දේහය නරක්‌ නොවන ‘සිඳුඅළුරස’ මහිමය …

15 වන සියවසේ විසූ අති විශිෂ්ට පඬිරුවනක්‌ වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි යන්ත්‍ර මන්ත්‍රයන් හි කෙළ පැමිණි ඖෂධ පිළිබඳ උසස්‌ ඥනයක්‌ තිබූ දක්‍ෂ වෛද්‍යවරයෙක්‌ ද විය.

තමන් හදාවඩා ගත් 6 වන පරාක්‍රමබාහු රජුගේ මුනුපුරා වූ ජයබාහු රජ වූ පසු සපුමල් කුමරු ජයබාහු මරා දැමීමට තෙවරක්‌ උත්සාහ කළ ද රාහුල හිමි එය වැලැක්‌වීය. සිවුවන වතාවේ එම උත්සාහය සාර්ථක වූ අතර සපුමල් ජයබාහු මරා 6 වන බුවනෙකබාහු නමින් රජවිය. රාහුල හිමි ඉන්පසු කලකිරී ගාලු දිස්‌ත්‍රික්‌කයේ ‘අම්බන’ නම් පෙදෙසෙහි හුදකලාව ජීවත් විය. උන්වහන්සේ තම දකුණු බාහුවේ කවි දෙකක්‌ කොටා තිබූ අතර අද ගෝවේ තබා ඇති ශාන්ත සේවියර්තුමාගේ දේහය යෑයි කියනු ලබන මෘත ශරීරයෙහි දකුණු අත නැත.

ශාන්ත සේවියර්තුමා ස්‌පාඤ්ඤයේ වර්ෂ 1506 දී උපත ලැබූ කෙනෙක්‌ වූ අතර පාප්වහන්සේ විසින් ඔහුව “ඈත නැඟෙනහිර” තම නියෝජිතයා ලෙස පත්කරන ලදී. ආගම පතුරුවා හැරීම සහ සමාජ සුබසාධක කටයුතු වල නියෑලුණු උන්වහන්සේ චීනය බලා යන අතරතුර “සැන්ක්‌ෂන්” නම් දූපතෙහි මරණයට පත් විය. ක්‍රිස්‌තියානි පොත පතෙහි දත්තයන්ට අනුව මෙම සිරුර “සැන්ක්‌ෂන්හි” වලලා මාස කිහිපයකට පසුව මලක්‌කාවට ගෙන යැමට ගොඩගන්නා විට එදා මියගියාසේ ඉතා හොඳ තත්ත්වයේ තිබූ අතර ඉන්පසු නෞකාවෙන් මලක්‌කාවට ගෙන ගොස්‌ උත්සවාකාරයෙන් පල්ලියට ගෙන ගොස්‌ පසුව ඉතා කෲර ලෙස වත්තෙහි වළලා ඇත. මේ හේතුවෙන් ශරීරයට තුවාල සිදුවී ඇත. අද එතැන් සිට

ශාන්ත සේවියර්තුමා පිළිබඳ කිතුනුවන් ලියා ඇති පොතපත අනුව මෙම සිරුර ඉන්පසු ලෝපෝ ඩි නොරොඤ්ඤෝ නම් වූ කපිතාන්වරයාගේ නෞකාවෙන් ඉන්දියාවේ ගෝවේ නුවරට ගෙන යන ලදී. මේ සඳහා සේවියරගේ ධනවත් මිතුරෙකු වූ වියාගෝ පෙරේරා නම් වූ මහතෙක්‌ උදව් විය. 1553 සැප්තැම්බර් මස මලක්‌කාවෙන් පිටවූ යාත්‍රාව 1554 මාර්තු 15 වැනි දින ගෝවේට ළඟා වී ඇත. මෙහිදී දේහය රාජකීය ගෞරවයෙන් පිළිගෙන ගරු කටයුතු අලංකාර ඇඳුම් අන්දවා උත්සවශ්‍රීයෙන් ශාන්තපෝල් ඉපැරැණි පල්ලිය වෙත ගෙන යන ලදී. එහි දින තුනක්‌ බැතිමතුන්ගේ ගෞරවය දක්‌වනු පිණිස තබන ලදී.

ඉන්පසු තුන් වැනි වරට සිරුර බලලා ඇත්තේ ශාන්ත පව්ලෝ නම් වූ පල්ලිය අසලය. මෙම පල්ලිය 1560 වසරෙහිදී කඩා දැමූ අතර දේහය නැවත ගොඩගෙන වෙනත් පල්ලියක්‌ වෙතට ගෙන ගොස්‌ මහජන ගෞරවය සඳහා විවෘත කර තබන ලදී. මෙහිදී ඉතා උසස්‌ කුල කාන්තාවක්‌ වූ රජකීය දොaන ඉසබෙලා ඩි කැරොන් නම් පෘතුගීසි කාන්තාව දේහයේ දකුණු පාදය සිඹින මුවාවෙන් පාදයේ කුඩා ඇඟිල්ල මුවින් හපා වෙන් කොට ඇත. එවිට රුධිරය ගලා ඒමට පටන් ගති. මෙම දේහය පිළිබඳව ඉන්පසු කාලීනව කරුණු දක්‌වා ඇත්තේ මෙසේය.

(අ) රෝමයේ වෙසෙන ජ්‍යෙෂ්ඨ පියතුමෙකු වූ ක්‌ලෝඩියෝ ඇක්‌වවිවෝ මෙම දේහය පිළිබඳ විමසූ අවස්‌ථාවේ ගෝවේ ප්‍රාදේශීය බලවතා වූ ෆැන්සිස්‌කෝ වියරා දේහය නරක්‌ නොවී තිබෙන බැව් සනාථ කිරීමට සිරුරේ කොටසක්‌ යෑවීමට තීරණය කරන ලදී. ඒ අනුව වර්ෂ 1614 නොවැ. 3 වැනි දින මධ්‍යම රාත්‍රියේදී පූජකවරුන්ගේ අධීක්‍ෂණය මත සිරුරේ දකුණු අතෙහි වැලමිටෙන් පහළ කොටස කපා රෝමයට යවන ලදී.

(ආ) ඉන්පසු වර්ෂ 1619 අප්‍රේල් මස 17 වැනි දින දකුණු අතෙහි ඉතිරි කොටස මුළුමණින් කපා එය කොටස්‌ 3 කට බෙදා මලක්‌කා කොඩිය සහ මකාවෝ යන ස්‌ථානයන්හි ඡේසු අධ්‍යයන පීඨක්‌ වෙත යවන ලදී. (රාහුල හිමිගේ දකුණු බාහුවෙහි මරණින් පසු හඳුනා ගැනීම උදෙසා සවර ලද මුල් කඳ සහ සතුරු බුවනෙකබා යන කවි දෙක කොටා තිබූ බවත් එනිසාම පෘතුගීසීන් විසින් දේහය ගෙනගිය පසුව දකුණු අත කපා ඉවත් කොට ඇති බවත් සිංහලයන් විසින් විශ්වාස කරන බැව් නැවත මතක්‌කර දෙමි)

(ඇ) වර්ෂ 1620 දී සිරුරේ අභ්‍යන්තර අවයව සහ බඩවැල් සියල්ල එළියට ගෙන කොටස්‌ කර ජපානය ඇතුළු ලොවෙහි සියලුම රටවල්වලට බෙදාහරින ලදී.

(ඈ) වර්ෂ 1630 දී මිනී පෙට්‌ටිය නැවත විවෘත කර පෘතුගාලයේ ලිස්‌බන් නුවර සිට පැමිණි ට්‍රැන්කියුලෝ ග්‍රාසටි නම් පියතුමාට දැකීමට ඉඩ සලසන ලදී, ඉන්පසු මහජන ගෞරවය සඳහා ද විවෘත කර තබන ලදී. මෙකල ආගමික කෙනකු වස්‌තූන් එකතු කිරීමේ දැඩි ආශාවක්‌ ජනතාව තුළ තිබී ඇත. ඒ තම ආත්මය සහ දිව්‍යලෝකය අතර සම්බන්ධයක්‌ ඇති කර ගැනීමටය. එබැවින් මෙම දේහය නැරඹීමට විවෘත කළ සෑම අවස්‌ථාවකදීම සිරුරෙන් හෝ ඇඳුමින් කුඩා කොටස්‌ කඩා ගැනීමට යුහුසුළු වී ඇත.

(ඉ) සිරුර ක්‍රම ක්‍රමයෙන් වේලී යන තත්ත්වයක්‌ තිබෙන බැවින් මින් මතු විවෘත නොකිරීමට තීරණය කර ඇත. ගෝවේහි තබා ඇති ශාන්ත සේවියර් පියතුමාගේ යෑයි කියනු ලබන දේහය පිළිබඳව කිතුනුවන් කරුණු දක්‌වා ඇත්තේ ඉහත සඳහන් පරිදිය.

එසේම මෙම දේහය පිළිබඳව වර්ෂ 1556 සිට වරින් වර පශ්චාත් මරණ පරීක්‍ෂණ වෛද්‍යවරුන් විසින් කර ඇති අතර ඒ සම්බන්ධ වාර්තාවක්‌ කියෑවීමේදී සිරුරේ තත්ත්වය පිළිබඳව සත්‍ය තත්ත්වය අවබෝධ කර ගත හැක.

දේහය පිළිබඳ වෛද්‍ය සරාවියෝ සහ වෛද්‍ය රිබේරියෝගේ මරණ පරීක්‍ෂණ වාර්තාව

වර්ෂ 1558 නොවැම්බර් මස වෛද්‍ය සරාවියෝ සහ වෛද්‍ය රිබේරියෝ විසින් දේහය පරීක්‍ෂා කොට ඇති අතර දිවුරුම් මත ඉදිරිපත් කර ඇති වාර්තාවන් මෙසේය.

‘වයිස්‌ රෝයි සාමිවරයාගේ නිල වෛද්‍යවරයා වන වෛද්‍ය කොස්‌මස්‌ සරාවියෝ වන මා විසින් ෆ්‍රැන්සිස්‌ පියතුමන්ගේ (ශාන්ත ෆ්‍රැන්සිස්‌ පියතුමා යෑයි සඳහන් කොට නොමැත්තේ ඔහු ඒ වන විට ශාන්තුවරයෙක්‌ ලෙස පත් කර නොමැති නිසාය) දේහය ගෝවේ නගරයේදී පරීක්‍ෂා කර බැලීමි. සිරුරේ සෑම කොටසක්‌ම පරීක්‍ෂා කොට බැලූ අතර උදරය ඔබා බැලීමේදී අතුනුබහන් (මඩවැල්) ඉතා හොඳ තත්ත්වයේ තිබෙන බැව් අවබෝධ කර ගතිමි. සිරුර එම්බාම් නොකොට නරක්‌ නොවීමට කෘතිම ලෙස ශරීරයට කිසිවක්‌ ඇතුළු නොකොට මෙම තත්ත්වය පවතී.

“මා සිරුරේ වම් පැත්තේ හදවත පෙදෙසෙහි සිදුරක්‌ හෝ තුවාලයක්‌ වැනි දෙයක්‌ දැක

ඡේසුස්‌වහන්සේගේ ගිහි සහෝදරයන් දෙදෙනකුට ඔවුන්ගේ ඇඟිලි ඒ තුළට දමන ලෙස කියූ අතර එසේ ඇඟිලි දැමූ පසු එකෙනෙහිම පිරිසිදු රුධිරය ගලා ඒමට පටන් ගති. මා ඒ රුධිරය ආඝ්‍රාණය කළ නමුත් එහි කිසිදු දුඟදක්‌ නොවී. පාද සහ සිරුරේ අනික්‌ කොටස්‌ මාංශ ඇතුළුව ඉතා හොඳ තත්ත්වයේ තිබූ අතර මෙම සුරක්‍ෂිතභාවය රසායනික හෝ වෛදික මාර්ගයකින් පැහැදිලි කළ නොහැක. 1556 නොවැ. 18 වැනි දින ගෝවේ වෘතීමය දිවුරුම් දීමක්‌ මත සහතික කොට ප්‍රකාශ කරමි.”

“දොස්‌තර රිබේරියෝ වන මම මෙම පූජනීය දේහය රිසිසේ පරීක්‍ෂා කළෙමි. පාද සිට දණහිස්‌ දක්‌වා සහ දෙඅත් ද පරීක්‍ෂා කළ අතර සම්පූර්ණ සිරුර මාංශ පේශීන්වලින් වැසී, ස්‌වාභාවික වර්ණයෙන් යුතුව හොඳින් සුරැකී තිබිණි. මාංශ ඉතා මෘදු සහ තෙත් ගතියෙන් යුක්‌ත විය. වම් පාදයේ දණහිස මත පිටතින් ඇඟිල්ලක තරමේ එක පහරකින් සිදුවූ තුවාලයක්‌ වූ අතර පිටවූ පසු කාලයක්‌ තිබීමෙන් කළු පැහැගැන්වූ ලේ පැල්ලම් තුවාලය වටේට දක්‌නට ලැබිණ. උදරයේ ද වම් පැත්තේ තුවාලයක්‌ වන් කුඩා සිදුරක්‌ දුටුවෙමි. එම සිදුර තුළින් මා ඇඟිල්ලක්‌ දැමූ අතර පළමුව එහි රික්‌තයක්‌ වූ නමුත් තව දුරටත් එබීමේදී වියලී ගිය අතුණුබහන් ස්‌පර්ශ කිරීමට හැකි විය. මම කොපමණ යටට අත දැමුවත් කිසිම දුර්ගන්ධයක්‌ මට නොදැනුණි. හිස යට කුඩා මෙට්‌ටයේද, දණහිස්‌ මත මෙන් දීර්ඝකාලීනව පිටවූ රුධිරයේ පැල්ලම් දක්‌නට ලැබිණි. මේ සියල්ල මා 1556 දෙසැ. 1 වන දින නිරීක්‍ෂණය කළෙමි. මෙම වෛද්‍ය වාර්තාවෙන් සනාථ කරනුයේ දේහය කිසිම එම්බාම් කරණයකින් තොරව නරක්‌ නොවී තිබෙන අයුරුය. මෙසේ වී ඇත්තේ රාහුල හිමි අපවත් වීමට මොහොතකට කලින් ඉතා ප්‍රබල “සිදුඅළුරසය” නමැති ඖෂධයක්‌ පානය කළ නිසා බැව් සිංහලයන් විශ්වාස කරයි.

රියර් අද්මිරාල් (ආචාර්ය)
සරත් වීරසේකර ලියන
විශේෂ ලිපි පෙල

දිවයින ඇසුරිනි …

සාන්ත සේවියර් පියතුමාගේ දේහය තිබුණේ කොයිවිදියටද ?
කවුද මේ ශාන්ත සේවියර් පියතුමා?
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.