සිව් බුදුවරුන්ගේ ධාතූන් වැඩ වෙසෙන බුරුමයේ රන්වෙහෙර - IFBC Organization | Dhamma

Posted by | September 01, 2014 | සිරි සදහම් ( Dhamma) | No Comments

බුරැමයේ රන් වෙහෙර (Golden Pagoda) පන්සල පිහිටා ඇත්තේ බුරුමයේ යැන්ගොන් නගරයේයි. මීටර 99ක් නැතහොත් අඩි 325ක් උසැති මෙම වෙහෙර නගරය පුරා මහා යෝධයෙකු මෙන් ක්ෂිතිජය පුරා නැගී සිටී. මේ අති පූජනීය ස්වේදගොන් චෛත්‍ය ( එහි ඇති පූජනීයත්වය නිසා මා එය රන්වහෙර ලෙස හදුන්වන්නම්) නැතිනම් රන් වෙහෙරේ බුදුවරු සිව්නමකගේ පූජනීය වස්තූන් තැන්පත්ව ඇතැයි විශ්වාස කෙරේ. කකුසඳ බුදුහිමියන්ගේ සැරයටියත්, කෝනාගම බුදුහිමියන්ගෙ ජල පෙරනයත්, කාෂ්‍යප බුදු හිමියන්ගේ සිවුරු කොටසකුත්, ගෝතම බුදු හිමියන්ගේ හිසකෙස් වහන්සේලා අටනමකුත් තැන්පත්ව ඇතිබව සැලකේ.
බුරුමයේ පමණක් නොව සමස්ථ ගගන තලයේම ඉපැරණිම චෛත්‍යය බව කියා පාමින් ස්වේදගොන් චෛත්‍යය (රන් වෙහෙර)වසර 2600කට අධික කාලයක් මුලුල්ලේ පවතිනබව වංශකථාවලට අනුව දැකගත හැකිය. ජනප්‍රවාද අනුව තපස්සු බල්ලුක නම් වෙළඳ දෙබෑයන් ට ක්‍රි.පූ. 588 දී වර්තමාන ඉන්දියාවේදී ජීවමාන බුදුහිමියන් මුන ගැසුනු බවත් උන්වහන්සේ විසින් මේ දෙදෙනාට කේශ ධාතූන් වහන්සේලා අට නමක් ලබාදුන් බවත් ඒ කේශධාතූන් රන් කරඩුවක තැන්පත් කරගත් බවත් සඳහන් වේ. ( මොවුන් දෙදෙනා ලංකාවට පැමිණ ත්‍රිකුණාමලේ ප්‍රදේශයේ ගිරිහඩු සෑය කරවූ බවයි අපේ ඉතිහාසයේ සඳහන් වන්නේ.) කෙසේ වෙතත් මේ වෙළඳ දෙබෑයන් දෙදෙනා සිය මවුරට නැතහොත් වර්තමාන බුරුමයට පැමිණි බවත් එවකට පාලකයා වූ ඔක්කපාල රජුන් සමග එක්වී සින්ගුත්ර කන්ද සොය‍ාගත් බවත් ( පෙරබුදුවරුන්ගේ පූජනීය වස්තු තැන්පත්කර ඇති මෙහි) ගෝතම බුදුහිමියන් වෙනුවෙන් මේ චෛත්‍ය රාජයන් වහන්සේ ඉදිකිරීමට කටයුතු කල බව සදහන් වේ. වෙළදුන් රැගෙන ආ ධාතු කරඩුව විවෘත කිරීමේදී විශ්මිත දෙයක් සිදු උනාලු
“ මිනිසුන් අතරන් මෙන්ම දෙවිබඹුන් අතරින්ද මහා කාලගෝට්ටියක් මතුවිය. රැස් දහරාවන් සෑමතැනකම, දෙව්ලොව බඹලොව අපාය ආදී තැන්වල පවා පැතිරගියා. අන්ධ මිනිසුන්ට ඇස් පෙනීම ලැබුනා, ගොලු මිනිසුන්ට කථා කරන්න ලැබුනා, බිහිරි මිනිසුන්ට ඇසීම ලැබුනා. පොළව කම්පා උනා. සිහිල් සුලං හමා ගියා, දීප්තිපත් ආලෝකයන් පැතිර ගියා. ඔවුන්ගේ දනහිස් දක්වා රුවන් වැසි වැස්සා. හිමාලයේ ගස්වල අකලට මල් හා ඵල පිරී ගියා. ”
සමහර ඉතිහාසඥයන්ට හා පුරාවිද්‍යාඥයන්ට අනුව මේ චෛත්‍යය හයවැනි හා දසවන සියවස අතර කාලය තුල මොන් නම් ජනවර්ගයා විසින් ඉදිකරන ලද්දක් ලෙස සැලකේ.
දාහතරවන ශතවර්ෂය වනවිට මෙම ස්ථූපය ජරාවාස වී පැවති අතර මොන් රජ පෙළපතට අයත් බින්යා රජු විසින් එය ප්‍රතිසංස්කරණය කර මීටර 18ක් නැතිනම් අඩි 59ක් දක්වා විශාල කරන ලදි. ඉන් පසු අවස්ථාවලදී වරින් වර ප්‍රතිසංස්කරණයන්ට ලක්වූ මේ චෛත්‍යරාජයාණන් වහන්සේ අදවනවිට මීටර 99ක් නැතිනම් අඩි 325ක් දක්වා සුවිශාල වූයේ 18 වන සියවසේ සිදුවූ ප්‍රතිසංස්කරණ වලින් පසුවයි. ආරම්භයේදී උද අඩි 27ක් ( මීටර 8ක් ) උස්වූ මේ රන්වෙහෙර 1362 දී පමණ බින්යා යූ රජ සමයේදී මීටර 66න් ( අඩි 217ක්) දක්වා උසට ගොඩනගන ලදි. ෂින්සව්බු රැජින විසින් මෙම වෙහෙරේ මලුව සකස්කරවා මලුවෙහි පැතගි ගල් කැට අතුරුවා එම ප්‍රදේශයද පාරම්පරික වහලුන්ද රන්වෙහෙරේ නඩත්තුව වෙනුවෙන් පවරා දෙන ලදි. ටික කලෙකින් ඇය සි පදවියෙන් විශ්‍රාමගත් අතර පසුකලෙක දැඩි රෝ/ාබාධයන්ට ලක්වූ ඇය රන්වෙහෙර දෙස බල‍මින් අවසන් සුසුම් හෙලුවාය.
ඊලග ශතවර්ෂයේ මේ රන්වෙහෙරට භූමිකම්පාවෝ දැඩි බලපෑම් එල්ලකල අතර 1768 දී සිදුවූ දරුණුම භූමිකම්පාව හේතුවෙන් රන්වෙහෙරේ ඉහළ කොටස බිමට කඩා වැටුනි. හ්ෂින්බියුෂින් නම් රජු විසින් එය යලිත් ගොඩනගන ලදි. “ හ්ටි” නමින් හදුන්වන රාජකීයය කුඩය මින්ඩොන් මින් රජතුමා විසින් 1971 දී එනම් බ්‍රිතාන්‍ය විසින් බුරුමය යටත්කරගත් වකවානුවේදී පූජාකරන ලදි. 1970 දී හටගත් සුලු භූමිකම්පා තත්වය නිසා මේ කුඩයේ පිහිටි සුවරූපය තරමක් වෙන්ස් විය. පසුව ඒ නිසි පරිදි සකස් කරන ලදි.
මේ රන් වෙහෙර යැන්ගුන් නගරයේ ජාතික උරුමටන් නාමාවලියට ඇතුලත් වී ඇත.
වාර්ෂික රන්වෙහෙර පූජ්‍යයොත්සවය 2012 පෙරවාරි 22 සිට මාර්තු 07 දක්වා පැවතුන අතර එය ආරම්භ කෙරුනේ 1998 වර්ෂයේය. මේ වසරේ පූජෝත්වය ආරම්භවූයේ පෙබරවාරි 22 දින මහා පතන් සහ අවුන් මියායි යන මලුවල ඇති යැනබියන් මලුවේ සිටය.
රන්වෙහෙර පූජෝත්සවය එරට සුවිශාලතම ආගමික පූජෝත්සවය වන අතර පුර අටවකෙහි සිට පුරපොහොය දක්වා බුරුම දින දර්ශනය අනුව පැවැත් වේ.

සැලැස්ම —
රන් වෙහෙරේ මුලුවට පිවිසීමේ දෙරටු හතරක් ඇත. නැගෙනහිර හා දකුණු දොරටුවලින් ලගාවීමේදී වෙළදුන් විශාල පිරිසක් දක්නට පුලුවන්. ඔවුන්ගෙන්විසින් බුද්ධ රූප, ඉටිපන්දම්, රන් පත්‍ර , සුවද කූරු, ප්‍රාර්ථනා කොඩි (අපලවලට ආදියට), ධජ පතාක, අලංකාර රූප සහිත කුඩ, මල් ආදිය මිලට ගන්න පුලුවන්.
මේ ස්ථූපයේ පාදම ‍ගඩොලින් ඉදිවී ඇති අතර එම ගඩොල් රන් තහඩු වලින් ආවරණය කර තිබෙනවාලු. පාදමට ඉහලින් ඇති තට්ටුවට පිරිමි පාර්ෂවයට පමණයි ඇතුලුවීමට ඇවර තිබෙන්නෙ. ( කාන්තාවන්ටවත්, භික්ෂුණීන් වහන්සේලාට ඒ සදහා අවසරයක් නෑ) ඊලගට ඇත්තේ ඝන්ඨාරයක හැඩ ඇති කොටසයි. ඊට ඉහලින් ඇත්තේ තලප්පාව හැඩැති කොටසයි. ඊට ඉහළින් යටිකුරැ කල පාත්‍රය හැඩැති කොටස පිහිටා ඇත. එයටත් පසුව උඩුකුරු සහ යටිකුරු කරන ලද නෙලුම්පෙති පේලි දෙකයි. ඊලග කොටස කෙසෙල් මුව හැඩැති කොටසයි. ඔටුන්න හෝ කුඩයක හැඩැති කොටස ඊලග කොටස වන අතර එය දියමන්ති 5448 ක් හා රූබි නම් මැණික්2317ක් අල්ලා ඇත. ඊට ඉහලින් දියමන්ති රදවනය (සුළං පෙත්ත වැනි කොටස) සහ ඊලගට ඇත්තේ ග්රෑම් 15 බරැති දියමන්තියයි.
රන් ‍ෙවහෙරේ රත්රන් ස්වරූපය සත්‍ය වශයෙන්ම රත්රන් වලින් තහඩු වලින් සිදුකර ඇති අතර ගඩොල් නිසිපරිදි සකස්කර සාම්ප්‍රදායික වැද්දුම් (rivets) ක්‍රම භාවිතා කර ඇත. මියන්මාරයේ ජනතාව වගේම එරට සිටි රජවරුද රන් වෙහෙරේ වැඩකටයුතු වෙනුවෙන් රත්රන් පරිත්‍යාග කලහ. 15වන සියවසේ ප්‍රතිසංස්කරණය ඇරඹීමත් සමග මේ රන්වෙහෙර වෙනුවෙන් මොන් පෙළපතට අයත් ෂින් සව්බු මහ රැජින රත්තරන්විශාල ප්‍රමාණයක් පරිත්‍යාග කලාය.
නරඹන්නන් විසින් අනිවාරයයෙන්ම ඇතුල්වීමේ දොරටු අභියස පාවහන් ගැලවිය යුතුය. දකුණු සහ නැගෙනහිර පිවිසුම් වල පඩිපෙළ දෙපස සාම්ප්‍රදායික වෙළදසැල් දැකගන්න පුලුවන්. රන් වෙහෙරට පිවිසීමට විදුලි සෝපානය ඉතා කලාතුරකින් භාවිතා වේ. බුරුමවාසීන් මේ රන්වෙහෙර වටේ දක්ෂිනාවර්ථව ගමන්කරනු නිතර දැකිය හැකියි.
ඔවුන් සතියේදින හත සත්වයන් වශයෙන් බෙදා වෙන්කරගෙන තිබෙනවා. ඉරිදා දිනයට ගරුඩාටද, සදුදා දිනය කොටියාටද, සිංහයා අගහරුවාදටද, දළ ඇතා බදාදා උදය වරුවටද, දළ නැති ඇතා බදාදා සවස් වරුවටද, බ්‍රහස්පතින්දාට මීයාද, රට හාවා සිකුරාදාටද, නාගයා සෙනසුරාදාටද නම් කර තිබේ. ඒ ඒ දවසට අදාලව ඒ ඒ ග්‍රහතාරකා හිමි අයවලුන් විසින් බුදුපිළිම වහන්සේලාගේ රූප ඉදිරියේ මල්, පිරිසිදු ජලය, තබා සිය අපල දුරුවීමට ආශිර්වාදය ඉල්ලාසිටී. ඒ රූපවලට පහලින් ඒවායේ ආරක්ෂක සුරංගනාවියන් සිටින අතර ඊට පහලින් ඒ ඒ සවසට අදාල සත්වයා සිටී. රන් වෙහෙරේ පාදම අටපට්ටම් වන අතර ඒ වටා කුඩා චෛත්‍යයන් අයක් දවස් අටට (බ්‍රහස්පතින්දා උදේ රෑ දෙකක් ලෙස) පිහිටා ඇත. මේ අයුරින් ඒ රටේ සංස්කෘතිය සමග රන් වෙහෙර බැදී පවතී.
ඒ සිව්බුදුවරයන වහන්සේලාගේ පූජනීය වස්තූන් තැන්පත්ව ඇති රන්වෙහෙර වහන්සේට අපගේ නමස්කාරය පුද කරමු. සාදු… සාදු … සාදු …

(මෙම ලිපිය විකිපීඩියා වෙබ් අඩවිය අසුරින් නිර්මානිතයි)

සුපින්වත් පින්වතුනි ඔබට ධර්මයේ ශාන්තියම වේවා
රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.