(07) අසිරිමත් ඉල් පෝය වර්ණනාව … - IFBC Organization | Dhamma

01.ප්‍රථම ධර්ම දූත පිරිස ගමන් ආරම්භ කිරීම
02.තුන්බෑ ජටිලයන් දමනය කිරීම.
03.මෛත`ීය බෝසතුන් නියත විවරණ ලැබීම
04.සැරියුත් හිමියන් පිරිනිවන් පෑම
05.කඨින චීවර මාසයේ අවසන් දිනයයි

ඓතිහාසික වාග් විද්‍යාවේ මූලධර්මයන්ට අනුව සිහිල් යන වචනයේ මුල් ‘ස’ කාරයත් පිහිල් යන වචනයේ මුල් ‘ල’ කාරයත් ලොප් වී නොහොත් භාවිතයේ උච්ඡාරණය සදහා හැලී ගොස් ඉහිල් වී පසු කාලයේදී හි කාරයද හැලී ගොස් ඉල් බවට පත්වූ බව සිතිය හැකි බව විද්වතුන්ගේ අදහසයි. උතුරු දඹදිව සරත් සමය අවසානයත් හේමන්තය ආරම්භයත් යන දෙකම සිදුවන වකවානුව බැවින් ඉතාම සෞම්‍ය දේශගුණයක් ඇති වකවානුවක් ලෙස හැදින්විය හැකිය.
ඉල් පොහොය ඉතාම වැදගත් වන්නේ පථම ධර්මදූත කණ්ඩායම ධර්ම ප්‍රචාරන කටයුතු සදහා පිටත්ව යෑමයි. ප්‍රථම රහත් සැට නම ඇමතූ බුදුපියාණන් වහන්සේ “ චරත භික්ඛවේ චාරිකං, බහුජන හිතාය බහුජන සුඛාය … ” ආදී වශයෙන් “ පින්වත් මහණෙනි බොහෝ දෙනාගේ හිතසුව පිණිස බොහෝ දෙනාට සැප පිණිස, පොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ට වැඩ පිණිස, චාරිකාවේ හැසිරෙව් … ” යනාදී වශයෙන් අනුදැන වදාල සේක. එතැන් පටන් ලොව්තුරු සදහම් ගග බොහෝ දන හිතසුව පිණිස ලෝ පුරා ගලා බසින්නට පටන් ගැනිනි. එවන් මහා සුවයක් සැදූ පින්බර දිනය ඉල් පෝ දිනය වන්නේය.

මිසදිටු උරුවෙල් කාශ්‍යප ශිෂ්‍යන් පන්සියයක් පිරිවරා උරුවෙල් දනව්වේ නේරංජනා නදිය අසබඩ ආරාමයක් තනවාගෙන සිටියේය. ඔහුගේ මලනුවන් වන නදී කාශ්‍යප හා ගයා කාෂ්‍යපයන්ද පිලිවෙලින් තුන්සියයක් හා දෙසීයක් අනුගාමිකයන් සමග ජීවත් විය. උරුවෙල් කාශ්‍යපයන් සිතාගෙන සිටියේ තමන් රහතන් වහන්සේ නමක් ලෙසයි. කෙතරම් මිසදිටු සිත් ඇත්තේ වී නමුත් පෙර භවයන්හි සිදුකල මහ පින්කම් නිසා ලොව්තුරු සුව ලැබීමට තරම් වාසනාවක් ඇත්තකු බව ලොව්තුරා බුදුහිමියන් දුටු සේක. බුදුපියාණන් වහන්සේ නොයෙක් අයුරින් ප්‍රාතිහාර්යයන් පාමින් ක්‍රමයෙන් උරුවෙල් කාශ්‍යපයන්ට සත්‍යයේ මග විවර කල සේක. ඒමග යමින් ඔහුගේ අනුගාමිකයන්ද ලොව්තුරු මගට පිලිපන්නාහ. ඒබ ව ඇසූ නදී හා ගයා කාශ්‍යපයෝද සිය අනුගාමිකයන් සමග පැමිණ ලොව්තුරු දම් සුවෙන් සැනසුනාහුය. එවන් මහා පිරිසක් ලොව්තුරු දහමින් සැනසුන පින්බර ඉල්පෝ දිනය අදයි.

සාරි බැමිණියගේ පුත් උපතිස්සයන් ගිරග්ග සමජ්ජ උලෙ නරඹා කලකිරී කෝලිත නම් සිය මිතුරා සමග ලොව්තුරු බුදු සසුනේ පැවිදි බිමට පත්වී දෑගසව්වන් බවට පත්විය. ධර්ම සේනාපති මෙන්ම, මහා ප්‍රඥාලාභීන් අතර අග තනතුර දැරුවේ සැරියතු මහ රහතන් වහන්සේ විසිනි. කෙතරම් පිරිස් හට සත්‍යය අවබෝධ කලද සිය මෑණියන් තවමත් මිසදිටු තැනැත්තියක් බව කල්පනා කල උන්වහන්සේ පිරිනිවීම සදහා බුදුහිමියන්ගෙන් අවසර ගෙන මගධ රට නාලක ගමට වැඩි සේක. සිය මෑනියන් මවිත කරමින් බුදුදහමේ සත්‍යය පෙන්වමින් දහමේ හරය අවබෝධ කර සාරි බැමිණිය සෝවාන් ඵලයට පත්කරවූ සේක. බුදුසසුන නම් මහ ගසෙහි දකුණු ශාකාව කඩාවැටුනා සේ සැරියුත් හිමියන් ලෝ ධාතුවම කම්පා කරමින් පිරිනිවී වදාල සේක. එවන් මහා පූජනීය උත්තමයකු ලෝ ධාතුවෙන් නික්මී ගිය පූජනීය දිනය ඉල් පෝ දිනයක් වන්නේය.

සිය මෑනියන්ට තුන් මසක් මුලූල්පේ අභිධර්ම දේශනාව සිදුකර වප් පෝ දින දේවාවරෝහණ පූජාව සිදුකරමින් මිහිබට සාක්‍යසිංහයන්ගේ අසිරිය දුටු සුවිෂේශ පුද්ගලයෙක් විය.
හේ සංකස්ස පුරයේ මහා සාලනම් බ්‍රාහ්මණ කුලයේ සිරිවර්ධන නම් ගෘහපතියාට දාව බද්‍රාවතී නම් බැමිණියට දාව අපන් සිරිවර්ධන කුමාරයායි. විවාහ වී ගිහි සැප විදිමින් සිටි එතුමා බුදුහාමුදුරුවන්ගේ දේවාවරෝහණ පූජාවේ ආශ්චර්යය දැක පැහැදි ීපැවිදි විය. එතුමා පැවිද්දෙන් පසු ආර්ය මෛත්‍රි නමින් හැදින්විය.

ඉල් පොහෙය දිනක උන් වහන්සේ ලද වස්ත්‍ර දෙකක් බුදුහිමියන් වෙසෙන ගන්ධ කුටියට රැගෙන ගොස් වියන් බැද එය අලංකාර කලසේක. ඉන්පසු බුදුන් වැද උක්කුටියෙන් අනිමිස පූජාවක් කරමින් වැඩ උන් සේක. එතනට වැඩි භික්ෂූන් වහන්සේ ඇමතූ බුදුරජාණන් වහන්සේ “ මහණෙනි වටිනා වස්ත්‍ර අයුරින් තථාගතයන් වහන්සේට දෙකක් පුදා මේ අයුරින් අනිමිස ලෝචන පූජා පවත්වන මාගේ ආර්ය මෛත්‍රී භික්ෂුව දෙස බලන්න. මේ මහා භද්‍රකල්පයේ මෛත්‍රී නමින් බුද්ධත්වයට පත්වන්නේ මේ ආර්ය මෛත්‍රී භික්ෂුවයි. ඒ කාලයේ දඹදිව නමින් කේතුමතී නම් නුවරක් වේ. එය පාලනය කෙරන සංඛ නම් සක්විති රජුගේ පුරෝහිතයා වන සුබ්‍රහ්ම බ්‍රාහ්මණයා සහ බ්‍රහ්මවතී බැමිනිය මෛත්‍රී බුදුහිමියන්ගේ දෙමාපියන් වේ. නා ගස බෝධි වෘක්ෂය බවට පත්වේය.” යනුවෙන් නියත විවරණ ලබාදුනි. මතු බුුදුවන පරම පූජනීය මෙත් බුදුසමිදුන් නියත විවරන ලද්දේ අදවන් ඉල් පොහෙය දිනකදීය.

මේ ඉර හදයට සිදුකල හැකි අගනාම පින්කම් අටක් පිලිබදව ශාසනයේ සදහන් වේ. ඒවා අටමහ කුසල් නමින් හැදින්වේ. ඒවානම් කඨින පින්කම, අටපිරිකර පූජාව, ආවාස දානය, බුද්ධ ප්‍රමුඛ මහා සංඝටාය දෙන දානය, ධර්මය ලිවීම, කෙත්වතු පිදීම, බුද්ධ ප්‍රතිමා පූජා කිරීම. වැසිකිලි කැසිගිලි පූජාව පූජාව යන අටයි. ( ඒවා පිලිබද ඉදිරියේදී වෙනම පිලියක් පලකෙරේ. ) මේ පින්කම් වලින් ප්‍රධානතම පින්කම තඨින චීවර පූජාවයි. එහි ආනිසංස ප්‍රමාණ කල නොහැකි බව නාගිත ථේරාපදානයෙහි පැහැදිලිවම දක්වා තිබේ. ඉතාම කෙටියෙන් දක්වතොත්
01. කඹින දානයෙහි ආනිසංස ලෙස කල්ප තිහක් දුගතියෙහි නූපදීමි.
02. කල්ප අටක් දෙව්ලොව වාසය කල අතර තිස් හතර වතාවක් සක්දෙව්ි රජබව ලැබුවෙමි.
03. ගැසූ එක් ඉදිකටු පහරක් පාසා තිස් හතර වතාව බැගින්් සක්විති රජබව ලැබුවෙමි.
04. උපනුපන් හැම තැනම සියලූ සම්පත් ලදිමි

ආදී වශයෙන් නාගිත හිමියන් කඨින ආනිසංස දේශනා කල වදාල සේක. එවන් මහා කඨින පින්කම් සිදුකල හැකි අවසන් දිනය ඉල් පොහොය දිනය වන්නේය.

අනුබුදු මිහිදු හිමියන් ඇතුලූ ප්‍රථම ලාංකීය භික්ෂුව වූ අරිට්ඨ මහ රහතන් වහන්සේ සහ තවත් රහත් භික්ෂූන් වහන්සේ පනස් නවයක් වතාවත් කිරීමට පූජනීය ස්ථාන අවශ්‍ය බව දෙවන පෑතිස් රජුට දැන්වූයේ අදවන් දිනකය. එහි ප්‍රතිඵලයක් ලෙස දකුණු අකු ධාතූන් වහන්සේ තැන්පත් කල ථූූපාරාමය අපිට දායාද විය.

මෙවන් මහා පින්වත් දිනයක් වූ ඉල් පොහෝ දිනයෙහි ආමිශ පූජාව සිදුකරන අතරේම ප්‍රතිපත්ති පූජාවේද යෙදෙමින් සැබෑ බුද්ධ පූජාව සිදුකිරීම අපේ යුතුකම වන්නේය. සාරාසංඛ කල්පලක්ෂයක් මෙලොව සාමාන්‍ය මිනිසකට විදීමට තබා සිතාගැනීමටවත් නොහැකි අපමණ දුක් විදිමින් උන්වහන්සේ සත්‍යය සෙවුයේ අපවෙනුවෙනි. අප කෙරේ මහා කරුනාවෙනි. ඒ උත්තම ශ්‍රී නාමයට කෙරෙන හොදම සැලකිල්ල වන්නේ සදහම් මගට ප්‍රවේහ වීමයි.
“ප්‍රතිපත්ති පූජාවෙහි යෙදෙන්නෝ සැබැවින්ම බුදුන් පුදන්නෝය ” යන්න බුුදුහිමියන්ගේ අනුශාසනාවයි. ජීවිතයේ අප අතින් සිදුවන වැරදි කවරක්දැයි කල්පනා කර, ස්වයං අධීක්ෂණයක යෙදී ඉන් එක්වැරුද්දක් හෝ ඉල්පොහොය දිනයේ සිට නොකරමියි යමෙක් අධිෂ්ඨාන කරන්නේද හේ සැබැවින්ම බුදුන් පිදුවා වන්නේය. ඒ මහා පූජාව සිදුකිරීමට ඔබත් අදම සිතටගන්න.

අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවටම සැනසිල්ල උදාවේවා … … …

 

(08 අසිරිමත් උදුවප් පෝය වර්ණනාව …
(06) අසිරිමත් වප් පෝය වර්ණනාව …

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.