Skip to main content

අරමුණක් නැති තාරුණ්‍යය රුවල් බිඳිගිය නෞකාවක් වැනිය

ජීවිතයේ සාර්ථකත්වය සඳහා අරමුණක්‌ පැවතීම අවශ්‍යයි. අරමුණක්‌ නැති ජීවිතයක්‌ අතරමංව ඒ වෙත ගමන් කරයි. සැබෑවටම ජීවිතයේ සාර්ථකත්වය සඳහා අරමුණක්‌ පැවතීම අත්‍යවශ්‍යයි. තාරුණ්‍යය ජීවිතයේ සුන්දරතම කාලවකවානුව පමණක්‌ නොව ජවසම්පන්නතම කාල සමයයි. ජීවිතයේ සුන්දරතම වූ මේ අවධියේදී අරමුණක්‌ ගොඩ නගා ගැනීම අත්‍යවශ්‍යයි. මන්ද අරමුණක්‌ නැති තාරුණ්‍ය රුවල් බිඳී ගිය නෞකාවක්‌ සේ ඒ මේ අත ගමන් කරන නිසාවෙනි. ඒ නිසාම සිහින සිතිජය තුළින් අද කථා කරන්නේ තාරුණ්‍යයේ අරමුණක්‌ ගොඩනගා ගන්නා ආකාරය පිළිබඳවයි.

තාරුණ්‍යයේ මාලිමාව අරමුණයි

තාරුණ්‍යයේ ජවයෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් නිශ්චිත අරමුණක්‌ තිබිය යුතුයි. ඔබ යා යුතු දිශාව තීරණය කරන්නේ ඔබේ අරමුණයි. අරමුණක්‌ නැති තාරුණ්‍යය රුවල් බිඳී ගිය නෞකාවක්‌ වැනිය. අරමුණක්‌ නැති වීමෙන් ඔබේ ජීවිතය ඔහේ පාවී යා හැකියි. නැතහොත් මුහුදු බත් විය හැකියි.

ජීවිත අරමුණු සොයා ගන්න

ඔබ මෙලොව උපත ලබා ඇත්තේ කවුරුන් හෝ වීමට නොවේ. යම් කිසිවෙකු වීමටයි. ජීවිතයෙන් නික්‌ම යැමට පෙර ඔබට නිය වූ කාර්ය භාරයක්‌ ඇත. එයම ඔබේ ජීවිත අරමුණයි. ඔබ එය සොයාගත යුතුයි. ඒ සඳහා මං සසර දන්නා අයගෙන් උපකාර ලබාගත යුතුයි.

ඔබේ අරමුණ ඔබේ හැකියාවන් හා කුසලතාවන්ට අනුකූල විය යුතුයි. ඔබේ මුළු ශක්‌තියම එයට කැප කළ හැකි සේ ඔබ ක්‍රියා කරන ආකාරයේ එකක්‌ විය යුතුය. එවිට එය ලුහු බැඳීමේදී ඔබට වෙහෙස නොදැනේ.

මාත්‍රාව – වරකට එක අරමුණකි

අරමුණු රාශියක්‌ එකවර ඇති කර ගත් විට තරුණ්‍යය අරමුණු අතර අතරමං වේ. අවසන ඉතිරි වන්නේ අසහනය පමණි. අරමුනු ගණනාවක්‌ ඇතිවිට සිතෙහි ශක්‌තිය එක්‌ එක්‌ අරමුනු ඔස්‌සේ බෙදී යයි. එවිට එක්‌ අරමුණකට යොමුවන ශක්‌ති ප්‍රතිශතය අඩුවේ. අරමුනු රැසක්‌ ලුහුබැඳීමේ දී වෙනස ද වැඩියි. එබැවින් වරකට ගතයුත්තේ එක අරමුණක්‌ පමණි. එබැවින් වරකට ගත යුත්තේ එක අරමුණක්‌ පමණි. එය සැබෑ කරගත් පසු දෙවැන්න තෝරාගත යුතුය. එවිට අරමුණු සඵල කර නොගැනීමෙන් අපේක්‍ෂා භංගත්වයට පත් නොවේ.

අරමුණ අල්ලා ගන්න

අරමුණක්‌ තෝරාගත් පසුවතවදුරටත් බලා සිටිය යුතු නොවේ. තාරුණ්‍යයේ සියලු ශක්‌තිය, බලය ඒ මත යෙදවිය යුතුය. අරමුණු ඇති කර ගැනීම පහසු වුවහොත් එහි එල්ලී සිටීම අපහසුය. මතක තබා ගන්න දිනන්නෝ අත් නොහැර අල්ලා සිටී. අතහරින්නෝ නොදිනයි. එබැවින් සත්‍යය කොතරම් කටුqක වුවත් වෙහෙසකාරී වුවත් දිගටම අරමුණෙහි එල්ලී සිටින්න.

නොලියූ අරමුණු සුළඟේ පාව යයි

අරමුණ ලිඛිතව තබා ගැනීම අතිශය වැදගත්ය. ඔබේ අරමුණු වචනවලට පෙරළා කොළයක්‌ මත ලිවීමෙන් එය ඉටු වීමේ සම්භාවිතාවයෙන් 80% ක්‌ සම්පූර්ණ වන බව ප්‍රායෝගික මනෝවිද්‍යාවේ ඉගැන්වේ.

ඇමරිකා එක්‌සත් ජනපදයේ එක්‌තරා තරුණයකු සෑම උදෑසනකම අවදි වූ විගස තම අරමුණු කිහිපවරක්‌ කොළ කැබැල්ලක ලියූ අතර ඔහුගේ කාමර සගයා දිනක්‌ ඔහු කුරුටු ගෑ කොළය දිගහැර බැලූ විට එහි මෙසේ ලියා තිබුණේලු.

” මම ඇමරිකා එක්‌සත් ජනපදයේ පළමු සමාජ සේවකයා වෙමි. ” පසු කලෙක මේ තරුණයා ඇමරිකාවේ ජනාධිපති ලෙස ධවල මන්දිරයට පිවිසෙන්නේ ඔහු ලියූ අරමුණ අනුවය. ඔහු නමින් ඒබ්‍රහම් ලින්කන් නම් වේ.

සඳට ඉලක්‌ක කරන්න

“සඳට ඉලක්‌ක කරන්න අවම තරමින් ඔබට තරු අතරවත් රැඳිය හැකි වේ යෑයි කියමනක්‌ පවතී. ඒ නිසා යෙදිය හැකි උපරිම වෙර වීරිය ඔබේ අරමුණ මත යොදවන්න.

ලොකු අරමුණුවලට ලොකු බලයක්‌ ඇත

ලොව වෙනස්‌ කළ පුද්ගලයන් සැමවිටම විශාල අරමුණු සහිත වූවන් විය. තරුණ සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වය ඉලක්‌ක කර සම්මා සම්බුද්ධත්වයට පත්වී ලොව මෝහයෙන් මුදවා ලූ සේක. ඒ සඳහා උන්වහන්සේ ජීවිතයද පරදුවට තබා වීර්ය වැඩූ අයුරු මනහරය. ඔබේ අරමුණ ලොකු වැඩි යෑයි නොසිතන්න. එය ආධ්‍යාත්මික එකක්‌ වුවත් භෞතික එකක්‌ වුවත් එය උසස්‌ හා විශාල එකක්‌ වූ තරමට වටිනාකම වැඩිය.

සාර්ථකත්වයට මොහොතකට කලින් අසාර්ථක වීම බහුලය

රවටනසුලු අසාර්ථකවීම්වලට බිය නොවන්න. අසාර්ථකත්වයක්‌ තුළම සාර්ථකත්වයේ රන්a සලකුණ ඇත. ඒවා හුදෙක්‌ බොරු වළවල් පමණි.

යථාර්ථවාදී ආලෝකවත් අරමුණු තෝරාගන්න

සැබෑවට නොගැළපෙන අරමුණු තබා ගත් විට පවා ඒවා මනෝරාජ්‍ය තුළදී හෝ සැබෑ කරදීමට තරම් යටි සිත කාරුණිකයි. රජ වෙන්නට පෙරුම් පුරා සිහිනෙන් රජවූ උමතු වූවන් ගැන ඔබ අසා ඇතුවාට සැක නැත. ඒ නිසා ඔබේ අරමුණු යථාර්ථවාදී එකක්‌ විය යුතුය. එසේම ජීවිතය අඳුරට ගෙන යන විනාශකාරී එකක්‌ ද නොවිය යුතුය. ඔබේ අරමුණ ඔබට මෙන්ම ඔබ අවට සිටින්න වුන්ට ද යහපත් වන එකක්‌ විය යුතුය. ඔබ නටබුන් කරන්නක්‌ නොවිය යුතුය.

බාධක හඳුනාගෙන ඒවා ඉවත් කරන්න

අරමුණු සඵල වීමට හේතු සොයා ගත යුතුය. පටු ආකල්ප, සෘණාත්මක පුරුදු, ඇබ්බැහිකම්, පෞරුෂමය දුර්වලතා, ශක්‌ති හීනවීම්, සෘණාත්මක පරිසරය හෝ සෘණාත්මක පුද්ගල බලපෑම් ආදී බාධක හේතුවෙන් අරමුණ සඵල වීමට ඇති ඉඩකඩ අවම කෙරේ. ඔබට අදාළ දුර්වලතා හඳුනාගත් පසු නිසි ක්‍රමවේද ප්‍රගුණ කිරීම් පුහුණු කිරීම් හා උපක්‍රමශීලි භාවය මගින් මෙන්ම අධිෂ්ඨාන ශක්‌තිය මගින් බාධක ඉවත් කළ යුතුයි.

පෞද්ගලිකයි රහසිගතයි

ඔබේ අරමුණ සෙස්‌සන්ට හෙළිදරව් කිරීමෙන් වළකින්න (ජීවිත උපදේශකවරයකුට හැර) එය අන් අයගේ විවේචන, සැක කිරීම් ආදී සෘණාත්මක බලපෑම් වලින් ප්‍රවේශම් කරගන්න. එවැනි බලපෑම් තුළින් ඔබේ අරමුණ දියාරු වී යා හැක.

සලකුණු අනර්ඝයි, අවධාරණයෙන් සිටින්න

ඔබේ අරමුණ මුල සිට අග දක්‌වා ලුහුබඳින්න. එය සැබෑවක්‌ වීමට උපකාර වීමට විවිධ සංඥ හමුවන විට ඒවා හඳුනා ගන්නට තරම් ඔබ සවිඥනික විය යුතුයි. එය යම් විශේෂිත පුද්ගලයකු විය යුතුයි. නැවුම් සිතුවිල්ලක්‌ විය හැක. අමතර මුදලක්‌ විය හැක. කුමක්‌ හෝ වේවා ලද සලකුණු ඔස්‌සේ වහා ක්‍රියාත්මක වන්න. ඔබ අරමුණ කරා වේගයෙන් ඇදී යන බව ඔබට දකින්නට ලැබේවි. සලකුනු නොසලකා හැරියොත් ඒවා සැණෙකින් අතුරුදන් වේ.

ක්‍ෂණික ප්‍රතිඵල අපේක්‍ෂා නොකරන්න

අරමුණෙහි විශාලත්වය අනුව විශ්වයේද එයට නිශ්චිත කාලයක්‌ තීරණය වේ. එබැවින් කිසිවිටෙක ක්‍ෂණික ප්‍රතිඵල අපේක්‍ෂා නොකරන්න. අරමුණ වඩා පරිපූර්ණ ලෙස සැබෑ වීමට නම් අදාළ කාලය ගත කළ යුතුමය. ඔබට කිසිවක්‌ම සිදු නොවන බව දැනුණත් නොසැලෙන්න. zzගසක මල් පීදෙනතුරු ඔබට එය දකින්නට ලැබෙන්නේ නැතZZ ගැඹුරු නිහඬ කාල සීමාව තුළ ඔබට නොපෙනන බොහෝ දේ සිදුවෙමින් පවතින බව තරයේ සිහි තබාගන්න.

වේගවත් ප්‍රබල ප්‍රතිඵල සඳහා ප්‍රයෝගික මනෝ විද්‍යාවේ ස්‌වයං යෝජනා භාවිත කරන්න.

භාවනා, යෝග වැනි සිත සන්සුන් කරන ක්‍රම මගින් සිතෙහි ශක්‌තිය වැඩි කර ගන්න එන්. එල්. පී. වැනි (ස්‌නායු වාග් විද්‍යාව) ක්‍රමවේද භාවිත කරන්න. පෞරුෂ, කුසලතා ආකල්ප සංවර්ධනය කරගන්න.

සිත් අරුණ අධ්‍යක්‍ෂිකා – ජීවිත පුහුණුකාරිනී
සමන්ති දේශප්‍රිය

උපුටාගැනීම – http://www.divaina.com/2012/09/09/meewitha05.html

 

 

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.