දළදා හාමුදුරුවෝ ගැන ඔබ නොදත් කථාවක් …

මං මේ බලාගෙන හිටියේ මීට සියවස් හයකට ඉස්සර දළදා වහන්සේ වැඩමවාලූ ගොඩනැඟිල්ල දෙසයි… එතැනට දළදා වහන්සේ වඩමවාගෙන විත් තිඛෙන්නේ ඛෙලිගල ඉඳලා. එදා ඒ තුන් මහලක්ව හැදුව දළදා මාලිගාව පසු කලෙක දෙමහල් මාලිගාවක් වන්නේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන්… මේ කුඩා විහාර ගේ ඇතුළේ විස්මිත චිත්‍රයක් තියෙනවා…

ඒ දළදා වහන්සේගේ ප්‍රාතිහාර්යයෙන් සිදුවූ දෙයක්… ඒ සිත්තමේ දැක්වෙන්නේ බුදුන් වහන්සේගේ රුවක්. ඒ සිත්තම ඇඳ ඇති ගොඩනැඟිල්ලේ ඉහළ මාලයේ සිට මෑත පෙනෙන සපු ගස දක්වා රුවන් පාලමක් මතින් ගමන් කරන ආකාරයයි… ක්‍රි. ව. 1236දී දඹදෙණිය රාජධානියේ රජ බවට පත්වෙන දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී සිදුවෙන එම දළදා ප්‍රාතිහාර්ය ගැන පත පොතේ සඳහන් වෙන්නේ, දන්ත ධාතුන් වහන්සේ රජතුමාගේ අත්ලෙන් අහසට පැන නැඟී ෂඩ් වර්ණයෙන් පෙදෙසම ඒකාලෝක කර නැවත රජුගේ අත්ලටම වැඩම කළ බවයි. මෙයින් මහා ප්‍රසාදයට පත්වන පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා අවුරුදු ‍දොළහක් නොකඩවා දිවා රෑ පුරා තල තෙල් පහනක්, එළඟිතෙල් පහනක්, උරුලෑ තෙල් පහනක්, කපුරු තෙල් පහනක් සහ අමු කපුරු පහනක් දළදා වහන්සේ වෙනුවෙන් දැල්වූ බව දඹදෙනි අස්නෙහි සඳහන් වෙනවා… මං ඒ වෙලේ හිටියේ මීට සියවස් අටකට ඉස්සර ඒ පහන් සිළු දැල්වුණු බිමේ… දළදා හිමි මොන තරම් මහෝගයක්ද… ඔබට අමතක නැතිව ඇති අපි මේ කතා කරන තේවාව ඒ වගේ… සම්ප්‍රදායන්… අපේ අතීත උරුමයන්, ගෞරවයන් සියල්ල වියැකී යා නොදී රැකගත යුත්තේ අපමයි… නාරන්පනාවේ ආනන්ද හිමියෝ එදා කතාව අහවර කළ තැන ඔබට මතක ඇති… අපි යමු එතැනට…
ඉතින් අපේ හාමුදුරුවනේ රජ කාලේ කොහොමද සංඝ සභාව ගැන කියන්නේ…


රජ්ජුරුවෝ දළදා මාලිගාවට දුන්නනේ දාන මාන… උපකරණ… ඕවාට බත් වැටුප් කියලත් කියනවා… එතකොට ඔතැන තියෙනවා කිඹුල්වෙල, නුවරවෙල, පල්ලේවෙල වගේ තැන්… විහාර දෙකේ හාමුදුරුවන්ට දාන මාන දෙන… ඒවා ඛෙදන තැනක් තියෙනවා… ඒකට කියනවා වියදම් පඩි කියලා… හතේ පඩි, පහේ පඩි, තුනේ පඩි… කාරක සභාවේ හාමුදුරුවන්ට මේ තියෙන හැමදේම කොටස් කරලා කොටස් හතක්. හතේ පඩි මහනායක හිමියන්ට… පහේ පඩි කියන්නේ කොටස් පහක් දැනමිටි සභාවේ හාමුදුරුවන්ට… අර එදා කිව්වේ අනුනායක හාමුදුරුවරු ඇතුළු ජ්‍යෙෂ්ඨ හාමුදුරුවරු ඉන්න… අනෙක් කොටස් තුන අනෙකුත් සභිකයන් වහන්සේට….
තේවාව අපේ හාමුදුරුවනේ බාර වෙන්නේ…
තේවාව බාර වෙන්නේ මහනායක හාමුදුරුවන්ට… මහ නායක හාමුදුරුවන්ට තමයි පූර්ණ අයිතිය තියෙන්නේ… එතකොට මහ නායක හාමුදුරුවන්ට තමයි පුළුවන් තේවාවට යවන හාමුදුරුවන්ව තෝරන්න… අනෙක තමයි පරම්පරාව… දැන් අපේ අස්ගිරි පාර්ශ්වයේ තියෙනවා මැද පන්සල් පරම්පරාවේ කෙනෙක් තමයි දළදා තේවාවට යවන්නේ… හැබැයි මහ නායක හිමියන්ට පුළුවන් එහෙම සංඝයා වහන්සේ එකතු වෙලා කතිකා කරලා තේරුව හිමිනම වුණත් විශ්වාස නැත්නම් තේවාවට නොයවන්න… ඒ හැකියාව තියෙන්නේ මහ නායක හිමියන්ට විතරයි…
කොච්චර කල් පැවිදි වෙලා හිටිය හාමුදුරුවන්ටද තේවාවට සහභාගි වෙන්න පුළුවන්…
අඩුම තරමේ උපසම්පදා වෙලා වස් පහක්වත් පුරලා තියෙන්න ඕනේ…
අධ්‍යාපනය අපේ හාමුදුවරුවනේ…

ckick
එහෙම නෑ… මේකට මහා ශාස්ත්‍රීය දැනුමක් අවශ්‍ය නැහැනේ… මේ තේවාව ශ්‍රද්ධාව පෙරදැරිව කළ යුතු දෙයක්…
කාලය කොච්චරද හාමුදුරුවනේ තේවාව බාරව ඉන්න පුළුවන්… අපවත් වෙනකම් … ඉන්න පුළුවන්ද…
වයසට ගිහින් තේවාව කරන්න බෑ… පැය දෙකක් මේ වෙනුවෙන් හිටගෙන ඉන්න ඕනේ… රන් පාත්තර උස්සන්න ඕනේ… ඒවා බරයි.. එක දිගට තියාගෙන පුෂ්පෝපහාර කරන්න ඕනේ… ශරීර ශක්තිය නැත්නම් කරන්න බෑ… ඒ නිසා මහලු වයසට යනකම් තේවා කටයුතු කරන්න බෑ… අනෙක එතැන ඉන්න වෙන කෙනෙක්ට ඒක කරන්න බෑ… මේක සාම්ප්‍රදායික ගෞරවනීයම පූජාව…
තේවා කටයුතු කරන හාමුදුරුවරු පිළිපැදිය යුතු නීති රීති එහෙම තියෙනවද අපේ හාමුදුරුවනේ…
ඒක අතීතේ ඉඳලා එන දේවල්… චාරිත්‍ර… තේවාව කරන හාමුදුරුවන්ට මළ ගෙදරක යන්න බෑ… තේවාවට දින හතකට ඉස්සෙල්ලා ඉඳලා නාලා පිරිසුදු වෙලා බුදු ගුණ මෙනෙහි කරගෙන, ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් ඉන්න ඕනේ… අනෙක ඒ කාලේ සිරිතක් තිබුණා තේවාවට යන්න ඉස්සර ඒ විහාරේ වැඩ ඉන්න සියලු භික්‍ෂුන්ට දානේ පිළිගන්නවලා දැනුම් දීලා තමයි යන්නේ… එතකොට මහනායක හාමුදුරුවෝ තමයි ඒකට පූර්ණ අයිතිය දෙන්නේ… ඒ වගේමයි උන්නාන්සේට පුළුවන් ඒ තේවාව කරමින් ඉන්න හිමිනම වුණත් ඉවත් කරන්න… ඒ වගකීම, බලය තියෙන්නේ මහ නායක හිමියන්ට… තව දෙයක් තමයි තියන දවසට තේවාව බාර නායක හාමුදුරුවෝ නැත්නම් දෙවැනි හාමුදුරුවෝ අනිවාර්යයෙන් මාලිගාවේ රෑ ඉන්න ඕනේ… මොකද මාලිගාවේ යතුරු බාරව ඉන්නේ තේවාව බාර හාමුදුරුවෝ… උන්නාන්සේට යතුර තනි කරලා කාමරෙන් යන්න බෑ… මොනම දේකට හරි යනවා නම් දෙවැනි හාමුදුරුවෝ ඉන්න ඕනේ… මේවා තමයි සාම්ප්‍රදායික පරම්පරා ගත චාරිත්‍ර…
මොකක්ද අපේ හාමුදුරුවනේ පාරම්පරික කියන්නේ…
දැන් අස්ගිරි විහාරේ අපි මැද පන්සල් පරම්පරාව… මොනවා හරි අකටයුත්තක් අපේ පරම්පරාවේ භික්‍ෂුන් අතින් වුණොත් අපි ඒක සලකන්නේ අපිට වෙන ලොකු අවමානයක් විදියට… දළදා වහන්සේ කියන්නේ අපි දිවි හිමියෙන් ආරක්‍ෂා කරන දෙයක්… මම තේවාව බාරව ඉන්න දවස්වලට මෙහේ අස්ගිරි විහාරෙට ඇවිත් ආයෙත් මාලිගාවට රෑ එකොළහට විතර ගිය දවස් තියෙනවා… ඒ තමයි අපේ ගෞරවනීයම දේ… අපි එය පුදුම විදියේ භක්තියකින්, ගෞරවවයකින් ආරක්‍ෂා කරනවා…
තේවාව කියන්නේ අමාරු කර්තව්‍යයක් නේද හාමුදුරුවනේ…
ඇත්තෙන්ම… උදේ පාන්දර ඇහැරිලා, වතාවත් කරලා, පුරලා වහ වහා තේවාවට යන්න ඕනේ… අද චුට්ටක් පරක්කු වෙලා යනවා… අද චුට්ටක් නිවාඩු ගන්නවා එහෙම හිතන්න, කරන්න බෑ… අනෙක තමයි මාලිගාවේ තේවාව එක්ක තමයි හතර දේවාවල කටයුතු කෙරෙන්නේ… ඒ වගේම එක මොහොතක්, විනාඩි ගාණක් පරක්කු වුණත් අද අස්ගිරි විහාරෙන් නම් තේවාව කරන්නේ, ඒක මල්වතු පාර්ශ්වයේ හිමිවරු දන්නවා… ඒ හිමිවරු ඉන්නෙත් ඒ ගැන අවදියෙන්… ඒ නිසා තේවාව කියන්නේ නිවැරැදිවම, හරියටම, නොකඩවා කරන කටයුත්තක්…
අපේ හාමුදුරුවනේ රාජ භෝජන විදියට පූජා කරපු දාන වෙලේ මස් මාංස තියෙන්න ඇති නේද…?
රාජ භෝජන කියන්නේ මස් මාංස අඩංගු ආහාර වේලක්නේ. ඒ කාලේ ඉඳලම බුද්ධ පූජාව කියන්නේ නිර්මාංසයි… අනෙක බුදුන්වහන්සේගේ දේශනාවලත් සඳහන් වෙනවානේ මස් මාංස ගැන… ඒ මොනවා වුණත් තේවාව කරන හිමිවරු මස් මාංස ආහාරයෙන් වැළකිලා ඉන්නේ…
එතකොට හාමුදුරුවනේ ඇල් තෙලිජ්ජ එහෙම ගන්නේ…
රජ්ජුරුවන්ගේ රාජ භෝජනයේ වගේම තමයි. තේ පැන් මේසෙත්… ඒ රජ්ජුරුවෝ තමන්ට කැමැති දෙයක් තමයි ගන්නේ… එතැන කිතුල් රාත් තිබුණා… මද පමණට මේරුව… සාම්ප්‍රදායිකව පැවැති දේ…
කොහොම වුණත් හාමුදුරුවනේ තේවාව කරන හාමුදුරුවන් ලොකු ප්‍රතිපත්ති ගොඩක් රකිනවා…
එහෙනං… තේවාව කරන හාමුදුරුනමක්ගේ අම්මා තාත්තා නැති වුණත් යන්න බෑ… එහෙම කරලා ඒ තේවා ප්‍රතිපත්ති කඩලා කටයුතු කරපු හිමිවරුන්ට අතීතයේ විවිධ අකරතැබ්බවලටත් මුහුණ දෙන්න වුණා…
අපේ හාමුදුරුවනේ මම ඉස්සෙල්ල අහන්න හිටියේ… ඔය මාලිගාව වහලා තියෙන වෙලාවට වෙනත් අදෘශ්‍යමාන දෙවි දේවතාවුන් එනවා කියලා තියෙන මතය මොකක්ද…
ඒක ඇත්ත… දැන් වුණත් රාත්‍රියේ මාලිගාව වහන්න ඉස්සර මාලිගාව අමැදලා සුවඳ දුම් අල්ලලා, සුවඳ පැන් ඉහලා එන්නේ… ඔය ගන්ධ කුටියට රාත්‍රියට දෙවි දේවතාවුන් වඩිනවා, ඒක ඇත්තක්… මධ්‍යම රාත්‍රියට ඒ අවට හරිම ශාන්තියක්, නිශ්චල බවක් තියෙන්නේ…

මව්බිම පුවත්පත ඇසුරිනි …

දළදා තේවාවේ රහස් එළියේ අය දන්නේ නැහැ ...
පූජණීය තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගේ දේහය පිලිබද විශේෂ ලිපි පෙල ...
IFBC Home Page