රාහුල හිමි දකුණු බාහුවේ කොටාගත් කවි දෙක ... - IFBC Organization | Dhamma

රාහුල හිමි තම අවසන් කල “අළුබන” හි විසූ බව සනාථ කිරීම, දේහය ගෝවේවලට ගෙන ගියාය යන අපගේ තර්කය ගොඩනැගීම සඳහා උපකාරී වේ. එදා දොඩන්දූව වරාය පිහිටා තිබුණේ ඊට නුදුරිනි. දොඩම්දූව ජනතාව රුවල් නෞකා නිෂ්පාදනයේ අති දක්‍ෂ වූවෝය. 15 වන සියවසෙහි දොඩම්දුව ඉන්දීය යාත්‍රා සඳහා ප්‍රසිද්ධ තොටුපළක්‌ වූ බවද පුරා විද්‍යාත්මකව සනාථ වී ඇති කරුණකි.

රාහුල හිමි අපවත් වූයේ අම්බන ඉදුරුලෙන්ගිරි ගල්ගුහාවක්‌ තුළය. අදටත් සඳ නැති රැයක අම්බන ගුහාව දෙසින් අමුතු ශබ්ද සහ ගල්දොරක්‌ විවෘත වන ශබ්ද ඇසෙන බවත් අමාවක දිනවල ඒ පෙදෙසින් “දේවතා එලිá “දෙයියන්නේ වෙල” දෙසට ගමන් කරන බවත් ප්‍රදේශයේ ජනතාව කියති. (දෙයියන්ගේ වෙල යනු රහල් හිමියනට සහල් සැපයූ වෙලයි)

මෙම ප්‍රදේශයේ ගම්මානවල නාමයන් රාහුල හිමි සම්බන්ධ කටයුතුවල ප්‍රතිඵලයක්‌ ලෙස සෑදුණු බැව් ජනතාව විශ්වාස කරති. රාහුල හිමි සත්‍ය වශයෙන්ම 6 වන බුවනෙක බාහු සමග විරසක වී මෙම ප්‍රදේශයේ සිටි බැව් සනාථ කිරීමටද මෙය කදිම සාක්‍ෂියක්‌ වී ඇත.

(අ) අම්බන – පෘතුගීසීන්ට රහල් හිමිගේ දේහය පෙන්වීමට ඔවුන්ව රැගෙන ගිය සිංහල මිනිහා ඈත සිට එම ගල්ගුහාව පෙන්වා “ආන් බෙන” යෑයි කීවාලු. ඉන්පසු එම පෙදෙස “ආන්බෙණ” – අම්බෙන වී පසුව “අම්බන” විය.

(ආ) සිල්වත්ගොඩ – රහල් හිමිට සිවුපසෙන් සංග්‍රහ කරමින් (සිවුරු, පාත්‍ර, ඇඳ, ආහාර) ජීවත්වූ සිල්වත් මිනිසුන් ජීවත් වූ පෙදෙස “සිල්වත්ගොඩ” නම් විය.

(ඇ) ගනේගොඩ – ගන – භික්‍ෂූන්, ගනේගොඩ යනු භික්‍ෂූන් වහන්සේලා ජීවත් වූ ස්‌ථානයයි.

(ඈ) මහරක්‌කන්ද- මහරක්‌කන්ද යනු අම්බන කන්දට යන මාර්ගය ආරක්‍ෂා කළ මිනිසුන් ජීවත්වූ ගමයි. මග මාර්ගය, 6 ක්‌ රක්‍ෂා කළ කන්ද, මගරක්‌කන්ද, මහරක්‌කන්ද විය.

(ඉ) මලපලවත්ත – රාහුල තෙරණුට මල් සහ පලතුරු සැපයූ ගම මලපල වත්ත විය.

(ඊ) මහම්මගෙදූව – රහල්හිමිට උපස්‌ථාන කළ මහම්මා නමැති උපාසිකාව විසූ, කුඹුරුවලින් වටවූ පෙදෙස මහම්මගෙ දූව විය.

(උ) ඇවිලුම – රහල් හිමිගේ දේහය පෘතුගීසීන් විසින් රැගෙන යැමට උත්සාහ කළ අවස්‌ථාවේ එක්‌තරා ස්‌ථානයක ගම්මුන් විසින් එය වැළැක්‌වීමට පෘතුගීසීන් හා සටන් කරන ලදී. එම සටන ඇවිලුණු ස්‌ථානය “ඇවිලුම” නම් විය.

(ඌ) රෑකඩහේන – පෘතුගීසීන් හම්බනට පැමිණෙන විට රැයක්‌ ගත කළ ස්‌ථානය රෑ – රාත්‍රිය, කඩ – කඩ කළ ගත කළ, හේනවත්ත ස්‌ථානය රෑකඩවත්ත විය.

(එ) යක්‌ බටේ – රහල්හිමි දේහය ආරක්‍ෂා කළ යක්‍ෂයන් පලවා හැරිය ස්‌ථානය එනම් යක්‍ෂයන්ට බැටේ දුන් ස්‌ථානය යක්‌බටේ විය.

අදටත් එම පෙදෙසෙහි ඇබිත්ත ගොඩැල්ල යන වාසගම ඇති මිනිසුන් ඉතාම ආඩම්බරයෙන් තමන් රහල් හිමිට උපකාර කළ අයගෙන් පැවතෙන්නන් යෑයි කියති.

රාහුල හිමි තම අවසාන මොහොතේ දේහය නරක්‌ නොවී තබා ගැනීම සඳහා “සිදුඅළු රසය” නම් වූ බලවත් ඖෂධයක්‌ වැළ» බව අප සඳහන් කළෙමු. උන්වහන්සේ අපවත්වූ ගල්ලෙන තුළ හෝ ඒ අසළ එම ඖෂධයේ ඉතිරි කොටස, විවිධ වර්ගයේ වටිනා වස්‌තූන්, වැදගත් ග්‍රන්ථ, යන්ත්‍ර මන්ත්‍ර යනාදිය තවමත් සැඟවී තිබේය යන්න ගම්මු විශ්වාස කරති. එසේම වැඩ කටයුතු කිරීමට යොදවා ගත් යක්‍ෂයන්ම තම දේහය අඩංගු ගුහාව ආරක්‍ෂා කිරීමටද යොදවා තිබූ බවට ද විශ්වාස කෙරේ.

ජනප්‍රවාදයට අනුව තමා අවසන් හුස්‌ම හෙලන අවස්‌ථාවේ උන්වහන්සේම තම පෙට්‌ටියෙහි සැතපී තමා අපවත්වූ විගස පියන්පත වසා දමන මෙන් යක්‍ෂ සේවකයන්ට අණකර ඇත. රාහුල හිමි සියලුම ආරක්‍ෂක විධිවිධාන යොදවා රහසිගතව තම මළ සිරුර නිරුපද්‍රිsතවම තබා ගැනීමට බෙහෙවින්ම උත්සුක වූයේ තමාට ඉතා සතුරු බුවනෙකබාහු රජු තමා මිය ගිය ද තම සිරුරට හෝ නිග්‍රහ වන අන්දමේ යම් දෙයක්‌ කරතැයි යන සැකය නිසා විය හැක.

රාහුල හිමිගේ උපක්‍රමය සාර්ථක වූවා යෑයි කිවහැක්‌කේ බුවනෙකබාහු රජුට රහල් හිමි ගැන හෝ උන්වහන්සේගේ දේහය ගැන හෝ කිසිම තොරතුරක්‌ දැනගැනීමට නොහැකි වූ හෙයිනි. රහල් හිමිගේ දේහය ගලෙන් නිම කරන ලද ඇඳක තබා යාත්‍රාවක්‌a වැනි) එය ගල්කනු 4 ක්‌ මත තබන ලදී. (මෙම ගල්කණු 4 අදටත් අම්බන ගුහාවේ දක්‌නට ඇත.

පෘතුගීසීන් දකුණු වෙරළබඩ තීරය තම අණසකට යටත් කරමින් සිටිනවිට මෙම “නරක්‌ නොවී” තිබෙන දේහය ගැන ආරංචි වී එය ගැනීමට ආ කල දේහය ආරක්‍ෂා කිරීමට සිsටි යක්‍ෂයන්ගෙන් බොහෝ බාධා ඇති විය. එසේම ජනප්‍රවාදයේ ම පැවසෙන පරිදි රාහුල හිමි අම්බන සිටින විට උන්වහන්සේගේ ආවතේවකම් කළ පුංචිත්තා” නමැත්තා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් රාහුල හිමිගෙන් උගත් අතර අවසානයේ පෘතුගීසීන් පුංචිත්තාගේ උදව් ඇතිව මන්ත්‍ර බලයෙන් යක්‍ෂයන් පලවා හැර දේහය ගැනීමට සමත්වූ බැව් ද කියෑවේ.

රාහුල හිමි තම දකුණු අතෙහි පහත සඳහන් කවි දෙක කොටා තිබූ බව විශ්වාස කෙරේ.

සවර ලද මුල් කඳ
සිදු අළු රස වැළඳු නේද
දහසක්‌ දිනා ලද
රහල් හිමි නැඟූ මෙදිය දිය දද

(රහල් හිමි වන මා වර සයක්‌ ලද අතර මුල් වරය ස්‌කන්ධ දෙවියන්ගෙනි. සිදු අළු රසය වළඳා දින දහසක්‌ දිනා මෙලොව ජයග්‍රාහී ධජය එසවීමි).

නිරිඳු බුවනෙක බා
බලය තෙවිටක්‌ පසුබා
රුපු යුදයට නොබා
මමය පැරකුම් රජුගෙ ගජබා

(බුවනෙකබා රජුගෙ බලය තුන්වරක්‌ පරාජයකොට ඔහු හා යුදයට නිබයව ඉදිරියට ගිය පැරකුම් රජුගේ ශක්‌තිමත් හස්‌තය මම වෙමි.)

රහල් හිමි මෙම කවි දෙක තම දකුණු බාහුවේ කොටා ඇත්තේ තමා හුදකලාව සිටි බැවින් කවදා හෝ පසුව තමාව හඳුනා ගැනීමට විය යුතුය. අද ශාන්ත සේවියර්ගේ යෑයි ගෝවේ තබා තිබෙන දේහයේ දකුණු අත අතුරුදන්වී ඇතැයි යන පුවත ඇසුවොත් ඔබට කුමක්‌ සිතේද?

රියර් අද්මිරාල් (ආචාර්ය)
සරත් වීරසේකර ලියන
විශේෂ ලිපි පෙල

දිවයින ඇසුරිනි …

කවුද මේ ශාන්ත සේවියර් පියතුමා?
මහරු රාහුල තෙරිඳුගේ මළ සිරුර ගෙන ගොස්‌ තැබුවෙ "ගෝවේ"

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.