණ්‍යානුමෝදනාවෙන් අනතුරුව ආපසු එන ගමනේ දී දනට වැඩි රහතන් වහන්සේ නමක් පසුපසින් පැමිණ දේවියට පෙනෙන්නට තල්පත බිම හෙළුවේය.

දේවිය තල්පත අහුලා ගත්තාය. ඒ බව දුටු රජතුමා සැක සිතී එය පරීක්ෂා කරන විට රහතන් වහන්සේගේ අත් අකුරු තම සොහොයුරාගේ අත් අකුරු හා සමාන වූ බැවින් රහතන් වහන්සේ සැක කළේය. මේ රහතන් වහන්සේ තම දේවිය සමඟ ආදර සම්බන්ධයක් පවත්වතියි සැක උපදවා උණු තෙල් කටාරමක බහා මරණයට පත් කිරීමට නියම කළේය.

මේ රහතන් වහන්සේ මෙබඳු අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වීමෙන් පරිනිර්වාණයට භාජනය වූයේ පෙර භවයක දී ගොපල්ලකුව ඉපිද සිටි අවස්ථාවක මැස්සකු සමඟ කිරි මුට්ටියක් උණු කිරීමේ ප්‍රති විපාකයෙන් බව සඳහන් වේ.

ඒ අතීත කතාවයි

වර්ථමාන කථාව ඊට වඩා වෙනස්ය. කැළණිය ප්‍රදේශයේ බැකෝ යන්ත්‍රයක් මගින් පාරක් කපනු ලැබීය. ඒ අවස්ථාවේදී පුරාණ ගඩොල් ගොඩක් හමු වූ අතර එය නොසලකා දිගටම පාර කැපීම සිදුවිය. ඔය අතර බැකෝ යන්ත්‍රයට කලු පැහැති සිලින්ඩරාකාර යමක් පැටලුනු අතර එය පෙප්සි ටින් එකක්ට සමාන හැඩයක් ගත්තේය. බැකෝ යන්ත්‍ර හිමිකරු එය නිවසට රැගෙන ගියේය.

ටික කලක් ගතවිය. එදා ගෙනා වස්තුව පරික්ෂා කරන්නට සිතූ ඔහු හා පවුලේ අය ර වස්තුව කපන ලදි. පුදුමයකි සැනෙකින් දිලිසෙන කුඩු වැටෙමින් එය කැපීයන්නට පටන් ගත්තේ එම වස්තුව රත්රන් යැයි බැකෝ රියතුරුට පසක් කරමිනි. කෙසේ හෝ කපැ බැලූ විට එවි යම් කිසි ගෝලාකාර කුඩා මුතු වන් යමත් තිබුනි.

දැන් ඔවුනට දැඩි ප්‍රෙහෙලිකාවකි. මොනවද මේ කුඩා ගෝලාකාර වස්තු ? ඔවුනට ඒවා මොනවාදැයි පරික්ෂා කරන්නට අවශ්‍ය විය. සියලු දෙනාගේම ඒකමතික තීරනය වූයේ උණු වතුරට දමා බලමු කියායි. ඒ නිසා හොද වතුර හැලියක් පස්සවා අර  බුබුලු අර හැලියට දැම්මේය.  එම ගෝලාකාර වස්තු වතුර හැලියේ හොද හැටි ඉහල පහල ගියේය. ‍එ හෙත් වෙනසක් නොවූයෙන් නැවත තැන්පත් කර තබන ලදි.  පසුව අර ස්ථානයේ ගඩොල් හමු වූයේ කැලණි තිස්ස රහතන් වහන්සේගේ චෛත්‍යයක් තිබූ නිසා බව දැන ගත් හෙයින් සියලු කරුනු අනාවරණය විය. අර කලු වස්තුව ධාතු මංජුසාව වන අතර අර කුඩා ගෝලාකාර වස්තු කැළණි තිස්ස මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා බව දැන ගන්නට ලැබුනි.
සියලු තතු හෙලි වීමෙන් අනතුරුව කර්මය බලපෑවේ කෙසේද යන්න පැහැදිලි විය. උණු වතුර හැලියේ පැහුනේ එදා  එදා තෙල් හැලියේ පැහුනු කැළණි තිස්ස මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලාම බව පැහැදිලි විය.

බලන්න කර්මය අප පසු පස එන අපූරුව. මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවද එම අකුසලය ධාතූන් වහන්සේලාටද බලපෑවේ පුදුම සහගත ආකාරයටය.

න අන්තලික්ඛේන සමුද්ද මජ්ඣේ
න පබ්බතානං විවරං පවිස්ස
නවිජ්ජතී සෝ ජගතිප්පදෝසෝ
යත්තට්ඨිතං නප්පසහත්ථ මාරෝ

යන ගාථා ධර්මය දේශනා කරමින් බුදු සමිඳුන් වද‌ාළේ

අහසේ සිටියත් මුහුදේ සිටියත් පර්වත විවරයක සිටියත් ලොව කුමන තැනක සැඟව සිටියත් කළ පාපයේ ආදීනවයන්ගෙන් මිදීමට නොහැකි බවය.

මෙම සිදුවීමේදී ද එම බුදු වදන් සනාථ වී තිබේ.

( ස්වාමීන් වහන්සේ නමකගේ ධර්ම දේශනාවකින් උපුටා ගන්නා ලදි …)

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.