නිකෙලෙස්  විහාරී භික්ෂූන් අතර එහිද දක්ෂිනාර්භ භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබූ සුභූති මහරහතන් වහන්සේ …

නිකෙලෙස්  විහාරී භික්ෂූන් අතර එහිද දක්ෂිනාර්භ භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබූහ සුභූති මහරහතන් වහන්සේ මීට කල්ප ලක්ෂයකට පූර්වයෙහි පියුමතුරා නම් බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි පහළ වීමටත් කලින් හංසවතී නුවර ධනවත් බමුණු කුලයක උපන්නේය. නමින් නන්ද මානව විය. ත්‍රිවේදයෙහි පරතෙරට පැමිණ එහි සාරයක් නොදැක පිරිවර හතලිස් හතර දහසක්ද සමඟ ඍෂි පරිවෘජාවෙන් පැවිදිවිය. කල්යාමේදී සියලු දෙනාම පංචාභිඥා අෂ්ට සමාපත්තිලාභී වූහ. පියුමතුරා නම් සර්වඥයන් වහන්සේ අළුයම් කාලයෙහි ලොව බලන සේක් නන්ද තාපස තුමා ඇතුළු හතළිස් හතර දහසක් තවුසන්ගේ වාසනා ශක්තිය දිවැසින් දැක අසපුවට වැඩි සේක තාපස තුමා ඇතුළු පිරිවර තවුසෝ බුදුරජාණන් වහන්සේට මල් අසුන් පිළියෙළ කොට පිළිගැන්වූහ.

බුදුරජාණන් වහන්සේ අනිකුත් සංඝයා වහන්සේ සමඟ මල් අසුන් මත නිරෝධ සමාපත්තියට සමවැදී සතියක්ම වැඩ සිටි සේක. සත්වන දින නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි බුදුරජාණන් වහන්සේ එක්තරා තෙර නමකට මල්අසුන් අනුමෝදනාව කරන ලෙස නියම කළ සේක් එකී භික්ෂූන් වහන්සේ බණ වදාරා අවසන් වූ විට හතලිස් හතර දහසක් තවුසෝ රහත් වූහ නන්ද තාපස තුමාගේ සිහිනයේ රැඳී තිබුණේ මුලින් දහම් දෙසූ භික්ෂුව කෙරෙහි බැවින් ධර්මාභිසමය ලැබීමට ඔහුට නොහැකි විය. රහත් භාවයට පැමිණි සියලු තාපසවරු ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වූහ. නන්ද තාපස තෙමේ බුදු රජාණන් වහන්සේගේ පාමුල වැටී තමන් ද අනාගතයෙහි බුදු කෙනෙකුගේ ශාසනයෙහි අරණ විහාරී භික්ෂුන් අතරින් ද දක්ෂිනාර්ධ භික්ෂූන් අතරින් අග්‍රස්ථානය වීමට ප්‍රාර්ථනා කරන බව දන්වා සිටියේය බුදුරජාණන් වහන්සේ අනාගතයේ බලා එම ප්‍රාර්ථනාවන සඵල වන බව දැන් නන්ද එය ඔබගේ ඒ ප්‍රාර්ථනාව මෙයට කල්ප ලක්ෂයකට පසුව ලොව බුදුවන ගෞතම නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සඵල වන්නේය නියත විවරණ දුන් සේක.

හෙතෙම එයින් චුතව බඹ ලොව උපන්නේය. කල්ප ලක්ෂයකට ඇවෑමෙන් ටිකින් නන්ද තාපස තෙමේ අපගේ බුදුරජාණන් වහන්සේසේ ලොව පහළ වූ අවධියෙහි පැවැත්වූ සැවැත්නුවර සුමන සිටාණන්ට පුතුව උපන්නේ අතිශයින් සෝබමාන සමෘද්ධිය බබළන්නේ ය යන අර්ථය ඇති “සුභූති” යන නම ඔහුට තබන ලදී. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ වාසය කරන සමයෙහි අනේපිඬු සිටු සිටුතුමා සමග සුභූති සිටුතුමා එක් දිනක් බණ ඇසීම්ට ජේතවනාරාමයට ගියේය බණ ඇසූ සුභූති වරයාට පැවිදිවන්නට සිතක් පහළ විය. සියලු සැප සම්පත් අතහැර පැවිදිවූ තෙරණුවෝ බණ දහම් ප්‍රගුණ කොට රහත් බවට පැමිණියේය. උන්වහන්සේ ශාස්තෘන් වහන්සේ වදාළ අනුව ම දහම් දෙසන සේක් පිඬුසිඟා වඩින කල ගෙයක් ගෙයක් පාසා මෛත්‍රී ධ්‍යානයට සමවැද සමාපත්තියෙන් නැගී මේ පිණ්ඩපාතය දෙන්නාවූ දායකයාට මහත් පිනක් ලැබේවායි භික්ෂාව පිළිගන්නා සේක. ඒ උතුම් ගුණාංග දෙක සලකා භාග්‍යවතුන් වහන්සේ ” එදග්ගං භික්ඛවේ මම සාවකානං භික්ඛූනං අරණ විහාරීනං යදිදං සුභූති දක්ඛිණ්‍යොනං යද්දං සුභූති ” යනුවෙන් නිකෙලෙස් විහාරයේ භික්ෂූන් අතරෙහිද, දක්ෂිණාවර්ත භික්ෂුන් අතරින් ද සුභූති තෙරුන් වහන්සේ අග්‍ර වන්නේ යැයි අග්‍රස්ථානයෙහි පිහිට වූ සේක

ආරණ්‍යය ශ්‍රාවක භික්‍ෂූන් අතර අග්‍රස්ථානයට පත් ඛදිරවනිය රේවත මහා ශ්‍රාවකයන් වහන්සේ
රූප ධ්‍යානයෙහි දක්ෂ වූ භික්ෂූන් අතර අග්‍රස්ථානය ලද චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ ...
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.