සුපින්වත් පින්වතුනි ඔබට ධර්මයේ ශාන්තියම වේවා - IFBC Organization | Dhamma

Posted by | September 01, 2014 | සිරි සදහම් ( Dhamma) | No Comments

සුපින්වත් මිනිසුනි,යමෙක් ඔබට හොඳ මිනිසෙක් යැයි කියයි නම් එසේ කියන්නේ ඔබ හිස කඳ කෙලින් තබාගෙනඇවිදින්නෙක් නිසාම නොවේ. යහපත අයහපත වෙන්ව තෝරාගෙන අයහපතෙන් වැලකී යහපතෙහි යෙදීමට තරම් සුදුසු වූ මානසිකත්වයක් ඔබට ඇති බැවිනි.

එහෙත් සෑම මිනිසෙකුටම එතරම් පැහැදිල් මානසිකත්වයක් නැතිබව අපි දනිමු. ඔවුහු දුර්වල මානසිකත්වය ඇත්තෝය. එසේ උවද ඔවුන්ගේ මනස උසස්කල නොහැක්කේ නොවේ. උසස්කල හැකි මනසක් ඇතිබැවින් මනස්ස උස්සන්තා යනුවෙන් මනුස්ස යන්නෙහි අර්ථ විග්‍රය දක්වා ඇත. මිනිසාට ආගම අවශ්‍ය වන්නේද ඔහු අයහපතින් වලකා යහපතෙහි යොදවා උසස් මානසිකත්වයක් ඇති මිනිසෙකු කිරීමට මිස සිතීමේ ශක්තිය වලකා මන්ද බුද්ධිකයෙකු කිරීමට නොවන බව ප්‍රතික්ශේප නොකරනු ඇතැයි සිතමි.

එබැවින් බුද්ධිය ඇති මිනිසුනි, සිතනු මැනවි. ඔබ ඔබේ යහපත ලෙස සලකන්නේ කුමක්දැයි සිතනු මැනවි. ඔබේ ඇස, කණ, නාසය, දිව, ශරීරයපිනවමින් කාය චිත්ත පීඩාවකින් තොරවසැනසිල්ලේ ජීවත්වීමට ලැබීම හැර ඔබට මෙලෝවශයෙන් ලැබිය හැකි යහපතක් තිබේද?

ඔබ මෙන්න අන් සියළු සත්වයන්ද එසේ සැපසේ යහතින් ජීවත් වීමට කැමතිබව ඔබ විශ්වාස කරනු ඇතැයි මම තරයේ අදහමි. මේ පණිවිඩය එවන් විශ්වාසයක් තහවුරු කල හැකි සත්පුරැෂයෙකු හට පමණි. අන්‍යයන් මෙම පණිවිඩය මගහැරීම වරදක් නොවේ.

ලෝකයේ පහළවී ඇති සියලු ආගම් සත්වයාගේ දුකට පිහිටවීම මුල්කොට‍ගෙන පහළවීයයි කීම ප්‍රතික්ෂේප කල නොහැක්කකි. එහෙත් සෑම ආගමකම ඇති ඉගැන්වීම සත්වයකු දුකින් මුදවාලිය හැකි , දුකයනු කුමක්දැයි වටහාගත් ඉගැන්වීමක්දැයි විමසා දැන ආගම තීරණය කලයුතුයයි පැවසීම වරදක් නොවේ. උපන් සත්වයාට ජරාව දුකකි. ඉඳුරන් දුර්වලවීම තමන් ඉෂ්ඨයයි ගෙන ප්‍රාර්ථනය කරන්නා වූ සතුටට බාධාවකි. ව්‍යාධිය හෙවත් ලෙඩවීමද දුකකි. මරණයද දුකකි. ඒ දුකට හේතුවද සතුට සතුට කරේ ඇතිවන බාධාවය. ඉෂ්ඨ කාන්ත මනාප වින්දනයක් ලබමින් ප්‍රීති විහැකි යෞවනය අහිමි වීමත් නිරෝගී බව නැතිවීමත් ජීවිතය අහිමිවීමත් තරම් දුකක් තවත් ඇද්ද? බුදු දහමෙහි දුක පිළිබඳ මසේ විග්‍රහ කොට ඇත. දුක අන් ආගමකට එසේ නවේයයි පැවසිය හැකි නොවේ. මේ කියන ලද දුක් කායික හා මානසික පීඩාවන්ගේ ස්වභාවයන් අපකරා එන්නේය. ඒ දුක් අකමැති අපි දුකින් මිදීම සොයා යන්නෙමු. තෘෂ්ණාවෙන් ගත් රෑප, වේදනා, සඤ්ඤා, සංඛාර, මේ පංච උපාදානසකන්ධයෙහි හෙවත් සත්වයා කරේ දුක හටගන්නේය. දුකට හේතුව නැතිකලවිට දුක නැති වන්නේයයි, පවසන බුදුදහම දුකට හේතුව වනසාලිය යුතු ආකාරයද පෙන්වා දෙන්නේය. (බුදු දහම හදාරා ඉගෙනගත යුතුය.)

විශ්ව ක්‍රියාකාරිත්වය හෙවත් ස්වභාව ධර්මයේ බලපෑම මත මිනිසා කරෙහි සිදුවන බලපෑම ආදී මිනිසාට වටහාගත නොහැකිවීම පුදුමයක් නොවේ. දුකට සැපට දෙකටම බලපාන්නා වූ මේ විශ්ව ක්‍රියාකාරීත්වය දේවත්වයට රෝපණය කිරීම ඒ ආදි මිනිසා විසින් සිදුකයන ලද උපකල්පනයේ ප්‍රතිඵලයයි. දුකට භාජනය වන්නාවූ සත්වයාගේ හටගැනීමද නුවණ මඳ මිනිසාට ප්‍රශ්නයකි. ස්වෝත්පත්තිය පිලිබඳ වැටහීම් නොලද ඒ මිනිසා ලොකෝත්පත්තියත් සත්වෝත්පත්තියත් දෙකම සර්ව බලධාරී දේවත්වයේ මැවිල්ලක් යැයි උපකල්පනය කලේය.

අද අප ජීවත්වන්නේ උපකල්පන යුගයේ නොවන බව ඔබට වැටහෙනවා නොවැ. මේ යුගය විමසීමෙන් හා විමසා පර්යේෂණ කිරීමෙන්, ප්‍රත්‍යක්ෂ කොට නිගමනය කිරීමේ යුගයයි. දෙවියන් විසින් ලෝකයත්සත්වයාත් මවන ලදැයි පත්‍යක්ෂ කල අයෙක් නැත. එය මුළුමනින්ම උපකල්පිත දෘෂ්ඨියකි. උපකල්පනයෙන් පිලිගත් ඒ දෘෂ්ඨිය පිලිගැනීම Religion (ආගම) යන වචනය විග්‍රහ කරන ශබ්දකෝෂ විග්‍රහයක් පෙන්වා දී තිබේ. ඒ අනුව මෙය අපගේ විග්‍රහයක් නොව ලෝක සම්මත විග්‍රහයම බව අපි ඔබට ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු. ලොකය හා සත්වයා පිළිබඳ කල අවබෝධය ඇති හෙයින්ම බුද්ධ නම් වෙයි.

එහෙයින් බුදුරදුන්ගේ දර්ශනය පිළිගැනීම ලෝකය හා සත්වයා පිළිබඳ සත්‍ය පිලිගැනීම වෙයි. සාමාන්‍ය ජනයා ලෝකයලෙසින් හඳුන්වන්නේ අපේ ඇස්, කන්, නාසාදීන්ට අරමුණුවන වර්ණ, ශබ්ද, ගණ්ධ, රස, ස්පර්ෂ යන ලෙසින් කියන ලද බාහිර ලෝකයයි. ඒ බාහිර ලෝකය කිසිවෙකු විසින් මවන ලද්දක් නොව පඨවි, ආපෝ, තේජෝ, වායෝ, යන විශ්ව ශක්තිය දරන්නා වූ ශුද්ධ ධාතූන්ගේ ඇතිවෙමින්, පැවතෙමින්, නැතිවෙන, නොසිඳ පවත්නා ක්‍රියාකාරිත්වය මත සකස්වූවක් බව බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂයෙන් දැන දේශනා කලහ. ඒ බුදු වදන අද විද්‍යාඥයන් විසින් මනාව සනාථ කරනු ලැබීම බුදු දහමේ සත්‍යතාවය ලොවටම විදාපාන්නකි.

සත්වයාගේ හටගැනීමද බුදුරජුන් විසින් දේශනා කරන ලදහ. තණ්හා ජනේති පුරිසං චිත්ත මස්ස විධාවතී තෘෂ්ණාව සත්වයා උපදවන්නේය. තෘෂ්ණා සහගත සිත ඔබමොබ දුවයි, යනුවෙන් සත්වයාගේ ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමබ බුදුදහම පැහැදිලි කර ඇත.

සත්වයා දෙවියන් විසින් මවන ලදැයි දේව ආගම් කීවද බුදුරදුන් පවසන්නේ සත්වයා නාමයයි කියන ලදි.සතෙක් රෑපයෙන් එකතුව නිසා හටගත් බවයි.

මාතෘ පෙත්තික සමිභවය නිසා පඨවි, ආපෝ, තේජෝ, වායෝ, සංඛ්‍යාත රූප ධාතූන්ගෙන් සත්ත්ව රෑපය හටගත් බව ධම්මික සූත්‍රයෙහිදී දේශනාකොට ඇත. එබැවින් රෑපය මැවූ දෙවයෝ නම් මාපියෝම වෙති. බුදුරදුන් ලොව පහළවනවිටදීත් සර්වබලධාරී බ්‍රහ්මදෙවියා සත්වයා හාලෝකය මැවීයයි යන උපකල්පනයක් විය. ඊශ්වර විශ්ණු නාමයද මේ බ්‍රහ්ම දෙවියා සඳහාම කියැවේ. සත්වයා මැවවේ බ්‍රහ්ම නම් බුද්ධ යනු අම්මා තාත්තා යැයි බ්‍රහ්මාති මාතා පිතරෝ යනුවෙන් බුදුහු දෙසා වදාලහ.

පියාගේ ශුක්‍රාණුවේ සිත නොතිබෙයි. මවගේ බීජාණුවේද සිතනොතබෙයි. එසේනම් ඒ ශුක්‍රාණු බීජාණු එකතුවට සිත කොයින් ආවේද? ඒ සිත දෙවියන් විසින්දෙන ලද්දේද?

සිත අරූපී ධර්මයකි. එය වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ, යන සතර රූප ධාතූන්නිසා හටගත්තේවෙයි. ඇස්, කන්, නාසාදී ඉඳුරන් ගෙන් රෑපාදී අරමුණු සඤ්ඤා ගෙන ඒ සඤ්ඤා හැඳිනීම විඤ්ඤාණයි. සඤ්ඤා විඤාණයේ එක්ව හටගනිද්දී සුවදුක් වේදනාවන්ද තෘෂ්නාව නිසා සිදුවේ. තෘෂ්ණාව සහිත පුද්ගලයාට චේතනා සහගත කර්ම හෙවත් සංස්කාරයන්ගේ හටගැනීම වේ.

යම් දිනෙක ආධ්‍යත්මික හා බාහිර ලෝකයක් පිළිබඳ අනිත්‍ය, දුක්ඛ,අනාත්ම යන ත්‍රිලක්ෂණාවබෝධයලැබ ඒ ලෝක‍ය කෙරෙහි වූ තෘෂ්ණා සහගත කර්ම ක්ෂය වීමෙන් දුක් රූප ඇති කිරීමේ ප්‍රධාන හේතුව පස්කඳ හට ගැන්වීම නවතාලීම නිර්වාණයයි.

තෘෂ්ණාව හේතුවෙන් සිතේ ලෝභ දෝස මෝහ යන අකුසල චෛතසික පහළවේ. එකිනෙකාට දුක් ගෙදෙන්නා වූ ඔවුනොවුන් ඇණකොටාගෙන මරාගන්නා වූ රට රාජ්‍යයන් විනාශ කරන්නාවූ පාපයන් මිනිසා විසින් සිදුකරනු ලබන්නේ ලෝභ, දෝස, මෝහ සහගතවූ පාපී සිතුවිලිහේතුවෙනි.

දෙවියන් මේ පවිකාර සිතුවිලි සහිත සිත මිනිසාට දී පව්කාර ලෝකයක් මැව්වායයි ඔබ පිලිගන්නේද? නොදියුණු සිත ඇති මිනිසා සිය දුර්වලවූ සිතීමේ ශක්තිය හේතුවෙන් නොවිමසා කටයුතු කිරමෙන් ඔහු කරෙහි වූ පාපී සිතුවිලිම තහවුරු කරන්නේය.

මිනිසාට ආගම අවශ්‍ය වන්නේ දුෂ්ඨ වූ පාපී සිතුවිලි මිනිස් සිතෙන් ඉවත්කොට මිනිස් සිත පහන්කර සැනසිල්ලක් ලබාදීම සඳහාය. දෙවියන් වහනසේ ඔබව බලාගන්නවා, ඔබට පිහිටවෙනවා යයි පැවසීම මිනිස් සිත මුලාකරවන්නකි. දෙවියන්වහන්සේ ලෝකය හා සත්වයා මැවීයයි කීම ලෝක බොරුවක් බව බුද්ධිමත් ජනතාව එකහෙලා පිලිගනු ඇත. සුරාවෙන්, සූදුවෙන්, මතින්, බොරුවෙන්, වංචාවෙන්, සොරසිතින් ජීවත්වන කාම අපචාරයන්හි යෙදෙමින් දුෂ්ඨ මානසිකත්වය වර්ධනය කරගත්, සත්ත්ව හිංසාව සදාචාරය පාපී මානසිකත්වය දෙවියන් විසින් ආරක්ෂාකරනු ලබන්නේ නම් ඒ දෙවියා විනාශකරදැමීම බුද්ධිමත් මිනිසාගේ පරම යුතුකම වේ.

බටහිර ලෝකයේ බුද්ධිමත් ජනතාව බුදු දහමින් ලැබියහැකි සැනසිල්ල වටහාගෙන බෞද්ධ පිලිවෙත අගයමින් බුදු සසුන සොයා එති. පාපයෙහි ගැලීගත් ශ්‍රී ලංකාවේ බෞද්ධයෝ සිය අන්ධභාවය හේතුවෙන් රෝග සුවකිරීම දෙවියන්ට පවරති. දුරාචාරය නිසා දුගීබව නැතිකොට සැප ලබාදෙන්නයැයි දෙවියන්ගෙන් ඉල්ලති. කුදු මහත් සියළු කටයුතු දෙවියන් ලවා ඉටුකරවා ගැනීමට සිතති. අවසානයේ දෙවියන්ගේ පිහිට පතා ලෝකයේ කිසිවෙකුට ප්‍රතික්ෂේප කලනොහැකි වූ බුදුමග පාවාදී අන්‍ය ආගම් වැළඳ ගනිති.ස්වර්ගයේ පස්වලින් මිනිසා මවා මිනිසාගේ ඉළඇටයෙන් ගැහැණිය මැවූ බව කිතුදහමේත් මුස්ලිම් දහමේත් පවසා ඇත. මිනිස් මොළය සෑදී ඇත්තේ පස්වලින් හෝ මැටිවලින් නොවේ නම් ආගමේ තිබුනායයි කියා මෙවන් කථා විශ්වාස කොට මිනිස් බුද්ධිය වර්ධනය කිරීමට මාර්ගය පෙන්වාදෙන බුදු දහමට පා පහර දීමට හේතුවක් නැත.සත්ත්ව හිංසාවෙන් සත්ව ඝාතනයෙන් වලකින්න. නොදුන් දේ ගැනීමෙන් වලකින්න. කාමාපචාරයෙන් වලකින්න. සුරාවෙන් මතින් වලකින්න. එවිට ඔබේ බුද්ධිය වැඩෙන්නේය. බුද්ධිමත් ජීවිත පරිහරණය හේතුවෙන් සියළු සැපයට පැමිණෙන්නේය.
මෙසේ වූ දුෂ්චරිතයෙන් වැලකීමෙන් ඔබේ සිත පිරිසිදුවබ බව ඔබට ප්‍රතික්ෂේප කල නොහැකි අතර කෙතරම් පණ්ඩිතයෙක් යැයි සිතා තර්ක කලත් වාද කලත් මේ දුෂ්චරිතයන් ඔබ ලඟ ඇත්නම් ඔබ මෝඩයෙකි. මුග්ධ ඔබ යහපතයැයි සිතා පාපයම තහවුරු කිරීම පුදුමයක් නොවේ.දුෂ්ඨ මානසිකත්වය ඇත්තාට නිවැරදිව සිතීමේ ශක්තිය නොලැබේ. ඉදින් බුද්ධිය කෙසේ තහවුරුවේද? බුද්ධිමත්හු පවු නොකරති. යම් දෙවියෙක් ඇත්නම් දෙවියන්ගේ ආශිර්වාද මාත්‍රයක් හෝ ලැඛෙන්නේ පාපයෙන් තොරවූවකුට මිස පාප්‍රාණඝාතයට අනුබල දෙන දේව භීතිය පවා මිනිස් බුද්ධිය සිරකොට තබමින් බුද්ධිය යටපත් කරවන්නට හේතුවන්නාවූ ආගම් ඇදහීමෙන් දෙවියන්ගේ ශාපය ලැඛෙනු විනා ආශිර්වාදයක් නොලැඛෙන බව මොළයේ මැටි හෝ පස් නැත්නම් වටහා ගැනීම අපහසු නොවනු ඇත.පියාට නොවේ.

කළ පාපයට දෙවියෝ කමා කෙරෙතැයි සිතීම මුළාවකි. සමාව ගතයුත්තේ පාපයට ලක්වූ තැනැත්තාගෙන් මිස දෙවියන්ගෙන් නොවේ. හානිය වූයේ පාපයට ලක්වූ තැනැත්තාට මිස දෙවියන්ට නොවේ. ඔඛේ පාපයට ලක්වූ තැනැත්තාගෙන් සමාව ලැබිය හැකි වූවා හෝ, නොවූවා හෝ නැවතත් එම පාපය සිදු නොකොට යහපතම වර්ධනය කිරීමෙන්, සිත පිරිසිදු කිරීමෙන්, පාපය නිසා ඔබේ සිතේ ඇතිවූ කිලිටි සෝදා හරින ආකාරය බුදු මග පෙන්වා දී ඇත.

ඔබ තෝරාගන්නේ නොපෙනෙන්නවුන් ඉන්නවාද නැද්දයි කියා හරිහැටි නොදන්නාවූත් දෙවියන්ගෙන් සමාව ලැබීම මුග්ධ ක්‍රියාවක්ද නැතිනම් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ප්‍රතිඵල දැකිය හැකි බුදු මග පිලිපැසීමද?

ශ්‍රී ලංකාවේ කිතු බැතිමතුනි, ඔබට මෙම සත්‍ය මම පෙන්වා දෙමි. මා සමග උරණ නොවුව මැනවි. 1505 දී පෘතුගීසීන් ලංකාවට පැමිණීමෙන් කිතුසමය හඳුන්වා දෙනු ලැබිය. එතැන් පටන් 1948 දක්වා ලන්දේසි හා ඉංග්‍රීසි ආක්‍රමණිකයන්ගෙන් සිදුවූ දුෂ්ඨ බලපෑම් හේතුවෙන් වසර 450 කට ආසන්න කාලයක් පුරා සියයට හතලිස් පහක පමණ සුළු පිරිසක් ක්‍රිස්තියානිය වැළඳගෙන ඇත. ඔවුන් ක්‍රිස්තියානිය වැළඳගත්තේ බුදු දහමට වඩා ක්‍රිස්තියාණි දහම යහපත් නිසා නොව ලාභ ලෝභ තාන්න මාන්න සඳහා බව අපි හොඳින් දනිමු.

කිතුදහම බුදුදහමට වඩා සාර්ථක දහමක් වී නම් ශ්‍රී ලංකාව දේව රාජ්‍යක් වීම බොහෝ කලකට ඉහතදී සිදුවිය යුතුය. අද අහිංසක දුප්පත් ජනතාව ලාභ ලෝභයන්ගෙන් මුලාකොට ක්‍රිස්තියාණියට හරවා ගන්නට උත්සාහ ගන්නේ ක්‍රිස්තියානියේ ඇති නිසරු බවත් පහත් බවත් නිසා නොවේදැයි ඔබම සිතා බලන්න.

බුද්ධිමත්කිතු බැතිමතුනි, සිතාබලනු මැනවි. ඔබේ පරපුරේ යම් අයෙක් සිදුකල මහා පාවාදීම හේතුවෙන් අද ඔබ කිතු බැතිමතෙකු වී සිටී. එසේත් නැතිනම් ඔබ විසින් එම පාවාදිම සිදුකොට ඇත. සදාචාරයේ දහම පාවාදීම පාපයකි. පාපය පාපියා නිරයට හෙලන්නේය. පංවත පාපයෙන් මිදෙනු මැනවි. නැවතත් සදාචාරයේ දහම වූ බුදු දහමට පිවිසෙනු මැනවි. ඔබට ධර්මයේ ශාන්තියම වේවා….

මීට සත්වයාගේ හිතසුව කැමති,
ගංගොඩවිල සෝම හාමුදුරුවෝ…….

අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවටම සැනසිල්ල උදාවේවා … … …

ලෝවැසි සත්වයාගේ සසර මග යහපත් කරනු පිණිස අපමණ මෙත් සිතින් ශ්‍රද්ධා පෙරදැදිව බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල් වන මා විසින් මේ ලිපිය පලකරන ලදි.

ඩෙංගු වසංගතයට වගකිව යුත්තේ ඩෙංගු මදුරුවා පමණක්ද?
සිව් බුදුවරුන්ගේ ධාතූන් වැඩ වෙසෙන බුරුමයේ රන්වෙහෙර

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.