නාගයන්ගේ රැකවරණය ලබන හාස්කම්වලින් පිරි නයින්දනාව .... - IFBC Organization | Dhamma

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

නාගයින් කියලා කියූ සැණින් අපට මතක් වෙන්නේ බඩගාගෙන යන උරග නාගයින්. අතීතයේ නාග නමින් ගෝත්‍රයක් හිටියා කීවට ඒ ගෝත්‍රය කවුද? කියන එක ගැන විවිධ මත පළවෙනවා මිසක ඒ ගැන හරි ඒකමතික කමක් දක්නට නැහැ. මෙවර ‘‘කර්ම ගවේෂණ චාරිකාවෙන්’’ අපි බලාපොරොත්තු වෙනවා ගොඩාක් දෙනෙකුට තියෙන මෙම නාග ගැටළුවලට සාර්ථක පිළිතුරක් ඉදිරිපත් කරන්න.

කුරුණෑගල දඹුල්ල පාරේ ඉබ්බාගමුව නගරයේ සිට කි.මී.21 ක් ගිය පසු එගොඩගම හන්දිය තලාකොළ වැව පාරෙන් ගිය පසු නයින්දනාව කියලා තැනක් අපිට හමුවුණා. හැබැයි නයින්දනාව කියන්නේ ගමක නමක් නම් නෙවෙයි. පන්සලක නමකුත් නෙමෙයි. එහෙනම් නයින්දනාව කියන්නේ මොකක්ද? නයින්දනාව කියන නමේ ඉතිහාසය ක්‍රි.පූ. 6 වැනි සියවසට එහා ගිය එකක්. හැබැයි එදා නමින්ම තමයි අදත් හඳුන්වන්නේ. ඒ නයින්දනාව කියලමයි.

නාගයින් කොටස් තුනකට වර්ග කරන්න පුළුවන්. ඒ උරග නාග දේව නාග හා ගෝත්‍ර නාග වශයෙන්. මෙයින් උරග නාග කියන්නේ මහ පොළොවේ අපිට පේන්න ඉන්න බඩගාගෙන යන උරග නාගයින්ට. මේ උරග නාගයෝ කොටස් කිහිපයක් ඉන්නවා. අපේ සම්බුද්ධ දේශනාවේ මෙත්තානිසංස සූත්රයේ උරග වර්ග හතරක් ගැන සඳහන් වෙනවානේ. අටදත් ඒ නාග වර්ග ඉන්නවා. හැබැයි ඒ අය විවිධ කුලවලට අයත් වෙනවා.

දේව නාගයින් කියන්නේ පුණ්‍ය ශක්තිය බොහෝ සෙයින් තිබෙන හැබැයි එය මනුෂ්‍ය හෝ දේව භවයක් නොවන, නමුත් බොහෝ සෙයින් මනුෂ්‍ය ලෝකයත් සමඟ සම්බන්ධතා පවත්වන, පිනට අතිශයින් ප්‍රිය කරන ඒ වගේම පිනට කැමති අයට පිහිට වන එක්තරා උත්පත්ති භවයක සිටින පිරිසක්. මේ පිරිසගේ විශේෂත්වය තමයි තමන්ට කැමති ස්වරූපයක් ක්ෂණිකව මවා ගැනීමේ හැකියාව තිබීම. හැබැයි ඒ මාරු කරගත් ස්වරූපය සංසර්ගයේදී හා නින්දේදී ප්‍රකෘතියට පත්වන එකක්. ඊට අමතරව අනෙක්  ඕන වේලාවක තමන් කැමති ස්වරූපයක් ගන්න පුළුවන්.

බුදුන් වහන්සේගේ සමයෙහි මෙසේ දේව නාගයෙක් මනුෂ්‍ය වේශය ගෙන පැවිදිව කුටිය තුළදී සැතපුණු අවස්ථාවක ප්‍රකෘතියට පත්වුණු බවත්, මෙය දැකීමෙන් භීතියට පත් භික්ෂූන් වහන්සේලා මේ බව බුදුරජාණන් වහන්සේට සැල කිරීමෙන් පසුව නාගයින් පැවිදි නොකරන ලෙස නීතියක් පැනවූ බවත් අපේ විනය පොතේ සඳහන් වෙනවා. විශේෂයෙන් බඩගාගෙන යන උරගයින්ගේ ස්වරූපයට මෙම පිරිස ප්රිය බව දැක්වෙනවා.

එතකොට ගෝත්ර නාග කියලා කියන්නේ දේව නාග පිරිස දේවත්වයෙන් අදහන ඒ වෙනුවෙන් උරග නාගයින්ටද පුද සත්කාර කරන ඉතාම තීක්ෂණ බුද්ධියක් තිබුණු ඉතා ධනවත් කුල හෙවත් ගෝත්ර කණ්ඩායමක්. හැබැයි මතක තියාගන්න මේ අය කණ්ඩායම් තුනක් වුණාට බොහෝ අවස්ථාවල එකකු වෙලා කටයුතු කරන බව. ඉතිහාසය කියවනකොට ඒ ගැන හොඳට පේනවා.

විශේෂයෙන් කිව යුත්තක් තියෙනවා අපේ ඉතිහාසය ලියනකොට සිදුවූ ලොකු අත් වැරැද්දක් තමයි මේ නාග කණ්ඩායම් තුනම එකක් වශයෙන් ගෙන සැළකීම සහ ඔවුන්ට අඩු තක්සේරුවක් ලබාදීම. හැබැයි ලංකා ඉතිහාසයේ වැව් බැඳීම වැනි ඉතා සූක්ෂම කටයුතු රාශියකටම රජවරුන්ට පවා සහාය වී ඇත්තේ මේ නාග ගෝත්රික පිරිස. ඒ නිසා මේ අයට නිසි තැන ලබා දිය යුතු කාලය එළඹිලා කියලා අප විශ්වාස කරනවා. ඒ වගේම මේ මහ පොළොවේ ඇති වස්තුවලින් වැඩි ප‍්‍රමායණයක අයිතිය තියෙන්නේ මේ නාග පිරිසට බව හොඳට මතක තියාගන්න.

නාග ගෝත්රිකයින් සඳහාම වෙන් වූ ප්රදේශයක් තමයි නයින්දනාව කියලා කියන්නේ. ඒ නම හැදෙන්නේ නයි වන්දනාව > නයින්දනාව විදිහට. මොකද්ද මේ නයි වන්දනාව ? කොයි කාලෙද මේ වන්දනාව පටන් ගත්තේ ? මිනිස්සු ඇයි මෙහෙම නයි වන්දනාවක යෙදුණේ ? අදටත් නයි වන්දනාවේ ආශ්චර්යවත් දේවල් දකින්න ලැබෙනවාද ? මේ ප්රශ්න සියල්ලටම උත්තර තියෙන්නේ නයින්දනාවෙයි. ඒ නිසා අද නයින්දනාව ගැනයි අපේ කර්ම ගවේෂණ චාරිකාව.

මුඛ පරම්පරාගත ජනප‍්‍රවාදවලට අනුව මහාවංශයේ විජයාවතරණයේදී නම සඳහන් වන කුවේණිය පදිංචිව සිටි ගම්මානයද තියෙන්නේ මෙම නයින්දනාවට සමීපවයි. කුවේණිය කියන්නේ යක්ෂ ගෝති‍්‍රක කණ්ඩායමක කෙනෙක්. මේ කුවේණියට ඉඳලා තියෙනවා රම්බා (අදටත් රබේ මේ අවට ඇති ප්රදේශයක්) කියලා මාමා කෙනෙක්. අන්න මේ රංබා කියන කුවේණියගේ මාමා තමයි මේ සත් පෙන නාග දරණ රූපය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ප‍්‍රශ්නයක් එනවා නාග ගෝති‍්‍රකයන්ට අයිති භූමියක යක්ෂ ගෝති‍්‍රකයෝ ප‍්‍රතිමා හදන්නේ ඇයි කියලා. බොහෝ විට එය ගෝත‍්‍ර දෙකේ සුහදත්වය සංකේතවත් කිරීම පිණිස සිදුකළ බව ප‍්‍රකාශ වෙනවා. එසේම යක්ෂ ගෝති‍්‍රකයින් ගල් කර්මාන්ත සඳහා ඉතා දක්ෂ පිරිසක් නිසාත් (ඉතිහාසයේ ගලින් කළ බොහෝ නිර්මාණ යක්ෂ ගෝති‍්‍රකයන්ගේ කි‍්‍රයා බව කියැවෙන අතර එම ගල් කර්මාන්තයට ඔවුන් අතිශය දක්ෂ කණ්ඩායමක් බව සඳහන් වෙනවා) මෙම යක්ෂ ගෝති‍්‍රකයන් ගැන ඉදිරි ලිපිවලදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා). නාග ගෝති‍්‍රකයන්ගේ ඉල්ලීම අනුව මෙම සුවිශාල සත් පෙන නාග දරණය රම්බා විසින් කි‍්‍ර.පූ. 6 වැනි සියවසේදී හෝ ඒ ආසන්න කාලෙක ඉදිකරන්නට ඇතැයි විශ්වාස කරනවා. (මෙම සත් පෙන නාග දරණය කාබන් 14 පරීක්ෂණය සඳහාද අනුමත කර ඇති අතර ඉන්පසුව උක්ත කරුණු ස්ථිරවම සනාථ වන බව විහාරාධිපති හිමියන්ගේ අදහසයි).

මෙවැනි විශාල නාග රූපයක් නිර්මාණය කරන්නට හේතුව කුමක්ද ? කියා සොයා බලන්නට කලියෙන් මේ සත් පෙන නාග දරණයේ ප‍්‍රමාණයන් විමසා බලමු.

ප‍්‍රධාන නාග පෙනයේ පළල                     අඩි 2 යි
නාග දරණයේ සම්පූර්ණ පළල                     අඩි 6 යි
දරණය ගසා සිටින නාගයාගේ උස               අඩි 7 යි
නාගයාගේ කඳේ පළල                                 අඩි 1 1/2 යි
නාගයාගේ සම්පූර්ණ දිග                             අඩි 21 යි

ශ්‍රි ලංකාවේ පැරණිම මෙන්ම විශාලතම නාග රූපය වන්නේද මෙයයි. මහින්දාගමනයෙන් පසුව ඇතිවන අභිනව සංස්කෘතියේ නාග පෙන සංකේතය විහාර ආදී පූජනීය ස්ථානවල මුරගල්වල සංකේතයක් ලෙස භාවිත කරති.

ඉහතින් අප කීවා සේ නාග ගෝති‍්‍රකයින්ගේ මර්මස්ථානයකි, නයින්දනාව. ඒ බවට බොහෝ සාධක ඇත. එය එම භූමියට යන කාට වුවද නිරායාසයෙන් වැටහෙන සත්‍යයකි. සත් පෙන නාග දරණය අසළ ඇති පොකුණෙහි ගැඹුර සෙවීමට නොහැක. මොන ක‍්‍රමයෙන් ගැඹුර මැන්නද අවසානයක් සෙවිය නොහැක. එම පොකුණ නාග ලෝකය හා මනුෂ්‍ය ලෝකය අතර ඇති සම්බන්ධය තහවුරු කරන එක් සාධකයකි. නාගයින් සම්බන්ධ බොහෝ තැන්වල මෙවැනි අද්භූත පොකුණු දක්නට ලැබීම සාමාන්‍ය දෙයකි. එම සෑම පොකුණකම පාහේ ගැඹුරෙහි අවසානයක් සෙවිය නොහැක. (මිහින්තලේ නාග පොකුණද මේ ගණයෙහි ලා සැළකේ). එසේ නම් කළ යුත්තේ එහි ගැඹුර සෙවීම නොව එය එසේ තිබීමට හැරීමය. ඒ මන්ද යත් මහ පොළොවෙහි බොහෝ ප‍්‍රමාණයක අයිතිකරුවන් නාගයින් වන බැවිනි.

අද පවා මෙම භූමියට නාගයින්ගෙන් ආරක්ෂාව ලැබෙන බව ඇස් පනාපිට පෙනෙන සත්‍යයකි. කිසිම දිනක මෙම නයින්දනාව භූමියේ සතුන් මැරීම කළ නොහැක. කවුරුන් හෝ එසේ සිදු කරන්නේ නම් ඔහුගේ ජීවිතයද අකාලයේ මියැදෙන බව අදටත් පිළිගත් මතයයි. ඒ සඳහා ආසන්නතම සිදුවීමක් ලෙස විහාරාධිපති නා හිමියන් පැවසුවේ මෙවැනි සිදුවීමකි.

‘‘දැන් ටික දවසකට ඉස්සල්ලා පෙන ගොබේ ළඟ ඇති විලේ ඉන්න ඉබ්බො අල්ලන්න මනුස්සයෙක් ඇවිල්ලා තියෙනවා. කොහොම හරි එක ඉබ්බෙක් අල්ලගෙන ගිහිල්ලා ඌ මදි නිසා තවත් ඉබ්බෙක් අල්ලන්න ඇවිල්ලා තියෙනවා. දෙවැනි ඉබ්බා අල්ලගෙන පොකුණෙන් ගොඩට එන්න හම්බුණේ නෑ නිතරම වගේ මේ අවට ගැවසෙන නැයින්න දෂ්ඨ කරලා මනුස්සයා මළා’’.

මෙහෙම සතුන් මරන්නට පැමිණි මිනිසුන්ට පමණක් නොව වෙනත් සතුන්ටද අත් වූයේ මරණයම බව වැඩිදුරටත් විහාරාධිපති හිමියන් විසින් ප‍්‍රකාශ කළහ.

මෙවැනි පසුබිමක් ඇති නයින්දනාව මහින්දාගමනයටත් පෙර ප‍්‍රාග් බෞද්ධ යුගයෙහි නාග ගෝති‍්‍රකයින්ගේ සුප‍්‍රසිද්ධ පුදබිමක් වහයෙන් පැවතුනි. දැනට ගලේ පමණක් සත් පෙන නාග දරණය තිබුණද පෙර මෙය දේවාල සංකීර්ණයක් ලෙස පැවත ඇත. ඒ බවට සාධක ලෙස යම් යම් පෞරාණික ඉදිකිරීම්වල පාදම් සහ නෂ්ඨාවශේෂ මේ භූමිය පුරාම දක්නට ලැබේ.

ඉහත කරුණු අනුව අපිට පැහැදිලි වෙනවා නයින්දනාව කියන්නේ මොන වගේ ස්ථානයක්ද කියලා. වර්තමානයේද එහි අනුහස් සහ ආශ්චර්ය අද්භූත දේවල් පවතින බව පිළිගත යුතු දෙයකි.

විහාරාධිපති නා හිමියන් දිනක් සත් පෙන නාග දරණය අසළින් යන විට තමන් වහන්සේට වුවද මැදින් රිංගා ගා හැකි තරම් නාග සැවක් දැක තවත් අයෙකුටද එය පෙන්වා ඇත. එසේම විශේෂ දවස්වලට පුවක් ගස් තරමේ දිග පළල නාගයින් පැමිණෙන බවත් ඔවුන්ගෙන් කාටවත් කරදරයක් නැති බවත් වැඩිදුරටත් ප‍්‍රකාශ කළහ. අවට ගම්වාසීන්ටද මෙවැනි දර්ශන එතරම් නුහුරු ඒවා නොවෙන බව ඔවුන්ද ප‍්‍රකාශ කළහ.

මහින්දාගමනයෙන් පසුව සීඝ‍්‍රයෙන් බුදු දහම වැළඳගන්නා ලක්වාසීන් ගිරි ගුහා කඳු ශිඛරවල කටාරම් කොටා ගල් ගුහා ලෙස මහා සංඝරත්නයට පූජා කළා. එකල්හි මෙම නයින්දනාවද භික්ෂු වාසස්ථානයක් වූ අතර සද්ධාතිස්ස රජු දවස වැඩ සිටි ඛුජ්ජතිස්ස මහ රහතන් වහන්සේ මෙහි වැඩ සිටි බවට සඳහන් වෙනවා. ඒ බව සෙල් ලිපියකද දැක්වෙනවා. උන් වහන්සේ වැඩසිටි කුටිය, තවමත් දක්නට ලැබෙන අතර උන් වහන්සේ පෙරවූ සිවුරම ප‍්‍රයෝජනයට ගෙන පිළිමයක් නිර්මාණය කර තිබෙනවා. අදටත් ඒ සිවුර හොඳික් ආරක්ෂා වෙලා තියෙනවා. පැරණි විහාර ගෙය, සුවිසල් චෛත්‍ය සහිත නයින්දනාව, දේවානම්පියතිස්ස, සද්ධාතිස්ස, ගෝඨාභය, මහසෙන් ආදී විවිධ රජවරුන්ගේ අනුග‍්‍රහය යටතේ බෞද්ධ ආගමික පසුබිමක් සහිත ස්ථානයක් බවට පත් වුණා. නමුත් නාගයින්ට වෙන් වූ භූමියක් හෙයින් නයින්දනාවට නාග ඇල්ම බැල්ම පිහිට ආරක්ෂාව නොඅඩුව පවතිනවා.

අද වුවද නයින්දනාවේ විහාරයට බුද්ධ පූජාව සඳහා කිසිම ක්රමයකින් කිලි කුනු හසුවෙන්න බැහැ. අමතක වීමකින් හෝ අතපසුවීමකින් එසේ වුවහොත් කළු දෙබරු ඇවිත් මුළු විහාරෙම වසා ගන්නවා. ඒ වගේම ඔසප් වූ කාන්තාවක් එදිනට විහාරෙට පැමිණියහොත් එහෙම අර වගේම කළු දෙබරු එනවා. අනික එදා ? එලිවෙනකම් කන කීරිගැහෙන විදිහට නයින් කෑගහනවා. ඒ බව මේ ගම් තුලානේ අය දන්න නිසා පරිස්සමින් තමයි කටයුතු කරන්නේ.

‘‘දිනක් නොදන්නකමින් ඔසප් වූ කාන්තාවක් පොහොය දිනක සිල් ගන්න ඇවිත් තියෙනවා. අඩි 10 ක් පමණ දිග අඩි 2 ක් පමණ පළල මහා නාගයෙකු ධර්මශාලාව වටා කැරකෙන්න පටන් ගත්තා. කාරණාව අවබෝධ වෙලා අර කාන්තාව පිටමං කළාට පස්සෙයි නාගයා යන්න ගියේ’’. මෙහෙ අයට නම්  ඕවා සාමාන්‍ය දේවල් යැයි විහාරාධිපති හිමියන් පැවසූහ.

පන්සල සතු පූජා භූමියට සහ වැඩ වෙසෙන මහා සංඝරත්නයට විශේෂයෙන්ම නාගයින්ගෙන් ආරක්ෂාව හිමි වෙනවා. යම් දුස්සීල මහනෙකු මෙම පන්සලේ සිටියොත් උන් වහන්සේට හිමි වන්නේ අතිශය දරුණු විපාක. බොහෝ කාලයකට පෙර වැරදි කර්මාන්තයක යෙදුණු මෙම විහාරයේ සිටි භික්ෂූන් වහන්සේ නමකට සිදුවූ අතිශය බිහිසුණු ඛේදවාචකයක් ගැනද අසන්නට ලැබුණි.

එසේම මෙම භූමියට හෝ වැඩ වසන මහා සංඝ රත්නයට අහිතක් කිරීමේ අදහසින් මෙම භූමියට කිසිවෙකුට ඇතුල් විය නොහැක. එවැනි කටයුත්තකට පැමිණි කණ්ඩායමකට සිදුවූ දරුණු ඛේදවාචකයක් විහාරාධිපති නා හිමියන් මෙසේ විස්තර කළහ.

‘‘දවසක් මේ භූමියට කරදර කරන්න මහා රාති‍්‍රයේ පිරිසක් පැමිණියා. ඔවුන් අතේ විවිධ ආයුධත් තිබිලා තියෙනවා. හැබැයි ටික වේලාවයි ගියේ කළු දෙබරු දහස් ගණනක් ඇවිල්ලා ඔවුන්ට දරුණු විදිහට දෂ්ඨ කලා. නාගයින්ද හපා කාලා දෂ්ඨ කරලා තිබුණා. ඒ නිසා මම ඉල්ලන ඉල්ලිම නම් කවදාවත් මේ භූමියට කරදරයක් කරන්න හිතාගෙන නම් එන්න එපා. ඒ වගේම මේ භූමියේ සතුන් මරන්න සොරකම් කරන්න ආදී දුරාචාරයේ හැසිරෙන්න එනවා නම් ආපසු යෑමේ අදහස අතහැරලා එන්න. මම මේ කියන්නේ කරුණාවෙන්. නැත්නම් ඔබට නාගයින්ගේම රැකවරණයි.

මෙවැනි මහා ආශ්චර්ය අද්භූත කාරණා රාශියකින් හෙබි නයින්දනාව රජමහා විහාරයේ දැනට විහාරාධිපතිව කටයුතු කරන්නේ සාම විනිසුරු, ජෝතිෂ්ශාස්ත්‍රඥ, ගුප්ත වෛද්‍ය, අට්ඨ මහා විහාරාධිපති පූජ්‍ය පොහොරවත්තෙ සුමනසාර හිමි.

අදට වුවද ඒකාන්ත ආශීර්වාදයක් තිබෙන භූමියක් ලෙස මෙම නයින්දනාව හැඳින්විය හැකි අතර ඔබටත් එම භූමියට ගොස් වන්දනා කිරීමට අපි ආරාධනා කරනවා. හැබැයි මතක තියාගන්න අත්හදා බලන්න විනෝද වෙන්න හෝ වෙන වෙන කුහක අරමුණු තියාගෙන නම් එතනට යන්න එපා. සාදු සිතින් කිලි කුණු හසු නොවන ලෙස එතනට යන්න. නයින්දනාව ඔබේ ජය භූමියක් වෙනවා නොඅනුමානයි. ඔබට නයින්ගේම රැුකවරණයි.

නයින්දනාවට යා හැක්කේ කෙසේද ?

කුරුණෑගල දඹුල්ල පාරේ ඉබ්බාගමුවට ගොස් ඉබ්බාගමුව නගරයේ සිට මඩගල්ල පාරේ කි.මී. 21 ක් ගිය පසු එගොඩගම හන්දිය හමුවේ. එගොඩගම හන්දියෙන් තලාකොළ වැව පාරෙන් ගොස් නයින්දනාව පන්සල පාරෙන් නයින්දනාව රජමහා විහාරයට යා හැකිය.

 

11870917_1198783186814815_83300646198590239_n

10671346_1198780480148419_8979913508759441279_n

11902391_1198780443481756_836363669021017330_n

11863453_1198780440148423_3964893336236542228_n

11822517_1198780420148425_8706155622710300348_n

11831725_1198780336815100_7207474932830542457_n

11051891_1198780306815103_4236068465273238068_n

11258271_1198780203481780_3530915799502081296_n

11870741_1198780186815115_5624131603338214629_n

11846517_1198780126815121_3202025463431500944_n

11902302_1198780070148460_6955971084372452259_n

11870696_1198781600148307_7834722227222822750_n

11903885_1198780280148439_2420176498181382952_n

11885057_1198782720148195_299444045571004848_n

11824987_1198782836814850_930502309626294411_n

11836850_1198780570148410_2126213052816362954_n

11903975_1198780140148453_2973127857306366781_n

11892090_1198780060148461_4879716334330372227_n

විලාසිතායැයි කියමින් නිරුවත පෙන්වන අක්කලාට බුදු හිමියන් ලබා දුන් පිලිතුර ...
කුටි සෙනසුන් පිදීමේ ආනිසංස හා කඨිනානිසංස ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.