සන්තති අමාත්‍යතුමා රහතන්වහන්සේ නමක් වෙයි.

බුදු ඇස කියන්නේ විශේෂ ඤාණ දෙකක්. ඒ කියන්නේ සත්ත්වයන්ගේ ආසයඅනුසය දන්නා ඤාණයක් තියෙනවා. ඒ තුළින්කෙනෙකුගේ දුර්වලතා පිළිබඳව උන්වහන්සේට දැනගන්න ලැබෙනවා. ඒ වගේම ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණය කියලා තව ඤාණයක් තියෙනවා. එයින් සත්ත්වයන්ගේ ධර්මාවබෝධයට ඇති හැකියාව පිළිබඳව දැනගන්න ලැබෙනවා. මෙය බුදුරජාණන් වහන්සේට පමණයි තියෙන්නේ. එයින් තමයි උන් වහන්සේ තව කෙනෙකුගේ මාර්ගඵලාවබෝධයේ ප්‍රමාණය ගැන පවසන්නේ.

බුදුරජාණන් වහන්සේගේ දිනචරියාවේ එක් ක්‍රියාවක් තමයි, උදේ පාන්දර මහා කරුණා සමාප්තියට සම වැදිලා ලොව දෙස බලන එක. අද දින ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින්නේ කවුද කියලා තමයි, බුදුන්වහන්සේ හැමදාම එහෙම බලන්නේ. එහෙම මහා කරුණා සමාපත්තියට ලක් වූ මහා පින් ඇති කෙනක් තමයි, සන්තති අමාත්‍යතුමා. කොසොල් මහ රජතුමාගේ අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් මේ අමාත්‍ය තුමා බොහෝ සෙයින් කොසොල් මහ රජතුමාගේ හිත දිනා ගත් කෙනෙක්. කැරැලි කෝලහල ආදී ඇති වූ විට, ඒ කෝලාහල නවත්වන්නට නියම කරන්නේ මේ අමාත්‍යයාටයි. ඒ වගේම රජතුමාගේ අදහසේ හැටියට කොයිතරම් බරපතල කැළඹීමක් ඇති වූවත් මේ අමාත්‍යයා එය සංසිඳවනවා. එක් කාලයක කොසොල් රජතුමාට අයිති රටේ පිටිසර පළාතක ලොකු කෝලාහලයක් ඇති වුණා. ඒක නවත්වන්ට පුළුවන් එකම හපනා මේ සන්තතික අමාත්‍යයා පමණයි. ඒ නිසා ඒ පළාතට ගොස් කෝලාහලය නවත්වන ලෙස මේ අමාත්‍යයාට රජතුමා කීවා. අමාත්‍යවරයා ගොස් ඒ කැළඹිලි සියල්ලම සංසිඳවලා ආවම රජතුමා බොහොම සතුටු වෙලා, සත් දවසකට රජකම දීලා, නැටුම් ගී කීම් ආදියට සමර්ථ නාටිකංගනාවන් දුන්නා. සන්තනි අමාත්‍යායට රජකමෙන් වැඩක් නැහැ. නමුත් හිතමිත්‍රාදීන්වත් එකතු කරගෙන මත්පැන් බොමින් විනෝද ගමන් බිමන් යමින් කෙළි සෙල්ලම් බලමින් මේ හත්දවස බොහොම පී‍්‍රතියෙන් ගත කළා. හත්වන දවසේ උදේ කාලේ බොහොම හොඳට ඇඳ පැළඳගෙන ඇතකු පිට වෙරි මර ගාතේ හිඳගෙන ජල ක්‍රීඩාවට පිටත් වුණා. අප මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ පිණ්ඩපාතේ වඩිනවා. අමාත්‍යයා වෙරි මරගාතේම බුදුන් වහන්සේට හිස නමා ආචාර කරගෙන ගියා.


ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සිනහවක් පහළ කර වදාළා ආනන්ද හාමුදුරුවෝ සිනා පහළ කිරීමේ හේතුව විචාළහ. එතකොට ‘ආනන්දය අද මේ වෙරි වී සිටින අමාත්‍යයා මාළඟට ඇවිත් රහත් වනවා. ඒ නිසයි මට සිනා පහළ වුණේ. බුදුරජාණන් වහන්සේත් ආනන්ද හාමුදුරුවන් අතරත් ඇති වූ මේ බලාපල්ලා මේ ශ්‍රමණ භවත් ගෞතමයන් කටට ආ දෙයක්ම කියන හැටි? හත් දවසක්ම මත්පැන් බී වෙරි වී සිටින මේ අමාත්‍යයා අද බණ අහලා රහත් වෙනවාලු. මෙහෙම බොරු කාරයෙක්. හොඳයි අද අමාත්‍යයා රහත් නූනොත්, බොරුකාරයෙකු කරලා අවනම්බුවක් කරන්න ඕනෑ යැයි දෘෂ්ටිකයෝ කියමින් පැවැසුවා. ඔවුන් එසේ සවස් කාලයේ ජේතවනාරාමයට එකතුවෙන්නට පටන්ගත්තා. ඒ වාගේම බුදු දහම පිළිගත් අයත් මේ තරම් මත් පැන් බී සිටින අමාත්‍යයා රහත් කිරීමට අද අපේ බුදුරජාණන් වහන්සේ ඉතා ආශ්චර්යවත් ධර්මයක් වදාරනවා ඇති. ඒ නිසා උන් වහන්සේගේ බුද්ධ මහිමය බලන්ටත්, රහත්වන අමාත්‍යයාගේ ලීලාව දැක ගන්නටත්, යහපත් ධර්මයක් අහන්ටත් ලැබෙනවා කියා එහි රැස් වන්නට පටන් ගත්තා. මේ විදිහට මිථ්‍යා දෘෂ්ටික උදවියත්, බෞද්ධ උදවියත් යන දෙපක්‍ෂයෙන්ම විශාල සේනාවක් රැස් වුණා. අමාත්‍යයාත්, පිරිවර සමග දහවල් කාලයේ ජල ක්‍රීඩාවේ යෙදිලා, සවස රජ්ජුරුවන්ගේ උයනට ගියා. එතැන විශාල නෘත්‍ය ශාලාවක අමාත්‍යයා ප්‍රධාන විශාල පිරිස නෘත්‍ය බැලීමට සූදානම් වුණාම, රජ්ජුරුවන් දුන් නාටිකාංගනාව ගී සින්දු කියමින් නටන්න පටන් ගත්තා. මේ හත් දවස ඇතුළත ඒ නාටිකාංගනාව හොඳට කෑම් බීම් කරලත් නැහැ. යහමින් ආහාර අනුභව කළාම නටන්න අමාරුයි. මේ නිළියන් නටන දවසට කෑම ටිකයි කන්නේ. ටික ටික කාපු නිසාත්, පිට පිට හය දවසක් වෙහෙස වී සිටිය නිසාත් මේ දවසේ දී ටික වේලාවක් නටන විට ඇයට වාත කෝපයක් ඇති වුණා. (එයට කියන්නේ සත්ථක වාතය කියලයි) මේ වාතය කිපුණාම හෘදය වස්තුව පීඩාවට පත් වනවා. මේ අමාත්‍යයාගේ හිත ගිය ප්‍රධාන නිළියටයි මේ රෝගය හැදුණේ. ඇස් ඇරී කට ඇරී මේ තැනැත්ති බිම වැටුණා. තමන්ට නැටුම් පෙන්වද්දී මේ නිළිය මළ නිසා අමාත්‍යායාට බලවත් ශෝකයක් ඇති වුණා. ‘පි‍්‍රය දේ ශෝකය අන්ත කොට තිබෙනවා.’ යන කියමනේ හැටියට හත් දවසක් අනුභව කළ පී‍්‍රතිය ශෝකයෙන් ඉවර වුණා. නොයෙක් විදියට ශෝකය නැති කරගන්නට උත්සාහ කළහ. නමුත් බැරි වුණා. ඒ වේලාවේදී අමාත්‍යයාට කල්පනා වුණා මම උදේ එද්දී බුදුරදුන් දැකලා ආචාර කරගෙන ආවා නේද කියලා. සමහර විට උන්වහන්සේ ළඟට ගියොත් මට මේ ශෝකය නැති කරගන්න පුළුවන් වෙයි කියලා ඔහු හිතුවා. ඒ විදියට හිතලා පිරිවරත් සමඟ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ජේතවනාරාමයට ගිහින් බුදුන්වහන්සේට වැඳලා, ‘ස්වාමීනී, මට මෙන්න මේ විදියේ ශෝකයක් ඇතිවුණා. ඒ ශෝකය නැති කරන්න, ඔබ වහන්සේට පුළුවන් බව දැනගෙනයි ආවේ. ඒ නිසා මට පිහිට වන්න’ කියා ඉල්ලා සිටියා.’අමාත්‍යයාණනි, මේ නාටිකාංගනාවගේ මරණයෙන් මේ හැටියට ශෝකයට පැමිණිලා ඔබගේ ඇස් වලින් වැගුරුණා වූ කඳුළු වල ප්‍රමාණය බලනවා නම් මේ සතර සාගරයේ ජලයටත් වැඩියි. ඒ තරම් දීර්ඝ කාලයක් මේ සංසාරයේ ඔබ ඇය නිසා ශෝක කළා.’ යනාදී ලෙස බුදුරදුන් ධර්ම දේශනා කළා. ඒ බණ අවසාන වනවාත් සමගම අමාත්‍යවරයා උතුම් වූ අරහත් මාර්ග ඥානය ලබා ගත්තා.
තමන්ගේ ආයුධ ප්‍රමාණය ගැන විමසා බලා පිරිනිවන් පාන්න තීරණය කලා. බුදුහිමියන්ගෙන් අවසර ඉල්ලා සිටියා. පිරිනිවනට පෙර මේ පුදුම විදිහට අරහත්වය ලබන්න හේතුව මහජනයාට ප්‍රකාශ කරන ලෙස කියා සිටියා.
පෙර විපස්සී බුදුරජාණන් වහන්සේගෙ කාලෙ බන්ධුමතී නගරයේ ඉපදිලා අවුරුදු අසූ හාරදහසක් තිස්සේ බණ දේශනාකර පින්කම්වලට යොම කිරීම නිසා මේ පින ලද බව ප්‍රකාශ කලා.

එතෙක් මෙතෙක් කාලයක ශරීරයෙන් ගලන දහඩියෙන් දුගඳ හමන්නේ නැති බවත් සඳුන් සුවඳ හමන බවත් මුඛය ගඳ නොගසන බවත්. මහනෙල් මල් සුවඳ. හමන බවත් ප්‍රකාශ කලා.

බුදුරජාණන් වහන්සේ ඉදිරිපිටදීම තේජෝ කසිණ සමාපත්තියට සම වැදිලා පිරිනිවන් පෑවා. එතුමාගේ ධාතූන් පමණක් එතැන ඉතිරි වුණා. ඒ ධාතූන් බුදුරජාණන් වහන්සේ සිය අතින්ම රැගෙන සතර මං සන්ධියක කාටත් පෙනෙන්නට චෛත්‍යයක් කරවලා, තැන්පත් කළා. මිනිසුන් ඒ චෛත්‍යයට නොයෙක් විදියේ පූජා සත්කාර පවත්වලා බොහෝ පින් ලබා ගත්තා.

පින්වත් යාලුවනේ පෙනෙවද පිනක් පල දෙන ආකාරය. අපිත් මේ සංසාරෙ කී වකාවක් ඉපදිල ඇත්ත? විවාහ වෙලා ඇත්ත? දරුවො ලබල ඇද්ද? රැකියා කරල ඇත්ද? ඒත් ඒ සියල්ල අත්හැරල අපි යන්න ඇති. අපි මේ විශ්වයෙ කී වතාවක්නම් සක්විති රජ වෙන්න ඇතිද? කී වතාවක් අසූචි ගොඩවල පණුවො වෙන්න ඇතිද? කී වතාවක් අපාගත වෙන්න ඇද්ද? පෘතග්ජනයට අපාය මන්ගෙ නිවස වගෙයිලු. අන්න ඒ නිසා මේ කරුණු තේරුම් ගෙන මේ සසරින් නිදහස් වෙන්න අපි හිතට ගන් ඕනි. ඒක ලෝකෙට පේන්න නෙවෙයි. තමන්ගෙ හදවතට එකගවයි කරන්න ඕනි. ඒ මගට පිවිසෙන්න ඔබටත් ආරාධනා කරනව.

මෙපින් බලෙන් අසරණයන්ට අමාදම් වැසි වස්සවමින් නිවන් මගට යොමු කිරීමට මාහට යෝධ බල, යෝධ ශක්තිය ලැබේවා. සත්වගට යහපත සැලසීමට නිවන් දක්නා ජාති දක්වා මේ පින් කම් යහපත් ප්‍රාර්ථනාවන් සියල්ල ඉටුකරත්වා. කෙළවර මා පතන බෝධියෙන් නිවන් දකිමින් අසරණ සත්වගට නිවන් මගෙහි දොරටු විවර කිරීමට මේ පින්කම් පාරමිතාවන් බවට පත්වේවා … … …

අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවටම සැනසිල්ල උදාවේවා … … …

දළදා වහන්සේ වැඩමවන ඇත් රජුන් ගැන හිත පිරෙන කතා ...
මිනිස් සිත පාරිසරික වෙනස්කම්වලට බලපායි ...
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.