රුවන්වැලි සෑයෙන් හෙළි වන ලොව පැරණිම අකුණු තාක්ෂනය ..

ලෝකයේ බොහෝ රටවලට අකුණු තර්ජනය පවතින බව සැබෑවකි.විද්‍යාව කොතරම් දියුණ වුවත් ස්වභාව ධර්මයේ තවත් එක් දරුණු ක්‍රියාවක් වන අකුණු සැරය මුළුමනින්ම නවතාලන්නට තවමත් අපට නොහැකය.කෙසේ වෙතත් අකුණු වලින් සිදු වන විපත් හා එයින් ආරක්ෂා වීම පිලිබදව කතා කරන විට ලෝකයේ අන් සියල්ලන්ටම වඩා අප ඉදිරියෙන් සිටින බව ආඩම්බරයෙන් කිව යුතුය. යුරෝපයේ ශිෂ්ටාචාර දියුනුවන්නටත් පෙර සිටම අපේ මුතුන් මිත්තන් අකුණු අනතුරින් ගැලවෙන්නට කල යුතු දෑ පිලිබදව දැන සිටි බවට මේ වන විට තහවුරු වී තිබේ.

ශ්‍රී ලංකාවේ අකුණු සන්නායක භාවිතය පිළිබද මුලින්ම තොරතුරු ලබන්නේ අවුරුදු 1500කටත් වඩා ඈත අතීතයෙනි.පුරාණ දාගැබ් වල සවි කරන ලද චුඩා මානික්‍ය අකුණු සැරයෙන් දාගැබත් අවට ප්‍රදේශයත් ආරක්ෂා කල බව මේ වන විට ලෝකයම පිලි ගනී.

අකුණු සැරයෙන් ආරක්ෂා වීමේ ක්‍රමවේදයක් මුලින්ම බිහි වුයේ ශ්‍රී ලංකාවේ බව ලෝකයාට ඒත්තු ගැන්වීම හිතන තරම් පහසු කටයුත්තක් නොවීය.මේ සදහා මහාචාර්ය චන්දිම ගෝමස් ප්‍රමුඛ පර්යේෂක කණ්ඩායමට අවුරුදු දහයක් තිස්සේ පර්යේෂණ කරන්නට සිදු වී ඇත.

කණ්ඩායමට නායකත්වය දුන්නේ ශ්‍රී ලංකේය මහාචාර්ය චන්දිම ගෝමස් වුවත් පර්යේෂණ සිදු කෙරෙනුයේ මැලේසියාවේ පුත්‍රා විශ්ව විද්‍යාලයේ අනුග්‍රහයෙනි.

මහාවංශයට අනුව අනුරාධපුර රාජධානියේ දාගැබ් වල අකුණු සැරයෙන් ආරක්ෂාව සැලසීම පිණිස චුඩා මානික්‍ය සවි කිරීම කෙරිණි.රුවන්වැලි සෑයේ ආරක්ෂාව පිණිස පලවෙනි සංඝතිස්ස රජු (ක්‍රි.ව 243-247) වජ්‍ර චුම්හට නම් උපකරණයක් සවි කල බව මහා වංශයෙහි සදහන් වෙයි.වජ්‍ර චුම්බම යන්නෙහි තේරුම අකුණු චුම්බකය යන්නය.නැතහොත් අකුණු ආකර්ෂණය කරන උපකරණය යන්නය.ඉන් පසු ක්‍රි.ව. 437-455 සමයෙහි රජ කල ධාතුසේන රජතුමා නැවතත් වජ්‍ර චුම්බම උපකරණයක් රුවන්වැලි සෑයට සවි කල බව සදහන්ය.එසේම ජේතවනාරාමය හා අභයගිරියටත් ,ධාතුසේන රජතුමා විසින් වජ්‍ර චුම්බට සවිකරන ලදී.ඉන් පසු ක්‍රි.ව. 561-564 දී රජ පැමිණි මහානාග රජතුමාද ප්‍රධාන ස්තුප තුනටම වජ්‍ර චුම්බට උපකරණ සවි කළේය.

මෙම කරුණ මහා වංශය තුලින් මුලින්ම අනාවරණය කර ගනු ලැබුවේ ජර්මන් ජාතික ප්‍රවීණ ශාස්ත්‍රඥයකු වූ විල්හෙම් ලුඩ්විග් යායිගර් විසිනි.ඉන් පසුව වාස්තු විද්‍යාඥ එස්.අමේන්ද්‍රා විසින්ද ස්තුප වල අකුණු ආරක්ෂණ පද්ධතියේ සැකැස්ම පිලිබදව සැලකිය යුතු සොයා ගැනීම් රැසක් සිදු කළේය.කෙසේ නමුත් අකුණු ආරක්ෂණ,ඉංජිනේරුකරණය පිලිබදව වූ ප්‍රාමානිකයන්ගේ හිගකම හේතුවෙන් ස්තුප වල ආරක්ෂාව සැලසුණු ආකාරය පිළිබද පැහැදිලි කිරීමක් නිසි අයුරින් තවම සිදු වී නොමැත.

ශ්‍රී ලාංකික චන්දිම ගෝමස්,අශේන් ගෝමස්,මැලේසියානු සයිනල් කදීර් සහ ඉරාන ජාතික මේයි ඉසාදී යන මලයාසියානු පුත්‍ර විශ්ව විද්‍යාලීය කණ්ඩායම ස්තුපයක මෙකී අකුණු ආරක්ෂණ ක්‍රියාවලිය ගැන සිද්ධාන්තමය හා පර්යේෂණික අධ්‍යනයක යෙදෙති.ඒ අනුව ඔවුන් උත්සහ කරන්නේ චුඩා මානික්‍ය රැදවූ ලෝහ කරඩුවේ අක්ෂය කේන්ද්‍ර කරගෙන ගොඩනැගෙන සමමිතික හැඩය අකුණු පොලොව වෙත ගෙන යාමේ ආරක්ෂාකාරී මාර්ගයක් තැනීමට ඉවහල් වී ඇති බවයි.

මහාචාර්ය ගෝමස් පවසන්නේ “අපි මෙම අධ්‍යනය තුලින් පෙන්වා දුන්නා අක්ෂය පදනම් කර ගනිමින් හුණු බදාමයෙන් ගොඩ නැගු සමමිතික ආකෘතියේ පවතින පුළුල් මතුපිට හරහා අකුණක පවතින විදුලිය තුනී ලෙස බෙදා හැරීමට කටයුතු යොදා ඇති බව.මෙය විශේෂ ඓතිහාසික පර්යේෂණාත්මක පමණක් නෙවෙයි.අපි දැනට මේ වසර දෙදහාසකට වඩා පැරණි තාක්ෂනය යොදා ගනිමින් වර්තමාන ලෝකයේ අකුණු ආරක්ෂණ උපකරණ වැඩි දියුණු කල හැකි ආකාරය පිලිබදව ක්‍රියාවලියකට අවතීර්ණ වී සිටිනවා.එය ඇද පවතින විදික්‍රමයන්ට වඩා හාත්පසින්ම වෙනස් වුවත් වැඩි ඵලදායිතාවක් සහ අඩු වියදමක් සහිත ක්‍රමයක්.”

පසු ගිය ඔක්තෝබරයෙ චීනයේ ෂැන්හයි හි පැවති අන්තර්ජාතික සම්මේලනයකදී ප්‍රකාශයට පත් කල මෙම වාර්තාව IEEE සහ Scopus තොරතුරු පද්ධති තුලටද ඇතුලත් කරන ලදී.ckick2

මාහාචාර්ය ගෝමස් පවසන පරිදි ලොව ඉහල පෙලේ අකුණු ආරක්ෂණ ක්ෂේත්‍ර පුරෝගාමීන් සහභාගී වන එම වැඩසටහන වෙත සිය වාර්තාව ගෙන යාම තරමක් දුෂ්කර කර්ත්‍යවයක් වී ඇතත් ඔවුන් සිය සොයා ගැනීම පිලිබදව තාක්ෂණික මෙන්ම සමාජීය හා වස්තු විද්‍යාත්මක කරුණු ඇතුලත් වාර්තා දෙකක් එහිදී එලි දැක්වීමට සමත් වී ඇත.

“අප දැනට ඉතා ඉහල වෝල්ටීයතාවකින් යුක්ත විද්‍යාගාරයක් තුල රුවන්වැලි මහා සෑයේ ආකෘතියක් යොදා ගනිමින් අකුණු ආරක්ෂණ ක්‍රියාවලිය පිලිබදව නවතම සොයා බැලීම් සිදු කරනවා.ඉතාමත් ඉක්මනින් ඒ පිලිබදව හෙළි කිරීමට හැකි වනු ඇති”මහාචාර්ය ගෝමස් සිය කණ්ඩායමේ ඉදිරි කටයුතු පිලිබදව අපේක්ෂාවෙන් එලෙස පවසයි.

බටහිර විද්‍යාව තුල අකුණු සැරයෙන් ආරක්ෂා වීමේ ක්‍රමවේද සම්බන්දයෙන් පවතින්නේ සීමිත ඉතිහාසයකි.ඇමරිකානු ඉතිහාසය තුල අකුණු සැරයෙන් ආරක්ෂා වීම පිලිබදව සදහන් වන්නේ බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලීන් යුගයේ පටන්ය.එනම් වර්ෂ 1752 දීය.නිරීක්ෂණ හා අත්හදා බැලීම් මත පදනම් වූ ආරක්ෂණ ක්‍රමවේදයකි ඒ තුල ගැබ් වුයේ.

බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලීන් උතසහ කලේ උස තියුණු තුඩක් වැනි ස්ථානයක් සකසා එමගින් වලාකුලක ඇති ආරෝපණ ආකර්ෂණය කිරීමටය.එමගින් අකුණු වැදීම වලක්වන්නට හෙතෙම උත්සහ ගත්තේය.ගොඩනැගිල්ලේ ඉහලම ස්ථානයේ සිට අඩි හයක්,හතක පමණ අහසට නැගුන යකඩ කුරක් පිහිටුවා එහි අනෙක් කෙලවර තෙත් බිමක අඩි තුන හතරක් යටට බැස්සවීම මගින් අකුණු සන්නායකයක් සකස් කර ගත හැකි බව ඔහු වටහා ගත්තේය.මෙහිදී ගොඩනැගිල්ල දිගින් වැඩි නම් එහි මුදුන් කිහිපයකම අකුණු සන්නායක සවි කිරීම අවශ්‍ය වේ.අතීතයේ දාගැබක පිහිටුවන ලද චුඩා මානික්‍ය කාර්ය ද බෙහෙවින් සමානය.

ශ්‍රී ලංකාවේ දී දක්නට ලැබෙන ධාතුන් වහන්සේ ආරක්ෂා කර ගැනීමට කරන ලද නිර්මාණයකි.එසේම ඊජිප්තුවේ දී හමු වන පිරමීඩයද මමියක් ආරක්ෂා කරන්නකි.(මෙය තරමක් පරස්පර වේ.මක් නිසාද යත් කිසිදු පිරමීඩයක් තුලින් මළ සිරුරක් හමු වී නොමැති බැවිනි)පිරමීඩ සම්බන්දයෙන් මෑත කාලයේ සිදු කල පර්යේෂණ වලට අනුව  ඒවායේ අභ්‍යන්තරයේ කුටීර විද්‍යුතය හා චුම්බක ශක්තිය නිපදවන්නට ඇතැයි මතයක් පල වී තිබේ.ඇතැම් විට දාගැබ තුලද එවැනි ශක්තියක් නිපදවීමේ හෝ ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් තිබුනා විය හැකිය.ඒ පිලිබදව වැඩි දුර පර්යේෂණ සිදු කල යුතු වේ.

උපුටාගැනීම – http://nimaknathisakwala.blogspot.com/

ස්වර්ණමාලී දෙවගන වූ ගාඩි වංශයේ නායිකාව ...
මහ බෝ නහවන්නට බසවක්කුලමෙන් අහසට පැන නැගි දිය බුබුලක ආශ්චර්යය ...
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.