වර්තමානයේ ඉන්දියාවේ ගෝවේහි “ඡේසු ජන්ම බැසිලිකා” නම් පල්ලියෙහි 16 වැනි ශතවර්ෂයේ විසූ ශාන්ත සේවියර්පියතුමාගේ දේහය යෑයි විශ්වාස කරන දේහයක්‌ තිබේ. තිබෙන වාර්තාවලට අනුව මෙම දේහය මිය ගිය පසු කිසිම දිනෙක “එම්බාම්” කර නොමැති අතර බොහෝ කලක්‌ ඉතා හොඳ තත්ත්වයේ තිබී දැන් කෙමෙන් කෙමෙන් දිරාපත් වන තත්ත්වයට පත්වෙමින් තිබේ. සිංහලයන් විශ්වාස කරනුයේ මෙම දේහය අන් කිසිවකුගේ නොව ශ්‍රී රාහුල හිමිගේ දේහයම බවයි. රාහුල හිමි සම්බන්ධයෙන් අප සැකෙවින් විස්‌තර කර ඇති නිසා ශාන්ත සේවියර් යනු කවුරුන්දැයි අපි කෙටියෙන් සොයා බලමු.

l1 2

වර්ෂ 1506 අප්‍රේල් මස 7 වැනි දින ස්‌පාඤ්ඤයේ නවාරාහි වෛද්‍ය ජෝආඩි සේවියර්ට සහ මේරියාඩි ඇස්‌පිල්කිමාට දාව සේවියර් මාළිගයේදී පවුලේ අවසාන සහ අන්තිම දරුවා ලෙස පිරිමි දරුවෙක්‌ උපත ලද අතර ඔහුගේ නම ෆ්‍රැන්සිස්‌ නම් විය. වර්ෂ 1512 දී ස්‌පාඤ්ඤය නවාරා ආක්‍රමණය කොට තම ප්‍රාන්තයක්‌ බවට පත් කරගත් අතර ෆ්‍රැන්සිස්‌ගේ පියා ඊට මාස 4 කට පසුව මිය ගියේය. 1525 දී 18 හැවිරිදි ෆ්‍රැන්සිස්‌ පැරිස්‌ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබීම සඳහා ප්‍රංශය බලා පිටත් විය.

විශ්වවිද්‍යාලයේදී ෆ්‍රැන්සිස්‌ ඉනීගෝ ලොයොලා නම් වූ කතෝලික මිත්‍රයා සමඟ එකම කාමරයේ කල් ගෙවූ අතර ඉනිගෝ ක්‍රම ක්‍රමයෙන් ෆ්‍රැන්සිස්‌ට ඡේසුතුමාගේ සුප්‍රසිද්ධ කියමන් දේශනා කරමින් ඔහුව කතෝලික ආගමට හරවන ලදී. කතෝලිකයෙක්‌ බවට පත්වූ ෆ්‍රැන්සිස්‌ දුප්පතුන්ට උපකාරී වීම සඳහා තම දිවිය කැප කිරීමට තීරණය කළේය.

1537 දී ෆ්‍රැන්සිස්‌ සහ ඉනීගෝ තම මිත්‍රයන් සමඟ ආශිර්වාද ලබා ගැනීම සඳහා රෝමයේ පාප්වහන්සේ හමුවීමට ගිය අතර එහිදී ඔවුන් සියලුදෙනාම කතෝලික පූජකයන් බවට පත් කෙරිණ. ඉන්පසු ඔවුන් ඡේසු නාමය යටතේ සමිතියක්‌ පිහිටුවාගෙන නගරයේ රෝගීනට උපකාර වීමට පටන් ගති.

පාප් වහන්සේ විසින්, පෘතුගාලයේ රජුගේ ඉල්ලීම පරිදි ඈත ඉන්දියාවට ආගමික/ සුබසාධක කටයුතු සඳහා පූජකවරයෙක්‌ නම් කළ නමුත් ඔහු දැඩි සේ රෝගාතුර වූ නිසා ඒ වෙනුවට ෆ්‍රැන්සිස්‌ පූජකවරයාව නම් කරන ලදී. ෆ්‍රැන්සිස්‌ පියතුමා 1542 දී දීර්ඝ සහ අසීරු ගමනකින් පසු ඉන්දියාවට පත් කළ නව පෘතුගාල ආණ්‌ඩුකාරවරයා වූ මාටිම් අපොන්සෝ සමග ඉන්දියාවේ ගෝවේ නුවරට සැපත් විය. මේ වනවිට පාප් වහන්සේ විසින් ෆ්‍රැන්සිස්‌ සේවියර් පූජකතුමා ඈත පෙරදිග තමාගේ නියෝජිතයා ලෙස පත් කර තිබිණ.

ගෝවේ නුවරදී බිෂොප්තුමා හමුවූ ෆ්‍රැන්සිස්‌ ඔහුගේද උපදෙස්‌ සහ සහාය මත එම නුවර දුප්පතුන්ට සහ රෝගීන්ට උවටැන්/උපකාර කිරීම ආරම්භ කළ අතර ඒ අතරතුර පෘතුගීසීන්ගේ ගෝවේ නුවරට ආසන්න ඉතාම වැදගත් නගරයක්‌ වූ, කොචින් නගරයටද යන ලදී.

ඉන්පසු ඔහු මලක්‌කාවටද, කොමරින් තුඩුවටද, ජපානයට ද, ගෝවේ සිට වරින්වර ගොස්‌ ඡේසුතුමාගේ පණිවුඩය ප්‍රචාරය කළ අතර ඔහුගේ නිතර ගමන් හේතුවෙන් ම ඔහුට “සංචාරක පූජකතුමා” යන නාමයද පටබැඳින. ජපානයේ සිට ගෝවේ නුවරට යළි පැමිණි ෆ්‍රැන්සිස්‌, ගාගො පියතුමා, අල්වාරෝ ෆෙරෙයිරා පූජකතුමා, චීන ජාතික සැන්ටා ෂෙ සහ ඉන්දියානු සේවක ක්‍රිස්‌ටෝවා සමඟ චීනය බලා යැමට පිටත් විය. චීනයට යන අතරතුරේ ඔවුන් “සැන්ක්‌ෂන්” යන දූපතට ළඟා විය.

වසර ගණනාවක්‌ තිස්‌සේ ඉතාම දුෂ්කර ගමන්වල යෙදී ආගමික ප්‍රචාරක කටයුතුවල සහ සමාජ සුබසාධන කටයුතුවල දිවා රෑ නොබලා ක්‍රියා කරමින් සිටි ප්‍රැන්සිස්‌ “සැන්ක්‌ෂන්” දූපතේදී තද බල ලෙස රෝගාතුර විය. ඉන්පසු ඔහු එම දූපතේදීම 1552 දෙසැම්බර් 3 වන දින මිය යන ලදී. මිය යනවිට මහලු පෙනුමෙන් යුක්‌ත වුවද ඔහුගේ වයස අවුරුදු 46ක්‌ විය.l1

“කැතලික්‌ මැසෙන්ජර්” නම් පුවත්පතෙහි (1931 දෙසැම්බර් 1 වැනිදා) එම දේහයට ඉන්පසුව වූ දේ පිළිබඳව පහත දක්‌වා ඇති අයුරින් විස්‌තර කර ඇති අතර එය ලබා ඇත්තේ ටි්‍රචිපොලෙහි කැස්‌ටස්‌ පූජකතුමා විසින් සම්පාදනය කරන ලද “කෘත්‍රිම එම්බාම් කරණයෙන් තොරව මළ සිරුර නරක්‌ නොවී සකස්‌ කිරීම” යන කෘතිය ආශ්‍රයෙනි.

අ. ෆ්‍රැන්සිස්‌ පූජකතුමා මිය ගිය පසු චීන ජාතික සැන්ටා ෂෙ විසින් චීන චාරිත්‍රයට අනුව, දේහය රළු මිනී පෙට්‌ටියක බහා එහි විශාල ප්‍රමාණයක්‌ හුනු දමා කුඩා කන්දක්‌ යට වළලනු ලැබීය. (හුණු දමන්නේ සිරුර නරක්‌වීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමටය)

ආ. මාස දෙකහමාරකට පසු එනම් 1553 පෙබරවාරි 13 වන දින සැක්‌ස්‌ෂන් සිට මලක්‌කාවට නෞකා යාත්‍රා කිරීමේ කාලය පැමිණ ඇති බැවින් පියතුමාගේ ඇටකටු ඉන්දියාවට යෑවීමට සැලසුම් කොට මිනිය ගොඩගන්නා ලදි.

ඇ. මිනී පෙට්‌ටිය විවෘත කර හුණු ඉවත් කළවිට අපේක්‍ෂා කළ පරිදි ඇටකටු සහිත ඇටසැකිල්ලක්‌ දක්‌නට නොතිබුණු අතර සිරුර එදා මියගිය කෙනකුගේ මෙන් ඉතා හොඳ තත්ත්වයෙන් තිබිණ. එසේම ඉන් මිහිරි සුවඳක්‌ද වහනය වන්නට පටන් ගෙන තිබිණ. මෙයින් පුදුමයට පත් පිරිස සිරුර පරීක්‍ෂා කිරීම සඳහා කකුලේ කලවයට කුඩා තුවාලයක්‌ කළ විට ඉන් පිsරිසිදු ලේ වහනය වීමට පටන් ගති. පුදුමයට පත් වූ ඔවුහු ඉන්පසු සිරුර යළි පෙට්‌ටියට දමා නැවතත් හුණුවලින් ආවරණය කර ඒ වනවිට වරායට පැමිණ සිටි “සැන්ටක්‍රෝසෙ” නම් වූ නෞකාවට පටවන ලදී.

ඈ. මෙම නෞකාව ඉන්පසු 1553 මාර්තු 27 වනදින මලක්‌කාවට සේන්දු විය. ඉතා අලංකාර උත්සවයකින් නෞකාවේ සිට එම මිනී පෙට්‌ටිය මලක්‌කාවේ “අවර් ලේඩි ඩි මොන්ටෝ” යන පල්ලියට ගෙන යන ලදී. මිනී පෙට්‌ටිය විවෘත කළවිට පෙරසේම දේහය ඉතා හොඳින් (ඇඳුම් පැළඳුම් ද සහිතව) තිබෙන බැව් නිරීක්‍ෂණය කරන ලදී. ඉන්පසු නැවත වරක්‌ පල්ලිය භූමියේ භූමදාන කරන ලදී.

දේහය මෙවර භූමදාන කළ අයුරු විස්‌තර කර ඇත්තේ මෙසේය. දේහය ඉවතට ගෙන ඝන රෙද්දකින් ඔතා, තෙත බරිත වූ පසෙහි, මිනී පෙට්‌ටියක්‌ ද නොමැතිව, හිසට කුඩා මෙට්‌ටයක්‌ තබා, මුහුණ කුඩා රෙදි කැබැල්ලකින් ආවරණය කර බහාලන ලදී. මිනීවළ දේහයට වඩා ටිකක්‌ කුඩා වූ බැවින් එයබලෙන් ඇතුලට ඔබා පස්‌ දමා තද කරන ලදී. මේ අවස්‌ථාවේදී සිරුරෙහි බෙල්ල කැඩී තුවාලයක්‌ සිදුවී රුධිරය පිටවූ අතර ඉන් මිහිරි සුවඳක්‌ ද වහනය වන්නට පටන් ගති.

ඉ. එම වසරේම අගෝස්‌තු මස සේවියර් පියතුමාගේ හොඳ මිතුරෙකු වූ ජෝන් ඩි බර්ස්‌ නමැති පියතුමා මලක්‌කාවට පැමිණ දේහයට ගෞරවනීය භුමදානයක්‌ දෙනු පිණිස එය යළි ගොඩ ගන්නා ලදී, එතරම් අගෞරව ලෙස කිසිදු ආරක්‍ෂාවකින් තොරව තෙත බරිත පස්‌ගොඩක මාස 5 ක පමණ කාලයක්‌ තිබූ සිරුර කිසිසේත්ම නරක්‌ නොවී තිබුණු බැව් ඔහු නිරීක්‍ෂණය කර ඇත. එසේම ඔහු පහත සඳහන් ලෙස සිරුරෙහි තුවාල ද සටහන් කරන ලදී.

“පස්‌ දමා තද කරනවිට තියුණු ගලක කොනක්‌ වැදීම නිසා මුහුනේ වම් පැත්තේ ගැඹුරු තුවාලයක්‌ ඇතිවී ඇති අතර නාසය තැලී හීරී ඇත. මුහුණ ආවරණය කළ රෙදි කැබැල්ල සහ හිසට තැබූ කුඩා මෙට්‌ටය ලෙයින් නැහැවී තිබේ. ශරීරය ඇතුළේ සිදුවී ඇති තුවාලය නිසා රුධිරය මුවින් පිටවී ඇත.” යනුවෙනි.

ඉහත සඳහන් පුවත්පතෙහි සහ පොතෙහි දේහය පිළිබඳ කරුණු දක්‌වා ඇත්තේ එසේය. දේහය ඉන්පසු ගෝවේවලට ගෙන යැම පිළිබඳවත් ඉන්පසුව එයට සැලකූ ආකාරයත් (එම පොත්පත් ඇසුරින්) මතුවට සඳහන් කරනු ලැබේ. රාහුල හිමිගේ දේහය පෘතුගීසීන් විසින් දොඩන්දූව වරායට ගෙන යැමට තැත් කිරීමේදී ගම්වාසීන් (සිංහලයන්) එය වැළැක්‌වීමට සටන් කරන විට දේහයට තුවාල සිදු විය හැකි බව උපකල්පනය කළ හැක. (දේහයේ තුවාල / කැපුම් තිබෙන බැවින්) නමුත් ආශ්චෛර්යයක්‌ ලෙස නරක්‌ නොවී තිබුණ, පූජකතුමකුගේ දේහයක්‌ ඉතා උත්සවාකාරයෙන් මලක්‌කාවේ වරායේ සිට පල්ලියට රැගෙන ගොස්‌ සාමානය මිනිසකුගේ සිරුරකට සලකනවාටත් වඩා ඉතා කෲර ලෙස (ඉහත සඳහන් කර ඇතිවාක්‌ මෙන්) සලකයිද? එසේ නැත්නම් එය දේහයේ තිබෙන කැපුම් කෙටුම් “සාධාරනීය” කිරීම සඳහා නිර්මාණය කොට ගෙතූ කතාවක්‌ ද? නැතිනම් සාන්තුවරයකුගේ “පින්වත්” දේහයක මෙතරම් තුවාල තිබෙන්නේ කෙසේද?

දේහය නරක්‌ නොවන 'සිඳුඅළුරස' මහිමය ...
රාහුල හිමි දකුණු බාහුවේ කොටාගත් කවි දෙක ...

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.