Skip to main content

අන්‍යාගමික ආක්‍රමණ හමුවේ බුදුහිමියන් ක්‍රීයාකලේ කෙසේද?

දේවවාදී ආගම් යුරෝපයෙන් සහ අනිකුත් රටවලින් අතුගෑවී යාමට පටන්ගෙනඇත.අල්ලේපැලෙන බොරු ඇදබාමින් බඩගෝස්තරය සොයාගන්නා මේ අසරණයෝ සත්‍යය දැක දැකත් මරහඩ දෙති. මැවුම්වාදී දෙවියන් චාල්ස් ඩාවින් ඉදිරියේ නිරුවත් වූ අතර, චාල්ස් ඩාවින් අද ජීව විද්‍යාත්මක පරිනාමවාදය හාබුදු දහම ඉදිරියේ නිරුවත් වී ඇත. විද්‍යාව බුදුදහම තුලින් නිරූපනය වීමත් සමග යුරෝපය හා ඇමරිකාව අද බුදු දහම වැළදගනිමින් සිටිති. එයන් අවස්ථිවක කුසට යමක් සොයාගැනීමට දේව වාදී අමනයෝ ලංකාව වැනි රටවලින් ආදායම් සොයති. වඩාත්ම හාස්‍යය වන්නේ ඔවුන් බුදු දහම සමග සිය ආගම් සංසන්දනය කිරීමට යාමයි. සුද්දාගේ යකඩ සපත්තුවට පින්සිද්ධවෙන්නට යාන්තමින් බොදුනුවාට බයිනේත්තුව පෙන්වා කිතු දහම රටපුරා ප්‍රචාරය කල අතර නිලයට, බලයට, රටත්, ජාතියත්, ආගමත්පාවාදුන් අමනයෝ කිතු දහම වැලද ගත්හ. සිය පුහු ආගමික න්‍යායන්අන්‍යාගමිකයන් විසින් බෞද්ධ සිද්ධස්ථාන ආක්‍රමණය අද මෙරට නිතර අසන්නට ලැබෙන මාතෘකාවකි. සිංහල බෞද්ධයෝ ඊට විරුද්ධ වෙති. එහෙත් ඇතැමුන් පවසන්නේ එසේ විරුද්ධ වීම බෞද්ධයන්ට සුදුසු නොවන බවය. වඩාත්ම හාස්‍යජනක කාරණය නම්, අන්‍යාගමිකයන් ද අද මේ ගැන බෞද්ධයන්ට බණ කියන්නට පටන් ගැනීම ය. එම නිසා, මෙවැනි සිද්ධියක දී බුදුරජාණන් වහන්සේ කෙසේ ක්‍රියා කරත් ද යන්න බෞද්ධයන්ට ඉතා වැදගත් කරුණකි. මෙම ජාතක කතාව දේශනා කිරීමට පදනම් වන්නේ දෙව්රම් වෙහෙර (ජේතවනාරාමය) අසල තීර්තකාරාමයක් ඉදි කිරීම සම්බන්ධ සිද්ධියකි.
එම කතාව මෙසේය.
————————–———
බුදුහිමියන් දෙව්රම් වෙහෙරෙහි වැඩ සිටියදී බුදුහිමියන්ගේ අසිරිමත් වූ බුදුගුණ අරබයා දෙව්රම් වෙහෙරට බොහෝ ජනයා මතු නොව දෙවි බඹුන් පවා රැස් වී තම ගැටලු නිරාකරණය කර ගනිමින් සැනසීමට පත් වූ බව පැහැදිලි ය.

මේ නිසා සිදු වූයේ තීර්ථකාරාම වෙත ගිය පිරිස් තීර්ථකයන් අත්හැර දැමීමයි. තීර්ථකයන්ට ලද ලාභ සත්කාර සියල්ල මේ නිසා අහිමි විය. මෙයින් පිරිහිණු තීර්ථක පිරිසක් කල්පනා කළේ ජනයා තමන් හැර දමා දෙව්රම් විහාරයට ඇදෙන්නේ බුදුන්ගේ විශේෂතාවක් නිසා නොව දෙව්රම් වෙහෙර පිහිටි භූමියෙහි විශේෂතාවක් නිසා බවයි.

එසේ සිතූ තීර්ථකයෝ දෙව්රම් වෙහෙර අසලින් ම තමන් ද ආරාමයක් තැනීමට සිතා කොසොල් රජ තුමාට මසුරන් ලක්‍ෂයක් අල්ලසක් ලෙස ප්‍රදානය කොට මේ සඳහා අවසර ලබා ගත්හ. විශාල පිරිසක් කාර්මිකයන් ද සමඟ පැමිණි තීර්ථක කණ්ඩායම මහා හඬ නංවමින් කෑ කෝ ගසමින් ආරාමය ඉදි කරන්නට වූහ.

මීට පෙර නො ඇසූ කෝලාහලයක් ඇසූ බුදුපියාණෝ ඒ බව අනඳ තෙරුන්ගෙන් දැන වහාම රජුට දැනුම් දී එය නතර කරන්නැයි වදාළහ. මසුරන් ලක්‍ෂයේ බලය කෙතරම් ද යත් අනඳ තෙරුන් ප්‍රධාන භික්‍ෂුන් රජ ගෙට වැඩ මේ පිළිබඳ පැමිණිලි කිරීමට බලා සිටිය ද රජතුමා මැදුරෙහි නැතැයි, ආරක්‍ෂකයෝ පිළිතුරු දුන්හ.

දෙවැනි දින සැරියුත් මුගලන් දෙනම මෙසේම රජ ගෙට වැඩ පැමිණිලි කිරීමට බලා සිටිය ද පෙර දිනම මෙන් රජතුමා ඉදිරියට නොපැමිණ මඟ හැර සිටියේ ය.

තුන්වන දින තමන් වහන්සේ ම ගැටලුවට මුහුණ දිය යුතුයි සිතා බුදුරජාණන් වහන්සේ ම භික්‍ෂු පිරිස ද සමඟ රජ ගෙදරට පිඬු සිඟා වැඩියහ. රජ ගෙදර දානය පිළිගත් බුදු හිමියෝ දානය වළඳා ආපසු වෙහෙරට නොයා රජ මිදුලෙහි පසෙකට වී වැඩ සිටියහ. රජතුමාට තවදුරටත් සැඟවී සිටිය නොහී බුදු හිමියන් හමුවට පැමිණි අතර, එහිදී තීර්ථකයන්ගේ ආරාමයට බුදු හිමියන් තම විරෝධය ප්‍රකාශ කළේ පෙර රජවරුන් අල්ලස් ලබා තාපසවරුන් දෙපිරිසකට කළ විපතක් හෙළිදරව් කෙරෙන භරු ජාතකය රජුට දේශනා කරමිනි.

පෙර බරණැස බෝසතාණන් වහන්සේ තාපස පිරිසකට නායකත්වය දී ඉපදුණහ. වැසි කාලයෙහි නගරයෙහි උතුරු වාසලෙහි පිහිටි නුග ගසක් පිරිවරා ඔවුහු වාසය කරති. මෙකල තවත් පන්සියයක තාපස පිරිසක් දකුණු වාසලෙහි එවැනි ම නුග ගසක් පිරිවරා වාසය කරති. වැසි සමය අවසන් වූ පසු හිමාලයට තාපස දෙපිරිස ගමන් කරති.

එක් වැසි සමයක් උදා වූ විට දෙවන තාපස පිරිස තම නුගය සොයා පැමිණියත් එය ඉදිරී බිම වැටී විනාශ වී ගොස් තිබුණි. ඔවුහු පළමු තාපස පිරිස සිටි උතුරු වාසල නුගය තම වාසය පිණිස තෝරා ගත්හ.

එවිට පළමු තාපස පිරිස වනයේ සිට තම පැරණි නුගය සොයා පැමිණිය ද අනෙක් පිරිස එය අල්ලා ගෙන සිටිනු දැක එසේ කළේ මන්දැයි විමසා සිටියේ ය. අප පෙරාතුවම පැමිණි හෙයින් මෙහි නතර වූහ’යි ඔවුහු කීහ. ආපසු වෙනත් තැනකට යාමට නොහැකි බව ද කීහ.

මෙසේ මේ දෙපිරිස අරගල කරන්නට වූහ. අවසන දෙපිරිස ම ගොස් රජුට පැමිණිලි කළහ. සාධාරණ විනිශ්චයක පිහිටි රජු පළමු තාපස පිරිසට නුගය පවරා දුන්හ.

එයින් පරාජිත වූ දෙවන තාපස පිරිස නුගය ලබා ගැනීමට උපක්‍රමයක් සිතන්නේ රජුට අල්ලසක් දීමට තීරණය කළෝ ය. එය රනින් කරන ලද යානාවකි. එය රැගෙන ගොස් රජුට දී සතුටු කොට නුගය තමන්ට පවරා දෙන්නැයි ඉල්ලූහ.

අල්ලසින් අගතියට පැමිණි රජතුමා නුගය දෙවන තාපස පිරිසට අයත් බව ප්‍රකාශ කළේ ය. රජුගේ අමනෝඥ තීරණය හමුවේ තාපසවරු නුගයට අරගල කළහ. කිසිවකුට එයින් ජයග්‍රහණයක් ලැබිය නොහැකි වූ අතර අවසන තාපස දෙපිරිස ම කලකිරී ආපසු හිමාලයට පිටත්ව ගියහ.

තවුසන්ගේ ගැටලුවක් හමුවේ රජු අදහැමි පිළිවෙතින් ක්‍රියා කිරීමේ ප්‍රතිඵලය වූයේ ඒ ප්‍රදේශය අරක් ගෙන සිටි දෙවිවරුන් කෝපයට පත්වීමයි. දේවකෝපය හැම කල්හි ම මනුෂ්‍යයනට විපත් ගෙන දෙයි. මේ අසත්පුරුෂ රජුන්ට දඬුවම් පමුණුවන්නට සිතූ දෙවිවරු මුහුද ගොඩ ගලන්නට සලස්වා රජුගේ අණසක පැවති රාජ්‍යය විනාශ කර දැමූහ. එයින් බොහෝ මනුෂ්‍යයෝ නිරපරාදේ ම විපත්තියට පත් වූහ.

මේ අතීත කථාව ගෙනහැර දැක්වූ බුදුපියාණන් වහන්සේ කොසොල් රජුගේ අල්ලස් ක්‍රියාවේ බිහිසුණු බව පළ කළහ. එයින් බියට පත් රජතුමා ඝර්ථකාරාමය ඉදිකිරීම වහාම නතර කරවා බුද්ධ ශ්‍රාවකයන්ට නිසි සේ නිහඬව දහමෙහි නියැළෙන්නට මඟ සැලසීය.

පින්වත් යාලුවනේ, බුදුහිමියන් රජතුමා හොයන් ගියේ ඇයි? බුදුහිමියන්ට තිබුණ ඍද්ධි ප්‍රාත්‍යාහාර්යය අනව අන්‍යාගමිකයන් පරසක්වල ගහන්න තිබුන. විශ්වයේ ඈතට විසිකරන්න තිබුන. ඒත් රජතුමාට පැමැනිලි කරල මොකක්ද මේ කලේ. අපිට මේ ගැටලුව ආවම සිදුකුල යුත්ත පෙන්වීම. හැබැයි රජතුමා මේ තැනට ආවෙ නැතිනම් ඊලග පියවරක් ගන්න තිබුන. ඒක මොකක්ද කියල අපි දන්නෙ නෑ. ඒත් අපි නිවට වෙලා ඉක්න ඕනි නෑ කියනපණිවිඩයයිඅපිටදුන්නෙ. ඒ නිසා ඔය අන්‍යාගමික මූලධර්මවාදීන්ට බය නොවී තමන්ගෙ දහම රැකගන්න උත්සාහ කරමු.

කතාව උපුටා ගත්තේ පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් විසින් සිළුමිණ පුවත්පතට ලියන ලද “බෝසත් කථා පෙළ නැවත කියවමු” ලිපි පෙළෙහි එක් ලිපියකිනි. (http://www.silumina.lk/punkalasa/20110501/_art.asp?fn=ar1105015)

එම කතාව ජාතක පොතෙහි ඇත්තේ මේ ආකාරයට ය. (http://www.jathakakatha.org/newhome/index.php?option=com_content&view=article&id=273%3A206—&catid=54%3A201-250-&Itemid=97)

මෙම ලපිය අන්තර්ජාලයෙන් උපුටා ගැනිනි.

මම සත්වයාගේ හිතසුව කැමති එරන්ද ලක්මාල්ද සිල්වා.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.