Skip to main content

ආත්ම රැස් කරන්නාගේ පැමිණීම …

අධිරාජ්‍ය පරිපාලන විභාගයෙන් උසස් ලෙස සාමාර්ථයක් ලැබූ චාඕ ( CHAO) ට සුවිශේෂ දක්ෂතා ලාභීන්ගේ පදවිය ලැබිණි.

ඉතා කාරුණික අවංක පුද්ගලයෙකු වූ ඔහු කිසිම ප්‍රාණියකුට කවරාකාරයක හෝ වේදනාවක් නොදීමට තරයේ වග බලාගත් මානව හිතවාදියෙකි. එක් දිනක් ඔහු තමාගේ ඥාතිවරයකු බැහැදැකීමට ගියේය. තමා යායුතු ස්ථානයට ළඟාවීමට ගඟ තරණය කළයුතු විය. ඒ සඳහා තොටුපොලෙන් අඟුලකට ගොඩ වූ ඔහුට ගඟ මැද දී තමා ගමන් කරන අඟුලේම තවත් පුද්ගලයකු සිටිනු දක්නට ලැබිණි. පුදුමයකි. මේ අමුත්තා මෙයින් වසර තුනකට පමණ පෙර අභාවප්‍රාප්ත වූ තමාගේම යටත් නිලධාරියකු ලෙස සේවය කළ අයෙක් බව චාඕට මතක් විය.

“ඔබ මෙහි කරන්නේ කුමක්ද?” චාඕ අමුත්තාගෙන් ප්‍රශ්න කෙළේය.

“මම හාතාත්ම ලෝකයේ සේවය කරමි. කාලය එළඹි ජීවින්ගේ ජීවාත්ම එකතු කිරීම මගේ මෙහෙවරයි’ යනුවෙන් ප්‍රකාශ කළ අමුත්තා තවදුරටත් මෙසේ කියා සිටියේ ය.

‘මට අද ආත්ම තුනක් එකතු කර ගැනීමට නියම වී තිබේ’.

‘කාගේද?’ චාඕ ප්‍රශ්න කළේය.

‘එයින් එක් ආත්මයක් ජීවත්වන්නේ ගඟේ එහා ඉවුරෙන් ඔබ්බෙහිය. දෙවැන්නා අද ඔබතුමා හමුවීමට යන ඔබේ ඥාතිවරයින් ගෙන් එක් අයෙකි. තුන්වැන්නා, තුන් වැන්නා…’

‘තුන්වැනි ආත්මය කාගේද?’ චාඕ විමසීය.

නමුත් චාඕ ගේ මියගිය අමුත්තා වන මේ ආගන්තුකයා පිළිතුරු දුන්නේ නැත. මේ නිසා කාලය ඉකුත්වී ඇති තුන්වැනි ආත්මය තමා බව චාඕට පැහැදිලි විය. ඔහුගේ මියගිය සේවකයා බිය නොවන ලෙස ‘චාඕට’ දන්වා මෙසේ ද කියා සිටියේ ය.

“මම මෙම සන්ධ්‍යා භාගයේ ඔබතුමාගේ නිවහනට නොපැමිණෙමි. සියල්ල යථා පරිදි සිදුවනු ඇත”

“එය එසේ සිදුවීමට හේතුව කුමක්ද?’ ‘චාඕ’ ප්‍රශ්න කෙළේ ය.

‘මා මෙහි එන විට ඔබට යන්ට ඉඩ දෙන්ට’ යැයි මට උපදෙස් ලැබුණා. මක් නිසාද යත් ඔබතුමා අසීමිත කරුණාවෙන් යුත් අයෙක් නිසාත් කිසිවිටෙක කවරාකාරයක හෝ ප්‍රාණ ඝාතනයක් කර නැති නිසාත් ය’.

‘චාඕ’ ඔහුගේ ඥාතිවරයාගේ නිවසට ගියේ ය. ඔහු යනවිට ගෙදර අයගේ මහා විලාප හඬ හා වැලපීම අසන්ට ලැබිණි. එහි සිටි ඥාතිවරයකු අභාවයට පත්ව තිබිණි. ගමන නිමා කළ ඔහු ආපසු තම නිවස කරා සැපත් විය.

එදා රාත්‍රී තමාගේ එදා සේවක අද භූතාත්ම එක් රැස්කරන ආගන්තුකයා ‘චාඕ’ ගේ නිවසට නො පැමිණියේ ය. සියලු කටයුතු සිරිත් පරිදි තත්වාකාරයෙන් සිදුවිය.

කිසිදු වෙනසක් නොවිණි.

‘චාඕ’ දීර්ඝ කාලයක් රටට හා ජනතාවට ප්‍රයෝජනවත් පී‍්‍රතිමත් සෞභාග්‍ය සම්පන්න ජීවිතයක් ගත කෙළේය.

ඔබ, ජීවිත ආදරයෙන් හා භක්තියෙන් යුතුව ආරක්ෂා කරන්නේ නම් ඔබගේ ජීවිතයද ආරක්ෂා වන්නේය. නිරුපද්‍රිත වන්නේය.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.