මරු සිටින දිශාව දැනගන්න …

හොඳයි යාලූවනේ, අදත් මම හදන්නෙ ජීවිතය ගැන ඔබව පුංචි දැනුවත්වීමක් කරන්න. ඒ තමයි මරු සිටින දිශාව. දැන් මේ මාතෘකාව කියවූ ගමන් ඔබට මතක්වෙන්නෙ ගෙදර තියෙන ලිත නේද?
ඔව්
ඉරිද- දකුණු දිශාව සඳුද – නැගනහිර දිශාව

ආදී වශයෙන් අපි අහල තියෙනව නේද? මෙතනින් අපේ ජ්‍යෝතිෂ්‍ය විද්‍යාවෙන් අදහස් කරන්නෙ කුමක්ද? සුභ ගමනක් යනවනම් සුභ වැඩක් කරනව නම් මරුට පිටුපාල කරන්න කියල.
එහෙම නැත්නම් ඒ දිශාව බලාගෙනම කරන්න වෙනවනම් මරු මගහැරල ඒ වැඩේ කරන්න කියලයි කියන්නෙ. ජොතිෂ්‍යය මාතෘකාව ගැන මම වෙනම කථාකරල තියෙන්නෙ. මේ කථාකරන්නෙ ඊටත් වඩා වැදගත් කාරණයක්.
හොඳයි, ජෝතිෂ්‍යයෙදි කියවෙන මරුටනම් දිශාවක් තියෙනව. ඒකෙ ඇත්ත නැත්ත මෙතෙන්ට අදාල නැහැ. ඒ කියන්නෙ අශුභ දිශාව ගැනනෙ.

ඇත්තටම මරු කොහිද ඉන්නෙ ?
ඔව් හරියටම කියනවනම් මරු අප වටකරගෙනයි ඉන්නෙ. හොඳින් හිතන්න යාලූවනේ. අපි හැම මොහොතක්ම ගතකරන්නෙ මරු තුරුලට වෙලා නෙවෙයිද? උපන් දා සිටම මරුවට තුරුල්වෙන අපාගාමීවන වැඩම තමයි අපේ ජීවිතය තුල සිදුවෙන්නෙ. බුද්ධියෙන් කල්පනා කරන්න.


කල්පයක් කියන්නෙ කියන්න බැරිතරම් අවුරුදු ප්‍රමාණයක්. එය ගණන්කරන්න අපහසු ඉලක්කමක්. යොදුන් හතරක් (නැත්නම් සැතපුම් දාසයක් ) දිග පලල X උස ඇති භාජනයකට අබ ඇට පුරවල අවුරුදු සියයකට සැරයක් එකක් වීසිකරන්නලූ. අබ ඉවරඋනත් කල්පය ඉවර නරතිලූ. ආයෙත් කියනව අර තරම් විශාල ගල් කුට්ටියක් උඩින් දේවතාවෙක් අවුරුදු සීයකට වරක් යනවලූ. එතකොට දේවතාවගෙ දුහුල් ස`ථව අර ගලේ ඇතිල්ලිල ගල ගෙවිල ඉවර උනත් කල්පය ඉතුරු වෙනවලූ

ඉතින් මේතරම් විශාල වූ කල්ප ගණන් දුක් විඳලයි අපි මිනිසත් බව ලබාගන්නව කියන්නෙ.මිනිසත්බව ලබන්න කොච්චර අමාරුද කියලත් බුදුහාමුදුරුවො අපට දේශනා කරනව.

කරත්තෙක හරකගෙ ඛෙල්ලට අහුවෙන කොටසටනෙ වියගහ කියන්නෙ. ඒ වියගහේ ලණුව දාන්න හිලක් තියෙනව. සමහරවිට කාලයක් වැඩගන්නකොට මේ හිල මැද්දෙන් වියගහ කැඩෙනව. ඉතින් ඒ කෑලිදෙක විසිකරාම ඒ දෙක මහ වැස්සකට අහු උනාම ඉබාගාතෙ ගහගන යනවනෙ. ඒ කෑලිදෙක එකට බැඳල නැති නිසා කොහෙ යයිද දන්නෙ නෑනෙ. ඉතින් යාලූවනේ ඔය කෑලිදෙක මහ මුහුදෙදි කවද හරි එකට මුණගැහෙන්න ඕනි.. ඒකත් වියහග තිබුන විදිහටම අර කෑලි දෙක හේත්තු උනාම අර හිල ඒ විදිහටම හැදෙන්න ඕනි. දැන් මුහුද යටින් එන එක් ඇසක් නොපෙනෙන කැස්බෑවෙකුට උඩ බලද්දි නිරායාසයෙන්ම අර හිල අස්සෙන් අහස පේන්නත් ඕනි. එදා දවස හරියටම පෝයදවසක් වෙන්නත් ඕනි. මේ වෙලාවෙ පුන් සඳ හොඳින් පායල තියෙන්නත් ඕනි. අර කැස්බෑවට පුන්සඳ පේන්නත් ඕනි. මෙහෙම වෙන එක මොනතරම් දුර්ලභ කාරණයක්ද? එහෙත් බුදුහිමියන් දේශනා කරන්නෙ ඊටත් වඩා අමාරුලූ මිනිසත්බව ලබන එක.
ආයෙත් දේශනා කරනව මිනිසත්බව ලැබූවන් මහපොළොවෙ පස් හා සමානනම් නැවත මිනිසත් බව ලබන්නේ නියපොත්තට හසුවන පස් ප්‍රමාණය තරම් ඉතාම සුලූ ප්‍රමාණයක් බවයි. බලන්න මගෙ යාලූවනේ මේ මිනිසත්භවය ලද අපි කෙතරම් වාසනාවන්තද කියල. ඒත් මේ මිනිසත් භවයයෙන් ප්‍රයෝජන ගන්නෙ අපි කීයෙන් කීදෙනාද?

අපි ඒ මිනිස් දිවියෙන් නියම ප්‍රයෝජනය ලබාගන්නවද? ඇත්තටම බොහෝ දෙනෙක් උවමනාවෙන් නොවෙයි. වැරදීමකින් කරපු පිනකින් වෙන්න ඕනි මේ මිනිසත් භවය ලබුවෙ. ඕනැකමින් පිංකරල මිනිසත්බව ලැබුවනම් සංසාර පුරුද්දක් විදිහටවත් අර්ථවත්
ජීවිතයක් ගතකරන්න උත්සාහ කරනව.
බලන්නකො අද අපේ මිනිස්සු කරගන්නා මහ විනාසෙ. එහෙන් මත් ද්‍රව්‍ය, එහෙන් කාම අපචාර, අනික් අතින් අධි සුඛෝපභොගී ජීවිත වෙනුවෙන් පාරිසරික විනාශ, අසරණ සතුන් බුරුතු පිටින් බඩ වඩාගන්න මරණව. බියුටි කල්චර් කියමින් සිරුරට කරන විනාශය. අනේ ඇයි මේ මිනිස්සු පරලොවක් තියෙනව කියලවත් හිතන්නෙ නැත්තෙ. මම මැරෙනව කියල හිතන් නැත්තෙ. මේ සිරුර කුණු කයක් නේද කියල හිතන් නැත්තෙ, හොඳ නරක, යහපත අයහපත කියල දෙයක් ගැන හිතන් නැත්තෙ. මෙකක්ද මේකට හේතුව. අධික තණ්හාව. තමන්ගෙ පංචකාම වස්තු තෘප්තිමත් කරන්න අමන අසික්කිත වැඩක් උනත් කරන්න මිනිස්සු පෙළඹිල. මේ තිරිසන් මිනිස්සුන්ට වඩා අහිංසක බල්ලො හොඳයි කියල මට හිතෙන්නෙ. ඇයි?
01. උන් කවදාකවත් පුංචි බලූ පැටික්කියො දූෂණය කරනවද?
02. වයසක බැල්ලියන්ට අතවර කරනවද?
03. තමන්ගෙ අම්ම අප්ප මරණවද?
04. අනික් බලූ කූඩුවලට හොර ඔප්පු හදනවද?
05. මොලේ විකාර කරගන්න කුඩු ගහනවද?
06? තමන්ගෙ උන්වම මරාදාන්න කසිප්පු පෙරනවද?

බලන්න අපි බල්ලන්ටත් අන්ත ජීවිත නේද ගතකරන්නෙ. ඇයි මිනිස්සු මේ තරමට තිරිසනුන්ටත් අන්ත විදිහට පහතට වැටෙන්නෙ. හිතේ තියෙන අධි තණ්හාව. මෙතනදි තණ්හාව කියන්නෙ වස්තුවට ඇති කෑදරකම විතරක් නෙවේ. පංච කාමයන් තෘප්තිමත් කරන්න තියන ආශාව. ඒ ආශාව නිසා තමන් කරන්නෙ මොනාද කියලවත් මිනිස්සුන්ට ගාණක් නෑ. එක බත් වේලකට සතකු මරන්න පුරුදු වෙලා. අපේ එක බත් පතක් වෙනුවෙන් සතෙක් ජීවිතයෙන් වන්දි ගෙවනව. සමහරු පිං පව් අඳුනන්නෙ නෑ. අපායත් දිව්‍ය ලෝකෙත් තියෙන්නෙ මේ ලෝකෙමයි කිය කියා කරන්න පුලූවන් උපරිම පහත් වැඩ කරනව.

බලන්න. මේ මිනිස්සු ගැන බුදුහාමුදුරුවො කීවෙ සතර අපාය නිවස වගේ තියගෙන ඉන්නව කියල. අපි කොහෙ ගියත් එදාම හරි, දවස් දෙක තුනකින් හරි, මාසෙකින් හරි, අවුරුද්දකින් හරි ආපහු ගෙදර එනව නේද? අන්න ඒ වගේලූ පෘතග්ජනයට අපාය.
පොඩ්ඩක් හිතල බලන්න. මේ ලෝකෙ අංග විකල, ලෙඩවුණ, මහලූ උණ, විවිධ දුක් විඳින මිනිස්සු කොතරම් ඉන්නවද? ඒ මිනිස්සු ඒ තත්වෙට වැටුණෙ පෙර කරපු අකුසල් නිසා කියල අපිට හිතෙනනෙ නැත්තෙ ඇයි? අපි මෝහයෙන් නැත්නම් වැරදි සිතිවිලි වලින් මුලාවෙලා. මිනිස්සු කරන්න පුලූවන් තරම් වැරදි කරල දෙවියන් වහන්සෙගෙන් සමාව ගන්නව. එතකොට ඔක්කොම ඉවරයිලූ. මේක තමයි මිත්‍යා දෘෂ්ඨිය කියන්නෙ. අම්ම දූෂණය කලත් තාත්ත මරා දැම්මත් දෙවියන් වහන්සෙ සමාව දෙනවලූ. මිනිස්සුන්ටත් ලේසීනෙ. බලන්න මේ වගේ ආගම් පතුරවන අය පංච ආනන්තරිය පාප කර්මයන් ( මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුන්ගේ ඇෙ`ග් ලේ සෙලවීම, සංඝ භේදය )ටත් වඩා මහත් පවක් කගන්නවලූ. ඇත්තනෙ. තාත්ත මරපු මිනිහ ඒ පව කලා එතනින් ඉවරයි. ඒත් මිත්‍යා දෘෂ්ඨියා ඒකට දෙවියන් වහන්සෙගෙන් සමාව අරන් අම්මත් මරයි ඊල`ගට. ඇයි සමාව දෙනවනෙ. හරි, සමාව ලබපු කෙනෙක් ඉන්නවනම් මට කියන්න.

ඇයි මේ මිනිස්සු මේ තරමටම බොළඳ. මමනම් දකින්නෙ ඔය දේවවාදී ආගම් තමයි මූලික හේතුවක් වෙලා තියෙන්නෙ මිනිසා අපාගාමී කිරීමට. අනෙක් අතට මේ කුණු ශරීරය මෙතරම් ආරක්ෂා කිරීමට, මෙතරම් හැඩ ගැන්වීමට වෙහෙසීමෙන් පලක් තියෙනවද? ලසසනට පිරිසිදුව ඉන්න එක හොඳයි. ඒත් මේ කොන්ඩෙට විකාර කරමින්, විවිධ රසායන ඛෙහෙත් ගනිම්න් මොකක්ද මේ හැඩ කරන්නෙ. දෙතිස් කුණුප කොටස් වලින් පිරුණු මේ කය නේද? බුදු හාමුදුරුවො උපමා කලේ මේ සිරුර පිටින් කැටයම්කල, අශූචි පිරුණු කලයක් වගේ කියල.

ඉතින් බලන්නකො. අර මුලින් කියපු තරම් අමාරුවෙන් ලබාගත් මිනිස් ආත්මය පංච කාමය තෘප්තිමත් කර කර නිකම්ම දියකරල හරිනව නේද අපි? අන්තිමට කාලෙ බල්ලෙක්වත් සලකන්නෙ නෑ. ඇයි? ඌටත් කලේ අවනෙස්කම් අපි පුලූවන් කාලෙ. ඉතින් බලන්නකො පුලූවන් තරම් අ`ග පස`ග තෘප්තිමත් කරල කරල අන්තිමට පාරක තොටක, දුක්විඳල මැරිල යනව. දරුවෙක්වත් සලක්නෙ නැත්තෙ හොඳක් කරන්න උන්ටවත් කියල නුදුන් නිසයි.
පේනව නේද පෘතග්ජන ජීවිතේ තියෙන භයානක කම. ඊට පස්සෙ උපදින්නෙ ගිහින් ආයිත් සතර අපායෙ. එතන පිංකරන තැනක් තියා කරපු පිනක් මතක් වෙන තැනක් වත් නෙවෙයි. ගින්නෙන් පිච්චි පිච්චි, ආයුධ පාරවල් කකා, ලෝ දිය හැලියෙ ගිලි ගිලී, ලේ පෙර පෙරා අනික් සතුන් අපේ මස් ඉරා කකා අපිට වද දිදී කරපු අකුසල් වලට වන්දි ගෙවනව. ඔහොම කල්ප ගණන් යද්දිත් කර්මය කොතරම් බලවත්ද කීවොත් මරණ මරණ ගානෙ ආයිත් උපදිනව. එතනින් තිරිසන් අපායනෙ. තිරිසනා බඩගින්නට කරන්නෙ සත්තු මරන් කන එක. ආයිත් ඒකෙ පව් වලට සතර අපායෙමයි. එතනින් ආයිත් පෙරේත ආත්මයක. එතනදි කාව හරි මනුස්සයෙක් අල්ලන් පීඩාකරල තමන්ගෙ අවශ්‍යතා කරගන්නව. මිනිස්සු මරවනව, සත්තු මරවල ලේ බොනව. පව්කාරකම කොතරම්ද කීවොත් ඒවටමයි හිතයන්නෙත්. ආයිත් ඒ පවු වලට සතර අපායට. ගැලවීමත් කම් නෑ කවදාවත්.

ඔය හැමදේටම හේතුව තණ්හාව, නැත්නම් පංචකාමයන් තෘප්තිමත් කරන්න ඇති අධික ආශාව.
ඒ නිසයි කීවෙ,
තණ්හාව ශෝකය ඇතිකරයි,
තණ්හාව බිය ඇතිකරයි,
තණ්හාව නැතිකල අයෙකුට ශෝකයක් නොමැතිනම් බියක් කොයින්ද ? කියල

යාලූවනේ, වැඩිදෙනෙක් කියන්නෙ මාරය කියන්නෙ මිනිස්සුන්ට භය ඇතිකරන්න බුදු හාමුදුරුවො ඉදිරිපත් කරපු සංකල්පයක් කියල. එහෙත් ත්‍රිපිටකයෙ සූත්‍ර ගණනාවක සඳහන් වෙනව බුදු හාමුදුරුවො මාරය එක්ක කථා කලා කියල. ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගෙ චරිතාපදානෙ උන්වහන්සෙ කියනව අනගාරික ධර්මපාල තුමා, ඕල්කට්තුමා, මිගෙට්ටුවත්තේ හාමුදුරුවො ආදී අය මෙන්ම තමන් වහන්සෙත් මෙලොවට වැඩියෙ දිව්‍යලෝකෙ ඉඳල කියල. ඒකට හේතුව මාරය විසින් බුදුදහම විනාශ කරන්න දියත්කරල තිබුණු වැඩපිළිවෙල පරාජය කරන්න මෙත් බෝසත්තුමා ආරම්භකරපු ව්‍යාපෘතියක් ලූ. මතු බුදුබව පතන උතුමෙකුගෙ වචන බොරුයි කියන්න අපට පුලූවන්ද ? අනික තණ්හා රති ර`ගා කියන්නෙ මාර දූවරු නොවන බවත් බුදුහාමුදුරුවො මාරයුද්ධයක් කලේ ඇත්තටම මාරය එක්ක නොව කෙලෙස් සමග බවත් සමහර බක පණ්ඩිතයො කියනව. ත්‍රිපිටකය කියවල අවබෝධයක් තියෙන කිසිකෙනෙක් මේ වගේ වල්පල් කියවන්නෙ නෑත සමාජයෙ —මේනියා ˜ තියෙන බක පණ්ඩිතයො තමයි මේව කැටයම් දම දමා මෝඩ මිනිස්සු ඉදිරියේ දෙසා බාන්නෙ. කසිප්පු ගහන, ගංජ ගහන මිනිස්සු මේව ඉස් මුදුනින් පිළිගත්තම අරය තමයි එතන පොර. මාත් එක්ක ඔය පොරමේනියා කාරයො කීපදෙනෙක්ම තරහ උනා. මොකද මගේ තර්ක ඉස්සරහ එයලගෙ —පොර මතය ˜ බිඳවැටිල අනික් අය ඉස්රහ ලැජ්ජ වෙන නිසා.

කොහොම උනත් දැන් ඔබට තේරෙනව නේද මාරය හැම විටම ඔබව පසුපස ඉන්න බව. හැබැයි එයාට ඕනෙ විදිහට ඔයා ඉන්නවනම් එයගෙන් කිසි කරදරයක් ඔයාලට නෑ. මම පරීක්ෂණයක් කියන්නම්. අද ඉඳන් ඔය ජීවිතේ වෙනස් කරල ආගමට දහමට හිත යොදල බණ භාවනා කරන්න පටන් ගන්න. ඔයාලට මුල් කාලෙදි එක එක කරදර දැනෙන්න පටන් ගනී. මහලොකු දේවල් කරන්න බෑ. භාවනා කරනකොට බලන්න පොඩි පොඩි බාධා වගේ කරල ඔබව පරණ තැනට ගන්න බලයි. ඔබට ධාර්මික ජීවිතේ එපාකරවන්න බලයි.
ඔබට යාලූවො අහිමි කරාවි. ඔබේ ආදායම් අඩු කරාවි. ඔබේ බිරිඳ, නැත්නම් යෙහෙලිය ලවා ඔබට තරවටු කරවාවි. දරුවන් අකීකරු කරවාවි. අන්තිමට ඔබ සුපුරුදු අන්තයටම ඇද දමාවි.
මෙවන් බාධා ඇරඹෙන විට ඔබ දෙගිඩියාවෙන් ආගම දහම ඇදහුවොත් එය මාරයාට ඉනිමං බැදීමක් වෙනව. සියල්ල උපේක්ෂානේ විඳ දරාගැනීමේ ශක්තියක් ඇතිකරගත්තොත් මුල් අවස්ථාවේදීම ඔහු ඔබට පැරදී පලායයි. ඔබ වඩන අනන්තවත් බලගතුබව ඇත්තා වූ ධර්ම ශක්තිය නැවත ඔබ යථා තත්වයට පත් කරාවි. එහෙත් ඒ කලින් තිබූ මානසික පීඩාවන්ට ගොදුරු වූ, මාරපාක්ෂික වූ, දෙලොවටම අයහපත් වූ, ආර්යාදී උතුමන් ගරහනු ලැබූ, පංච ඉන්ද්‍රියන්ට අසීමිත සැප දුන්, පහත් කාමභොගී සැපත නොවේ. තුන්ලෝකාග්‍ර බුදුපියා පවා සාදුකාර දුන්, දෙවි බඹුන් පවා නමස්කාර කරන, මිහිකත පවා කම්පා කරවන, දිව මල් පවා අහසින් වැටෙන අති උත්තම ආර්ය ජීවිතයයි. එය ගිහි ඔබට පවුලේ සතුට රැකදෙන, දුවා දරුවන් යහමග යවන, හරකබාන වතුපිටි කිරි උතුරන ආර්ය මාර්ගයක්.
අද අදම මරු සිටින දිශාව දැකගන්න. ඒ උත්තම මගට පිවිසෙන්නට උත්සුක වන්න. එය ඔබට පමණක් නොව දුවා දරුවන්ට පවා නිවනින් සැනසීමට මහා පාරමිතාවක් වන බවනම් නොඅනුමාය.

ඔබට ඒ උත්තම ශ්‍රී සද්ධර්මයේ ශාන්තියම වේවා….

සතුට පරම ධනය වන්නේය. සතුටින් දිවි ගෙවන මග සොයමු ...
බිලි පූජාවට මිනිසුන් සෙවූ රජු දුම්මේධ ජාතකය ...
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.