Skip to main content

බුදුන් දවස පැමිණි පිටසක්වල ජීවීන් නිසා දේශනාවට හේතු වූ චින්තා සූත්‍රය

චින්තා සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, ලෝකය ගැන හිතන්නට ගොස් පිස්සු හැදුණු මිනිසකු පිළිබඳව යි. සුබග නම් පුද්ගලයා ගං තෙරක් ළඟ ඉඳගෙන ලෝකය පිළිබඳ හිතමින් සිටී.

කවදාවත් දකින්නට නොලැබුණු අමුතුම ජීවීන් කොටසක් පැමිණ නෙළුම් කොළයක් යට සැඟවෙන අයුරු සුබගට දකින්නට ලැබෙනවා. ඔහු හිතනවා තමන්ට පිස්සු නිසා තමා මේ වගේ දර්ශන දුටු බව. අනික් පිරිසට මේ ප්‍රවෘත්තිය ප්‍රකාශ කරද්දී ‘උඹට පිස්සු නිසා වෙන්නැති’ යනුවෙන් කීමට ඔවුහු පෙළඹෙති.

බුදුන් වහන්සේට මේ ප්‍රවෘත්තිය අසන්නට ලැබෙනවා. ඉන්පසුව බුදුන් වහන්සේ ‘මහණෙනි යැයි අමතා, ‘මේ මිනිසා කියන්නේ ඇත්ත. පිටසක්වළ ජීවත්වන සුර – අසුරයන් අතර යුද්ධයකින් අසුරයන් පැරැදී නෙළුම් කොළය යට සැඟවුණු බව සත්‍යයකි.

අද වුණත් බොහෝ විට ආලෝක සහ වෙනත් ජීවීන් පැමිණි බවට එක් එක් මත ප්‍රකාශ වෙනවා. ඒවා සම්පූර්ණයෙන් අසත්‍යයැයි බැහැර කළ නොහැකියි.

මේ තියෙන්නෙ ඒ චින්තා සූත්‍රය. මෙතනනම් පිට සක්වල ජීවීන් ගැන කියවෙන්නෙ නෑ. නමුත් ඉහත සදහන් හේතුව තමයි මේ සූත්ර දේශනාවට මුල් උනේ.

චින්තා සූත්‍රය
මහණෙනි “ලෝකය ශාශවතයැ ”යි හෝ “ලෝකය අශාශවතයැ ”යි හෝ “ලෝකය අන්තවත්යැ ”යි හෝ “ලෝකය අනන්තවත්යැ ”යි හෝ “එය ජීවය එය ශරීරය” යි හෝ “ ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ”යි හෝ “ සත්වයා මරිණින් මතු වේ ” යි හෝ “සත්වයා මරණින් මතු නොවේ” යි හෝ “ සත්වයා මරණින් මතු වේද නොවේද ” යි හෝ “ සත්වයා මරණින් මතු නොම වේ හෝ නොම නොවේ ” හෝ ලාමක අකුසල් සිතක් නොසිතව්. ඒ කවර හෙයින්ද යත් මහණෙනි, මේ සිතිවිල්ල වැඩ සහිත නොවේ. බඹසරට මුල් නොවේ, නිර්වේදය පිණිස නොපවතී, විරාගය පිණිස නොපවතී, නිරෝධය ඵිණිස නොපවතී, ව්‍යුපශමය පිණිස නොපවතී, අභිඥාණය පිණිස නොපවතී, සම්බෝධිය පිණිස නොපවතී, නිර්වාණය පිණිස නොපවතී, මහණෙනි තෙපි සිතන්නාහුනම් “ මේ දුක්ඛ”සිතවු “මේ දුක්ඛ සමුදයයැ”සිතවු “මේ දුක්ඛ නිරෝදයයැ ”සිතවු “ මේ දුක්ඛ නිරෝද ගාමිණී පටිපදා”යි සිතව්. ඒ කවර හෙයින්ද යත් මහණෙනි මේ සිතිවිල්ල වැඩ සහිතය, මෙය මග බඹසර‍ට මුල්ය. මෙය නිර්වේදය, විරාගය, නිරෝදය, ව්‍යුපශමය, අභිඥාණයථ සම්බෝධිය, නිර්වාණය පිණිස පවතී. මහණෙනි එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” වීර්ය කටයුතු, “මේ දුක්ඛ සමුදයයැ”වීර්ය කටයුතු, “මේ දුක්ඛ නිරෝදයයැ ” වීර්ය කටයුතු, “ මේ දුක්ඛ නිරෝද ගාමිණී පටිපදා” වීර්ය කටයුතු,

අනන්ත බුදුගුණ බෙලෙන් තුන්ලොවම සැනසේවා …

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.