එල්ලුම්ගහ බොදු ඇසින් දකිමු …

ලොව ඕනෑම රටක බරපතළ අපරාධකරුවකුට හිමිවන උපරිම දඬුවම මරණ දඬුවමයි. එක් එක් රටවල එක් එක් යුගවලදී නොයෙක් ආකාරයේ ක්‍රම උපයෝගී කර ගනිමින් මරණ දඬුවම ක්‍රියාත්මක විය. අප රටේ මහනුවර රාජධානි සමයේදී පමණ දරුණු වේදනාකාරී හා ම්‍ලේච්ඡ ආකාරයේ මරණ දඬුවම් දීම් පිළිබඳ පුරාවෘත්ත හිඟ නොවේ. ඒ අතර උල තැබිම, හිස ගසා දැමීම, ඇතුන් ලවා පෑගවීම වැනි මරණ දඬුවම් ක්‍රියාත්මකව තිබූ බවට සාක්ෂි තිබේ.
රට යුරොපීයයන්ට යටත් වීමට ප්‍රථම වැරැදි කරුවන්ට රාජ අණ අනුව මරණ දණ්ඩනය පමුණුවන ලදි. බොහෝ විට මරණීය දණ්ඩනය ලබා දුන්නේ මිනිසුන් බලා සිටියදීය. උල තැබීම, හිස ගසා දැමීම, ඇතුන් ලවා පෑගීම එදා පැවැති දඬුවම්ය. නමුත් අපේ රට සුද්දන්ට යටත් වීමත් සමඟ මේ දඬුවම් ක්‍රම බැහැර කෙරිණි. නමුත් එක්දහස් අටසිය දහඅටේදී මරණ දඬුවම පැමිණ වීමේ නීතිය නීති සංග්‍රහයට ඇතුළත් කරන ලදී. නමුත් එම නීතිය එසේම තිබියදී එක්දහස් අටසිය දහඅට වසරේ නොවැම්බර් මස විසිහය වැනිදා මහනුවර කැරැල්ලේ දී අත්අඩංගුවට ගනු ලැබු කැප්පෙටිපොල නිලමේ තුමා හිස ගසා මරණ ලදී. වීර මද්දුම බණ්ඩාරටත් ඔහුගේ මවටත් සහෝදරයාට හා සහෝදරියටත් එදා උරුම වූයෙත් ඒ ආකාරයේම වූ ම්‍ලේච්ජ මරණ දඬුවමකි. ඒ ඔහුගේ පියා රාජ දෝහියෙකු වී යයි ශ්‍රී වික්‍රමරාජසිංහ රජු වෙතින් නිරවද්‍ය හා අහිංසක පිරිසකට නිරපරාදේ කෲර මරණ දඬුවමකට යටත් වීමට සිදුවිය.

ලොව පුරා ඓතිහාසික වශයෙන් ඒ ආකාරයේ අති බිහිසුණු හා වේදනාකාරී මරණ දඬුවම් පිළිබඳව පැවසුණු ද අද වන විට කොතරම් බරපතළ සාපරාධී අපරාධයක් කළ අපරාධකරුවකුට වුවත් හිමි කර දෙන මරණය බොහෝ විට අවම වේදනාකාරී හා ක්ෂණිකව ප්‍රාණය නිරුද්ධ වන ආකාරයෙන් සිදු කිරීමට තරම් ලෝක ප්‍රජාව අද වන විට ශිෂ්ටසම්පන්න වී තිබේ.
එහෙත්, ඒ අතර ගල් ගසා මැරීම, ගෙල කපා මරා දැමීම වැනි ශිෂ්ට සමාජයක් කිසි විටෙකත් පිළිනොගන්නා මරණ දඬුවම් ද ඉඳහිට සමහර රටවල් තුළ ක්‍රියාත්මක නොවනවා ද නොවේ.

අපේ රටේ මේ දිනවල බොහෝ දෙනා කතා කරන්නේ එල්ලුම් ගහට පණ දෙන්නටය. හැත්තෑ හයෙන් පසුව වසා දැමුණු වැලිකඩ එල්ලුම් ගහ වසර ගණනක් මකුළුදැල් බැඳී දූවිලි බැඳී, මළකඩ බැඳී තිබිණි. නමුත් පසුගිය දිනවල මකුළුදැල් කඩා, දූලි පිස දමා මළකඩ හූරා පිරිසුදු කර අලුත් කඹ යොදා වැලි බර කිරා අත්හදා බැලුවේය. එල්ලුම් ගහේ කොකු තවමත් සවිමත් ය. ලීවරය ද හොඳින් ක්‍රියාත්මක වෙයි. පසුගිය කාලයේ දී එල්ලුම් ගහට බෙල්ජියමෙන් අලුත් කඹයක් ද ආනයනය කෙරිණි. එපමණක් නොවේ ඉකුත් දිනවල අලුගෝසු තනතුරේ පුරප්පාඩු පිරවීම සඳහා ඉල්ලුම්පත් කැඳවීමට ගැසට් නිවේදනයක් ද නිකුත් කරන ලදී.

රටේ අපරාධ රැල්ල වැඩිවීමත් සමඟ බහුතරය සිතන්නේ දැන් දැන් එල්ලුම් ගස ක්‍රියාත්මක වේවි යැයි කියාය. එමෙන්ම මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම ආදිය සම්බන්ධයෙන් අධිකරණයෙන් වැරැදිකරුවන්ට මරණ දඬුවම ද නියම කෙරෙයි. ඉතිං කවදා ද මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වන්නේ? ළමා අපචාර ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් ද මරණීය දඬුවම ක්‍රියාත්මක වන්නේ නම් හොඳ යැයි එම සිදුවීම් සම්බන්ධව සුසුම් හෙළන්නන්ගේ හා කම්පා වන්නන්ගේ අදහසයි.

එහෙත් දණ්ඩ නීති සංග්‍රහයට අනුව මරණීය දණ්ඩනය හිමිවන්නේ මිනීමැරුම් මත්ද්‍රව්‍ය ජාවාරම්, රජයට, රටේ නායකයාට එරෙහිව කටයුතු කිරීම හා බොරු සාක්කි දීමෙන් යම් අයකු මරණීය දඬුවමට ලක්කළ පුද්ගලයන්ටය.

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ 114 වගන්තියේ රාජ්‍ය වැරදි සම්බන්ධයෙන් 129 වගන්තිය යටතේ හමුදාව තුළ කැරැල්ලක් සංවිධානය කිරීම සම්බන්ධයෙන්, 191 බොරු සාක්ෂි දීම සම්බන්ධයෙන්, 296 යටතේ මිනීමැරීම සිදු කරන අයෙකු සම්බන්ධයෙන්, 299 යටතේ සිය දිවි හානිකර ගැනීමට අනුබල දීම ද මරණ දඬුවමින් දඬුවම් කිරීමට හැකි වැරදි වෙයි. මීට අමතරව අන්තරායකර ඹෟෂධ ආඥා පනත යටතේ මත්කුඩු ජාවාරමේ යෙදීමද මරණ දණ්ඩණය ලැබීමට තරම් බරපතල වරදකි.

වර්තමානයේ බන්ධනාගාර පද්ධතිය කටයුතු කරන්නේ දඬුවම් ලබා දෙන මධ්‍යස්ථානයක් ලෙස නොව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ලෙසිනි.
වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම් ගස ආරම්භ වන්නේ එක්දහස් අටසිය හැත්තෑ එක වසරේදීය. පැරැණි සංඛ්‍යා ලේඛනවලට අනුව එක්දහස් අටසිය හැත්තෑ හත වසරේදී එල්ලා මරා දමා ඇති සංඛ්‍යාව දොළහකි.

එක්දහස් නවසිය පනස් නමය අවුරුද්දේ ඔක්තෝබර් 2 දා විශේෂ ගැසට් නිවේදනයකින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමත් සමඟ එක්දහස් නවසිය හැටේ වසරේ ජූනි දෙවෙනිදා එල්ලා මරා දමනු ලැබුවේ කේ. ඒ. වීරසිංහ නමැත්තාය. එතැනින් පටන් ගත් එල්ලා මැරීමේ ක්‍රියාව එක්දහස් නවසිය හැත්තෑ හයේ ජූලි විසිතුන දක්වා ක්‍රියාත්මක වූ අතර ඉන් පසුව කිසිවෙකු මරණයට පත් නොකෙරිණි. පනස් නමයේ සිට හැත්තෑ හය දක්වා කාලය තුළ අසූනව දෙනෙකු පෝරකයට ගිය අතර ඉන් පසුව පෝරකයට නියම වී සිටි කාන්තාවන් තිදෙනාට හා පිරිමින් එකසිය හතළිස් එක්දෙනකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය. මරණීය දඬුවම නීතිය තවමත් එලෙසින් පැවතුණ ද එය මෙතෙක් ක්‍රියාත්මක වී නැත.

අධිකරණය මඟින් මරණීය දඬුවම් නියම වී එතැන් පටන් සෑම වසරකම සිරකරුවන් එල්ලා මරා දමා ඇති අතර 1915 වසරේ එල්ලා මරා දමා ඇති පිරිස අනූවකි. (ඒ මුස්ලිම් සිංහල කෝලාහලයක් පැවැති සමය යැයි කියනු ලැබේ) ඉන් පසුව එක්දහස් නවසිය හැටේ දශකයේ මුල් වසරවල හතර පස් දෙනකු එල්ලා මරා දැමුණු අතර එක්දහස් නවසිය හැට අට වසරේ දහනව දෙනෙකු ද එක්දහස් නවසිය හැටනවය වසරේ දොළොස් දෙනකු ද එක්දහස් නවසිය හැත්තෑ හතර වසරේදී විසිහතර දෙනෙකු ද එල්ලා මරා ඇත.
අතීතයේ බොහෝ තැන්වල මරණ දඬුවම ක්‍රියාත්මක කරමින් මරණයට පත් වූවෝ සියලු දෙනාම අද මෙන් සාපරාධී අපරාධයක් සිදුකළ අයම නොවෙති. එහෙත්, ඒ කිසිම තැනක කවර හෝ කාන්තාවක් එල්ලා මැරූ බවට සඳහන්ව නැත්තේ කාන්තාවන් එල්ලා මැරීමේ දඬුවමට යටත් නොවන නිසා යයි යමෙකු සිතිය හැක. එහෙත්, නීතියේ කිසිදු තැනක මරණ දඬුවම කෙරෙහි ස්ත්‍රී පුරුෂභාවය බලපානු ඇතැයි නොපැවැසේ. අතීතයේ කෙදිනක හෝ කාන්තාවක් එල්ලා මරා නැත්තේ මරණ දඬුවම ක්‍රියාත්මකව පැවැති ඒ යුගයේ කිසිදු ගැහැනියක අතින් මරණ දඬුවමකට ලක්විය යුතු ආකාරයේ දරුණු අපරාධයක් සිදු වී නොතිබුණ නිසාවෙනි. එසේ නොවන්නට ඇය වයස අවුරුදු 18 ඉක්ම වූ ගර්භණී තත්වයේ පසු නොවන කාන්තාවක නම් ඇයට ද මරණ දඬුවමේ බලපෑම එක හා සමානය.
අතීතයේදී නම් කුමන අපරාධකරුවෙකුට වුවත් අධිකරණය මගින් මරණ දඬුවම ප්‍රකාශයට පත්කරන මොහොත අතිවිශේෂ භාවාතිශය අවස්ථාවක් විය. මරණ දඬුවම ප්‍රකාශයට පත් කරන ඒ මොහොත විදුලි බුබුළු නිවා දැමූ විදුලි පංකා ක්‍රියාවිරහිත කළ මුළු අධිකරණ භූමියම නිහඬතාවයට පත් වුණ මොහොතකි. එය ප්‍රකාශයට පත් වන්නේ ද ඉටිපන්දම් ආලෝකයක ආධාරයෙනි. මරණ දඬුවම නියම කරමින් අත්සන යොදන පෑන පවා විනිසුරුවරයා දෙකඩකර නැවත පාවිච්චි නොකළ හැකි තත්ත්වයට පත් කෙරේ. එලෙස මරණ දඬුවම නිකුත් කරන විනිසුරුවරයාද ඉන්පසුව විනිසුරු අසුනින් බැස එදින උසාවියේ ඉදිරි රාජකාරිවලින් වැළකී සිටින බවද පැවැසේ.
එදා මරණ දඬුවමට යටත් වුණු අපරාධකරුවා ද තමන්ට හිමි වුණ දඬුවම අසා බොහෝ විට හඬා වැටුණු බවත් සමහර අය සිහිනැතිව ඇද වැටුණු බවටත් සාක්ෂි තිබේ. එහෙත් වර්තමානයේ මරණ දඬුවමක් ප්‍රකාශයට පත් කරන අවස්ථාවන්හිදී පෙර කී ආකාරයේ කිසිදු ක්‍රියාවක් අධිකරණය තුළ සිදු නොවේ. එසේම ඊට යටත් වන අපරාධකරුවාට ද ඒ උපරිම දඬුවම පිළිබඳව ඒ හැටි ලතවිල්ලක් ඇති වූ අයුරක් නොපෙනුණු අවස්ථා බොහෝය.
ඒ අතීතයේ මරණ දඬුවම අසා හඬා වැලපුන අපරාධකරුවන් වෙනුවට තමන්ට හිමිවුණු දඬුවම පිළිබඳව අසා මහ හඩින් සිනාසුණු අපරාධකරුවන් පිළිබඳවත් මෑත යුගයේ අසන්නට තිබේ. එය බරපතළ සමාජ අර්බුදවලට තුඩු දෙන තත්ත්වයකි.

ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා අගමැති ධූරයට පත්වීමත් සමඟ එල්ලුම් ගහේ මරණීය දණ්ඩනය අත්හිටවූ අතර එක්දහස් නවසිය පනස්නවය වසරේ ඔක්තෝබර් 02 දා විශේෂ ගැසට් නිවේදනයක් මඟින් එල්ලුම් ගහ යළිත් ක්‍රියාත්මක කරන ලදි. බණ්ඩාරනායක අගමැති ඝාතනයට සම්බන්ධ තල්දූවේ සෝමාරාම හිමි එල්ලා මරන ලද්දේ 1962 ජුලි 06 වැනිදාය. නමුත් සෝමාරාම හිමි පෝරකයට ගියේ බෞද්ධයකු ලෙසින් නොව කිතු දහම වැලඳ ගත් අයකු ලෙසිනි. එය එසේ වූයේ ඔහු බේරාගන්නා බවට ඇන්ග්ලිකන් පූජකවරයකු දුන් පොරොන්දුවක් නිසාය. හැටේ දශකයේ මුලදී වීරසිංහ නමැත්තාගෙන් යළිත් ක්‍රියාත්මක වූ එල්ලුම් ගස එක්දහස් නවසිය හැත්තෑ හයේ ජූලි විසිතුන් වැනිදා දක්වා ක්‍රියාත්මක විණි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ජනරජ දිනය සැමරීම නිමිත්තෙන් ඇය මරණීය දඬුවමට අනුමැතිය දුන්නේ නැත. හැත්තෑ හතෙන් පසුව මේ දක්වා මරණ දඬුවම ක්‍රියාත්මක නොවේ. එහෙත් අවසන් වරට වැලිකඩ පෝරකයට ගිය ඇඹිලිපිටියේ ජේ. ඒ. චන්ද්‍රදාස නොහොත් “හොඳ පපුවා” පිළිබඳ මතකය හිටපු විශ්‍රාමික බන්ධනාගාර අධිකාරී ලාල් ඒ. වික්‍රමසිංහ මහතායමෙලෙසින් අවදි කරයි..

“සාමාන්‍යයෙන් මරණ දඬුවමට නියම කරපු කෙනෙක් සිර ගෙදරට ආවම ඔහුට අඳින්න දෙන්නේ නිල් කොටු රෙද්දයි අමු රෙද්දෙන් මහපු කමිසයයි. මරණීය දණ්ඩනයට නියම වූ කෙනා වැලිකඩ බන්ධනාගාරයට ගෙනාවට පස්සේ ඔහුගේ පූර්ණ අයිතිය තියෙන්නේ බන්ධනාගාරයට. ඔහු බාරගන්නේ නිලධාරීන් දෙදෙනෙක්. ඊට හේතුව තමයි ඒ තැනැත්තා එල්ලා මරණ දවසට අඩුම තරමින් ඒ එක නිලධාරියෙක් හෝ එතැන ඉන්න ඕන. සිරකරුවාව නිර්වස්ත්‍ර කර සෝදිසි කර බලනවා. ඔහුගේ ශරීරයේ ලප කැළැල් තියෙනවානම් ඒවාත් ඔහුගේ ලිපි ගොනුවේ සටහන් කරනවා. ඔහු ලියාපදිංචි කරනවා. එහිදී නම, වයස, ගම, අම්මගෙ, තාත්තගෙ නම ඔවුන්ගේ විස්තර දරුවන් පිළිබඳ විස්තර, පාසල, සමත් වූ පන්තිය මේ සියල්ලම සටහන් කරනවා. ඉන් පසුව ඔහුට දෙනවා නොම්බරයක්. ඉන්පසු ඔහුට ඔහුගේ නමවත් අයිති නැහැ. සිරකරුවාට බාහිරින් ගේන කිසිම දෙයක් ළඟ තබා ගන්න බැහැ. අඩුම තරමේ මංගල මුදුවවත් තියාගන්න අයිතියක් නැහැ. කොහු මෙට්ටයක් ඇතිරිල්ලක්, කෝප්පයක්, බෙලෙක් පිඟානක්, තුවායක්, ජලය තබා ගන්න භාජනයක්, වැසිකිළි කැසිකිළි යන්න පෝච්චියක් ඔහුට ලබා දෙනවා.

ඒ කාලේ මරණීය දණ්ඩනයට නියම වූ කෙනාට සිර මැදිරියක් දෙනවා. එය තියෙන්නේ එල්ලුම් ගහ තිබෙන ගොඩනැඟිල්ලේ සිර මැදිරි පේළියේ. මේ අයව දවසට පැය භාගයක් එළියට ගන්නවා. ව්‍යායාම කරන්න ඉර එළිය වැටෙන්න. සිරකරුවාට ඔහුව එල්ලා මරණ දිනය කියන්නේ දින දහයක් ඉදිරියට තියලා. ඒ කාලේ මම හිටියේ මේ වාට්ටුවේ. ජේලර් කෙනකුට අමාරුම දේ තමයි සිරකරුවා එල්ලා මරන්න නියම වූ දිනය ඒ කෙනාට කියන එක. චන්ද්‍රදාස මරන්න නියම වූ දිනය ඔහුට කියන්න ඕන දවසේ මම පුදුම වේදනාවක් වින්දේ. ඔවුන් සිර ගෙදරට ආවට පසුව ඉන්න එකම ඥාතියා, මිත්‍රයා, අපි. මම සී වෝඩ් එකට ගියා. මම විසිපස් වතාවක් විතර එහාට මෙහාට ගියා. හවස හතර වෙනකොට ඔහුව එල්ලා මරණ දිනය පිළිබඳව ඔහුට දැන්නුවා කියලා ප්‍රධාන ජේලර්ට වාර්තා කරන්න ඕන. මම එහෙට මෙහෙට යනකොට ඇතුළේ මැදිරිවල ඉන්න අය අහනවා ඇයි සර් ප්‍රශ්නයක් ද කියලා. ‘මහත්තයෝ අපේ නමත් තියෙනව ද? නියමිත දිනය තියෙනව ද කියලා ඒ අය අහනවා. අහවල් දවසේ එල්ලා මරනවා කියලා කියාගන්න අමාරුයි. මම බොහොම අමාරුවෙන් චන්ද්‍රදාසට ඒ බව කිව්වා.

දිනය නියම වුණාට පසුව සිරකරුවාගේ ගෙදරින් කාටහරි දිනපතා ඔහු බලන්න එන්න පුළුවන්. ඔහුගේ අම්මා දිනපතා ආවා. ඔහු අම්මට නම් ලැයිස්තුවක් දුන්නා ඔහුව බේරාගන්න ඒ අයව හමුවෙන්න කියලා. ඒත් ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. ඔහු අම්මගෙ ගුණ සිහිකර කර ඇඬුවා. ඔහොම ගිහිල්ලා නියමිත දිනය ආවා. ඔහු උදේම අවදි වෙලා මුහුණ සෝදලා පිරිසිදු වුණා. රැවුල කැපුවා. උදේ ආහාර ගන්නවා. ඔහුට ඇඳුම් අන්දනවා. කමිසය කලිසම සුදු ඇඳුම අන්දනවා. අවසන් බණ අහන්න සලස්සනවා. ඒ සඳහා භික්ෂුන් වහන්සේ නමක් සිර මැදිරියට එනවා. ඉන පටිය, දෙපැත්තේ විලංගු දෙක, වළලුකර විලංගු ආදිය සියල්ල පලඳනවා. කකුලට විලංගු දැම්මම අඟල් විසි හයක් විතර කකුල් එහාට මෙහාට කරන්න පුළුවන්. ඉන් පසුව ඔහුව සිර මැදිරියෙන් එළියට ගේනවා. එතැන ඉදිරිපස බිත්තියේ තියෙනවා කණ්ණාඩියක්. එකෙන් ඔහුට අවසන් වරට ඔහුගේ මුහුණ බලාගන්න පුළුවන්. සමහරු කණ්ණාඩියට බණිනවා. කෙළ ගහනවා. මෙච්චර කල් දැඟලුවේ මේකට ද අහනවා. ඊට පස්සේ උදේ 8 වන විට ඔහුව එල්ලුම් ගහ ළඟට ගේනවා. ඇතැම් අය ඒ වන විට බාගෙට මැරිලා. ප්‍රධාන ජේලර්, භාරගත් නිලධාරීන් දෙදෙනා අංශ භාර නිලධාරියා, බන්ධනාගාර අධිකාරි, වෛද්‍යවරයා මේ නිලධාරීන් පෝරකය ළඟ ඉන්න ඕන. උදේ අට වන විට මුළු බන්ධනාගාරයම නිහඬයි. නියමිත වේලාව උදේ අට වුණත් අටයි පහ වනතුරු බලනවා. ඉන් පසුව හරියටම අටයි පහට අධිකාරීවරයා සංඥාවක් නිකුත් කරනවා එවිට අලුගෝසුවා ලීවරය අදිනවා. ලෑලි දෙක ඈත් වෙනවා. වෛද්‍යවරයා යට කාමරයට ගිහින් සිරකරුවාගේ සිරුර බලා ඔහු මියගිය බව තීරණය කරනවා. මේ අත්දැකීම ලැබුවේ අන්තිමටම එල්ලා මැරු චන්ද්‍රදාසට මරණ දඬුවම දුන් දවසේයි.”

ඒ මහතා සදහන් කල පිරිදිම තොරතුරු සෙවීමේදී මේ අයුරින් තවත් තොරතුරු ලබාගැනීමට හැකිවිය. ලංකා නීතිය යටතේ ජනාධිපතිවරයා නියම කරනු ලබන දිනයකදී එල්ලා මැරීම සිදු කරයි. මරණ දඬුවම නියම කරනු ලැබූ පුද්ගලයන් සිර මැදිරිවල වෙන වෙනම තබනු ලැබේ. දිනකට ශාරීරික ව්‍යායාම සඳහා පමණක් සීමිත වෙලාවක් එකී සිර මැදිරිවලින් එලියට ගනු ලැබේ. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙරදින පෝරකය අසල ඇති වෙනත් කාමරයක අවසාන දින රාත්‍රියේ රඳවා තබනු ලැබේ. එහිදී ඔහුගේ බර කිරා එම බරට සරිලන වැලි ගෝනියක් එල්ලා එල්ලුම් ගසේ ලණුව ක්‍රියාත්මක කර පරීක්ෂණයක් කරනු ලැබේ. සිරකරු කෑමට කැමති ආහාරයක් පිළියෙල කර දෙන අතර අවශ්‍ය නම් විස්කි ස්වල්පයක් ද බීමට දෙනු ලැබේ. තවද තමා කැමති ආගමික පූජකවරයෙක් ගෙන්වා ධර්ම දේශනාවක් ද කරනු ලැබේ. එක්තරා අවස්ථාවකදී මරණ දඬුවම ලබා සිටි සිරකරුවකුගේ අවසාන ඉල්ලීම වූයේ මොහිදීන් බෙග් නම් ගායකයා ලවා ගීතයක් ගායනා කරවා ගැනීමයි. ඒ අයුරින්ම කැමැත්ත ඉටුකරවා දුන් බවත්, පසුව සිරකරු පෝරකය වෙත ගියේ තමාම ඒ සින්දුව ගායනා කරමින් බවත් පැවසේ.

එල්ලුම් ගස ක්‍රියාත්මක කරන පුද්ගලයා අලුගෝසුවා යන නමින් හඳුන්වයි. වර්තමානයේ නම් අලුගෝසුවා යනු කාර්යයන් කිරීමකින් තොරව වැටුප් ලබන්නෙකි. විශේෂයෙන්ම එයට හේතු වී ඇත්තේ එල්ලුම්ගහට ලැබුණු විරාමයේ පිහිට අලුගෝසවාටද ලැබී ඇති බැවිනි.මරණ දඬුවම ක්‍රියාත්මක කරන දින උදෑසන අදාල චෝදිත පුද්ගලයාට විශේෂ ඇඳුමක් අන්දවනු ලැබේ.එකී ඇඳුම ඇන්ද වූ පසු අත්දෙක සෙලවීමටවත් අවස්ථාවක් නොමැත.

එල්ලුම්ගහ ක්‍රියාත්මක වන දිනයේ අදාල අඳුරු කාමරය තුල එල්ලා මරණු ලබන්නාගේ නම දිනය සඳහන් කොට ඇත. එල්ලීමේ දී බෙල්ල සිරවීමෙන් උගුරු දණ්ඩ කැඩීයාමක් සිදුවේ. මුහුණ වැසීම හෝ නොවැසීම සිදු කරන්නේ අදාල දඬුවම ලබන්නාගේ මනාපය පරිදිය. මරණ දඬුවම ක්‍රියාත්මක වූ පසු වෛද්‍යවරයෙකු විසින් අදාල සිරුර පරීක්ෂා කර හරියටම මිය ඇද්දැයි පරීක්ෂා කරනු ලැබේ. ඹහු එවිටද මියාගාස් නැතිනම් නැවත එල්ලුම්ගහ ක්‍රියාත්මක කොට මරා දැමීමට නොහැකිය. අදාල පුද්ගලයාගේ ශරීරය වලදැමූ පසුව ඒ මත පස් ගොඩගසනු නොලැබේ. එයට හේතුව ඔහු වරදකරුවෙකු ලෙස දඬුවම් ලබා මිය යාමයි.අප මෑතකදී සදාම් හුසේන් නම් හිටපු නායකයෙකුට එරෙහිව වර්ග ඝාතනය සිදු කිරීම වෙනුවෙන් ලබාදුන් මරණ දඬුවම ප්‍රසිද්ධියේ මාධ්‍ය ඔස්සේ දැක ගතිමු. එය එල්ලුම්ගහක් ක්‍රියාත්මක වන ආකාරය ලෝක ප්‍රජාවටම දැකගත හැකිවූ සුවිශේෂ අවස්ථාවක් වෙයි.මේ ආකාරයට බලන විට එල්ලුම්ගහ මරණ දඬුවම ලබාදීමේ දී උපයෝගී කරගන්නා ක්‍රම අතර තවම ප්‍රමුඛ ස්ථානය හිමි කරගෙන ඇත.
සිරකරුවා එල්ලා මරණ දිනයට පෙර දින අලුගෝසුවාට ද වෛද්‍යවරයාට ද රාජකාරියක් ඇත. ඒ සිරකරුගේ බර මැන ඒ අනුව වැලි බර යොදා එල්ලුම් ගහේ ලණුව කොපමණ දික්විය යුතු දැයි කියා බැලීමය. වැලිකඩත්, බෝගම්බරත්, සේවය කළේ එකම අලුගෝසුවන්ය. හැත්තෑව දසකයේදී අලුගෝසුවන් ලෙස කටයුතු කරනු ලැබුවේ පව්ලිස් සිංඤෝ හා ලුවිස් සිංඤෝය. ලුවිස් සිංඤෝ විශ්‍රාම යාමෙන් පසුව එම තනතුරට පත්වූයේ විජේතුංග නමැත්තෙකි. ඒ එක්දහස් නවසිය හැත්තෑ හය වසරේදීය. එහෙත් ඔහුට එකදු සිරකරුවකු හෝ එල්ලා මරන්නට අවස්ථාව නොලැබිණි. ඔහු විශ්‍රාම යාමෙන් පසුව ඔහුගේ පුතකු වන සුමේධ විජේතුංග එම තනතුරට පත්විය. ඒ දෙදහස් එක වසරේදීය. ඒ වන විටත් එල්ලුම් ගස ක්‍රියාත්මක නොවිණි. සුමේධ බන්ධනාගාර නියාමක තනතුරකට පත්වීමත් සමඟ මේ දක්වා අලුගෝසු තනතුර පුරප්පාඩුව පවතී.

මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ මරණීය දණ්ඩනය නියම වූ සිරකාරියන් විසි අටක් ද, පිරිමි අංශයේ දෙසීය විසි පහකට වැඩි සංඛ්‍යාවක් ද සිටිති.

“එල්ලා මරන්නේ කවදා ද?”

තීරණයක් නැත. එහෙත් දිනෙන් දින වැඩිවන අපරාධ රැල්ල හමුවේ සමාජයට එල්ලුම් ගහක අවශ්‍යතාව ඉස්මතු වී තිබේ. කවදා ද මෙය යළි ක්‍රියාත්මක වන්නේ. අප විමසූයේ පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ඒ. දිසානායක මහතාගෙනි.

“සමාජයේ දිනෙන් දින අපරාධ වැඩිවන බවයි අද අපට පෙනෙන්න තියෙන්නේ. ළමා අපචාර සම්බන්ධයෙන් තිබෙන නීති ප්‍රමාණවත් නැහැ. මේ නීති ප්‍රතිසංස්කරණය විය යුතුයි. ඇමැතිතුමා මේ සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක ඉන්නවා. ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ සම්බන්ධව වැරැදිකරුවන්ට නිවාස නිවාඩු හෝ බලපත්‍ර මත යාමේ ක්‍රමය අනුමත නොකිරීමට එතුමා නියෝග කරලා තියෙනවා. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට යැයි කිව්වොත් අපි ඒ පිළිබඳව කටයුතු කරනවා. අලුගෝසු තනතුරේ පුරප්පාඩු තිබුණත් වෙනත් කෙනෙකු යොදවා හෝ එය කරනවා. නමුත් මේ වන විට අලුගෝසු තනතුර සඳහා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයෙන්ම ඉල්ලුම්පත්‍ර ලැබෙමින් පවතිනවා. ඉදිරියේදී මේ පුරප්පාඩුව පුරවනවා.”

යහලුවනේ මේ කරුනුවලින් මා ගෙනහැර දක්වන්නට උත්සාහ කලේ එල්ලුම් ගස කුමක්ද සහ ඒ සම්බන්ධව විධිවිධානයන්ය. දැන් අපි බෞද්ධයන් වශ‍ෙයන් මේ එල්ලුම්ගහ අප රටට කෙතරම් දුරට ගැලපෙනවාදැයි සොයා බලමු. බෞද්ධයා යනු පරම අවිහිංසාව මුල්කොටගත් ජනතාවක්. බුදු දහම තුල කිසිදු ප්‍රාණියෙකු මරා දැමීම හෝ මරණයට අනුබලදීම බරපතල පාපකර්මයිකි. නමුත් දඬුවම කියන සංකල්පය බුදුදහම තුලින් බැහැර වී නැත යමෙක් වරදක් කලේද ඒ වෙනුවෙන් ඔහුට දඬුවමක් දීම බුදුපියාණන් වහන්සේ පවා අනුදැන වදාල සේක. එපමණක්ද නොව බුදුපියාණන් වහන්සේද දඬුවම් ක්‍රියාත්මක කල අවස්ථා දක්නට ඇත. එහෙත් ඒ සදහා විධිමක් ක්‍රියාමාර්ග ඇත. යමෙක් සුලු වැරැද්දක් කලේනම් පළමුව ඔහුට අවවාද කිරීමත් දෙවනුව දෝෂාරොපණය කිරීමත්, තුන්වනුව ( සසුනෙන් පිටනම් උදාහරණ ගුරුවරයෙකු) ඒසදහා පහර කිහිපයක් ගසා‍ හෝ ඊ වැඩි දඩුවමක් දීම, එසේත් නැතිනම් පළවා හැරීම වැනි ක්‍රමික උන්නතියක් ඇතිව දඬුවම ක්‍රියාත්මක වේ.
දේවදත්ත හාමුදුරුවන්ටද තුන්වන ක්‍රියාව හැර ( පහරදීම ) අනික් පියවරයන් ක්‍රියාත්මක විය. බුදුසුන තුල ශාරීරික දඩුවම් ක්‍රියාත්මක නොවන හෙයින් අවසනදී ඔයු නොසලකා හැරීම සිදුවිය. එසේම කොසඹෑනුවර ධර්මධර විනයධර භික්ෂූන් අතර ගැටුමේදී බුදුපියාණන් වහන්සේ ඔවුන් අතහැර යාම මීට කදිම උදාහරණයන්ය. එපමණක්ද නොව ඡන්න තෙරුන්වහන්සේ වෙනුවෙන් පැනවූ බ්‍රහ්ම දණ්ඩනයද මීට කදිම උදාහරණයන්ය.
යහලුවනේ වරක් කේසිය නම් අශ්වයන් දමනය (අශ්වධම්ම සාරථි)කරන්නකු බුදුහිමියන් දක්නට පැමිණි අවස්ථාවකදී ඔහු සදහන් කලේ අශ්වයන් හොදින් හෝ නරකින් දමනය කරන බවත් එසේ නොහැකි උවහොත් තමන්ගේ ලරුත්වය රැක ගැනීමට අශ්වයා මරා දමන බවත්ය. එවිට බුදුහිමියන්ද මටත් මා‍ෙග් ශ්‍රාවකයන් හොදින් හෝ නරකින් දමනය කිරීමට නොහැකනම් මරා දමමියි පැවසූ සේක. එවිට ‍ෙක්සිය ඇසුයේ “ස්වාමීනී ආර්යයන් වහන්සේලාට මරණ කිරීම අකැප” බවයි. එවිට බුදුහිමියන් දීර්ඝ දේශනාවක් කරමින් දක්වා සිටියේ හොදින් කියා හෝ නරකින් කියා බැරි උනොත් ඔහු අත්හැර දමන බවයි. එය මරාදැමීම ලෙස අර්ථ දැකුවූ බවයි.‍‍‍.

යහලුවනේ අ‍ෙප්රටේ අපරාධකාරයො නෑ කියනව නෙවෙයි. නමුත් ගහක් කපන්න කපන්න ඒගස නැවත දලුදානව වගේ මිනිස්සු මරණ මරණ පලියට අපරාධකාරයන් නවත්තන්න බැහැබෛාවෙනව. එහෙම පුලුවන්නම් අද උපරිම දඩුවම් ක්‍රියාත්මක වන අරාබිය ආදී මුස්ලිම් රටවල එක අපරාධයක්වත් සිදුවන්නේ නෑ. එත් බලන්න වාර්ෂිකව මොනතරම් මිනිසුන් අරාබියේ පවා ඝාතනය වෙනවද? මිනිසුන් දඬුවම් වලට කොයිතරම් බය උනත් අවස්ථාව ආපුගමන් වැරදි කරන්න පෙළඹෙනව. අන්න ඒනිසා ගසක් කපල දැම්මට ආයිත් දලු දානව වගේ අපරාධකරුවන් බිහිවීම වලකවන්න බෑ.
යාලුවනේ අපරාධකාරයෙක් බිහිවීමට හේතුව ඒමනුස්සයගෙ නොහොබිනකම කියලම කියන්න බෑ. අපරාධයක් සිදුවන්න ඒ අපරාධය කල මිනිසා වගේම බාහිර සමාජයත් වගකියන්න ඕනි. ස්ත්‍රී දූෂණයක් උදාහරණ කොට ගන්න. ඒකට ඒ මනුස්සය වගේම බාහිර සමාජය වගකියන්න ඕනි. 1977 ජේ.ආර්. ජයවර්ධනයන්ගේ විවෘත අරාථිකයත් සමග ගලාගෙන ආ විදෙස් කුණුකන්දල් සමග අපේ හැදියාවත් හෝදගෙන ගියා. එතෙක්කල් ආරක්ෂා වී තිබූ සංස්කෘතිය, සභ්‍යත්වය විනාශ වී ගියා. සංස්කෘතික වැටකොටුවලින් ආරක්ෂා වී තිබූ මනස විවෘත ආර්ථිකයට විවෘත වීමෙන් පසු අපේ ඇත්තන්ට උන්හිටිතැන් අමතක උනා. කාමුක බලපෑම් ඍජුවට එල්ලවීම නිසා මිනිස් මනස අවුල් උනා. මෑතකාලයේ සමස්ථ ලංකා බෞද්ධ කාන්තා සම්මේලනයේ ප්‍රධාන පුටුවක් අල්ාගෙන හිටි තැනැත්තියකගේ ස්වාමි පුරුෂයා වූ ටෙලිකොම් සභාපතිධූරය දැරූ අයෙක් තමයි ලංකාව පුරා නිල්පත්තර බෙදාහැරියේ. බෞද්ධ ලේබල් ගහගෙන ඒවට මුවාවී කටයුතු කරන රත්තරන්වාහිනීවල ඉන්න අයත් වගකියන්න ඕනි මේ සමාජයට කරන හානියට. පාර්ලිමේනුතව කියන උත්තරීතර ආයතන වල ඉන්න සමහරුත් මේවගෙ වග උත්තර කාරයො. ඉතින් ඕව කාමුක අපරාධවලට හේතුවක් නෙවෙයිද? එන හැම විලාසිතාවක්ම කරට ගන්නා අපේ ගැටිස්සියෝ සිරුරින් 99% කම් එලියට දමාගෙන තාරුණ්‍යයේ නිදහස බුක්ති විදිති. තිරිසන් කාම ආශාවෙන් සන්තර්පණය කරගැනීම යටිහිත තුල තියාගෙන විලාසිතා යන නමට මුවාවී මිනිසුන්ගේ සිත්වලට බලපෑ් කිරිම ඔවුන්ගේ අරමුණයි. තමන්දෙස අන් අයගේ ආකර්ෂණය දිනාගැනීමට සිරුරේ රහස්තැන් පවා ප්‍රදර්ශනය කිරීමට පෙලඹෙති. මෙය මානසික රෝගයක් වන අතර එය මනෝ විද්‍යාවේදී ප්‍රදර්ශන කාමයලෙස හදුන්වයි. එවන් අදුම් ඇදන් පොදු ප්‍රවාහන්සේවාවල යාමට තරම් මේ ඇත්තියන්ගේ මානසික රෝගයන් උත්සන්න වී ඇත. යන්තම් හෝ පිරිමියෙකුගේ අතක් වැදුන විට තමන්ගේ පිරිසිදුබව පෙන්වීමට මහ හයියෙන් කෑ ගසති. බස්රථය තුල ඉන්න පිරිමින්ද ඇය ඉදිරියේ ලකුණු දමා ගැනීමට අරපුද්ගලයාට අපහාස කරමින් ඔහුට පහරදී තවදුරටත් නීතියට බාරදෙති.
මම ඔබට හොද උදාහරණයක් කියන්නම්. වරක් බස්රථයක සිටි තරුණියක් මත සිය අත ගැටුනු තරුණයෙකුට අර තරුණිය සිය හැදියාව පෙන්වීමට සිය පාවහනක් ගලවා තරුණයෙකුගෙ මුහුණට එල්ල කලාය. තරුණයාට සිදුවූ ලැජ්ජාව පලිගැනීමක් බවට පත්උනා. අන්තිමේදී දින කිහිපයකට පසු පාලු වලක තිබී තරුණියගේ මළ සිරුර සොයාගත්තා. ඔන්න තරුණ මදයක තරම.
මා තවත් උදාහරණයක් දෙන්නම්. කාන්තාවක් සිය සැමියා නැති අතරතුර තරුණයෙක් සමග යහන්ගත විය. ස්වාමියා නිවසට පැමිණිබව දුටු ඇයි මහ හයියෙන් කෑගසමින් තමන් බේරාගන්නා ලෙස උදව් ඉල්ලුවාය. අර අසරණ තරුණයා පිට වරද පැටවිනි. බස්රථයක් තුලද තරුණයෙක් හා තුරුලුවෙමින් සිටි තරුණියක් එය මගීන් දුටුවිට කෑගැසූ බවද මා අසා ඇත. සිරුරට ඇලී සිටින ආදියේ අදුම් අදිමින් නිරුවත පෙන්වා ආතල් ගන්නා මෙවන් අසමජ්ජාති හැතිරියන් නිසා අද සමාජය මොනතරම්නම් දූෂණය වී ඇතිද? ඉතින් කාම අපරාධවලට තරුණයන් පමණක් ඍජුව වගකිව යුතුද?

මා කියන්නේ තරුණයන් නිවැරදි බව නොවේ. නමුත් කාම අපරාධවලට තරණියන්ද 50%ක්ම වගකිව යුතු බවයි. ඔය අතර ඉතාම හැදියාවක් ඇති විහාරමහාදේවියන්ද නැතිවා නොවේ. ඔවුන්ට තරුණයන්ගෙන් සිදුවන අකටයුතු පැහැදිලිවම හෙලාදකිමි.

යහලුවනේ මිනී මැරුම් සම්බන්ධව ද ඔයදේම සිදුවනබව මා පෙන්වන්නම්.. තම දුවට පුතාට හදිසි රෝගයක් වැලදී බෙහෙත් ගැනීමට මුදල් නැතිවූ පියෙකු ණයට අතමාරුවක් ඉල්ලාගැනීමට ගියවිට ණය දෙන තැනැත්තා තිරිසනෙකු ලෙස බැණවැදී අර අසරණයා එලවා ගන්නා අවස්ථාවකදී ඔහුට පහර දී මරා දැමීම ගැන ඔබ සිතන්නේ කුමක්ද? තමා වැඩඇරී ගෙදරට එනවිට කාමාතුරයෙකුගේ සිරුරට යටවී බේරීමට උත්සාහ කරන සිය මව බේරාගැනමට කාමාතුරයාට පහරදුන් පුතකු අතින් සිදුවන මරණය ගැන ඔබ සිතන්නේ කුමක්ද? යහලුවකුට විහිලුවක් කිරීමට යාමේදී එය දුරදිග ගොස් යහලුවා මියගිය අවස්ථාවක් ගැන ඔබ සිතන්නේ කුමක්ද? ධනපතියෙකු අතින් මියගිය පුද්ගයකුගේ වගකීම මුදල් වෙනුවෙන් බාරගෙන පසුව මරණීය දණ්ඩනය නියම වූ අසරණ දරු පියෙකු ගැන ඔබ සිතන්නේ කුමක්ද? තම පුතා අතින් මිනිසෙකු මැරුණ විට පුතාගේ අනාගතය ආර්ක්ෂාකර ගැනිමට පියා ඒවෙනුවෙන් එල්ලුම්ගහට යාම මොනතරම් ශෝචනීයද? මත්පැන් මත් ද්‍රව්‍ය නිසා මොනතරම් අසරණයන් මරණීය දණ්ඩනයට යටත් වේද? ඉහල පුටුවල ඇත්තන්ට රජ සැප විදීමට අපේ අසරණ තරුණයන් මත්කර මොළය අවුල් කිරීම මොන තරම් අපරාධයක්ද? යහලුවන්සමග සිටීම නිසා මත්වීමෙන් සිහිවිකල් වූ අසරණයන් අතින් සිදුවන වැරදිවලට වග කියන්නේ කවුද?
නීතිය යනු තර්කය මත පදනම් වූවක් මිස සත්‍යය මත පදනම් වූවක් නොවන බව අප අවිවාදයෙන් පිලිගන්න ඕනි යාලුවනේ. සත්‍ය වශයෙන්ම ද්වේශයෙන් සිදුකල මිනී මැරුමක් ගොයම් කොළයක් පෙන්වා නිදහස් කරගත් අයුරු ඔබ අසා තියෙනවාද? යහලුවනේ අපි කුඹුරක ගොයම් කපල ගොඩගහපුවම ඒ ගොයම් කොළ ගොඩට කියන්නෙ ගොයම් කොළය කියල බව ඔයාල දන්නව නේද? මේ ගොයහ් ගොළයක් අඩි හත අටක් උසයි. විශ්කම්භයත් අඩි දහයක්වෙන වෙලාවල් කියෙනව. වරක් පුද්ගලයෙක් තුවක්කුවක් රැගෙන ඇවිත් මේ ගොයම් කොළයකට මුවා වී තව අයෙකුට වෙඩි තබා මරා දැම්ම. සාක්ෂි වශයෙන් ලියැවී තිබුනේ ‍අසවලා මොහුට ගොයම් කොළයකට මුවා වී වෙඩිතබා මරා දැමූ බවයි. ප්‍රසිද්ධ නීතීඥයෙක් ඒ නඩුවට පෙනී සිටිමින් ගොයම් ගසක කොළයක් පෙන්වා මේ ගොයම් ‍ෙගසේ කොාළයට මුවා වී වෙඩිතැබීම සිදුකල නොහැකි බවත් මේ චෝදනාව බොරුවක් බවත් කියා සිටියා. වෙඩි තැබූ මිනිසා නිදහස්ය. මේ මොනතරම් අපරාධයක්ද? තව වරක් ප්‍රසිද්ධ නගරයක් මැදදී පුද්ගලයෙක් වෙඩිතබා මරල දැම්ම. මැරුවෙ මෙහෙමයි. රයිපලයක් දික්කර අයට වසාගත් පිස්තෝලයකින් වෙඩි තියලයි. සාක්ෂි වශයෙන් ලියැවුනේ රයිපලයෙන් වෙඩි තැබූ බයයි. නමුත් මරණ පරීක්ෂණයේදී පිස්තෝලයකින් වෙඩි වැදී ඇතිබව කියැවුනා. ඔහු නිදහස්. ඔන්න අපේ නීතිය. පුතා අතින් මියගිය පුද්ගලයෙක් පුතා රැකගැනීමට පියා මරණීය දණ්ඩනය ලද අවස්ථා එමටය. මොනතරම් අපරාධයක්ද? මේවාට නීතියට බැණ වැඩක් නැත. එය නීතියේ ස්වභාවයයි. එසේනම් අප කලයුත්තේ කුමක්ද?

යහලුවනේ මරණීය දණ්ඩනය වැරදි කීමට උත්සාහ කරනව නොවෙයි. සමාජය විසින් පුද්ගලයෙකුට මරණීය දණ්ඩනය නියම කිරීමට පෙර සමාජය පිරිසිදු වී සිටිය යුතුය. කෝටි ගණනක් වැරදි වලින් තමන්ගේ කිල්ලෝටය පුරවාගෙන තව අයෙකුගේ කුණු ඇවිස්සීමට යාම මොනතරම් විහිලුවක්ද? අන්අයගේ වැරදි සෙවීමට පෙර සිය වැරදි සකසා ගන්නැයි බුදුහිමියන් දේශනා කලේ එහෙයිනි.

යාලුවනේ මිනිහෙකුට දඩුවම් කිරීමට සුදුසුම ක්‍රමය මානසික දඩුවමයි. “ අනේ කණට ගහපන් බනින්න එපා ” කියන කථාව අපි අතර ජනප්‍රිය කථාවක් නේද? ඒනිසාමයි යාලුවනේ අපි නිතරම කියන්නෙ බිදුන බදුනක් නැවත හැදුවත් බිදුන හදවතක් නැවත හදන්න බැරිවෙන බව. ඒ නිසා මනිසා නීතියෙන් සැදීමට පෙර ආධ්‍යාත්මය සැදීම වැදගත් වේ. ඒ වෙනුවෙන් බුදු දහම හැර වෙන මාවතක් මා නොදකිමි. සිත පිරිසිදු කිරීම බුදුදහමේ මූලික අරමුණයි. සිත පිරිසිදුවන විට සිල්වන්තයන් වන පුද්ගලයන් අතින් යලි වැරදි සිදුනොවේ.

ලංකාවේ මරණ දඬුවම ඉවත් කල යුතුයයි විවිධ අදහස් පල වී තිබේ.විශේෂයෙන්ම ලංකාව බෞද්ධ රටක් වීමත් බෞද්ධ ධර්මයේ වන අවිහිංසාවාදී ප්‍රතිපත්තියත් මෙයට මූලික වන්නට ඇත. මුල් යුගයේ සිටම අපේ රටේ පැවති මරණ දඬුවම ඉවත් කළ යුතු බවට මුලින්ම යෝජනාවක් ගෙන ආවේ එවක අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා විසිනි.1928 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගෙන ආ මෙම යෝජනාව ප්‍රතික්ෂේප වූයේ මෙයට විකල්ප දඬුවමක් නොවූ බැවිනි.1936 දී පානදුර කොට්ඨාශය නියෝජනය කළ සුසන්තාද ෆොන්සේකා මහතා විසින් නැවතත් රාජ්‍ය මන්ත්‍රණ සභාවට එල්ලුම්ගහ තහනම් කිරීමේ යෝජනා ගෙන ආ අතර දිවි ඇති තෙක් බන්ධනාගාර ගත වීම විකල්ප වශයෙන් යෝජනා වී ඇති නමුත් එය ද ප්‍රතික්ෂේප විය.
නීති පොතේ තවදුරටත් මරණ දඬුවම ලියවී තිබුණද එය ක්‍රියාත්මක කිරීම එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරණායක මහතා විසින් නවතා දමන ලදි.මේ පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලද නමුත් සෙනෙට් සභාවෙන් සම්මත නොවූ නිසා දෙවන වර පාර්ලිමේන්තුවේ ඒකච්ඡන්දයෙන් සම්මත කර ගැනීම තුලින් ක්‍රියාත්මක විය. මේ නිසා එවකටත් මරණ දඬුවම නියම වී සිටි මරදන්කඩවල යකඩයා, කපිතාන් ආතර් පෙරේරා, එරික් බුචෝ යන අයට ජීවිතාන්තය දක්වා සිර දඬුවමට යටත් වීමට සිදු විය.
නමුත් නැවත එල්ලුම් සම්බන්ධයෙන් කතාබහට ලක් වූයේ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ සරත් අඹේපිටිය මහතාගේ ඝාතනයත් සමගින්ය.විනිසුරු අඹේපිටිය ඝාතනය කළ නවුෆර් නැමැත්තා එල්ලා මැරිය යුතු බවට සමාජයේ බොහෝ දෙනා අදහස් දැක්වීම මෙයට හේතුව විය. නීතිඥ සංගමය මගින් ද මේ අදහස ස්ථිර විය. 2006 වසරේදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළ ආකර‍යට කුඩු ජා‍වාරම්කරුවන්, කුඩු ව්‍යාපාරිකයන් හට මරණ දඬුවම ක්‍රියාත්මක කරවන බව ප්‍රකාශ කලද, තවමත් මරණ දඬුවම ලංකාවේ ක්‍රියාත්මක නොවේ. මරණ දඬුවම ක්‍රියාත්මක කල හැක්කේ ජනාධිපතිතුමාට හෝ තුමියට පමණක් වන නමුදු මරණ දඬුවම නියම කල හැක්කේ අධිකරණයට පමණක් වීම සුවිශේෂත්වයකි. එසේ නොවී නියම කිරීම, ක්‍රියාත්මක කිරීම යන දෙකම එක් පුද්ගලයෙකුට පමණක් නියම වී කිබුණි නම්,එය අයහපත් ආකාරයට ද ක්‍රියාත්මක වීමට ඇතිවිය හැකිව තිබූ ඉඩකඩ මින් අහුරා දමා තිබේ.
කෙසේ වුවද ලංකාව බෞද්ධ රටකි.ඒ සංකල්පය අනුව කෙනෙකුගේ ජීවිකය නැති කිරීම වරදකි. නමුත් එක් පුද්ගලයෙකුගේ ජීවිතය නැති කිරීම හෝ උක්ත දණ්ඩ නීති සංග්‍රහයේ දැක්වූ අනෙකුත් වැරදි සිදු වීම මගින් සමාජයට වන්නා වූ හානිය සුළුපටු නොවේ. වර්තමානය සැලකිල්ලට ගැනීමේ දී දඬුවමට බිය ඇති කිරීමටත් , අපරාධ වලක්වා ගැනීමටත් මරණ දඩුවම ඉවහල් වෙයි. නමුත් තවමත් ලංකාව තුල එල්ලුම් ගහ ක්‍රියාත්මක නොවේ.

යහලුවනේ අපිත් බොදුනුවන් ලෙස එල්ලුම් ගහට තාවකාලිකව විරුද්ධ වෙමු. ඒ කාලය තුල සමාජයේ ආධ්‍යාත්මය වර්ධනය කරමු. බුදුදහම මිනිස් සිත් තුල ප්‍රචලිත කිරීම තුලින් මේ සදහා ඔබටද දායක විය හැකිය. කල් යෑමේදී එල්ලුම්ගහ අවශ්‍ය නොවේවි. එය ඔබට නවන් දැකීමට පාරමිතවෙක් වනු නොඅනුමානය.

මින් ලබන උතුම් පුණ්‍යස්කන්ධයෝ සම්බුදු සාම සංදේශය ලොව පුරා රැගෙන යාමට අනන්ත ශක්තිය මාහ ලගා කරත්වා. මා පතන බෝධියෙන් නිවන් දැකීමටත් සසර කතරේ අතරමංව නිරා දුක් විදින අසරණයන්ද ඒමග රැගෙන යාමටත් මේ පුණ්‍යස්කන්ධයෝ පාරමිතාවක්ම වේවා. නිරන්තරයෙන් මා දිරිමත් කරන්නාවූද නොයෙක් ඇණුම් බැනුම් වලින් මා හට ජවය ලබාදෙන්නා වූද සියල්ලන්ටම වහ වහා ධර්මය අවබෝධ වේවා… … …

අනන්ත බුදුගුණබලෙන් තුන්ලොවම සැනසේවා … … …

අදටත් අද්භූත බලවේග පිරි මහියංගනයේ නාගදීපය ...
ඒඩිස් පාලනයට හොදම මග බුදුදහමයි.
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.