වෙස්සගිරිය ( The Vessagiriya ) - IFBC Organization | Dhamma

191439675අනුරාධපුර පුරාණ නාගරික සැලැස්ම මහාවිහාර කවයට පිටතින් පර්යන්තයේ පිහිටන්නා වූ වෙස්සගිරිය පුරාවිද්‍යා භූමිය පිහිටා ඇත්තේ රමණීය භූමි ස්කන්ධයකය. වත්මනෙහි වෙස්සගිරිය නමින් හැඳින්වෙන්නා වූ මෙම භූමිය අක්කර විස්සකින් පමණ සමන්විතය. උතුරේ සිට දකුණු දිශාවට පිළිවෙළින් පිහිටා ඇති පර්වත තුනකින් සුසැදි මෙහි ස්වාභාවික ගල් ගුහා විසි හයක් පමණ දැකගත හැකිය.

අනුරාධපුර පුරාණ නාගරික සැලැස්ම මහාවිහාර කවයට පිටතින් පර්යන්තයේ පිහිටන්නා වූ වෙස්සගිරිය පුරාවිද්‍යා භූමිය පිහිටා ඇත්තේ රමණීය භූමි ස්කන්ධයකය. වත්මනෙහි වෙස්සගිරිය නමින් හැඳින්වෙන්නා වූ මෙම භූමිය අක්කර විස්සකින් පමණ සමන්විතය. උතුරේ සිට දකුණු දිශාවට පිළිවෙළින් පිහිටා ඇති පර්වත තුනකින් සුසැදි මෙහි ස්වාභාවික ගල් ගුහා විසි හයක් පමණ දැකගත හැකිය.

ලේඛනගත මූලාශ්‍රයක් වන මහාවංසයේ සඳහන්වන ආකාරයට ක්‍රි.පූ. තුන්වැනි සියවසේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ මිහිඳු හිමියන්ගේ ධර්මය අසා පැවිදි වූ අරිට්ඨ කුමරු ප්‍රමුඛ පිරිස මෙහි වාසය කර ඇත. සසුන්ගත වූ පන්සීයක් භික්‍ෂූන්වහන්සේ මෙහි වාසය කළ බැවින් “වෙස්සගිරිය” නමින් හැඳින් වූ බව පරණවිතානගේ මතය වේ. තවදුරටත් වෙස්සගිරිය පිළිබඳ තතු හෙළි කරන පරණවිතාන ක්‍රි.ව. 1 වැනි සියවසේ දමිළයන්ගෙන් බේරීමට පැරැණි අගනුවර වූ අනුරාධපුරයෙන් පලාවිත් වට්ඨගාමිණී සැඟව සිටියේද වෙස්සගිරියේ බව දක්වයි. වර්තමානයේ වෙස්සගිරි නමින් හඳුන්වන මෙම ස්ථානයේ “ඉසුරුමුණි” යන පදය සඳහන් ශිලා ලිපි කිහිපයක්ම හමු වී ඇති බැවින් නියම ඉසුරුමුණිය වර්තමාන වෙස්සගිරිය වන්නට පුළුවන. (සිරිවීර 2002 : 376) වංසකතා සහ සෙල්ලිපිවල ද සඳහනයන් සලකා බැලීමේදී අතීතයේදී ඉසුරුමුණිය නමින් හඳුන්වා ඇත්තේ වර්තමාන වෙස්සගිරිය භූමිය බව අනුමාන කළ හැකියි.

වෙස්සගිරිය නඩත්තු කළ
රජ පවුල්
වෙස්සගිරියේ පිහිටි ස්වාභාවික ලෙන් ආශ්‍රය කරගනිමින් ක්‍රි.පූ. 3 වැනි සියවසේදී පමණ පැලපදියම් වන්නා වූ භික්‍ෂුන්වහන්සේගේ සුඛවිහරණය වෙනුවෙන් මුලින්ම ක්‍රියා කර ඇත්තේ විවිධ සමාජ තරාතිරම් හා පදවි නාමයන්ගෙන් යුත් ප්‍රභූ පිරිස් විසිනි. බරත, ගහපති, පරුමක ආදී නමින් හැඳින්වෙන ප්‍රභූ පිරිස් තතු, කටාරම් කොටන ලද ලෙන් ලිපිවල දක්නට ලැබේ.
* ක්‍රි.පූ. 3 දක්වා දිවෙන්නා වූ වකවානුවක ස්වාභාවික ලෙන්වල කටාරම් කොටා භික්‍ෂූන් උදෙසා පූජා කිරීම සිදුකරමින් වර්ෂා ජලයෙන් ගල් ගුහාවලට වන පීඩාවන් අවම කිරීමට කටයුතු කර ඇත.
* ඉලනාග රජුගේ පුත් චන්ද්‍ර මුඛසීව (ක්‍රි.ව. 44 – 52) කාලයේදී ඉස්සරසමන විහාරයට මණිකාර ගම අසල වැවක් පූජා කර ඇත. (ර්.ම. යයයම 46 – 48)
* ඔහුගේ දමිළ අග බිසව මණිකර නම් වූ ගමෙන් ලැබුණ ආදායමෙන් ඇගේ කොටස මෙම විහාරයට පූජා කර ඇත. (ර්.ම. එම)
* වසභ රජු (ක්‍රි.ව. 60 – 100) මෙම විහාරයට උපෝසථාගාරයක් සාදා ඇත. (ම.ව. 35 : 38)
* වෝහාරිකතිස්ස රජු (ක්‍රි.ව. 214 – 236) ඉසුරුමුණිය සඳහා ප්‍රකාරයක් ඉදිකර ඇත. (ම.ව. 36 : 36)
* සීගිරි කාශ්‍යප රජු (ක්‍රි.ව. 479 – 97) මෙම ආරාමය ප්‍රතිසංස්කරණය කර ඔහුගේ සහ බෝධි උප්පලවන්නා නමැති සිය දියණිවරුන්ගේ නමින් මෙම ආරාමය නම් කර ඇත. (ම.ව. 39 : 10 – 12).
* 4 වැනි මිහිඳු ඉසුරුමුණියේ ප්‍රාසාදයක් ඉදිකර ඇත.
* 3 වැනි ජෙට්ඨතිස්ස (ක්‍රි.ව. 659 – 667) ගම්වර ප්‍රදානය කර ඇත.
* 4 වැනි මිහිඳු විසින් බෝ උපුල්වන් කසුබ්ගිරි විහාරයේ භික්‍ෂූන් උදෙසා කළ පූජාවන් ශිලා ලිපියක දැක්වේ.
* එම රජුගේම තවත් ලිපියක ඉසිරමෙනු බෝ උපුල්වන් කසුබ්ගිරි රද් මහ වෙහෙරට සම්බන්ධ භූමි භාගයක් වගා කිරීමට තිසා වැවෙන් ජලය සැපයීමක් පිළිබඳව සඳහන් වේ. (ඡ්.ඛ.ම.ධ් 1904 – 1912 : 31 – 32)

වෙස්සගිරිය භූමියේ වත්මනෙහි දැකිය හැකි විසි හයක් පමණ වූ ස්වාභාවික ගල් ගුහාවල මුල් කාලීනව වැඩ වාසය කළ භික්‍ෂුන් වහන්සේට ස්වාභාවිකව වර්ෂාවෙන් සිදුවන පීඩා වළක්වාලීමට ගුහාව ඉදිරියේ කටාරමක් කොටා ජලය ගලා යෑමට සැලැස්වීම ගුහා නිර්මාණය සඳහා යොදා ගත් තාක්‍ෂණ ක්‍රමවේදයේ මූලික අඩිතාලම ලෙස හඳුන්වා දිය හැකියි. පසුකාලීනව උන් වහන්සේගේ සුඛවිහරණය උදෙසා මෙම ගල් ගුහා සඳහා වරිච්චි සහ දැව යන අමුද්‍රව්‍ය භාවිත කර ඉදිරියට පියැස්සක් සකස් කිරීම තාක්‍ෂණය යොදා ගත් දෙවැනි අවස්ථාව ලෙස දැක්විය හැකියි. ගුහා සංවර්ධයේ මීළඟ වඩාත් වර්ධනීය අවස්ථාව ලෙස දැනට ශේෂ වී ඇති ගුහාවල නටබුන් තුළින් හඳුනාගත හැකිවන්නේ පුලුස්සන ලද ගඩොල්, ශෛලමුවා කුට්ටි, මිශ්‍රණ භාවිත කරමින් ගුහාව විධිමත්ව සැකසීම සහ සීලිම් සිතුවම් ඇඳීම වැනි ක්‍රියාදාමයන් ඔස්සේයි. වෙස්සගිරිය පුරාවිද්‍යා භූමිය තුළ එච්.සී.පී. බෙල් මහතා විසින් සිදුකරන ලද අධ්‍යයනවලදී ස්වාභාවික ලෙන් සහිත පර්වත කොටස ඒ, ඕ, ඛ් යන ලෙස නම් කර ඇති අතර එම ඛ් නමින් හැඳින්වෙන පර්වතය තුළ මෙම ගල් උළුවස්ස සහිත ලෙන පිහිටා ඇත. මුල්කාලීනව භාවිත කළ ස්වාභාවික ලෙන තම අවශ්‍යතාවලට සරිලන ආකාරයට මෙන්ම විවිධ පීඩා ආදියෙන් බේරීමට සුදුසු වන ආකාරයට සරල එහෙත් උසස් තාක්‍ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් නිර්මාණය කිරීමට එකල ශිල්පීන් සමත් වී ඇත.

ඒ අනුව ගල් ගුහාව තුළට ගලා එන වැසි ජලය වැළැක්වීම සඳහා කටාරම් කොටා ඇත. ගුහාව ඉදිරිපස බ්‍රාහ්මී අක්‍ෂර සහිත ලිපියක් ද වේ. ගුහාව ඉදිරිපසින් වර්තමානයේ දැකිය හැකි චාම් සරල ලීස්තර යොදා සකස් කරන ලද ගල් උළුවස්ස අනුව නිසැක වශයෙන්ම මෙම ගුහාව ඉදිරිපස බිත්තියකින් ආවරණය වී තිබෙන්නට ඇතැයි සිතිය හැකියි. දැනට ශේෂව පවතින නෂ්ටාවශේෂයන් තුළින් ගල් ගුහාව ඇතුළත භාවනානුයෝගී භික්‍ෂුවකට අවශ්‍ය කරන ආකාරයට ගුහාව සකස් කර ගැනීමට යොදා ඇති තාක්‍ෂණය හඳුනාගත හැකිය.

මෙම ස්වාභාවික ගල් ගුහාවේ සමහර තැනෙක පවතින හිඩැස් සහිත ස්ථාන සඳහා පැරැන්නන් ගල් පතුරු සහ ගල් කුට්ටි භාවිත කරමින් ඒවා එක එක කුස්තූර අවම වන ලෙස පිළිවෙළකට ඇසිරීම සිදුකර ඇත. මේ සඳහා ඔවුන් විවිධ ප්‍රමාණයේ කුඩා ගඩොල් කැට, මැටි බදාම සමඟ මිශ්‍ර කරමින් හිඩැස් වැසීම කර ඇත. පොළව මට්ටමේ සමහර තැනෙක ගුහාවේ ගල් බිත්තියට පහළින් (ගල් බිත්ති පාමුල) ගඩොල් කොටස් දැකිය හැකියි. ගුහාව ඉදිරිපස ගඩොල් කොටස් වැඩිපුර දැක ගත හැකි අතර උළුවස්ස දෙපස ආවරණයක් තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකි අතර සමහර විට බිමට ගඩොල් ඇතුරුමක් තිබුණාද විය හැකිය. ගුහාවේ දකුණු දිශාවේ ඉදිරිපස කොටස තුළින් වර්තමානයේදී ද ගඩොල් වරි හතර පහක ශේෂයන් දැකිය හැකිය. ශේෂිත ගඩොල් කොටස් සමහරක හුනු බදාම කොටස්ද වේ.
මෙම ගුහාවේ ශේෂිත නෂ්ටාවශේෂයන් තුළින් පුරාණ ඉදිකිරීම් තාක්‍ෂණයේ තතු විදහා දක්වයි. බැමි බැඳීමේදී වරි එකිනෙක හොඳින් සම්බන්ධ වීමට කුස්තූර ළංව තබා හේත්තු වන ලෙස බැඳීමෙන්ද සමහර තැනෙක කුස්තූර පැන්නීම, ගඩොල වරි ඔළු අතට තබා බැඳීමද වැනි ක්‍රමවේද භාවිත කර ඇති බව බැම්මේ ශක්තිමත්භාවය වැඩි කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බව පෙනේ.

ඕ පර්වතයේ දැකිය හැකි සිතුවම් ගුහාවේ ක්‍රමවත්ව සකස් කරන ලද පිටගැටයන් විස්සක් පමණ දැකගත හැකිය. මෙම ගුහාව ඉදිරිපස සම්භාව්‍ය යුගයේ සිතුවම් කොටසක් ශේෂව ඇත. ආභරණ පැලඳ සිටින කාන්තා හෝ දේව රූප මෙහි වේ. සියුම් බදාම තට්ටුවක් යොදා ගනිමින් ගුහාවේ සීලිම් සිතුවම් අලංකාර ලෙස සකසා ඇති අතර රතු, කහ, සුදු, කළු, කොළ සහ තැඹිලි යන වර්ණ වර්තමානයේ හඳුනාගත හැකියි. සිතුවම්වල පිටත රේඛාව රතු පාටින් ඇත.
ගුහාවේ පිටුපස කොටස්වල පැවැති සිතුවම්වල ශේෂයන් පමණක් දැක ගත හැකියි. ඉදිරිපස පැවැති සිතුවම් මෙන්ම මෙම විශාල පෘෂ්ටය මතුපිට සිවිලිං සිතුවම් පැවති බව පෙනේ

උපුටාගැනීම – මව්බිම පුවත්පත

r-2

වෙස්සගිරිය - wessagiriya_4

වෙස්සගිරිය - wessagiriya_3

191439675

අසිරිමත් රන්මසු උයන ( The Glorious Ranmasu Uyana)
දක්ඛිළණ ස්ථූපය ( The Dhakkina Sthupa )

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.