සිත ගත සනසන භාවනා මහිමය …

ලොව සතුටින්ම සිටින්නේ බෞද්ධ භික්ෂුවක් බව ඔබ මෙයට මාස කිහිපයකට කලින් පුවතක් අසන්නට ලැබුනි. මෙහි දැක්වෙන්නේ ඒ ගැන කෙටි විස්තරයක් සමග භාවනාවේ වැදගත්කම ගැන කෙටිසටහනකි. දිනමින පුවත්ප‍තින් උපුටා ගැනිනි.

කලබලකාරී ජීවන රටාවෙන් හති වැටී සිටින ඔබ මොහොතකට හෝ කෙටි භාවනාවකින් සිතෙහි අසහනය පලවා හරින්නෙක් විය හැකියි. නො එසේ නම් භාවනා කිරීම ගැන ඔබ සිතන්නේ දවල් සිහින දැකීමේ අසාමාන්‍ය, සුවිශේෂී ක්‍රම වේදයක් විලසට විය හැකියි. මේ සිතුවිලිවලින් බැහැරට ගොස් භාවනාව ගැන වෙනස්ම අයුරින් සිතීමට කාලය පැමිණ තිබේ.
මැතිව් රිචඩ් බෞද්ධ හිමිපාණෝ භාවනාව යනු විනාශකාරී සිතුවිලි, විසිරුණු හැඟීම් පරාජය කිරීමට ලබාදිය හැකි සාර්ථකම මානසික පුහුණුව බව පවසති. සියවස් ගණනක් පුරා බෞද්ධ භාවනා ක්‍රම විකාශය වෙමින් පවතී. විද්‍යාඥයන්ගේ දෑස ද කලක සිට භාවනා කෙරෙහි යොමු වී තිබේ.

සජීවි එම්.ආර්.අයි පරීක්‍ෂණයකින් රිචඩ් හිමිපාණන් ඇතුළු භාවනා කරන හිමිවරුන් රැසකගේත් භාවනා කිරීම ඇරැඹූ ආධුනිකයන්ගේත් මොළය පසුගිය දසකයේ විද්‍යාඥයන් පරීක්‍ෂණයට ලක් කර තිබේ.

දැන් විවිධ භාවනා ක්‍රම මඟින් මනසට, අධ්‍යාත්මයට, චර්යාවට, සංජානනයට (හඳුනාගැනීමට) සහ මොළයේ ප්‍රත්‍යස්ථතාවට වන බලපෑම අධ්‍යයනය කර අවසන්ය. එනම් විද්‍යාඥයන් ඉදිරියේ භාවනාවේ සැබෑ විද්‍යාත්මක සිතුවම මේ වන විට ඇඳී පවති. භාවනාව සඳහා කෙනෙකු කාලය ගත කිරීම යනු කාලයෙන් සම්පූර්ණයෙන්ම නිසි ප්‍රයෝජනය ගැනීම බව විද්‍යාඥයන්ගේ අදහසයි. එයට කෙනෙකුගේ මනස සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකියි.

භාවනාවෙන් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා බෞද්ධයකුගේ හෝ අධ්‍යාත්මික නායකයකුගේ දැක්ම අත්‍යවශ්‍ය නොවේ. තම අත්දැකීම්වලින් ද භාවනාව ගොඩ නඟා ගත හැකියි.

2007 වසරේ දී කැලිෆෝනියා සරසවියේ ස්නායු විද්‍යාඥයන් සහ මනෝ වෛද්‍යවරුන් පිරිසක් භාවනා කරන පුද්ගලයන් හැට දෙනෙකු තෙමසක් පුරා අධ්‍යයනය කර තිබේ. භාවනාවත් සමඟ ඔවුන්ගේ මනසෙහි සිදුවෙන පෙරැළිය ගැන විද්‍යාඥයන් සෝදිසියෙන් සිට ඇත. මානසික හැකියා, මානසික සෞඛ්‍ය ගැන විශේෂයෙන් මෙහිදී අවධානය යොමු කර තිබේ.

පර්යේෂණයට සහභාගිවූවන් අඩු වශයෙන් දිනකට පැය පහක් ආනාපානසතිය බඳු (හුස්ම ඉහළ පහළ දැමීම පිළිබඳ අවධානය යොමු කිරිම) භාවනාවක යෙදී ඇත. ජෝන්ස් හොප්කින්ස් සරසවියේ කැතරීන් මැක්ලීන් භාවනා කරන්නන් ට පරිගණකයේ තිරස් රේඛා සමූහයක් දකින්නට සලස්වා වඩා කෙටි රේඛා, දිග රේඛාවලින් වෙන්කර හඳුනා ගැනීමට දී තිබේ. භාවනා කිරීමට යොමුවීම වැඩිවීමත් සමඟ ඉක්මණින් රේඛා හඳුනා ගැනීමේ හැකියාව වැඩිදියුණුවී ඇති බව ඔවුනට පෙනුණි.

විස්කොන්සින් මැඩිසන් සරසවියෙන් කළ තවත් අධ්‍යයනයකට අනුව භාවනා කළ පිරිසට විවිධ ශබ්දවලින් එකම ආකාරයේ ශබ්ද හඳුනා ගැනීමට පහසුවී තිබේ.

දිනකට පැය 10 – 12 ක් මාස තුනක් භාවනා කළ පුද්ගලයන්ට අවධානය යොමු කිරීමේ හැකියාව වැඩි දියුණු වී ඇත්තේ පුදුමාකාර අන්දමිනි.

පරිගණකයක යම් කාර්යයක නිරතවී සිටින ඔබ ද රෑට කෑමට ගන්නේ කුමක්ද ආදී බාහිර දේ ගැන නොසිතා කරන කාර්යකට අවධානය යොමුකිරීම ද භාවනාවකි.

මාංශ පේශියකින් මෙන්ම මොළයෙන් ද විවිධ කාර්යයන් කළ හැකි ය. භාවනාව මඟින් මතක ශක්තිය පවත්වා ගැනීමට අවශ්‍ය පුහුණුව ලැබේ.

භාවනාවෙන් අපේ හැඟීම්වලට ද බලපෑමක් සිදුවේ. භාවනා කරන්නන් අතර නොසන්සුන් බව අඩු ය. හැඟීම් පාලන හැකියාවද ඇත. මේ හැකියාව කෙනෙකුගේ මානසික සෞඛ්‍ය යහපත් වීමට ද අවශ්‍ය ය. ආහාර ගැනීමේ අක්‍රමිකතාවලට ගොදුරු වී සිටින්නන්ට භාවනාව මඟින් එම අක්‍රමිකතා දුරු කළ හැකි බව අධ්‍යයන මඟින් හෙළි වී ඇත.

දිගටම පවතින විෂාදයට, විවිධ අයහපත් දේට ඇබ්බැහිවීමට, කාලයක් පවතින වේදනාවන්ට, භාවනාවෙන් ලැබෙන්නේ සුළුපටු යහපතක් නො වෙයි.

භාවනාවෙන් වේදනාවට සමථයකට පත් වෙන්නේ සැබැවින්ම වේදනාව අඩුවීමෙන් නොව වේදනාකාරී හැඟීම පාලනය වීමෙනි. මනෝවිද්‍යාඥ ෆඩෙල් මෙය කෙසේ සිදුවන්නේ දැයි බැලීමට සජීවී එම්.ආර්.අයි පරීක්‍ෂණ සිදුකරයි.

සුබවාදී භාවනා ක්‍රම මඟින් ඇතිවන යහපත් මානසික සෞඛ්‍ය අපේ සෛල වයස්ගත වීමෙන් වළක්වන ටෙලොමරේස් හෝර්මෝන ක්‍රියාකාරිත්වය වැඩිකිරීමට හේතුවෙයි.

අනෙක් අය ගැන සිතන සිතක් පහළ කර ගැනීමට ද භාවනාව උපකාරීවෙයි.

සිහිය පිළිබඳ අධ්‍යයන ආයතනයේ සභාපති සහ බෞද්ධ ගුරුවරයෙකු වූ ඇලන් වොලස් සහ මනෝවිද්‍යාඥ පෝල් එක්මන් පවසන අන්දමට භාවනාව යනු ජිම්නාස්ටික් ක්‍රීඩාවකි. තවත් අයුරකින් කිවහොත් ව්‍යායාම මධ්‍යස්ථානයක (ජිම්) කරන මානසික ව්‍යායාමයක් බඳු වූවකි. එහෙත් ව්‍යායාමයකදී මෙන් නොව මෙහිදී මිනිසා හැඟීම් සමතුලිත කර ගැනීමට, ආතති මට්ටම මැනීමට, කරුණාව ඇති කර ගැනීමට පුරුදු වෙයි.

තවත් සමහරු පවසන්නේ භාවනාව, ඖෂධවලට ඇති විකල්පයක් බවයි.

භාවනාවෙහි ඇති අපූර්වත්වය නම් ඕනෑම කෙනෙකුට ඕනෑම තැනකදී භාවනා කළ හැකි වීමයි. දවසට මිනිත්තු 20 ක් දින තුනක භාවනා කිරීමෙන් පවා කෙනෙකුට යහපතක් සැලසෙයි. මිනිත්තු 20 ක භාවනාවකට මොළයේ ක්‍රියාකාරිත්වය පුදුමාකාර ලෙසින් වෙනස් කළ හැකියි.

භාවනා කිරීමට සිටින ආධුනිකයන්ට මෙය සුබ පුවතකි. භාවනා කිරීම වැඩිවන තරමට මොළයට වෙන යහපත ද වැඩි ය.

* පැය 44,000 ක් භාවනා කිරීම වසර 25 ක් පුර්ණ කාලීන රැකියාවක නිතර වීමට සමාන ය.

* භාවනා ක්‍රම ගණනක් පවතී. එහෙත්, විද්‍යාඥයන් අවධානය යොමුකර ඇත්තේ භාවනා ක්‍රම දෙකක් පිළිබඳයි. එකක් යම් සංකේතයක් හෝ වචන පෙළක් හෝ හුස්ම ගැනීම අරමුණු කරගෙන කරන භාවනාවයි. යමක් ඉලක්ක කරගෙන කරන මේ භාවනාවේදී කොන්ද කෙළින් තබා ගෙන වාඩිවී උකුළේ දෑත් තබා ගෙන, දෑස් පියාගෙන අරමුණු කරගත් දෙය කෙරෙහි සිත යොමු කරයි. මෙයින් සිත වෙනතකට යොමුවීම වැළකෙයි.

* අනෙක් භාවනා ක්‍රමය විවිධ හැඟීම්, අත්දැකීම්, ශරීර සංවේදන ඇසුරින් දිගින් දිගට ගැඹුරින් කල්පනා කිරීමයි. මේ භාවනාව හුරු පුරුදු කළ තැනැත්තාට එදිනෙදා ජීවිතයේ හැඟීම් පාලනය ඉතා පහසු ය.

සත්වයා කෙරේ අපමණ මෙත්සිතින් එරනද ලක්මාල් විසිනි.

මිනිසා හා මිනිස්‌ සිත හඳුනා ගනිමු ...
දිරන රූපයයි සැමදා තරුණ තණ්හාවයි ...

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.