විස්‌මයජනක දේහයක්‌ රටින් පිටකළේ කොහොමද?

එවකට රට තුළ තිබූ දේශපාලනික තත්ත්වය එවන් වූ ‘අගනා’ වස්‌තුවක්‌ රටින් පිටමං කිරීමට තරම්” යෝග්‍ය වූයේද?

ඉහත සඳහන් කළ පරිදි 6 වන පරාක්‍රමබාහු රජුගෙන් පසු ඔහුගේ මුණුබුරු ජයබාහු කුමරා රජ වූ නමුත් ඉන් වසර 2 කට පසුව සපුමල් කුමරු ජයබාහුව ඝාතනය කොට සයවන බුවනෙකබාහු නමින් රජ විය. 6 වන බුවනෙකබාහු වසර 7 කට පසුව මියගිය පසු ඔහුගේ සහෝදර අම්බුළුගල කුමරු වීර පරාක්‍රමබාහු නමින් රජ විය. (6 වන පරාක්‍රමබාහු රජු පුතුන් 3 ක්‌ හදාගත් බව එනම් සපුමල් කුමරු, ජයබාහු (පසුව රාහුල හිමි) සහ අම්බුළුගල කුමරු නැවත මතක්‌ කර දෙමි.) වීර පරාක්‍රමබාහුගේ ඇවෑමෙන් ඔහුගේ පුතා ධර්ම පරාක්‍රමබාහු නමින් රජ විය. වර්ෂ 1505 දී පෘතුගීසීන් ලංකාවට පැමිණෙන විටදී ලංකාවේ රජ වී සිටියේ ඔහුය. එවකට ඉන්දියාවේ (ගෝවේ) ප්‍රතිරාජවරයා වූයේ ද අල්මේදාය.


ද අල්මේදාගෙන් පසුව එම පදවියට පත්ව ආ අෆ්‍රෙ‍න්කෝ ද ඇල්බොකරේක්‌, ගෝවේ මලක්‌කා සහ ඩර්මස්‌ යන මහා වරායවල් අත්පත් කර ගනිමින් තම ආධිපත්‍යය ව්‍යාප්ත කිරීමේ නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේය.

මෙම කාලවකවානුව තුළ පෘතුගීසීන්ගේ ප්‍රධානතම අරමුණ වූයේ ඒ වන විට වෙළෙ¹ම සඳහා මුස්‌ලිම්වරුන් විසින් සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කළ මුහුදු ගමන් මාර්ගයන් තම අණසකට පත්කර ගැනීමය. එම කර්තව්‍යය ඔවුන් ඉතාමත් කෲර ලෙස කරමින් කේප් තුඩුවේ සිට නාගසාකි දක්‌වා තම බලය තහවුරු කරගති.

ධර්ම පරාක්‍රමබාහුගෙන් පසු විජයබාහු රජ වූ අතර ඔහුට සිහසුන සඳහා නිතර ආරවුල් ඇතිකර ගත් පුතුන් තිදෙනෙක්‌ වූහ. අවසානයේ ඔවුන් තම පිය රජු මරා වැඩිමලා බුවනෙකබාහු නමින් ද දෙවැන්නා පරරාජසිංහ නමින් රයිගම් කෝරලයේද, බාලයා කෝaට්‌ටේ සීතාවක සිට උඩරට දක්‌වා මායාදුන්නේ නමින් ද රජ විය. ඉන්පසු මායාදුන්නේ සහ බුවනෙකබාහු අතර නිතර නිතර බලය රැකගැනීම සඳහා සටන් ඇතිවූ අතර ඒ සඳහා පෘතුගීසීන්ගේ සහාය වරින් වර ලබාගැනීමද සිදුවිය. බුවනෙකබාහු රජුට “සමුද්‍රදේවී” නම් දියණියක්‌ වූ අතර ඇය වීදියබණ්‌ඩාර සමඟ විවාහ වී ලැබූ පුත්‍රයා නම් අප කවුරුත් අසා ඇති ඒ (කු) ප්‍රකට ධර්මපාලය.

එකිනෙකා ඇනකොටා ගන්නා රජවරුන් සිටි එසමයේ රට තුළ තිබූ ඒ අස්‌ථාවර තත්ත්වය දඩමීමා කරගත් පෘතුගීසීහු තම අධික බලය පාවිච්චි කරමින් තම ආගම පැතිරවීමේ දුෂ්ට ක්‍රියාවලියක නිරත වූහ. තම ආගම වැළඳ ගැනීම ප්‍රතික්‍ෂේප කරන විට මවගේ ඇකයේ කිරි බොන ළදරුවා උදුරා උඩ විසිකොට අසිපත් තුඩ අල්ලා තුච්ඡ ලෙස මරා දැමූහ. උන්ගේ සහාය තම බලය රැකගැනීම සඳහා අවශ්‍ය නිසා බොහෝ අවස්‌ථාවල රජතුමා මේ කිසිවක්‌ නොදන්නාක්‌ මෙන් සිටියහ.

රජු එසේ කළේ පෘතුගාලයේ රජතුමාගේ අභිලාෂය වූයේ තමා පාලනය කළ අයවලුන් ක්‍රිස්‌තියානී ආගමට හරවා ගැනීම බැවින්, රට තුළ තම බලය තහවුරු කර ගැනීම සඳහා පෘතුගීසි යුදමය සහාය ලබා ගැනීමට නම් ක්‍රිස්‌තියානිකරණය සඳහා ඉඩදීම, යෙහෙකියි යන රට, ජාතිය, ආගම පාවා දීමේ චේතනාව හෙයිනි. එම ‘තත්ත්වය’ ප්‍රයෝජනයට ගත් පෘතුගීසීන්, ඉතාමත් කෲර ලෙස සහ ම්ලේච්ඡ සහගත ලෙස ධනය රැස්‌කිරීම සඳහා පන්සල් විනාශ කොට බිමට සමතලා කළ බවත්, තම අභිමතයට අනුව වැඩ නොකළ සිංහලයන් අමු අමුවේ ඝාතනය කළ බවත්, සිංහල කුල කාන්තාවන්ට කිසිම අවස්‌ථාවක නිදහසේ සිටීමට නොහැකි වනසේ ඔවුන්ව දූෂණය කිරීමට පටන් ගත් බවත් පී. ඊ. පීරිස්‌ මහතා තම ‘සිලෝන් ඇන්ඩ් පෝචුගීස්‌’ නමැති කෘතියෙන් පෙන්වා දෙයි.

මේ අතරතුර ෆ්‍රැන්සිස්‌ සේවියර් නමැත්තා ලිස්‌බන් නගරයේදී සේවා බලධාරී සහ උඩරට රජවරු අතර කටයුතු සම්බන්ධීකරණය කිරීමේ කටයුත්ත බාර ගත්තේය. පෘතුගීසීන් සිංහලයන්ට කරන්නා වූ මහත් අපරාධ ගැන ඉතාම කලකිරීමට පත් ඔහු විසින් 1544 මාර්තු මස 24 වන දින පෘතුගීසීන්ගේ ක්‍රියාවන් පිළිබඳව මෙසේ සඳහන් කරයි. ‘මට සියලුම දේ එපා වී යුක්‌තිය හා සාධාරණය ගැන අල්පමාත්‍රයකුදු හැඟීමක්‌ නොමැතිව ඉතාමත් පහත් ලෙස හැසිරෙන මොවුන් ආගමට සහ රටට කරන්නාවූ අවමානය දකිමින් අපි තවදුරටත් මෙහි කාලය නාස්‌ති කරන්නේ ඇයි?

වීදිය බණ්‌ඩාරගේ පුතා තරුණ “ධර්මපාල” ලෙස නම් කෙරිණි. වර්ෂ 1557 දී ධර්මපාල දොන් ජුවන් ධර්මපාල ලෙසින් ද ඔහුගේ බිසව දොaන කැතරිනා (පෘතුගාල රැජිනගේ නමින්) බෞතීස්‌ම කරන ලදී. එසේම පාප්වහන්සේ විසින් දොන් ජුවන් ධර්මපාල හට පෘතුගීසි රජුගේ විශේෂ ආරක්‍ෂාව දිය යුතු යෑයි ද නිර්දේශ කළේය.

ධර්මපාල, අප කවුරුත් අසා ඇති පරිදි, කතෝලික පූජකවරුන්ගේ රූකඩයක්‌ බවට පත් වී කටයුතු කිරීමට පටන් ගත්තේය. තම බලය යොදා බුදුදහම විනාශ කිරීම, දෙවියන් වහන්සේට තමාගෙන් විය යුතු සේවයක්‌ සේ ඔහු සැලකීය. ශත වර්ෂ 10 කට අධික කාලයක්‌ තිබූ බෞද්ධ ගොඩනැඟිලි බිමට සමතලා විය. සිංහල රාජ සභාවේ බෞද්ධ අය කතෝලික බයිබල් නාම ආරූඪ කරගැනීම විලාසිතාවක්‌ කරගත් අතර, උසස්‌ යෑයි සම්මත වූවන් “දොaන” යන නම භාවිතා කරන ලදී. පෘතුගීසීන්ව සතුටු කිරීමට සහ ඔවුන්ගේ සහාය ලැබීමට ඔවුහු පෘතුගීසි භාෂාව ද, උන්ගේ ගති පැවතුම් ද අනුකරණය කිරීමට පටන් ගත්හ.

වර්ෂ 1550 සිට 1560 දක්‌වා කාලය තුළ රට තුළ තිබූ දේශපාලනික තත්ත්වය එසේ විය. ෆ්‍රැන්සිස්‌ සේවියර් පියතුමා 1552 මිය යන විට ගෝවේ මලක්‌කා, කොළඹ, ගාලු වරායවල් පෘතුගීසීන්ගේ ආධිපත්‍යයට යටත්ව තිබිණ. දොඩන්දූව වරාය ඉතාම කාර්යබහුල වරායක්‌ව තිබූ බවද එම ප්‍රදේශයේ වැසියන් රුවල් නෞකා නිෂ්පාදනය සම්බන්ධයෙන් නම් දරා සිටි බවත් අප අසා ඇත්තෙමු.

රජවරුන් එකිනෙකා ඇන කොටා ගන්නා තත්ත්වයෙන් ප්‍රයෝජන ගත් පෘතුගීසීන් රටේ තමන්ට කැමති පරිදි කටයුතු කරමින් සිටියහ. ඔවුන් පන්සල්වල තිබූ වටිනා දැ කොල්ල කෑහ. පිරිවෙන් කඩා බිඳ දැමූහ. ජනතාව බියෙන් වෙව්ලමින් රජුගෙන් ද සහනයක්‌ නොමැතිව දිවි ගෙවූහ. එබැවින් මෙවන් වූ වාතාවරණයක්‌ තුළ, පෘතුගීසීන්ට හුදකලාව විසූ බෞද්ධ භික්‍ෂුවකගේ “විස්‌මයජනක වටිනා මල සිරුරක්‌” සොරාගෙන රටින් පිට කිරීමට කිසිසේත්ම අපහසු නොවන බව අපට පෙනී යයි.

දේහය පිළිබඳ පැරණි පුවත්පත්වල උගතුන් විසින් ලියා ඇති කරුණු මීලග කොටසින්…

රියර් අද්මිරාල් (ආචාර්ය)
සරත් වීරසේකර

දිව්‍යමය සාක්‍ෂිවලින් හෙළිවන්නේ කුමක්‌ද?
පාප්තුමාටශ්‍රී ලංකාවෙන් අභියෝගයක්‌...
IFBC Home Page